කොළඹ ගමයා නොහොත් අජිත් ධර්මකීර්ති සමග වේදිකාවේ සීරුවෙන්...
බ්ලොග් ගැන මෙලෝ හසරක් නොදන්න කාලෙ ඉන්දික තමයි මගේ පළමු බ්ලොග් එක ලියන්න උනන්දු කළේ. රසික තමයි අවුල් ලිහා ගන්න ඕස්ට්‍රේලියාවෙ ඉඳන් දුරකතන බිල් ගෙවාගෙන තාක්ෂණික උපදෙස් දුන්නෙ.
රසිකටත් ඉහළම සම්මානයක් ලැබීමත් සතුටක්.
ඒ බ්ලොග් එක ලිව්වෙ මම කියල දන්නෝ දනිති වගේම නොදන්නෝ සැක කරති කියල විතරක් දැනට සටහන් කරන්නම්....
සෙස්ස පස්සට...!
පත්තර කොලමක් විදිහට ලියැවිලා , පස්සෙන් පහු ග්රන්ථයක් විදිහට එළිදැක්ක "නොකී කතා" වල ඉතිරි කතා බ්ලොග් එකක් විදිහට ලියන්න ගත්තෙ ඒ බ්ලොග් එක ලියල ලබපු පන්නරයෙන් තමයි.
නෙළුම් යාය කියල බ්ලොග් සම්මාන උළෙලක් තිබිල තියෙනව කියල මම දැනගත්තෙත් මෑතකදි.
කවදත් සම්මාන පස්සෙ නොයනව විතරක් නොවෙයි සම්මාන තේරීමේ කුහක, කුඩුකේඩුකම් ඇස් පනාපිට දැකල තියෙන සාහිත්‍යකාරයෙක් හා සිනමාලෝලියෙක් විදිහට මේ සම්මාන ගැනත් මං වගේකට ගත්තෙ නෑ.
මෙන්න බොලේ එක දවසක් කොළඹ ගමයගෙ බ්ලොග් එකේ සම්මාන නිර්දේශිත ලැයිස්තුවක් දාල. ඒකෙ "නොකී කතා"ත් තියෙනවා.
ඒත් මං ඕක තඹේකට ගනං ගත්තෙ නෑ.
ඒත් රසිකයි, ඉන්දිකයි බ්ලොග් ලියන්න මාව පෙළැඹෙව්වා වගේම එතෙක් ෆේස්බුක් එකේ පිටුවක් ලෙස පවත්වාගෙන ගිය "දසත සැරිසර" බ්ලොග් එකක් විදිහට එළිදක්වන්න මගේ බලකිරීමෙන් උනන්දු වූ ශානිකා පවනී හේවගේ ගේ බ්ලොග් පෝස්ට් දෙකකුත් සම්මාන සඳහා නිර්දේශ වෙලා තියෙනව දැක්කම නම් සියුම් සතුටක් දැනුණා.
දවස් කීපෙකට පස්සෙ "කලාහිත" බ්ලොග් එකේ ආයෙම අවසන් වටයට නිර්දේශිත ලැයිස්තුවක් දාල. ඒකෙ "නොකී කතා" හැළිල කියල කිව්වෙත් ශානිකාම තමයි.
අන්තිමේදි "දසත සැරිසර"ටත් සම්මානයක් ලැබුණා. මේ තියෙන්නේ හිනා කට..
මෙන්න සම්මානයක් දිනූ "දසත සැරිසර"
http://dasathasarisara.blogspot.com/2015/07/blog-post.html
http://dasathasarisara.blogspot.com/2015/07/blog-post.html
මේ හැළිල්ල අත්වැරදීමක්ද, කකුල් මාට්ටුවක්ද කියල හැරෙන තැපෑලෙන් ප්‍රසිද්ධියේ ඇහුවෙ ඒ නිසයි.
ඒකට කල්‍යාණ මිත්‍ර මාගලක් දිගට හේතු දැක්වුවම කොළඹ ගමයා නොහොත් අප මිත්‍ර අජිත් ධර්මකීර්ති පැනල දෙන්න ගිහිං කරගත්ත අලකලංචියක් බව තේරුණා.
අත්දැකීම් අඩු වුණාම ඔහොම දේවල් වෙනව. ඒත් මෙවැනි අගය කිරීමක් කරන්න මූලිකත්වය ගැනීම ගැන අජිත්ට සිරස නමා ප්‍රණාමය පළ කරන්න ඕනේ.
හැබැයි මත බේදයට තුඩු දෙන බ්ලොග්, සම්මාන වලට නිර්දේශ නොකළ බව හේතු දැක්වීමෙදි කියල තිබුණ නිසා කොහෙත්ම අවුලක් නැති වුණා.
ඇයි අප්පා රටේ ජනාධිපතිගෙ මල්ලි කෙටේරි පාරකින් මිය පරළොව ගිය අතීත හොල්මන් කතා ආයෙ ඇදල අරං සම්මාන දෙන්නෙ කොහොමද යහපාලනේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා ප්‍රධාන අමුත්ත වෙච්චි සම්මාන උළෙලකදි.
