පහු
ගිය වතාවෙ ලංකාවට ගිහිං ආපසු එන්න දවසකට දෙකකට කලිං කුලී පදනමට ගත්ත කාර් එක සුළු
පහේ අනතුරකට පත් වුණා.
වාහනේ දුන්න නිලාට call කරල කිව්වම Viber එකෙන් photo එකක් එවන්න කිව්ව හැරෙන තැපෑලෙන්.
Photo එක දැක්ක නිලා හිටු ගාල ආපස්සට call කරන්න ගත්ත. "ගොඩක් damage නේද...buffer එක පුපුරල නේද..light එකට damage නැද්ද..."
Accident එක වුණේ පොද වැස්සෙ. ඒ වගේම වැදුණ විදිහෙන් මම දැනගත්ත එච්චර ලොකු අලාභයක් නොවන බව.
මම වාහන reverse කරන විදිහ හරි ක්‍රමවත් කියල දන්න අඳුනන අය කියනව. ඒ හංද reverse එකේ ගද්දි accident වුණ එක ගැන මටත් පුදුමයි.
නුගේගොඩ පුතාගෙ annex එක ඉදිරිපිට පටු පාර හදමින් තිබුණ නිසයි දෙපැත්තෙ තියෙන ගේට්ටු දෙකක ඉඩ උපයෝගී කරගෙන කාර් එක හරවන්න හැදුවෙ. පොඩ්ඩක් අනුමානය වැරදිලයි තාප්පෙට අඩ තිබ්බෙ.
වාහනේ බාර දෙන්න ගියාම damage එක දෑහින් දැක්කට පස්සෙ නිලාගෙ ඇඟට පණක් ආව වගේ.
"Photo දැක්කම මම හිතුවෙ ලොකු damage එකක් කියල. මේක පොඩි දෙයක්නෙ. "
එදා සිටන්ම මා අතින් වාහන accident වෙන්නෙ බොහොම හෙමින් පදවා ගෙන යද්දි තමයි. එක්කෝ හරවද්දි. නැත්නම් traffic එකේදි.
කොහොමත් සාමාන්‍යයෙන් අධික වේගෙන් රිය පදවන්නයි මම පුරුදු වෙලා තියෙන්නෙ. ඒක මටවත් හදාගන්න බැරි පුරුද්දක්. වේගය ඉක්මවා යනව මට පේන්නෙ නැත්තෙ සුක්කානම ඒ තරමටම අතට හුරු නිසාද මංද.
ඒ වගේම තමයි වාහනේ වේගෙන් පදවනව කියල කී දෙනෙක් නං ආඩපාළි කියල ඇද්ද. සමහරු කියා ගන්න බැරුව වාහනේට නැග්ග මෝඩකම කියල හිතන අවස්ථාත් ඕනෙ තරම් ඇති.
අවුරුදු ගාණකට ඉස්සර වෙච්චි එක සිද්ධියක් නං මතකයි.
කොහෙ හරි ගමනක් ගිහිං එද්දි වේගෙ වැඩියි...අඩු කරන්න කියල පුතාගෙ අම්ම කකෙඳිරි ගාන්න පටං ගත්ත. පුතාට නං පුංචිකමටද කොහෙද වේගෙන් යන තරමට ත්‍රිල්.
ඒත් අම්ම ඒ අවදානම ගන්න කැමැති වෙන්නෙ නැහැනෙ.
වාහනේ පදවන කොට උපදෙස් දෙද්දි මටත් මළ පනින නිසා මම කළේ 'දැන්වත් ටිකක් හයියෙන් යං' කියන කල් ඉබ්බ යන්නැහෙ හැතැප්ම ගාණක් විස්සෙ තිහේ වේගෙන් හෙමීට කාරය පදවපු එකයි.
වාහනේට බල්ලො, පූසො නං අනන්තවත් අඩ තියල ඇති. එක වතාවක් හරකෙක් (කකුල් හතරෙ හොඳේ) පැනල, side mirror එක කැඩුණ මතකයි.
