නොනිමි ගමන (Endles Journey) නමින් කෙටි චිත්‍රපටයක් හදන්න අහම්බෙන් ආ චාන්ස් එකෙන් අමෙරිකාවටත්, ස්විට්සර්ලන්තයටත් යන්න වීසා ලැබුණ එක එක්තරා අතකට මා ලැබූ භාග්‍යයක්. කොදෙව්වෙන් එහා දියුණු ලෝකයක් තියෙන බව දැනගත්තෙ ඒ ගමන් වලින් නිසා.
නොනිමි ගමන කෙටි චිත්‍රපටය මෙතනින් බලන්න.
Endless Journey
ස්විස්ටර්ලන්ත ගමන ගැන 2013 දී මුද්‍රිත නොකී කතා පොතේ සඳහන් වුණාට මේ කතාව එතැන ලියවුණේ නැහැ.
පරමාණු පර්යේෂණායතනය පිහිටි ප්‍රංශ දේශසීමාවේ පිහිටි CERN ප්‍රදේශයේ පැවැත්වූ Cineglobe කෙටි හා වාර්තා චිත්‍රපට උළෙල අවසන් වෙලා දුරකතනයෙන් පාර අහගෙන මම ජිනීවා පංසලට ගියේ තවලම ධම්මික ලොකු හාමුදුරුවො දවස් කීපයක් පංසලේ නැවතිලා රටතොට බලාගෙන යන්න කියල කළ ආරාධනය පිළිගනිමිනුයි.
හාමුදුරුවො කියාපු ගමන් මග කඩදාසියක ඇඳගෙන විදුලි දුම්රියෙන් වගේම ට්‍රෑම් බස් එකෙනුත් ඇවිත් Mc Donald එක ළඟ හෝල්ට් එකෙන් බැස්ස.
සෙමෙන් හිම කැටිති පතිත වෙමින් තිබූ ඒ උදෑසන මා ගමන් මල්ලක් උර දරාගෙන තවත් ගමන්බෑගයක් බිම දිගේ ඇදගෙන පංසල සොයා ගමන් කළා. පැවසූ මග සලකුණු අනුව ගමන් කළත් වංකගිරියක මෙන් හැම අතටම විහිදුණ මං මාවත් හේතුවෙන් මා කරකවා අත හැරි ගානට වැටුණා.
මහමග හමුවන්න්ගෙන් විමසුවත් කිසිදු පිළිතුරක් ලැබුණේ නැහැ. මගේ ආසියාතික ඉංග්‍රීසි උච්ඡාරණය ඔවුන්ට නොතේරෙනවාදෝයි කුකුසක් ඇති වුණේ ලිපිනය කියා මග විමසද්දී හැමෝම පාහේ මා අසන දේ නොතේරෙන බවට හස්ත සංඥාවෙන් ඉඟි කළ නිසයි.
පංසලට ගියාමයි දැනගත්තේ ප්‍රංශ බස කතා කරන ඔවුන් තමන්ගේ භාෂාව ගැන ආඩම්බර වන නිසා ඉංග්‍රීසි තේරුණත් පිළිතුරු නොදෙන බව.
බොහෝ වේලාවක් පංසල වටේ කරක් ගසා තැන හොයා ගන්නා විට මා හිම වැස්සෙන් තෙත බරිත වී සීතලෙන් වේවලමින් සිටියා. ලොකු හාමුදුරුවන් මා පැමිණෙන බස් නැවතුමට පොඩි හාමුදුරුවන් තවත් දායකයෙකු සමග යවා තිබුණත් මා ඔවුන් නොදැකයි එතැනින් නික්මී තිබුණේ.
ස්විට්සර්ලන්තයේදී මෙන්ම "නොනිමි ගමන" රැගෙන අමෙරිකාවට ගිය විටදීද ලැබූ අත්දැකීම් ඉදිරියේදී ඉඩ ලැබෙන පරිදි නොකී කතාවලින් සටහන් කරන්නට ඉටා ගෙන අද කියන්නට යන මංගල යෝජනාව ගැන කියන්නම්.
