Powered By Blogger

Sunday 8 December 2019

ලාංකික දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක්-6

කොටස් වශයෙන් පළවන ලිපියක සයවන කොටස
 
ලාංකික දේශපාලන ගමන් මගෙහි හැරවුම් ලක්ෂ්‍යයන් දක්නට ලැබෙන්නේ පළමුව මහ මැතිවරණ මගින් වන අතර දෙවනුව ජනාධිපතිවරණ මගිනුයි. ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදයට පෙර රටේ බල තුලනය මහමැතිවරණ හරහා සිදු වුණා. අවස්ථා කිහිපයකදීම රට ඉදිරියට යන මගෙහි අතිශය තීරණාත්මක වෙනස්කම් ඇති වූයේ ඒ අනුවයි.

ඒ පිළිබඳ සමාලෝචනයක යෙදෙමින් පසුගිය ජනාධිපතිවරණයේදී රටෙහි දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වූ ආකාරය ගැන සාකච්ඡා කිරීම මේ ලිපියෙහි අරමුණයි.



සෞභාග්‍යමත් දේශයක බලාපොරොත්තු 

සෞභාග්‍යමත් දේශයක බලාපොරොත්තු තැබීම සඳහා යළිත් අවස්ථාව උදා වී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආගමනයත් සමඟයි. පසුගියදා, 2019 වසරේ නොවැම්බර් 16 දා 8 වන වරට පැවැති ජනාධිපතිවරණයෙන් සිංහල ජාතිකයින්ගේ ඡන්ද වැඩි වශයෙනුත් අනෙක් ජාතිකයන්ගේ ඡන්ද සුළු වශයෙනුත් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ලද සුවිශේෂී ජයග්‍රහණය ඉතිහාසයේ ලියැවෙනු ඇත්තේ රටේ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙසිනුයි. එසේ වන්නේ මජර දේශපාලකයින්ගේ ග්‍රහණයට හසුව ඔවුන්ගේ පෞද්ගලික අපේක්ෂාවන් ඉටු කිරීමේ දේශපාලන දාන් ලෑල්ලෙන් පිට පනින්නට අවස්ථාව ලැබී තිබීමයි.

යුද්ධය ජයගත්තා සේ ආර්ථික අභියෝගයද ජය ගත හැකි බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සදහා කළයුත්තේ නිසි නායකත්වයක් යටතේ තීරණ ගැනීම පමණක් බවයි පළමුව සිදුකළ යුත්තේ දේශපාලනය අතින් රට ස්ථාවරවීම බවද හෙතෙම පවසනවා.

දුප්පත්  මුඩුක්කු වලින් පිරි, ගඳ ගහන වරාය නගරයක් ලෙස පමණක් පැවති කුඩා බිම් කඩකින් යුත් රටක් වූ සිංගප්පූරුව ලෝකයේ ප්‍රමුඛතම ආර්ථිකයක් සහිත රටක් ලෙස ගොඩනැගූ නායකයා වන ලී ක්වාන් යූ අදටත් සිංගප්පූරුවේ අසහාය වීර චරිතයයි. සිංගප්පූරුව ආර්ථික නිදහස උපරිමයෙන් ඇති රටක් ලෙස හැඳින්වූවද දැඩි නීති-රීති මෙන්ම මුල්‍ය විනයක්ද ක්‍රියාත්මකව ඇති රටක් බවත් අප අමතක නොකළ යුතුයි. සිංගප්පූරු සංවර්ධන මොඩඩලය අනෙක් රටවල ගෙඩිය පිටින් ක්‍රියාවට නගන්නට නොහැකි වුවත් ඉන් උකහා ගෙන ආදේශ කරගත හැකි ආදර්ශ බොහෝයි. මැලේසියාවේ මහතීර් මොහමඩ්ද ඊට නොදෙවෙනි ආකාරයට අගාධයේ තිබූ රට ගොඩ ගත්තා. 50 දශකයේදී සිංගප්පූරු අගමැති පවසා සිටියේ සිංගප්පූරුව ලංකාවේ කොළඹ සේ දියුණු කරන බවයි. දශක කීපයකට පෙර කොළඹ පිහිටි මුඩුක්කු පරිසරය අප හැඳින්වූයේ කොරියාව ලෙසයි.


