ධර්මසිරි ගමගේ කියන්නෙ අපේ පරම්පරාවෙ කලාවට සම්බන්ධ වූ දැනට කලා නිර්මාණ වල යෙදෙන හෝ ඉන් සමුගෙන වෙනත් කාර්යයන්හි නියැලෙන බොහෝ දෙනෙකුට ගුරු දේවයෙකු පමණක් නොව පියෙකුද වූ නිහතමානී කලාකරුවෙක්..
ඒ නිසාම අප වෙත එතුමන් කෙරෙහි වූ භක්තිය මෙන්ම ගෞරවයද අපමණයි.
ඒ නිසාමයි අපි හැමෝම "ගමගේ සර්" කියා අමතන්න පුරුදු වෙලා උන්නෙ.
"යොවුන් පහන් වැට" නමින් සංවිධානයක් බිහිකොට දීපව්‍යාප්තව විසිරී සිටි නිර්මාණශීලී යොවුන් දුහුනන් ඒකරාශී කරමින්, කලා ලොවේ දැවන්තයින්ගේ නොමසුරු ඇසුර අප වෙත ළඟා කරදෙන්න එතුමන් විශාල වෑයමක් නිරත වුණා.
වසර ගණනාවකට පසු මේ අංකුර තරුණයන් විවිධ මාධ්‍ය හරහා කරළියට පැමිණ තිබුණා.
නිහඬ, එහෙත් වචනයෙන් කියා නිම කළ නොහැකි අනුපමේය සේවයක් කළ ගමගේ සර් වෙනුවෙන් උපහාර උත්සවයක් පවත්වන්නට කවියෙකු හා ගීත රචකයෙකු ලෙස නමක් දිනාගත් බණ්ඩාර ඇහැළියගොඩ ගෙනා අදහසට අපේ දායකත්වය නොමසුරුව ලබා දුන්නා.
බණ්ඩාර එවකට ජනකලා කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීම පහසුවක්ම වුණා. උපහාර උත්සවය තියන්නට අප ජනකලා කේන්ද්‍ර භූමියම තෝරා ගත්තා.
ඒ සමගම බොහෝ සැන්දෑ යාමයන් අප ගෙවා දැමුවේ ජනකලා කේන්ද්‍ර බිමේදී. මා ස්වර්ණවාහිනියේ සිට කෙලින්ම ආවේ එතැනටයි.
උත්සවය සවිධානය කිරීමේ සාකච්ඡා වලින් අනතුරුව මිතුරු සමාගම රෑ බෝ වන තුරු "සෙට්" වුණා.
සියල්ල මැනැවින් සංවිධානය කිරීමෙන් පසු උපහාර උත්සවයට දින දෙකකට පෙර පැවැති සැඳෑ කතාබහට ගමගේ සර්ටත් ඇරියුම් කරන්නට තීරණය කළේ වැඩසටහනේ කිසියම් අඩුපාඩුවක් ඇත්නම් ඒ ගැන දැන ගන්නා අටියෙන්.
රෑ හත පමණ වෙද්දී නිළ කතාබහ හමාර වුණා.
පොඩ්ඩක් පානය කරලම යමු නේද....ගමගේ සර් ඇසුවා.
කට්ටියගෙ කට කණේ.
මගෙ වෑන් එකේ පිටිපස්සෙ සීට් එක යට බකාඩි බෝතලයක් ඇති. අනුරම ගිහිං අරං එනවද....සර් ඇහුවා.
අනුර බී.සෙනෙවිරත්න කවියා බෝතලේ අරං ආවා.
බණඩාරගෙ ෆ්‍රිජ් එකේ කොක කෝලා තිබුණා.
ඉන්ද්‍රනාථ තේනුවර, අනුර බංඩාර රාජගුරු, විපුල හේවා වළිමුණි, ජගත් රණතුංග ඇතුළු අප පිරිස වීදුරු වලට බකාඩි දමාගෙන කොක කෝලා වක්කර ගත්තේ ගමගේ සර්ට පිං දෙමින්.