හදිසියේ මේ කතාව සිහිපත් වුණේ ජිවිතේ අවසාන කාලය ලංකාවෙන් පිට වෙනත් යුරෝපීය දියුණු රටක ගත කරන්නට ඇත්නම් කියා සිතෙන මොහොතකයි.
දේශපාලනිකව මෙන්ම සමාජයීය වශයෙන් ලංකාවේ සිද්ධ වෙන ඉතා නොදියුණු පසුගාමී සිද්ධීන් හා චර්යාවන් ඇහෙන දකින විට මේ සිතුවිල්ල නිතැතින්ම ඇති වෙනවා. විදෙස් අධ්‍යාපනය ලැබ ලංකාවේම දිවි ගෙවන්නට උනන්දු වන මගේ පුතාගෙන්ද දියුණු රටකට සංක්‍රමණය වෙන්නැයි ඊයේ පෙරේදා මා ඉල්ලා සිටියේත් මේ මානසිකත්වයෙනුයි.
වසර ගණනාවකට පෙර අපේ සමහර සරසවි සගයන් කළා සේ නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව හෝ කැනඩාව වැනි රටකට වෘත්තිමය සුදුසුකම් මත සංක්‍රමණය වන්නට අවකාශ තිබුණත් මොළය පෑදෙන විට පමා වැඩියි.
අමෙරිකාවට මෙන්ම ස්විට්සර්ලන්තයට වීසා ලැබුණු විටදී සමහරු කිව්වේ "පැනපං" කියායි. ලින්ටන් සේමගේ චිත්‍රපට උළෙලකට සහභාගි වෙන්නට අමෙරිකාවට ගිය වෙලේ පැනල තිබුණෙ ඒ දවස්වලමයි.
ස්විට්සර්ලන්තයට නං පනින්නම කියලයි උපදෙස් ලැබුණේ.
මානසිකව මෙන්ම සමාජ පැවැත්මෙන්ද සුපිරි නිදහසක් භුක්ති විඳින්නට හැකි, 'ජනතාවට ආංඩුව කරන උන් රැක බලාගන්නට සිදු වන නොව ආංඩුවෙන් ජනතාව රැක බලාගන්නා' එවන් රටක ජීවත් වෙන්න ලැබෙන එක නම් වාසනාවක්ම තමයි.
කොහොමත් පනින අදහස මා බාර ගත්තේ නැහැ. ඒ වන විටත් උපන් බිමෙන් ගලවා ගත නොහැකි ලෙස මුල් ඇදී තිබුණා. අද වන විට නම් බොහෝ පැරැණි මුල් දිරා ගිහින්. යනවනම් යන්නේ නොදිරූ ඉතිරි මුල් ගලවා ගෙනම තමයි.
(කොහොමත් ඒ දවස් වල යන තැනක පුතා රැගෙන යා හැකි වුණත් මා හා අවියෝජනීයව බැඳී සිටි අම්මා අතැර යන්නට මගේ සිත් දුන්නේ නැහැ. කොළඹ හෝ නුවර සිට ඉඳ හිට දකින්නට ගියත් රටෙන් පිට ගියා නම් ඈ කම්පා වන බව මා දැනගෙන උන්නා. ඒත් අවසානයේ තාවකාලිකව හෝ මා විදෙස් ගත වූ පසු අම්මා ජීවිතයෙන් සමුගැනීම වේදනාකාරී අත්දැකීමක් වුණා.
අම්මා ගැන ලියූ නොකී කතාව )
වටේම ගිහිං ගෙටම එන්නැහෙ කියන්න ගත්ත කතාව ඉවර කරන්නම්.
ජිනීවා පංසලේදි මට හමු වුණා දෙමළ ජාතිකයෙක්. නම වෙනෙකක් වුවත් චන්ද්‍රන් කියල ලියන්නම්.
යාපනේ දෙමළ නොවෙයි. හලාවත පැත්තෙ කෙනෙක්. ස්විට්සර්ලන්තයට පැනල ගිහිං අවුරුදු පහක් වෙලා. අලුත බැන්ද බිරිඳ ලංකාවෙ. ඔහු සිටියෙ ඇය තමන් වෙත ගෙන්වා ගත නොහැකි ශෝකයෙන් පෙළෙමිනුයි.