මුලින්ම කාර් licence ගන්න වුණේ MOTIVATION කියන NGO එකේ තාවකාලිකව වැඩ කරපු කාලෙ.
ජනසංනිවේදන පශ්චාත් උපාධිය කරන්න විශ්වවිද්‍යාල සේවයෙන් නිවාඩු අරං ඇවිත් ඉන්න ගමන් තමයි එතන වැඩ කළේ. අපි තොග වශයෙන් භාණ්ඩ මිලදී ගත්තම සාක්කුවට ගාණක් වැටෙනව කියල මම මුලින්ම දැනගත්තෙ එතනදි.
එතන රස්සාවට ඕනෙ වුණ නිසා තමයි කාර් licence ගත්තෙ. මා අතින් පළමු අනතුර සිද්ධ වුණෙත් MOTIVATION එකෙන් දුන්න වෑන් එකෙනුයි.
ඒකත් ගම කන කතාව.
රාගම ඉඳන් වත්තලට ආවෙ ලියවන පට්ටලයකින් වැඩක් කරගන්න. මම වෑන් එක බොහොම පරෙස්සමින් අරං ඇවිත් වැඩපොළ ඉදිරිපිට මීගමු-කොළඹ මාර්ගයට යාබදව නැවැත්තුව.
නවතල පට්ටලේ පැත්තට ගියා.
මිනිත්තුවක් ගියෙ නැහැ....චකබලාස් සද්දයක් ආව. නිකං වීදුරු ගොඩක් චප්ප වෙනව වගේ සද්දයක්.
මම හැරිල බලද්දි නවතපු තැන වෑන් එක නැහැ. මිනිස්සු වට වෙලා.
ගිහිං බැලින්නම් ජූලි හතයි. මම නුහුරු කමට ගිහිං තියෙන්නෙ gear neutral තියෙද්දි. Hand brake අදින්නෙ නැතිව.
වාහනේ ඉදිරියට ඇදී ගිහිං පාර අද්දර විකුණන්න ගොඩ ගහල තිබුණ විදුරු මාලු ටැංකි කිපයක් කුඩු කරගෙන ගිහිං නැවතිලා.
තොග වශයෙන් භාණ්ඩ මිලදී ගත්තම සාක්කුවට වැටුණ ගානෙන් තමයි අලාබෙ ගෙව්වෙ. නැත්තං මාසෙ වැටුපෙන් බාගයක් එතෙනන්ට දෙන්න වෙනව.
ඔයාකාර පොඩි පොඩි accident වුණාට කලින් කිව්ව වගේ carpet පාර වල
හැටට හැටේ ගිහිල්ලත් බරපතළ අනතුරු සිද්ධ වෙලා නැහැ.
හැටට හැටේ නොවෙයි, අධිවේගී මාර්ග වල එකසිය විස්සට ගිහිල්ලත්. බහරේන් ආවට පස්සෙ තමයි එහෙම පදවන්න අවස්ථා ලැබුණෙ. මෙහෙ තියන තරමක් highway.
අපේ ජීවිත වල විවිධ හැලහැප්පීම් එක්ක සමහර දේ අවිඥානිකව සිද්ධ වෙනව. සිහිකල්පනාව වෙනතක යොමු වුණාම දෛනිකව පුරුද්දට කරන දේවල් අංශුවකින් වෙනස් වෙන්න පුවවනි.
මම එහෙම කියන්නෙ වාහන පැදවීම අපි කරන්නෙ අවිඥානිකව නිසා. අපි වාහන පදවන්නෙ දැන් හරවන්න ඕනෙ, දැන් lane එක මාරු කරන්න ඕනෙ කියල හිත හිත නොවෙයිනෙ. ඒව සිද්ධ වෙන්නෙ ඉබේටම. හුරුවට.