මා ඊට කලිං බකාඩි බීල තිබුණෙත් නෑ. අහල තිබුණට.
(තාමත් බකාඩි මගේ ප්‍රියතම පානයක්)
දැන් යටගිය රසකතා කියමින් කට්ටිය බකාඩි බොනවා.
"තාම වදින්නෙ නෑනෙ."
"බකාඩි වදින්න ටිකක් වෙලා යනවා."
"මම නං මේ බකාඩි බොනවමයි."
"මාත් එහෙමයි මචං..."
මේ කතාබහ ගමගේ සර්ගෙ සවනට වැටුණා.
"අනුර...ඔයා කොතන තිබුණ බෝතලේද ගෙනාවෙ"
"පිටිපස්සෙ සීට් එක යට. දෙකක් තිබුණ. මම එකක් ගෙනාව."
"එහෙනං ගිහිං අනෙක් බෝතලෙත් ගේන්නකො"
අනුර ගියා අනෙක් බෝතලේ ගේන්න.
"බෝතල් දෙකක් තිබුණ කියන්නෙ අනෙක වතුර බෝතලේ..." සර් කිව්ව.
"එතකොට අපි මෙච්චර වෙලා බීල තියෙන්නෙ කෝක් එක්ක වතුරද..." තේනුවර කට ඇද කරගෙන ඇහුව.
අනුර බී. සෙනෙවිරත්න මගේ ප්‍රිය භාර්යා තොමෝගෙ ගමේ. යොවුන් පහන්වැටේ තව සාමාජිකයෙක් ඉන්නව මගෙ යාලුවෙක්. ඒ නෙල්සන් දේමුණි මාත් සමඟ එකට කාලයක් රැකියාව කලා. ඒ වගේම කේ.එම්.අයි. ස්වර්ණසිංහ අපිට කලින් අවුරුද්දෙ අනුරාධපුර කාර්මික විද්‍යාලෙයෙ ඉගෙන ගත්තා.
ReplyDeleteබකාඩි කේස් එක වගෙ එකක් මටත් එක පාරක් වුනා. අපි බොහොම ලාබාල කාලෙදි......:)
වාලවෙල මම ගිහිං නැවතිලා ඉඳලත් තියෙනව. දේමුණි, ස්වර්ණසිංහ බොහෝ කලකින් දැක්කෙවත් නෑ.
Deleteහෙහ්..අපෙ උන්දැ එතනම ටිකක් එහා...ඒ හරියට කියන්නෙ දූල්ලෑව...
Deleteදේමුණි ඒ කාලෙම වගෙ ගියා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. කළුතර වැඩ කලේ. හැබැයි ඔය මම කියන්නෙ අවුරුදු විසි පහකට වගෙ එහා.
හෙහ් හෙහ්... එහෙම තමා හෙන්රි අයියෙ.. නොදන්නා මගුල් ඉස්සිස්සෙල්ලම පරිහරණය කරන්න ගියාම ඔහොම වෙනව.... අර හොද බෝතලේ ගෙනාවේ නැත්තං ඇල්වතුර බිල කට්ටියම වෙරි වෙන හැටිත් බලාගන්න තිබ්බ... ඔබලා පුදුම වාසනාවන්ත මිනිස්සු... ධර්මසිරි ගමගේ කියන්නෙ මම බොහොම ආස කරන කලාකරුවෙක්...
ReplyDeleteකිව්වට මොකද...මුල් වටයෙදිම ටිකක් වෙරි ගතිය නොදැනුණාම නොවෙයි.
Deleteධර්මසිරි ගමගේල එක්කෙනයි. ආයෙ එහෙම මිනිස්සුන්ට මේ පොළොවෙ ඉඩක් නෑ.
සත්තකින් ම මාත් බකාඩි බිව්වෙ එදා තමා..!