චන්ද්‍රන් මා සමග නගරය පුරා ඇවිද්දා. මට බොහෝ උදව් උපකාර කළා.
අතරමං නොවී බොහෝ තැන් දැක බලාගත්තෙ ඔහුගෙ උදව්වෙන්. ඒක හාමුදුරුවන්ටත් පහසුවක් වුණා.
නැත්නං "යං මහත්තය දවස් කීයද ඉන්නෙ මෙහෙ" කිය කියා හාමුදුරුවො මාව බොහෝ තැන්වල රැගෙන ගිය බව සඳහන් කරන්නෙ තවලම ධම්මික ලොකු හාමුදුරුවන්ටයි, සුජාත පොඩි හාමුදුරුවන්ටයි කෘතඥතාපූර්වකවයි.
මගේ විස්තර දැනගත් චන්ද්‍රන් ඉතා රහසිගත යෝජනාවක් කළා.
ඒ එක විදිහක මඟුල් යෝජනාවක්.
චන්ද්‍රන්ගෙ යෝජනාව වුණේ කලින් දැනන් උන්න නම් ඔහුගේ බිරිඳ සමග හොරාට විවාහ වුණ බවට සහතිකයක් රැගෙන ඇය සමග එන්නට වීසා ඉල්ලුම් කරන්නට මට උපදෙස් දෙන්නට තිබුණ බවයි.
ඒ වන විටත් පමා නැති බව පැවසූ ඔහු නැවත වෙනත් Film Festival එකකට හෝ ආරාධනා ලැබුණොත් ඒ උත්සාහය ගන්නට යෝජනා කළා. ඇය "නොනිමි ගමන" කෙටි චිත්‍රපටයේ සම නිෂ්පාදිකාවක් ලෙස හෝ End Title දමා ගත්තොත් තානාපති කාර්යාලය සැක නොසිතනු ඇති බව චන්ද්‍රන්ගේ අදහස වුණා.
"ඔයාට තියෙන්නෙ එයත් එක්ක මෙහෙට එන්න විතරයි. ඊට පස්සෙ එයා අතුරුදන් වෙනව. ඔයාට තියෙන්නෙ ආපහු යන්න විතරයි. නැත්නම් ඔයාටත් අතුරුදන් වෙන්න පුළුවනි. මම ඔයාවත් settle වෙනකල් බලා ගන්නම්. මේ වැඩේට මම ලංකාවෙ රුපියල් ලක්ෂ දහයක් දෙනව"
මම ඊට උනන්දු වුණේ නැහැ. එහෙම පැන්න නං ඔය පැන්න ගොඩක් උදවිය වගේ මමත් මේ වෙනකොට ස්විට්සර්ලන්තය හෝ ප්‍රංශය වගේ රටක....!
නොනිමි ගමන කෙටි චිත්‍රපටය මෙතනින් බලන්න.
Endless Journey
ස්විස්ටර්ලන්ත ගමන ගැන 2013 දී මුද්‍රිත නොකී කතා පොතේ සඳහන් වුණාට මේ කතාව එතැන ලියවුණේ නැහැ.
හාමුදුරුවො කියාපු ගමන් මග කඩදාසියක ඇඳගෙන විදුලි දුම්රියෙන් වගේම ට්‍රෑම් බස් එකෙනුත් ඇවිත් Mc Donald එක ළඟ හෝල්ට් එකෙන් බැස්ස.
සෙමෙන් හිම කැටිති පතිත වෙමින් තිබූ ඒ උදෑසන මා ගමන් මල්ලක් උර දරාගෙන තවත් ගමන්බෑගයක් බිම දිගේ ඇදගෙන පංසල සොයා ගමන් කළා. පැවසූ මග සලකුණු අනුව ගමන් කළත් වංකගිරියක මෙන් හැම අතටම විහිදුණ මං මාවත් හේතුවෙන් මා කරකවා අත හැරි ගානට වැටුණා.