මෙන්න ඒ බ්ලොග් කතාව.
http://nokieekatha.blogspot.com/2015/06/blog-post_23.html
කොහොමින් හරි අතිශය පෞද්ගලික කාරණයකට දවස් තුනකට ලංකාවට යන්න වුණාම නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලටත් ගොඩවැදුණෙ මේ වැඩේ අවංකභාවයෙන් කරන සද් ක්‍රියාවක් බව වැටහුණ නිසයි.
මදැයි ගියා. කිසිම පෙර දැනුම්දීමකින් තොරව මෙන්න "නොකී කතා"කාරයව තෑගි දෙන්න වේදිකාවටත් කැඳෙව්ව්.
************************************************
අජිත් එක වැරද්දක් කළා. ඒක තමයි නිර්දේශ වෙන වෙන ලිපිය එයාගේ බ්ලොග් එකේ ප්‍රසිද්ද කිරීම. ඇත්තටම අපි බලාපොරත්තු උනේ අවසන් නිර්දේශ ඒ කියන්නේ සම්මාන තුනක් දෙන කැටගරි වලට උපරිම නිර්දේශ 5ක් පමණක් වශයෙන් තෝරාගත් පසු පමණක් ඒවා ප්‍රසිද්ද කරන්න. නමුත් අජිත් සමහර කැටගරි වලට නිර්දේශිත නම් දහය දොළහා එයාගේ බ්ලොග් එකේ දැම්මා. මේක නිසා මට සිද්ද උනා සම්මාන උළෙලට සතියක් තියලා වෙනම පොස්ටුවකින් අවසන් නිර්දේශ කියලා යලි ඉදිරිපත් කරන්න.
මෙතැනදී පලවෙනි කොක්ක වැටුනේ 'නොකී කතා' ගෙන්. නමුත් කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඔහු ඉතා ඉහල මහත්මා ගුණයක් පෙන්නුම් කරමින් එයට ප්‍රතිචාර දක්වලා එපමණකින් නොනැවතී සම්මාන උළෙලට සහභාගී වීමට තරම් නිහතමානී උනා. එයට උපරිම රෙස්පෙක්ට් එක. ඒ වගේම පුංචි කොක්කක් විචාරක තුමාගෙනුත් වැටුනත් මම හිතන්නේ කරුණු පැහැදිලි කිරීමටත් ප්‍රථම ඔහු තත්වය තේරුම් ගත්තා. එලෙසම ඉතා ව්‍යාකුල තත්වයක හිඳිමින් පවා මේ අවස්ථාවට සහභාගී වී ඔහුගේ මහත්මා ගතිය පිළිබිඹු කිරීම ගැනත් මගේ උපරිම රෙස්පෙක්ක්ට් එක.
************************************************
මෙහෙම ලියල නැවතුණා නම් මදැයි. මුරුංග අත්තෙම නග්ගල.
හොඳ වෙලාවට බොහොම කාලෙකට කලිං මුරුංග අතු කඩාගෙන වැටිල තියෙන නිසා දැන් ලේසියෙන් නගින්නෙ නෑ.
************************************************
නොකී කතා.. හෙන්රි වර්ණකුලසුරිය.. බ්ලොග් වලදී දැක්කත් නැතත් හෙන්රි කියන්නේ ලංකාවේ මාධ්‍ය ක්ෂේත්රයේ දැවැන්තයෙක්.. හෙන්රිට සෙට් වෙන්න පුළුවන් මේ ලංකාවේ ඕනෙම ගැදරින් එකකට.. ඒකෙ දෙකක් නෑ.. නොමිනේෂන් අතර තිබිලා නම කැපුනම ඒක ගැන කෙලින්ම ප්‍රශ්න කරන්නත්, ගැටුළුව තේරුම් කරලා දුන්නම මහත්මයෙක් වගේ ඒක පිලිගන්නත් ඉන් පස්සේ කිසි වෙනසක් නැතුව අනිත් උන් සම්මාන ගන්නවා බලන්න එන්නත් ඒ අවස්ථාවේ හදිසියේ ලද ආරාධනයෙන් නොපැකිලි වේදිකාවට නැග තම සගයින්ට සම්මාන පුද දෙන්නත් සාමාන්‍ය එකෙකුට බෑ. එකට එසේ මෙසේ පෞරුෂයක් නොව මහා කොන්දක් තිබිය යුතුයි. නේවි එකේ බාසාවෙන් කියනවනම් 'Respect You, Sir!
************************************************
ඔන්න ඉතිං...නේවි පාර්ට් මතක් වෙලා.
බලං යද්දි බ්ලොග් එකට කෙළලම නෑ. උස්සල තියලනෙ බොලේ...
මෙහෙම කිව්වම "නොකී කතා" නම හොරකම් කළත් කමක් නෑ කියල හිතෙනව.
කොහොමත් බ්ලොග් වලින් දැන හඳුනාගෙන සම්මාන උළෙලෙදි පළමු වතාවට හමුවුණ කල්‍යාණ මිත්‍ර සැබෑ "කල්‍යාණ මිත්‍රයෙක්"ම තමයි කියල හිතෙනව.
මෙන්න කලාහිත බ්ලොග් එක එහැම පිටින්ම.
http://kalahitha.blogspot.com/2016/03/blog-post.html