ReplyDeleteඅදටත් මගෙත් ප්‍රියතම බ්‍රෑන්ඩ් එකක් බකාඩි.
හැම බකාඩි උගුරක් ගානෙ ම මට ඔය සිද්ධිය මතක් වෙනවා...!
ඇත්ත. බකාඩි බෝතලයක් දැක්කත් ඔය සිද්ධිය මතක් වෙනවා මටත්.
Deleteහෙහ් හෙහ්.
ReplyDeleteහිනා වෙන්නෙ බකාඩි රහවත් දැනං උන්නෙ නැති නිසා වෙන්ටැති...ඒ කාලෙ අමට මොන බකාඩිද..
Deleteවතුර සැන්ඩි කරන්න කොකා කෝලා දාලා බොන එකත් මරුනේ බලාගෙන යද්දී..
ReplyDeleteහෙන්රි අයියගේ බ්ලොග් එක පැත්තේ ගොඩ වුනේ අදයි..
ගොඩ වැදුණාට ස්තූතියි. උණුසුම්ව පිළිගනිමි.
Deleteවතුර දාල බීලම බලන්නෝනැ...එකෙ රස.
මොන කෙළියක්ද මන්දා, මට බොන්ට හිතෙන්නේම නෑනේ...
ReplyDeleteබකාඩි බෝතල් ටිකක් කුලියට ගත්ත වාහනේක දාලා ආපු කතාවක් මගේ යාළුවෙක් කිව්වා...
ඒක මතක් වුණා දැන්...
බොන්න හිතෙන්නැත්නං හොඳයි...අපිට තියෙන ප්‍රශ්නෙ බොන්න හිතෙන එකනෙ.
Deleteඑක් කාලයක මා සේවය කල තැනක මාස කීපයකට වරක් එක්කෙනෙක්ගේ ගෙදර රාත්‍රී කෑමකට සෙට් වෙන චාරිත්‍රයක් තිබුණා. ඒ එක ඩිනර් එකක් තිබ්බේ බැඳපු නැති ගැහැණු කෙනෙකුගේ ගෙදර. ඇගේ ගෙදර ඇය මධ්‍යසාර නොගන්න බැවින් ඒ වා ගැන වැඩි දැනීමක් නැහැ. ගෙදර බ්‍රැන්ඩි බෝතලයක් පමණක් තිබෙන බව කී නිසා අපි බොන ඒවා අරගෙන ගියා. එක තැනැත්තෙක් පමණක් බ්‍රැන්ඩි බොන කෙනෙක්. රෑ වෙනකොට ගොඩක් දෙනෙකුට ඹඹර පදමට වැදී තිබුණත් බ්‍රැන්ඩි බිව් පුද්ගලයා වෙනසක් නැතිව සිටියා. මෙම කාන්තාවගේ ගෙදර සේවයට ආ පුද්ගලයෙක් ඒ බ්‍රැන්ඩි එකෙන් වැඩි ප්‍රමාණයක් බීල වතුර පුරවලා තිබුණ කියල දැනගත්තේ පසුව.
ReplyDeleteඔන්න වැඩ....ඕක දැකල අනෙක් අම්මණ්ඩිලත් කළොත් බීල හමාරයි.
Deleteවතුර දාල තිබ්බෙත් බකාඩි බෝතලෙකමද? ඇත්තටම එතනෝල් බින්දුවක්වත් නැතුව එසන්ස් වලින් ඔය පාටයි රහයි අරන් දෙන්න පුලුවන්නම් අනිවා මත වෙනවා.. මත වෙන්නේ හිත.. ඇඟ නෙවෙයි.. :) බකාඩි වලටනම් මාත් කැමතියි.. හැබැයි ෆෘට් ජූස් එකක් තමයි සැන්ඩි කරන්න ඕනි.. :)
ReplyDeleteබකාඩි පාට දෙකකින් දැකල තියෙනව.අවර්ණ හා ඔරේන්ජ් පාටට හුරු. අවර්ණ (වතුර වගේ) බෝතලයක් තමයි එදා තිබුණෙ. හිස් බකාඩි ලේබලය තියෙන බෝතලයක වතුර තිබිල.