පංසලට ගියාමයි දැනගත්තේ ප්‍රංශ බස කතා කරන ඔවුන් තමන්ගේ භාෂාව ගැන ආඩම්බර වන නිසා ඉංග්‍රීසි තේරුණත් පිළිතුරු නොදෙන බව.
එවකට පංසල පිහිටි ගොඩනැගිල්ල
ස්විට්සර්ලන්තයේදී මෙන්ම "නොනිමි ගමන" රැගෙන අමෙරිකාවට ගිය විටදීද ලැබූ අත්දැකීම් ඉදිරියේදී ඉඩ ලැබෙන පරිදි නොකී කතාවලින් සටහන් කරන්නට ඉටා ගෙන අද කියන්නට යන මංගල යෝජනාව ගැන කියන්නම්.
හදිසියේ මේ කතාව සිහිපත් වුණේ ජිවිතේ අවසාන කාලය ලංකාවෙන් පිට වෙනත් යුරෝපීය දියුණු රටක ගත කරන්නට ඇත්නම් කියා සිතෙන මොහොතකයි.
දේශපාලනිකව මෙන්ම සමාජයීය වශයෙන් ලංකාවේ සිද්ධ වෙන ඉතා නොදියුණු පසුගාමී සිද්ධීන් හා චර්යාවන් ඇහෙන දකින විට මේ සිතුවිල්ල නිතැතින්ම ඇති වෙනවා. විදෙස් අධ්‍යාපනය ලැබ ලංකාවේම දිවි ගෙවන්නට උනන්දු වන මගේ පුතාගෙන්ද දියුණු රටකට සංක්‍රමණය වෙන්නැයි ඊයේ පෙරේදා මා ඉල්ලා සිටියේත් මේ මානසිකත්වයෙනුයි.
වසර ගණනාවකට පෙර අපේ සමහර සරසවි සගයන් කළා සේ නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව හෝ කැනඩාව වැනි රටකට වෘත්තිමය සුදුසුකම් මත සංක්‍රමණය වන්නට අවකාශ තිබුණත් මොළය පෑදෙන විට පමා වැඩියි.
අමෙරිකාවට මෙන්ම ස්විට්සර්ලන්තයට වීසා ලැබුණු විටදී සමහරු කිව්වේ "පැනපං" කියායි. ලින්ටන් සේමගේ චිත්‍රපට උළෙලකට සහභාගි වෙන්නට අමෙරිකාවට ගිය වෙලේ පැනල තිබුණෙ ඒ දවස්වලමයි.
ස්විට්සර්ලන්තයට නං පනින්නම කියලයි උපදෙස් ලැබුණේ.
මානසිකව මෙන්ම සමාජ පැවැත්මෙන්ද සුපිරි නිදහසක් භුක්ති විඳින්නට හැකි, 'ජනතාවට ආංඩුව කරන උන් රැක බලාගන්නට සිදු වන නොව ආංඩුවෙන් ජනතාව රැක බලාගන්නා' එවන් රටක ජීවත් වෙන්න ලැබෙන එක නම් වාසනාවක්ම තමයි.
කොහොමත් පනින අදහස මා බාර ගත්තේ නැහැ. ඒ වන විටත් උපන් බිමෙන් ගලවා ගත නොහැකි ලෙස මුල් ඇදී තිබුණා. අද වන විට නම් බොහෝ පැරැණි මුල් දිරා ගිහින්. යනවනම් යන්නේ නොදිරූ ඉතිරි මුල් ගලවා ගෙනම තමයි.
(කොහොමත් ඒ දවස් වල යන තැනක පුතා රැගෙන යා හැකි වුණත් මා හා අවියෝජනීයව බැඳී සිටි අම්මා අතැර යන්නට මගේ සිත් දුන්නේ නැහැ. කොළඹ හෝ නුවර සිට ඉඳ හිට දකින්නට ගියත් රටෙන් පිට ගියා නම් ඈ කම්පා වන බව මා දැනගෙන උන්නා. ඒත් අවසානයේ තාවකාලිකව හෝ මා විදෙස් ගත වූ පසු අම්මා ජීවිතයෙන් සමුගැනීම වේදනාකාරී අත්දැකීමක් වුණා.
