Powered By Blogger

Tuesday 22 October 2019

“ප්‍රා” සමඟ රාජිත, ෆෙස්ටස් හා රනිල්




රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්.....3


 “ප්‍රා” සමඟ රාජිත,  ෆෙස්ටස් හා රනිල් 
මේ කාලයේ “ප්‍රා” සංවිධානයට පරිබාහිර ක්‍රියාත්මක වූ සෙසු නිල නොවන සන්නද්ධ කණ්ඩායම් වූයේ “ස්‍රා“, “උකුස්සෝ”, “රාජාලියෝ”, “කහ බළල්ලු”, “කළු බළල්ලු” සහ “කොල කොටි” වැනි සංවිධානයන්ය. ප්‍රා සංවිධානය ද්‍රවිඩ ඊලම් සන්නද්ධ කල්ලි සමඟද එජාප ආණ්ඩුව සමඟද රජයේ අදාළ ආරක්ෂක අංශ සමඟද නිරතුරුව සම්බන්ධතා පැවැත්විය. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක ඔසී අබේගුණසේකර ගේ ඉල්ලීම අනුව එජාප ආණ්ඩුව මගින් ප්‍රා සංවිධානය සන්නද්ධ කිරීමෙන් අරමුණු දෙකක් අපේක්ෂා කල අතර එය ඉතා සාර්ථක විය. එනම් ජවිපෙට එරෙහි අරගලය ශක්තිමත් කිරීම සහ එජාපයට එරෙහි ජවිපෙ ප්‍රහාරයන්, වාමාංශිකයින් සහ ජවිපෙ අතර කෙරෙන යුද්ධයක් බවට පත් කිරීමයි.
ප්‍රා සංවිධානය එජාප රජය මගින් ඔසී අබේගුණසේකර හරහා මුදලින් රුපියල් ලක්ෂ 20ක්ද කුලී වාහනද අවි ආයුධද ලැබිණි. එයට අමතරව ඉන්දියාවේ රෝ රහස් ඔත්තු සේවය මගින් ප්‍රා සංවිධානයට ලබාදීම සඳහා මහජන පක්ෂයට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදුන් බවද කියති. ජවිපෙ විසින් එල්ල කල භීෂණය හමුවේ අබල දුබල වී සිටි වමේ කොටස් ධෛර්ය සම්පන්නව නඟා සිටුවීමට ප්‍රා සංවිධානය යම් තරමකින් සමත් විය. එකල මහජන පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වූ  වත්මන් සෞඛ්‍ය ඇමති රාජිත සේනානායකද ප්‍රා සංවිධානයේ ප්‍රබලයෙකුව සිටි බව ප්‍රචලිත විය.  


ප්‍රා සංවිධානයේ බංකර් සහ නිවාස ගණනාවක් කොළඹ සහ තවත් ප්‍රදේශ කිහිපයක පවත්වා ගෙන ගියේය. කොම්පඤ්ඤවීදියේ රජයේ ලිපිකරු සේවා සංගම් ගොඩනැගිල්ල, බැරැක්ක පටුමගේ නව වමේ බංකරය, නොරිස් කැනල් පාරේ බංකරය, බොරැල්ලේ ඔස්ලෝන් බංකරය, අනුරාධපුර රජරට සේවය අසල වෘත්තිය සමිති බංකරය, වෙන්නප්පුවේ ෆෙස්ටස් පෙරේරාගේ බංකරය, කුරුණෑගල ජයවික්‍රමගේ බංකරය ඒ අතර ප්‍රධාන විය. ප්ලොට් සංවිධානයේ සන්නද්ධ නායකයෙකු වන උමා ප්‍රකාශ් සිටියේද ෆෙස්ටස් පෙරේරාගේ නිවසට ආරක්ෂාව සපයමිනි. පසුව ඔහු ප්ලොට් නායක උමා මහේෂ්වරන් 1989 ජුලි මස ඝාතනයට ලක් වීමෙන් පසු ඉන්දියාවට පැන ගියේය.

රනිල් වික්‍රමසිංහ සිය ආරක්ෂාවට රැඳී සිටි නිවස අසල වූ  බටලන්ද වධකාගාරය කළු බළල්ලු සංවිධානය මගින් මෙහෙයවූ අතර ඒ සමඟද ප්‍රා සංවිධානය හොඳ ගනුදෙනුවක් තිබිණි. ප්‍රා නායක පොඩි සිල්වා සහ ධර්මසිරි 1989 ජුනි 19 වැනිදා රනිල් වික්‍රමසිංහද හමුවී තිබිණි. කර්නල් ජානක පෙරේරා ගෙන් 1989 අප්‍රේල් සහ මැයි මාසයේ වාර දෙකකදී අවි ලබාගත් බවට වාර්තා වේ. පොඩි සිල්වා සහ ධර්මසිරි, ඔසී අබේගුණසේකර සමඟ ඩග්ලස් පීරිස් ඇතුළු බටලන්ද වධකාගාරයේ මෙහෙයුම්වලට සම්බන්ධ කිහිප දෙනෙකු සමඟ ප්‍රා සංවිධානය වෙනුවෙන් සම්බන්ධතා නිරතුරුව තබා ගත්තේය. පොඩි සිල්වාගේ දිනපොත අනුව පද්මනාභ සමඟ නිරතුරුව උපදෙස් ලබාගෙන තිබිණි.


(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)

No comments:

Post a Comment