Deleteෆෘට් ජූස් හොඳයි. කොක කෝලා හොයාගන්න ලේසියිනෙ.
මට පෙන්නේ එතන හිටපු කවෘවත්ම ඒ වෙද්දී බකාඩි බීල නැහැ. බීල තිබ්බනම් එකෙක් හරි කියනවා බොනකොටම. බීල නැති නිසා තමයි වෙරි වෙන්නේ නැති තැන කොම්ප්ලේන් කරේ.. ඇපල් බකාඩි එකට ටිකක් විතර කැමතියි මමත්.
ReplyDeleteබීල තිබුණ කීපදෙනෙක් නං හිටියා. ගමගේ මහත්තයයි, බංඩාරයි නං බීල තිබුණ ෂුවර්. ඩැඩේ කියන්නෙ කතා බතා අස්සෙ ඒ අයටවත් මේක මතක් වුණේ නැහැ. තව ටිකකින් වදී කියල හිතන්න ඇති.
Deleteහෙහේ,මරු බීමක්නේ බීලා තියෙන්නේ.ඔය වගේ වතුර කෝක් එක්ක සැන්ඩි කරලා වෙරි වෙනවා නම් රටබීම වෙනුවෙන් යන සල්ලිත් ඉතිරියි.හැබැයි වතුරට ගහයි අම්මාමෝ නැති ටැක්ස් එකක්.
ReplyDeleteබොන එකේ පොඩි මානසික ආතල් එකකුත් තියෙනවනෙ. ඇඟට දැනෙන්නෙ කලින් සංවේදනය මනසට එනව ඇති. ඒත් වතුරට කොහෙ වෙරි වෙන්නද....එහෙම වුණා නම් තෙලේ බලේට හපන්. ළිං මුර කරන්න වෙයි.
Deleteමෙන්න බකාඩි බීමේ ආදීනව ... මල්ලිලා පරිස්සමින් හොඳේ ?
ReplyDeleteTwo women friends had gone for a girls' night out.
Both were very faithful and loving wives, however
they had gotten over-enthusiastic on the Bacardi
Breezers.
Incredibly drunk and walking home they needed to
pee, so they stopped in the cemetery.
One of them had nothing to wipe with so she thought
she would take off her panties and use them.
Her friend, however, was wearing a rather expensive
pair of panties and did not want to ruin them.
She was lucky enough to squat down next to a grave
that had a wreath with a ribbon on it, so she
proceeded to wipe with that.
After the girls did their business, they proceeded to
go home.
The next day, the husband of one of the women was concerned that his normally sweet and innocent wife was still in bed hung over,
So he phoned the other husband and said:
"These girl nights have got to stop! I'm starting to suspect the worst. My wife came home with no panties!!"
"That's nothing," said the other husband,
"Mine came back with a card stuck to her ass that said.....
'From all of us at the Fire Station..
We'll never forget you.' "
පට්ට කතාව....
Deleteපට්ට කතාව....
Deleteලේබලය බලන්නේ නැතුව ඇල්කොහොල් නොමැති බීර කේස් පිටින් බීලා "පට්ට ආතල්" එකක් ගත්ත සෙට් එකක් මතක් වුණා ... :-)
ReplyDeleteවෙරි වෙනකල් කියල බොන්න ඇති. අපේ මිත්‍රයත් ඔය සෙට් එකේ නොහිටිය නං තමයි පුදුමෙ.
Deleteපොඩි රසවත් සිද්දියක් මතකයේ රැඳෙන, වඩාත් රසවත් දෙයක් වෙන්නේ එතැන සිටි පිරිසද රසවතුන් වුනාම තමයි. මේ ඒ වගේ අවස්තාවක් .
ReplyDeleteඇත්තටම තිලකෙ...ඔබ හරි.
Delete