අම්මා ගැන ලියූ නොකී කතාව )
වටේම ගිහිං ගෙටම එන්නැහෙ කියන්න ගත්ත කතාව ඉවර කරන්නම්.
ජිනීවා පංසලේදි මට හමු වුණා දෙමළ ජාතිකයෙක්. නම වෙනෙකක් වුවත් චන්ද්‍රන් කියල ලියන්නම්.
යාපනේ දෙමළ නොවෙයි. හලාවත පැත්තෙ කෙනෙක්. ස්විට්සර්ලන්තයට පැනල ගිහිං අවුරුදු පහක් වෙලා. අලුත බැන්ද බිරිඳ ලංකාවෙ. ඔහු සිටියෙ ඇය තමන් වෙත ගෙන්වා ගත නොහැකි ශෝකයෙන් පෙළෙමිනුයි.
චන්ද්‍රන් මා සමග නගරය පුරා ඇවිද්දා. මට බොහෝ උදව් උපකාර කළා.
අතරමං නොවී බොහෝ තැන් දැක බලාගත්තෙ ඔහුගෙ උදව්වෙන්. ඒක හාමුදුරුවන්ටත් පහසුවක් වුණා.
නැත්නං "යං මහත්තය දවස් කීයද ඉන්නෙ මෙහෙ" කිය කියා හාමුදුරුවො මාව බොහෝ තැන්වල රැගෙන ගිය බව සඳහන් කරන්නෙ තවලම ධම්මික ලොකු හාමුදුරුවන්ටයි, සුජාත පොඩි හාමුදුරුවන්ටයි කෘතඥතාපූර්වකවයි.
මගේ විස්තර දැනගත් චන්ද්‍රන් ඉතා රහසිගත යෝජනාවක් කළා.
ඒ එක විදිහක මඟුල් යෝජනාවක්.
චන්ද්‍රන්ගෙ යෝජනාව වුණේ කලින් දැනන් උන්න නම් ඔහුගේ බිරිඳ සමග හොරාට විවාහ වුණ බවට සහතිකයක් රැගෙන ඇය සමග එන්නට වීසා ඉල්ලුම් කරන්නට මට උපදෙස් දෙන්නට තිබුණ බවයි.
ඒ වන විටත් පමා නැති බව පැවසූ ඔහු නැවත වෙනත් Film Festival එකකට හෝ ආරාධනා ලැබුණොත් ඒ උත්සාහය ගන්නට යෝජනා කළා. ඇය "නොනිමි ගමන" කෙටි චිත්‍රපටයේ සම නිෂ්පාදිකාවක් ලෙස හෝ End Title දමා ගත්තොත් තානාපති කාර්යාලය සැක නොසිතනු ඇති බව චන්ද්‍රන්ගේ අදහස වුණා.
"ඔයාට තියෙන්නෙ එයත් එක්ක මෙහෙට එන්න විතරයි. ඊට පස්සෙ එයා අතුරුදන් වෙනව. ඔයාට තියෙන්නෙ ආපහු යන්න විතරයි. නැත්නම් ඔයාටත් අතුරුදන් වෙන්න පුළුවනි. මම ඔයාවත් settle වෙනකල් බලා ගන්නම්. මේ වැඩේට මම ලංකාවෙ රුපියල් ලක්ෂ දහයක් දෙනව"
මම ඊට උනන්දු වුණේ නැහැ. එහෙම පැන්න නං ඔය පැන්න ගොඩක් උදවිය වගේ මමත් මේ වෙනකොට ස්විට්සර්ලන්තය හෝ ප්‍රංශය වගේ රටක....!
දැඩි අවශ්‍යතාවක් නැති නිසා ද මන්දා සිංහල කතා කරන අපට නොරටකට ගොස් ජීවත් වීම හා බැඳුණු අවදානම ගන්න වැඩි කැමැත්තක් නෑ.
ReplyDeleteඅවශ්‍යතාවක් නොමැතිකමට වඩා මට නං තිබුණෙ උපන් රට ගැන තිබුණු අදේශපාලනික මතවාද.......