මාස කිපයකට පෙර මේ කියන්න යන දවසෙත් වෙනද වගේම මම උදේ වැඩට යන්න
වාහනේ highway එකට දැම්ම.
එක තැනක් තියෙනව මගෙ ගමන් මාර්ගය තෝරගන්න lane කීපයක් cross කරන්න සිද්ධ වෙන.
මම හිතන්නෙ මගෙ වේගය අසුවෙ විතර ඉඳන් සීයට වැඩි වෙමින් තියෙන්න ඇති.
මම වෙන වාහනයකට ඉස්සර කරමින් දකුණු පස කෙලවරට ගිහිං ඒ මං තීරුවෙ
ඉඳන් වම් පස කෙළවර මං තීරුවට ධාවනය කළා. ඒක නොකළ යුතුම overtake කිරිමක්.
ඒකයි කිව්වෙ අවිඥානිකව අපි යම් යම් දේ කරනව කියල මානසික තත්ත්වය අනුව.
මට වේගය පාලනය කරගන්න අමාරු වුණා.
මට දැනෙන්න ගත්ත වාහනය මගේ පාලනයෙන් තොරව වම් පසට ඇදී යනව. එහෙම තව මීටර් කීපයක් ගියොත් කෙලවරේ තියෙන විශාල බැම්මෙ වැදිල වාහනේ කුඩුපට්ටම් වෙන බව එක නිමේශයෙකදි මට දැනුණ.
මම තිරිංග පාගන අතරතුර සුක්කානම දකුණට කැපුව. අනතුරෙන් බේරෙන්න.
එක වරම වාහනය බැම්මෙ නොවැදි අංශක එකසිය අසූවක් ආපස්සට හැරුණ. ඒ තත්පරයෙන් කොටස තුළ මට කිසිම දෙයක් පෙනුණෙ නැහැ.
වාහනය නැවතුණාම මම ඉදිරිය බැලුව. පිටිපස්සෙන් ආව වාහන කිපයක් මට මුහුණ ලා නවතන් ඉන්නව දැක්කෙ එවිටයි. ඒවයෙ උන්න රියැදුරෝ හිස් වල අත් ගසාගෙන ඉන්නව මම දැක්ක.
මම මොහොතක් ගල් වුණා.
ඉදිරියෙන් සමීපයෙන් ඉන්න රියැදුරා මට වාහනය හරවගන්න කියල අතිං සංඥා කළා.
මම හෙමීට රොබෝ කෙනෙක් වගේ වාහනය හරවගෙන අයින් කරල නැවැත්තුව.
ඒ මොහොතෙයි මට ජිවිත අවදානම දැනුණෙ. මම තවම පණ පිටිං නේද කියල දැනුණෙ.
මට එතනින් එහාට වාහනය පදවන්න ශක්තියක් තිබුණෙ නැහැ.
මම Viber
තාක්ෂණයෙන් ලංකාවට කතා කළා. මගේ තිගැස්ම දුරකථන සංඥා ඔස්සේ සම්ප්‍රේෂණය
වුණා.
ඊට පස්සෙ අඩුම වේගෙන් වාහන ධාවනය කරන දකුණු කෙළවරේ මං තීරුව දිගේ හැටේ වේගෙන් වාහනය පදවාගෙන වැඩට ගියා. මා සුරක්ෂිතව යන තුරුම Viber තාක්ෂණය cut නොවීම හිතට හයියක් වුණා.
අධිවේගී මාර්ගයක අංශක 180 ක් ආපස්සට වාහනය හැරිලත් තවමත් ජිවතුන් අතර නේද කියල මම තාමත් හිතනව.
හප්පේ ඇති ඔයින් ගියා. පිටිපස්සෙ හිටපු රියදුරා හොඳ පුරුදුකාරයෙක් වෙන්නැති. නැත්නම් ඉවරයිනෙ.