දශක කීපයකට පෙර ආසියාවේ දුප්පත් රටවල් වූ සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව, තායිවානය, වියට්නාමය, තායිලන්තය, ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල් වේගවත් වර්ධනයක් අත්කර ගත්තා. ගනිමින් සිටිනවා. මේ රටවල් දියුණු වන්නේ  නිවැරදි දැක්මක් ඇති නායකයින් නිසයි.


වසර පහෙන්  හයෙන් රටේ ප්‍රතිපත්ති හා සැලසුම් වෙනස් කරන පක්ෂ දේශපාලනයකින් රටක් ගොඩගත  නොහැකියි. ජනතාව තමන් වෙත තැබූ විශ්වාසය සුරකිමින්, ප්‍රඥාව, රාජ්‍යතාන්ත්‍රිකභාවය, දූරදර්ශීභාවය, ඍජුභාවය සහ ශක්තිමත් නායකත්වය මතින් උඩු ගං බලා පීනන්නට ශක්තියක් මෙන්ම උවමනාවක් ගෝඨාභය රාජපක්ෂට ඇතිදැයි අනාගතය විසින් තීරණය කරනු ඇති. ඉතිහාසෙයේ වීරයෙකු වනවාද, නැතෙහොත්  විහිළුකාරයෙකු වෙනවාද යන්තීරණය වනු ත්තේ අනුවයි.



සෙස්ස පස්සට...

henry-warnakulasuriya-alochana







Saturday 7 December 2019

ලාංකික දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක්-5

කොටස් වශයෙන් පළවන ලිපියක පස්වන කොටස
 
ලාංකික දේශපාලන ගමන් මගෙහි හැරවුම් ලක්ෂ්‍යයන් දක්නට ලැබෙන්නේ පළමුව මහ මැතිවරණ මගින් වන අතර දෙවනුව ජනාධිපතිවරණ මගිනුයි. ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදයට පෙර රටේ බල තුලනය මහමැතිවරණ හරහා සිදු වුණා. අවස්ථා කිහිපයකදීම රට ඉදිරියට යන මගෙහි අතිශය තීරණාත්මක වෙනස්කම් ඇති වූයේ ඒ අනුවයි.

ඒ පිළිබඳ සමාලෝචනයක යෙදෙමින් පසුගිය ජනාධිපතිවරණයේදී රටෙහි දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වූ ආකාරය ගැන සාකච්ඡා කිරීම මේ ලිපියෙහි අරමුණයි.






යුද්ධය නිමා කිරීමේ වීරත්වය අපතේ යෑම
ශ්‍රී ලංකාවේ පස්වන ජනාධිපතිවරණය 2005 නොවැම්බර් 17 දින පැවැත්වුණා. ශ්‍රී ගංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙසින් රනිල් වික්‍රමසිංහද තරඟ කළා. ෆෙඩරල් වාදය ප්‍රතික්ෂේප කිරීමටද දෙමළ ඊළාම් විමුක්ති කොටි සමගින් පැවති සටන් විරාමය යළි සලකා බැලිමටද ඔහු එකඟ වීමෙන් පසුව, ජවිපෙ සහ ජාතික හෙළ උරුමය විසින් මහින්දට සහයෝගය ලබා දුන්නා.

වාර්ගික ගැටලුව පිළිබඳ වඩාත් සමගියට ලැදි කොටි හිතවාදී ස්ථාවරයක් දැරූ වික්‍රමසිංහගේ ජයග්‍රහණය සඳහා වාර්ගික සුළුතර සහාය ලබාගැනීමට තීරණය වුණා. ප්‍රධාන මුස්ලිම් පක්ෂය වූ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය  සහ වතුකර දෙමළ ජනයා නියෝජනය කළ ලංකා කම්කරු කොන්ග්‍රසයෙහි අනුමැතිය ලබා ගැනීමට ඔහු සමත් වුණා. කෙසේ වෙතත්, ප්‍රධාන ශ්‍රී ලාංකික දෙමළ පක්ෂය වූ, දෙමළ සන්ධානයෙහි සහය ලබා ගැනුමට ඔහු සමත් වූයේ නැහැ. වික්‍රමසිංහ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට බොහෝ ලෙසින් ඉඩ කඩ ඇතැයි අනුමාන කළ දෙමළ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසින් කොටි සංවිධානය අණ කිරීමෙන් පසුව, වික්‍රමසිංහගේ ජයග්‍රහණ බලාපොරොත්තු සුන් වුණා..

පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි නායක මහින්ද රාජපක්ෂ, ප්‍රකාශිත සියලු ඡන්ද වලින් 50.3% ක් ලබා තේරී පත් වුණා. රනිල් වික්‍රමසිංහට ලබාගත හැකි වූයේ 48.43% ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.
දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදී සංවිධානය විසින් මෙහෙයවන ලද ශි‍්‍ර ලංකාවේ පැවති දශක තුනකට ආසන්න කාලයක් දික්ගැස්සුණු යුද ගැටුම 2006 ජූලි 21 වැනිදා ති‍්‍රකුණාමලයෙන් දකුණේ වූ 30,000කට ජනතාවකට ජල සැපයුම අහිමි කරමින් මාවිල්ආරු ජල දොරටුව වසා දැමීමේ අමානුෂික කි‍්‍රයාවත් සමඟ අවසානය සනිටුහන් කළා. මේ නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය 2006 ජූලි 26 දා මාවිල්ආරු මුදා ගැනීමේ මානුෂික මෙහෙයුම ආරම්භ කිරීමත් සමඟ සිව්වන ඊළාම් යුද්ධය ආරම්භ වුණා. එය අවසන් වූයේ දෙස් විදෙස් යුද විශ්ලේෂකයන් අන්දමන්ද කරමින් ත්‍රස්තවාදීන් සමූල ඝාතනය කිරීමෙනුයි. ඒ සඳහා මහින්ද රාජපක්ෂට ශක්තියක් වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු නිලධරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීමයි.
අනපේකෂිත ලෙස රාජ්‍ය නායකත්වය හිමිවීමෙන් පසු යුද්ධය නිමා කරන්නට ලැබුණු අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් රට ආර්ථික, සමාජයීය හා දේශපාලනික වශයෙන් ඉහළ තලයකට රැගෙන යන්නට ලද අවස්ථාව මහින්ද රාජපක්ෂ අතින් මග හැරීම ඔහුගේ දේශපාලන ඉදිරි ගමන ආපස්සට හැරවීමටද හේතු වුණා. ලාංකික දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් ඒ අයුරින් මග හැරීම ඛේදවාචකයක්.


....ඉතිරිය මීළඟ කොටසින් 

සෙස්ස පස්සට...

henry-warnakulasuriya-alochana






Friday 6 December 2019

ලාංකික දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක්-4

කොටස් වශයෙන් පළවන ලිපියක සිව්වන කොටස
 
ලාංකික දේශපාලන ගමන් මගෙහි හැරවුම් ලක්ෂ්‍යයන් දක්නට ලැබෙන්නේ පළමුව මහ මැතිවරණ මගින් වන අතර දෙවනුව ජනාධිපතිවරණ මගිනුයි. ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදයට පෙර රටේ බල තුලනය මහමැතිවරණ හරහා සිදු වුණා. අවස්ථා කිහිපයකදීම රට ඉදිරියට යන මගෙහි අතිශය තීරණාත්මක වෙනස්කම් ඇති වූයේ ඒ අනුවයි.

ඒ පිළිබඳ සමාලෝචනයක යෙදෙමින් පසුගිය ජනාධිපතිවරණයේදී රටෙහි දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වූ ආකාරය ගැන සාකච්ඡා කිරීම මේ ලිපියෙහි අරමුණයි.

                                                                    
                                                                        ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
 
චන්ද්‍රිකාගේ නොබිඳි වාර්තාව



1994 අගෝස්තු 16 වැනිදා පැවැති 10 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපයේ 17 වසරක පාලනය නිමා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් දේශපාලන පෙරමුණක් නිර්මාණය කළා. ඒ සුපුරුදු පරිදි ලංකා සමසමාජ, කොමියුනිස්ට් ඇතුළු වාමාංශික පක්ෂ ද ඇතුළත් වූ පොදුජන එක්සත් පෙරමුණයි. මෙම මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ 225ක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාවෙන් 105 ක්, එනම් 48.94% ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිද්දි එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීධූර 94 ක්, එනම් 44.04% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. තෙවැනි තැන දිනාගත් යාපනයේ ස්වාධීන කණ්ඩායම මන්ත්‍රීධූර 9ක් ද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය මන්ත්‍රීධූර 7ක් ද දිනා ගත්තේ පිළිවෙළින් 0.14% හා 1.80% ඡන්ද ප්‍රතිශත ලබා ගනිමිනුයි.