Deleteසිංහල කතාකරන මම අවකාශය තිබියදිත් නොරටකට නොගියේ රට පාවා දී නොයා යුතු නිසයි. අප සමග සිටි බොහෝ දෙනෙක් ගියේ රට පාවා දෙමින්. මේ ගැටලුව මතු කරන රසික හා හෙන්රි දෙන්නම නොරට ගත කරන්නේ වෘත්තිය නිපුනත්වයෙන්. ඒ නිසා ගැටලුවක් නෑ. මෙච්චරයි
Deleteඔය සමහරු අවස්ථාවාදීව පැන්න වගේ රට පාවා දී නොපැන්න එක ගැන නලින්ට මගේ ප්‍රණාමය. මම එහෙම පනින එක සාධාරණීකරණය කරන්න උත්සය කළා නොවෙයි.
Deleteරසිකගෙයි මගෙයි තාම වෙනස රසික වැන්නන් වෘත්තිය නිපුනත්වයෙන් පුරවැසිභාවය ලබාගැනීමත් මා තාවකාලික රැකියාවක් කිරීමත්. මට කියන්න ඕනෙ වුණේ අවස්ථාව තිබියදීත් නිසි මොහොතේදී වෘත්තිය නිපුනත්වයේ සුදුසුකම් මත විදෙස් රටක පදිංචි නොවුණ එක ගැන අද මා කම්පා වෙන බවයි.
ඔය චන්ද්‍රන් වගේ මිනිස්සු තව කීදෙනෙක් ඇද්ද? ඊලග ලිපියත් බලන්න එන්නම්.
ReplyDeleteඅර කෙටි චිත්‍රපටයනම් බලලා නැහැ. දැන් බලමු.
ඇත්ත....ඕනෙ තරම්. ඊළඟ ලිපි වගේම පරණ ඒවත් බලන්න. නෙටි චිත්‍රපටය නම් විකක් පරණයි. ඒත් ඒ සමාජ විවරණය තාමත් වලංගුයි කියල හිතනව.
Deleteඔව් මම ඒ වෙලාවෙම පරන ඒවත් බැලුව. ඉස්සරහටත් එනව. කලිනුත් ඇවිත් තිබුන. අර සරම ඔලුවෙ පුක එලියෙ එක බැලුව. දැන් දිගටම එනව.
Deleteහා...හා...සරම ඔලුවෙ පුක එලියෙ ....
Deleteරෙස්පට් සර්..පැනපු නැති එකට
ReplyDeleteශ්‍රි ලංකාවේ කියලා ආඩම්බරෙන් කියමු.
පැනපු නැති එක ගැන නං දුකක් නෑ වගේම ශ්‍රී ලංකාවෙ කියල ආඩම්බරෙන් කිව්වට ජීවිතයට ලැබෙන දේකුත් නැහැ.
Deleteපිලිගන්නවා ඒ වුනාට අපිට බැරිද පොඩි දෙයකින් හරි වෙනසක් කරලා පොඩ්ඩන්ට මේ රට හදලා දෙන්න..
Deleteවෙනස් කරන්න පෙරමුණ ගන්න ඕනෙ උන් වෙනස් වෙලා නං...
Deleteපුදුම හිතෙනවා ඇහුවම... නෑ මම කිව්වේ මේ ලියල තියෙන දේ කියාගන්න පුළුවන්කම තිබ්බ එක ගැන. මේ සටහනේ තියෙනවා ගොඩක් දේවල් පැයක් දෙකක් උණු කෝපි එකක් එක්ක තැක්ගැහෙන්න තරම් වස්තුබීජ තියෙන. ඇයි මට එහෙම හිතෙන්නේ කියලයි මට හිතෙන්නේ...
ReplyDeleteඑහෙනං නොකී කතා , පැනපු කතා වෙනවා
ReplyDeleteපැනපු නොකී කතා...
Deleteපුදුම හිතෙනවා ඇහුවම... නෑ මම කිව්වේ මේ ලියල තියෙන දේ කියාගන්න පුළුවන්කම තිබ්බ එක ගැන. මේ සටහනේ තියෙනවා ගොඩක් දේවල් පැයක් දෙකක් උණු කෝපි එකක් එක්ක තැක්ගැහෙන්න තරම් වස්තුබීජ තියෙන. ඇයි මට එහෙම හිතෙන්නේ කියලයි මට හිතෙන්නේ...
ReplyDeleteමම නොකී කතා ලියන්නෙ කියන්න පටන් ගන්න දේ විවෘතව කියන්නයි. අතිශය පෞද්ගලික හෝ වෙනත් කෙනෙකුට අපහසුතාවක් වෙන දේ හැරෙන්න අනෙක් කාරණා වලට සීමා පනව ගන්නෙ නැහැ.
Deleteඋණු කෝපි එකක් එක්ක තැක්ගැහෙන්න තරම් කතා නං බොහොමයි.
tamil ekek pannoth allapu geadra ballawth genna gannawa kohma hari ape ekek pannoth inna ewunwath alla denawa
ReplyDeletemeka eeta wada manushikai neda. thamange biridawa.....
DeleteHats off to you for your honesty; for admitting your desire to live in a developed country. I have seen many Sri Lankans living abroad, enjoying the comforts of that country, at the same time ridiculing that country and it's people etc. They keep saying that they will go back to Sri Lanka (because they cannot bring up their kids in western culture etc.) but continue to live there. I think Sri Lankans are such a 'kuhaka' bunch of people.
ReplyDeleteYes there are many who keep saying that they will go back to Sri Lanka (because they cannot bring up their kids in western culture etc.). But really speaking they enjoy a rich life compared to the lifestyle in an undeveloped country.
DeleteThe most amusing are some people who left SL 20-30 years ago but still have same mindset and also the idea that SL hasn't changed. I came across a father who got depressed because his son started wearing an ear stud. Must have been wondering how to take the son back to SL for holiday. :-D It took me a while to explain to him that an ear stud is common now in SL.
DeleteThe most pathetic thing was I who visited that country for the first time knew more about the culture and sights there than the Sri Lankan family (who had been there for decades ) I stayed with. Also, in the couple of weeks I spent there I visited interesting places nearby they had never been to. They simply weren't interested in the country they live in.
I don't know how you would take this. But in my view just because one is born in a particular country doesn't make that country the most suitable for him/her. If I could, I would live in 4 different countries (3months a year in one :-D ). "Citizen of the world" is the concept that appeals to me most.
But, I haven't won a jackpot yet . Sigh !
චන්ද්‍රන් ගේ පැත්තෙන් බැලුවම යෝජනාව අසාධාරනත් නෑ.. කොහොම හරි පවුල තමන් ලඟට ගෙන්න ගන්නනේ හදන්නේ..
ReplyDelete//දේශපාලනිකව මෙන්ම සමාජයීය වශයෙන් ලංකාවේ සිද්ධ වෙන ඉතා නොදියුණු පසුගාමී සිද්ධීන් හා චර්යාවන්// නිසා උපන් රටේම අපි අද අන්ත අසරණ වෙලා..
මම බොහෝ බලාපොරොත්තු තියන් උන්න දේශපාලනික සත්ත්වයෙක් විදිහට ඔය අසරණකම දැනෙනව වැඩියි.
Deleteපොඩ්ඩක් මහන්සි උනොත් චන්ද්‍රන්ට ඕක අමාරු වැඩක් නෙමෙයි..
ReplyDeleteදැන් නම් වැඩේ කෙරිල ඇති....
Deleteමොනා උනත් ඉතිං ඒ මනුස්සයා තමන්ගෙ බිරිදව ගෙන්න ගන්නනදෙහස් කළේ....... පව්.
ReplyDeleteඒක ඇත්ත....මට උදව් කරනන ඉඩක් තිබුණෙ නැහැ. කලින් දැන උන්න නම් අවදානම ගන්නත් ඉඩ තිබුණ. එහෙම හිතල කෙටිකතාවක් ලියමින් ඉන්නෙ.
Deleteනියමයි......... ඒකත් දාපුවාම එන්නම්කෝ කියවන්න...........
Deleteපැන්නානම් නොකී කතාම තමයි එහෙනම්.
ReplyDeleteමම හිතන්නේ ඔහොම පනින එක හරියට ජිවිතේට මුහුණ දෙන්න බැරිව පලා යනවා වේ වැඩක්.අපිට බැරි වේවිද මේ රට හදා ගන්ට ඔය කියන දියුණු රටවල මට්ටමට කවදාවත්ම.
මිනිස්සුන්ට ජීවිතයෙන් පළා යන්න හිතෙන්න වගේ පනින්නත් හිතෙන වෙලාවල් තියෙන්න පුළුවනි.
Deleteරට හදාගන්න තිබුණ අවස්ථා ගිලිහී ගිහින්. ඒ ගැන කාටද සැබෑ උවමනාවක් තියෙන්නෙ. මම නං ඔය හීනෙන් ඇහැරිලා ඉන්නෙ.
යොජනා කරනව අත්නොහරින ලෙසට, සුදුසු කාලය ඉදිරියේ.................
Deleteමතක් වෙනව සෙක්කුව.
Deleteමටත් වරින්වර ඔය පිට රටකට ගියානම් හොඳයි නේද කියන හිතුවිල්ල ඇවිත් නැති වෙලා යනවා. අපේ රටේ ජීවත් වෙන්න ආසා හිතෙන ගතිය ටික ටික අඩු වෙලා යන එක සහතික ඇත්ත. මේ ලිපියේ අවංක අදහස් හා රසවත් ලිවීම මගේ හිත ගත්තා
ReplyDeleteටික ටික අඩු වෙලා. මේ වෙනකොට නැත්තටම නැති වෙලා.
Deleteඇත්ත කතාවක අංශු මාත්‍රයක් හෝ මේ විදියට ඉදිරිපත් කරන්නට හැකි අව්‍යාජ මිනිසෙකුට. නිදහස් අධ්‍යාපනයෙන් උගෙන අන් රටක පුරවැසි භාවය ලබා මෙරට සිටින්නන්නට ඔච්චම් කරන දුහුනන් අතර ඔබ සැබැ මනුස්සයෙක්. මටත් තිබ්බා අද වෙනකොට නොර්වේ වගේ රටක සරණාගත විදියට දේශපාලන රැකවරණ මත ඉන්න. මා එක්කම සිටි පිරිවරක්ම දැනටත් ඒ රටවල ඉන්නවා. එයින් එහා කතා ගැන මට කතා කරන්න විදියක් නෑ.ඒ උන් එකෙකුගෙන්වත් ඩොලරයක්වත් අරන්න නම් නොවේ කියා සහතික ලෙසම කියනවා.
ReplyDeleteනිදහස් අධ්‍යාපනයෙන් උගෙනගත්ත බොහෝ දෙනෙකුගෙන් වැඩක් ගන්න උපන් රටේ වැඩපිළිවෙලක් නැහැ. හැකියාවට නොවෙයි තැන තියෙන්නෙ. වන්දිබට්ටකම් වලට.
Deleteමට ඔබ කියන දේ වැටහෙනවා. එයින් එයා කතා නොකර ඉන්න එක හොඳයි.
පිටරට ජීවිතය ගැන බොහෝ දේ කීමට ඇති නමුත්, පෞද්ගලිකත්වය හෙලිවන නිසා ලිවිය නොහැක. ඒ ගැන කීමට ඇති දේ සාරාංශය පහත කියමන් දෙකේ ගැබ්ව ඇතැයි සිතමි:
ReplyDelete"Grass is always green on the other side"
" You win some, loose some"
//ජනතාවට ආංඩුව කරන උන් රැක බලාගන්නට සිදු වන නොව ආංඩුවෙන් ජනතාව රැක බලාගන්නා// මේ කියමන සමඟ එකඟයි.
http://madhumadhavi135.blogspot.com/2015/10/blog-post_12.html
ReplyDeleteඅනගි චාරිකා සටහනක්.
ReplyDelete