ReplyDeleteවැරදිලාවත් ලංකාවෙ හයිවේ එකේ 120ට යනව එහෙම නෙවෙයි හරිය. එහෙම උනොත්නම් දඩ තමා.
වෙලාවට ළඟින් වාහනයක් ආවෙ නැහැ. සාමාන්‍යයෙන් වෙන දවස් වල ඔය හරියෙ උදේට වාහන එන්නෙ පෝළිමේ. අද උදෙත් මම එතැන බලාගෙන ආවෙ.
Delete///කොහොමත් සාමාන්‍යයෙන් අධික වේගෙන් රිය පදවන්නයි මම පුරුදු වෙලා තියෙන්නෙ. ඒක මටවත් හදාගන්න බැරි පුරුද්දක්. /// මටත් .. කොච්චර උත්සහා කලත් වාහනයක් හිමින් පදින්න නම් මටත් බෑ.. හෙමින් පදිනකොට ඒ ගැන සියයට සීයක් අවධානය යොමු කරන්න බෑ.. වේගෙන් යනවනම් මට ඒ ගැටලුව නෑ..
ReplyDelete//අධිවේගී මාර්ගයක අංශක 180 ක් ආපස්සට වාහනය හැරිලත් තවමත් ජිවතුන් අතර නේද කියල මම තාමත් හිතනව.// මෙතන නම් එක කතාවකට වඩා තියෙනවා කියල හිතෙනවා තුමනි... :) Viber තාක්ෂණයට ජය වේවා!
කතා ගොඩයි. නොකී කතා. නොකියන කතා. සමහර විට අනාගතේ කියන්න ඉඩ තියෙන කතා.
Deleteදෙය්යෝ සාක්කි!! පුදුම බේරිල්ලක්නේ බේරිලා තියෙන්නේ...
ReplyDeleteඅමතක කරන්න එපා ඔබ එදා අංශක 180 කටත් වඩා හැරිලත් බේරිලා තිබෙන්නේ, ඔබේ පසු පසින් පැමිණි අනෙකුත් රියදුරන්ගේ පරීක්ෂාකාරි වාහන පැදවීම නිසයි. එදින ඔබ වැනිම (වැඩිය ගනන් නැතුව පදවන) තවත් එක් රියදුරෙකු පසු පසින් පැමිණියානම්..... මොන තරම් දරුණු අනතුරක් වන්නට තිබුණාද?
හිතට ගන්න.... මම පාර වල යනෙන අනෙත් අය ගැන සිතා, ඉතා සුපරික්ෂාකාරීව වාහනය පදවන්නෙමි කියා. එවිට අන් අය මෙන්ම ඔබද නොදැනීම සුරක්ෂිත වනු ඇත.
(සමහරවිට ඉස්සර ලංගම බස් රථ වල "ජීවිත රැසක් ඔබ දෑතේ.... මෙම රථය පදවන ඔබ දෑතට තෙරුවන් සරණයි! වැනි දේ සටහන් කොට තිබුණේ, මා ඉහත සඳහන් කල කාරණය හන්දා වෙන්න ඇති)
ඇත්තටම හිතා ගන්න බැරි විදිහට පිටුපසින් ආසන්නයෙන් වෙනත් වාහනයක් ඇවිත් නැහැ. පුදුමෙ කියන්නෙ එක lane එකකවත්. මොකද මම දකුණට කපද්දි lane තුනක් cross වුණා. පසුපසින් ආ රියැදුරන්ට කරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නැහැ ළඟින් ආව නං
Deleteමෙදා පාර නං නොකී කතාවෙ නොකියන කතා ගොඩයි වගේ. ඒවත් කියමුද බලන්න. ලියවිල්ල නම් පට්ට ගති.
ReplyDeleteසෙස්ස පස්සට කිව්වනේ...ලියවෙයි එහොම යන කොට.
Deleteහිතාගන්න පුළුවන් ඒ වෙලාවෙ ඇතිවුණු තත්වය කොහොමද කියල... වාසනාවන් ජීවිතේ බේරුණ එක සම්බන්ධව...