මෙම මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය වන බහුතරය වන ආසන 113ක බලය ජයග්‍රාහී පොදුජන එක්සත් පෙරමුණට හිමි නොවුණ නිසා එය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහායද ඇතිව ආණ්ඩුව පිහිටුවීමට පියවර ගත්තා. සුළු ජාතික පක්ෂ සහය නොමැතිව රජයක් පිහිටුවීමට නොහැකි බව මේ සමඟ මතයක් ලෙස ගොඩ නැගෙන්නට පටන් ගත්තා. පසු කලෙක තුන්වෙනි බලවේගය ලෙස ඉදිරි ගමනක් සනිටුහන් කළ  ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ ලෙස මැතිවරණයට ඉදිරිපත් වී 1.13% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන එක් පාර්ලිමේන්තු ආසනයක් දිනා ගත්තා.

ශ්‍රී ලංකාවේ එකොළොස්‌වන අගමැතිවරිය ලෙස පත්වී තෙමසක්‌ ඇතුළත චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංගට ජනාධිපති ධුරයට තරඟ කිරීමට සිදුවුණා. මේ අතර 1994 ඔක්‌තෝබර් 24 වන දින එක්‌සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‌ෂක ගාමිණී දිසානායක මහතාගේ මැතිවරණ රැස්‌වීමකට කොළඹ තොටළඟදි බෝම්බ ප්‍රහාරයක්‌ එල්ලවීමෙන් ගාමිණි දිසානායක මහතා ඇතුළු පිරිසක්‌ මරණයට පත්වූ අතර ජනාධිපති තෝරා ගැනීමේ පනත අනුව විකල්ප අපේක්‌ෂකයකු ලෙස වජිරා ශ්‍රීමනී දිසානායක ඇතුළත් වුණා. ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ මෙවැනි සිදුවීමක්‌ මෙතෙක්‌ වාර්තා වී නැහැ.

මෙම ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග  මැතිවරණ දිස්‌ත්‍රික්‌ක පොදුජන එක්සත් පෙරමුණ යට‌තේ තරඟ කරමින් ආසන මට්‌ටමේ ප්‍රතිඵලවලින් බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ මහියංගනය හැර අනෙක්‌ සියලුම ආසන ජයග්‍රහණය කොට වාර්තාවක්‌ තැබුවා. ඒ අනුව ආසන 196 න් 195 ක්‌ම ජයගැනීමට ඇය සමත් වුණා.

පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් සහ එජාපයේ විධායක ජනාධිපතිවරයෙක් යටතේ 1994 වසරේ නොවැම්බර් 09 දා පැවැති ජනාධිපතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණේ නායිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජයග්‍රහණය කළේ ජනතා විමුක්ති පෙරමුණ හා වෙනම තරඟ නොකරන බවට වූ  නිතරඟ ගිවිසුමකට එක්වීම සමගයි.

මෙතෙක් ඉතිහාසයේ පැවති ජනාධිපතිවරණ වල ජයග්‍රහණය කරන ලද අපේක්ෂකයා 60% ක ජන්ද ප්‍රතිශතය ඉක්මවා යාමට සමත් වූ  එකම ජනාධිපතිවරණය වූයේ  1994 වසරේ පැවති මෙකී ජනාධිපතිවරණයයි. එහිදී ජයග්‍රාහි අපේක්ෂිකාව වන චන්ද්‍රිකා බණ්ඩාරනායක 62.28%ක ඡන්ද ප්‍රතිශතයක් ගනිමින් ජයග්‍රහණය කළා. ඒ හේතුවෙන් 1994 වසරේ පැවති ජනාධිපතිවරණයේ ජන්ද ප්‍රතිඵල වාර්තාගත ප්‍රතිඵලයක් ලෙස අද දක්වා නොබිදී පවතිනවා. මේ ජනාධිපතිවරණයේදී  එක්සත් ජාතික පක්ෂයට ලබා ගත හැකි වූයේ 35.91% ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.   

වාර්තාගත ජයග්‍රහණයක් ලැබූවද චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන කාලය තුළ රට සැලකිය යුතු ජයග්‍රහණ  අත්පත් කොට ගත්තේ නැහැ. ඇගේ පාලන කාලය තුළ ඇය එවකට පැවති ජනවාර්ගික ගැටලුව නිරාකරණය කිරීමට ගත් අත්සහයන් සාර්ථක වූයේ නැහැ. පළමුව සාකච්ඡා මාර්ගයෙන්ද, දