Powered By Blogger

Saturday 26 October 2019

මහවත්ත ගම්මානය වනසා දැමීම

 රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්.....6

මහවත්ත ගම්මානය වනසා දැමීම


එක් අවස්ථාවකදී මහවත්ත ගමේ පිරිසක් පැහැරගෙන ගිය පසු දින ඔවුන් වෙඩි තබා ගම අසළ දමා ගොස් තිබිණි. එහි සිටි බොහෝ දෙනා උණු ලේ වගුරමින් තවමත් හුස්ම ගනිමින් සිටි බව භීතියෙන් අලලී සිරුරු වෙත ළගා වූ ගම්වාසින්ට දැක ගන්නට හැකි විය. එහි පැමිණි පුද්ගලයෙක් සිය සමීප ඥාතියකු බව හදුනාගත් අයකුගේ ගෙල ප්‍රදේශයෙන් ඇතුලු වූ උණ්ඩයක් කම්මුලින් පිටව ගොස් ඇති නිසා ජීවිතය බේරාගන්නට හැකියාවක් ඇති බව අනුමාන කළේය. එහෙත් වාහනයක් සොයා ගෙන එහි නැවත පැමිණෙන විට ආරක්ෂක හමුදාවෙන් පැමිණ එම සිරුරු රැගෙන ගොස් තිබිණි. 1990 වසරේ බිහිසුණු ධවල භීෂණය අවසන් වන විට මහවත්ත ප්‍රදේශයේ සිය ගණනක් මිනිසුන් සංහාරයේ ගොදුරු බවට පත්ව සිටියහ.

මහවත්ත ගම ඉලක්ක කරගත් මේ රුදුරු සංහාරය සදහා බලපෑ තවත් හේතුවක් ලෙස අනුමාන කෙරෙන්නේ ‘1990 ගම්උදාව‘ සදහා සිදුකළ සූදානමයි. 

එවකට, එක්සත් ජාතික පක්ෂයේ නිවාස හා ඉඩම් ඇමති රණසිංහ ප්‍රේමදාස, ගම්උදාව නමින් විවිධ ස්ථානවල සිදුකළ සැණකෙළියට 1990 සදහා තෝරාගෙන තිබුණේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පල්ලේකැලේ ප්‍රදේශයයි. ඒ සදහා මුල්ගල තැබීම 1989 සැප්තැම්බර් 14 වැනිදාට නියමිත වූ අතර ගම්උදාව පැවැත්වීම සම්බන්ධයෙන් සන්නද්ධ ව්‍යාපාරයේ බාධාව ආරක්ෂක අංශ විසින් ප්‍රේමදාස වෙත දන්වා තිබිණි. 


ඒ අනුව, දේශප්‍රෙමී ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය ලෙස මහවත්ත ගම්මානය වනසා දැමීමට තීන්දු කෙරුණු බවක් කියැවේ. මුල්ගල තැබීමේ අවස්ථාවට පැමිණි ප්‍රේමදාස හෙළිකොප්ටරයෙන් යනවිට මහවත්ත ගිනිගන්නා ආකාරය ගුවනින් නැරඹූ බවක කියනු ලැබේ.
( උපුටා ගත්තේ  lankaviews.com වෙතිනි.)

2 comments:

  1. ඉතා වටිනා ලියමනක්. ඔබේ ලිපියේ නිවැරදි බව තහවුරු කර ගත හැකි අයුරින් එම තොරතුරු සොයා ගත් මූලාශ්‍ර ඇතුලත් කර සකස් කල මෙම ලිපිය දේශපාලකයන් උදෙසා මඩ පත්තර ලියමින් නිරුවතින් කඩේ යන්නන්ට මාහැගි ආදර්ශයක්.

    ReplyDelete
  2. උතුරේ ඊලාම් යුද්ධයේ දීත් මේ වාගේ සිදුවීම් අනන්තවත් වෙන්ඩ ඇති.ඒවත් ඇතුල් උනානම් තමයි කතන්දරෙ සම්පූරණ වෙන්නේ.විශේෂයෙන්ම කප්පම් ගැනීම සඳහා නේවි සම්පත් කරා කියලා චෝදනා එල්ල වෙන ලමයි එකොලොස් දෙනා පැහැර ගැනිම වගේ සිද්ධි.එහෙම නැතුව තමන්ගේ විවිධ දේශපාලන අරමූණු වලට තෝරා ගත් සිද්ධි ගැන ලියන එක නම් ශීලාචාර දෙයක් නෙමෙයි.

    ReplyDelete