ReplyDeleteකියල වැඩක් නෑ. දැන් ජීවත් වෙන්නෙ බෝනස් එකෙන්.
Deleteපළවෙනියද කොහෙද හයිවේ එකක ඔය සෙල්ලම වෙලා බේරුණු. උඹ මැරෙන්නෑ. බයවෙන්න එපා.
ReplyDeleteමේ බේරුන විදිහට නං ලේසියෙන් මැරෙන්නෙ නැති වෙයි තමයි. දැන් කොහොමත් 100 ට වැඩියෙන් යන්නෙ නැහැ. කුඩුපට්ටම් වෙලා තියෙන වාහන දැක්කම හයිවේ එකක මෙහෙම බේරුණේ කොහොමද කියල මටත් හිතා ගන්න බැහැ.
Deleteමේ විස්තරය අනුව, ඔබ, තරමක් දුරට ඉවසීම නැති, නොසැලකිල්ල ටිකක් වැඩි, වාහනයක් ඩ්‍රයිව් කරනවා කියන්නේ හයිස්පීඩ් යාම කියලා හිතාගෙන ඉන්න කෙනෙක්, කියලා මට හිතෙනවා. අපහාසයට කිව්වා නෙවෙයි. මට හිතුන දේ ලිව්වේ.
ReplyDeleteඩ්‍රයිව් කියන වචනය ඇතුලේ තියෙන්නේ, කාලයට/වේලාවට, ස්ථානයට, පරිසරයට, එම වාහනයට, අදාළව, නිවැරදිව වාහනය පාලනය කිරීමයි. මගේ රියැදුරු ගුරුවරයා 1985 දී මා බලපත්‍රය ගත් කාලයේදී කියලා දුන්නේ එහෙමයි.
පසුගිය වසර 30 ක පමණ කාලය තුළ වාහන අනතුරු 4ක් 5ක් පමණ මා පැදවූ වාහන වලින් සිදුවී තිබෙනවා. ඒ සියලුම අනතුරු වලට අදාලව පොලිස් පරීක්ෂණ සිදුකල අතර, මා වරදකරු වුනේ එක් අනතුරකදී පමණයි. (පාරේ පළල ගැන නොතකා මා ධාවනය කල වාහනය තවත් වාහනයක ඇතිල්ලීමෙන් වාහන දෙකේම බඳ සීරී යාම)
සාමාන්‍යයෙන් පාරේ තිබෙන තත්වය අනුව මා 40 - 80 දක්වා වේගයකින්, ධාවනය කරනවා. අවසාන වතාවට මා වේගයෙන් ධාවනය කළේ, 2014 දෙසැම්බර් මාසයේදී, රාත්‍රී 9.00 ට පමණ යාපනයෙන් පිටත්ව, 90 - 110 වේගයෙන් වවුනියාවට ආසන්න වනතුරු ධාවනය කිරීමයි. ඒ අවස්ථාවේ, මාර්ගය ඉතා පැහැදිළිව තිබුණා. (බස් රථයකින් බැස, එයට පිටුපසින්, පාර දෙපැත්ත නොබලා පාර පැනීමෙන් මා පැදවූ වාහනයේ හැපී සුළු තුවාල සිදුවූ මගියකු සම්බන්ධ පරීක්‍ෂණයේදී එම මගියාගේ වැරැද්ද ඔප්පු වුණා. පුද්ගලයකු සම්බන්ධ අනතුරු එපමණයි)
මේ විස්තරය අනුව, මා, තරමක් දුරට ඉවසීම නැති, නොසැලකිල්ල ටිකක් වැඩි, වාහනයක් ඩ්‍රයිව් කරනවා කියන්නේ හයිස්පීඩ් යාම කියලා හිතාගෙන ඉන්න කෙනෙක්, කියලා ඔබ හිතන එක ගැන මට හිතෙන දේ කියන්නම්.
