Friday, 10 January 2025

රිළා වඳුරු අලි කරදරේ

 

 

දේවහූව ප්රදේශයේ දිවිගෙවන නිලූකා ශ්යාමලී කුමාරතුංග ගෙවිලිය අලින්ගෙන් හා වඳුරන්ගෙන් ඔවුන්ගේ වගාවට සිදුවන හානිය ගැන කිව්වේ හරිම වේදනාවෙන්.
 
"අපිට සතුටුයි අපේ ජනාධිපතිතුමා උපන්නෙ මේ ප්රදේශයේ. එතුමන්ට ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ මේ වඳුරු කරදරේ හා අලි කරදරේ ගැන.
 
මං පොල් පැල 185ක් යටි වගාව දැම්මා ඒ සේරම අලි විනාශ කළා. වඳුරො ඇවිත් ගෙඩි සිය ගාණක් බිම දාල විනාශ කළා.
අපි ජීවත්වෙන්න රජයේ ආධාර අවශ්ය නෑ. ගොවිතැනෙන් අපිට ජීවත් වෙන්න පුළුවන්.
 
ඒත් අපි ඉල්ලන්නෙ මේ අලි වඳුරු කරදරෙන් අපිව බේරල දෙන්න කියලයි"
 
 

5 comments:

  1. මේකට ඉතිං තාම විසඳුමක් නැද්ද අයිය

    ReplyDelete
    Replies
    1. ඒකනේ මලයා...තාම පේන්න නං නෑ.

      Delete
  2. හෙන්රි

    ඔයා දැන උගත් බුද්ධිමත් කෙනෙක් වීදියට තේරුම්ගත යුතුයි අයි එම් එෆ් උගුලේ වැටිලා ගොඩ ගිය එකම එක රටක් වත් නෑ කියන කාරණය ඒ වගේම ඔයගැන අනුර කුමාර දිසානායක සහෝදරයා පැහැදිලිවම ප්‍රකාශ කරල තියෙනව ඒත් පහුගිය කාලේ යහපාලන ආණ්ඩුව කාලේ වගේම ඊට පසුව 2022-24 කාලේ පුරාම රට කාපු නාකි සොම්බි රනිලා කියන පල්හොරා රට IMF උගුලේ හිර කරලා තියෙන නිසා වෙන කිසිම ආකාරයක විකල්පයක් නෑ

    මේක බලන්න

    ආචාර්ය අනිල් ජයන්ත ඇමතිතුමා ඔය ගැන හොඳට පැහැදිලි කරනවා

    https://www.facebook.com/share/v/15AHwLRETe/

    Pls comment and support on this video.

    ReplyDelete
    Replies
    1. එකඟයි.
      //රට කාපු නාකි සොම්බි රනිලා කියන පල්හොරා රට IMF උගුලේ හිර කරලා තියෙන නිසා වෙන කිසිම ආකාරයක විකල්පයක් නෑ
      //

      Delete
  3. 🧭 දිනන්න කලින්...

    🧭 අපි පත්වෙලා පැය 24 න්,
    🧭පැය 48 න්.
    🧭 එක පෑන් පාරින්.
    🧭පෝය දෙකෙන්


    දිනුවාට පස්සේ...

    🧭 චුට්ටක් ඉවසලා ඉන්න.
    🧭 බැඳපු ගමන් බබා හම්බ වෙන්නේ නෑ
    🧭 ඉතාමත්ම කෙටි කාලෙකින්...
    🧭 තව මාසෙකින් විතර
    🧭2025 වසර ආරම්භ වෙනකොට...

    දැන් කෙළවේගෙන එද්දි...

    🧭 අපි එහෙම කිව්වේ නෑ...
    🧭 මේවා ගිය ආණ්ඩුවෙ වැරදි...
    🧭 තව අවුරුදු තුනකින් විතර...

    ආතල් ඕයි...!

    ඔය කල් දෙන්න කියන වුන් අර අපි ගහලා පන්නපු නන්දසේන ගෝටාභය ජනාධිපතිටත් එහෙම කාලයක් දුන්නද?

    මුන්ගේ වෘත්තීය සමිතිවල අමනරැල ඇවිත් මිනිසුන් අවුස්සා වහාම රට
    වහපියව් කිව්වා.

    ඒ යකා අන්තිමට ඒකේ ආදීනව ගැනත් කතාවක් කරලා රට වැඩිවීම මුන් කෝ ඕන්න තෝ රට වැහුව නම් දැන් අපට කන්න දි්පියව් කිව්ව. ඒකත් රුපියල් දහදාහක බඩු මලු බෙදලා කෑමත් දීලා සැලකුවා ගුරුවරු අංඉක ෆෝම් කරලා අවුරුදු තිහක් විතර පරණ වැටුප් විෂමතාවයක් දඩමීමා කරගෙන වහාම අපට පඩි වැඩිකරපියව් කිව්වා උද්ඝෝෂණ කලා.

    ලංකාවේ සදා රැවටෙන මෝඩ ජනතාවත් මහදවාලේ රැවටිලා සුරුස් ගාලා අහුඋනා උගුලට .දැන් අඬාපල්ලා.

    මොන වැරදි තිබුණත් ඒ යකා ඒ ටික කළේ නැත්නම් ඒ කාලේම කොවිඩ් හැදිලා ලංකාවේ බාගයක් විතර මැරිලා. කොහොමද මෙලෝ වැඩක් බැරි ගොබ්බ 🧭 හාමිරක් ඒ කාලේ බලේ හිටියා නම්?

    සති 2 න් 3 න් හොස්පිටල් හදලා නිරෝධායන කඳවුරු හදලා ගෙවල් ලඟටම සේරම කෑම බීම ටිකත් ගෙන්නලා දෙන ක්‍රමවේදයක් හදුවට පස්සෙ තව ඒකා මොනවද කළේ අහනවා මුන්.... ඒ මොකුත් නැතත් ජරාවට ගඳගසමින් තිබුණු කොළඹ මනුස්සයෙකුට යන්න පුළුවන් විදියට සාපේක්ෂව සෑහෙන පිළිවෙලකට හදපු එකම වුණත් ඇති. මුන්ට දුන්නා නම් ඒ කාලේ කුඡීත වෙලා තිබුණ කොළඹ නගරය, අද කොළඹක් නෑ 🤬

    ReplyDelete