Deleteතරමක් දුරට ඉවසීම නැති, නොසැලකිල්ල ටිකක් වැඩි කියන එක ගැන නං එකඟයි. ජීවිතේ ගොඩක් තීරණ අරං තියෙන්නෙ ඒ විදිහටම නේද කියලත් වෙලාවකට හිතෙනවා. ජන්මෙ හැටි වෙන්නැති.
නමුත් වාහනයක් ඩ්‍රයිව් කරනවා කියන්නේ හයිස්පීඩ් යාම කියල නං හිතන්නෙ නැහැ. ඒත් ගමනක් යද්දි පාර පැහැදිලි නං බරකරත්තෙක යන්නෙ නැතිව රෝද හතරක යන්නෙ කාලය කා දමන්නෙ නැතිව අදාළ තැනට යන්න නේද කියලත් හිතෙන වෙලාවල් නැතිවාම නොවෙයි.
කොහොමත් දැන් අධික වේගෙන් යන්න අවසර නෑ.
අධික වේගය නම් හොද නැහැ තමයි. තහනම් කරපු එකමයි කාරිය. දැන් ඉතිං බොහෝම ඉවසිලිමත්ව, සැලකිල්‍ලෙන් වේගය බල බල හිමිහිට යන්න එපැයි .
ReplyDeleteතහනම් කළාම පිළිපැද්දෙ නැත්නම් එතනම අවුල්නෙ. නැද්ද...?
Deleteකොහොමත් දැන් හයිවේ එකේ හැමතැනම කැමරා සවි කරල නිසා වේගය බල බල තමයි යන්න වෙන්නෙ.
පිළිපදින්න වෙනව නේන්නම්. කොහොමින් හරි සැළකිල්ලෙන් යනව නම් මදැයි.
Deleteපරිස්සමට..
ReplyDeleteමගේ පලවෙනි අනතුර “මට එලවන්න බෑ නිදිමතයි“ කියලා කාර් එකෙන් දෙපාරාක් බැහැලා ගියාට පස්සෙත් එලවපන් මට 7ට කොළඔ ඉන්න ඔනේ කියලා මාව ඇදගෙන ගිහින් කාර් එකට නග්ගපු අම්මයි මමයි...වට තුනක් කැරකිලා රෝද හතර උඩට..
මම නිදිමත ආවොත් නං අයිනකට කරල නවතල ටිකක් ඇහැපියෙන්න අරිනවා. කීප වතාවක් එහෙම කරල තියෙනවා. නින්ද යන තත්ත්පරේ අන්තිම භයානකයි
Deleteනින්ද යන එකනං කොයි වෙලේද කියන්ඩ බැ , මට දවසක් බයික් එකෙත් නිනිද යන්ඩ ඇවිත් තියනව
Deleteබයික් එකේ යද්දි නම් නින්ද ගියොත් හරිම භයානකයි තමයි.
Deleteඅම්මා එහෙම කිව්වා?
Deleteමම මගේ යාලුවෙකුගේ ලොරියක ගිය වෙලාවක ලොකු අනතුරකින් බේරුනා.ඒ වෙලවේ ලොරියේ ඉස්සරහා තුන්දෙනෙක් හිටියා.මම මැඳ.ලොරියේ තේ දළු පුරවපු ගෝනි පටවලයි තිබුනේ.මහා වැස්සේ මිදුමත් එක්ක අපි ලොකු පල්ලමක් තියන පාරක යනකොට එක්වරම ලොරිය ලිස්සන්න පටන්ගත්තා.ඩ්‍රයිවින් කරපු කෙනොගේ ඉවසිම නිසා කිසිම අනතුරක් නොවි බේරුනා.එහෙම නොවුනනම් ලොරිය මහා ප්‍රපාතයකට පෙරලෙනවා.
ReplyDeleteපල්ලමේ යන කොට නම් හරියට පරෙස්සම් වෙන්න ඕනෙ. විශේෂයෙන් වැස්සෙ. මීදුමේ.
Deleteඅධික වේගයෙන් යද්දි අනතුරු සිදු වෙනව අඩුයි තමයි. හේතු දෙකක්. එකක් තමයි, පදවන්නාගේ අවධානය වැඩි වීම. දෙවැනි එක තමයි, අනිත් වාහන පදවන අය කල් වේලා ඇතිවම තම තමන්ගෙ වාහන පැත්තකට කර තියා ගැනීම. (එහෙම කිව්වට එහෙමම නෙවෙයි, හයියෙන් එන වාහනයක් දැක්කම කවුරුවත් බූරුවා වගේ තමන්ගෙ වාහනේ පාර හරහට දාන්නෙ නෑ. හෙමින් හෙමින් යනකොට හරස් පාරවලින් එන හැම ඇම්බැට්ටයම බුග් ගාල වාහනේ පාරට දානව. ඉතිං මේන් රෝඩ් එකේ යන එකා හිටගෙන බ්රේක් පාගන්න ඕනැ.
ReplyDeleteමං මේ කිව්වෙ ලංකාවෙ තත්වෙ.
මාත් මෙතෙක් කාලෙකට ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙ හෙමින් යද්දි හරි රිවර්ස් කරද්දි හරි තමයි. එක දවසක මඳ වැස්සෙන් පාර තෙමිල තිබිල (අධි වේගී පාරක නෙවෙයි.) වාහනේ ලිස්සලා ගිහින් වතුසුද්ද මල් ගහක හැපිල නැවතුනා. නෝ ඩැමේජ්. මල් දහයක් පහළොවක් තැලිල පොඩිවෙලා යන්න ඇති.
මල් දහයක් පහළොවක් තැලිල පොඩිවෙලා නැවතුණා මදැයි.
Deleteමම නං බයික් විතරයි. මාර්ග නීති අකුරට පිලිපදිනව. මධ්‍යස්ථ වේගයකින් යන්නෙ. එතකොට අනතුරු අඩුයි.
ReplyDeleteසවිඥ්ඥානක බවේ තමයි ආරක්ෂාව රැඳිල තියෙන්නෙ. වාහනයක් පදවන වෙලාවට, ක්‍රීඩාවක් කරද්දි, විභාගයක් ලියද්දි, වගේ අවස්ථාවල මේක අත්දකින්න පුළුවන්.
මාර්ග නීති පිළිපදිමින් මධ්‍යස්ථ වේගයකින් යන එක ගැන එකඟයි. ඒත් අපි වාහන පදවන්නෙ අවිඥානිකව කියලයි මං හිතන්නෙ.
Deleteසාමාන්‍යයෙන් අපි සුක්කානම හිතා මතා කරකවනව නොවෙයි ඔහේ කරකැවෙනව නේද...?
තව පොඩ්ඩෙන් මේ කතාව නොකී කතාවක්ම වෙන්න තිබ්බ..
ReplyDeleteඔව්....කිසිදා කියන්න නොලැබෙන කතාවක් වෙන්න තිබුණා.
Deleteදැවී යෑමට ආසන්න වෙලා ආපහු ලකුණු අතරට ආපු අවස්තාවක්. මොනා උනත් පරිස්සමින්. අපිට තව ගොඩක් නොකී කතා අහන්න තියෙනවා
ReplyDeleteඇත්තම තමයි. නොකී කතා නම් කප්පරක් කියන්න තියෙනව. නොකියන්න උන්න කතාත් කියන්නයි යන්නෙ මෙදා පාර. කොහොමත් දැන් පරෙස්සමින්.
Deleteමේ කතාව නොකී කතාවක්ම නොවුනා මදැයි.
ReplyDeleteවෙන කෙනෙක් කියන කතාවක් වෙන්න තිබුණ "නොකී කතා" කුඩේ කුඩු කියල.
Delete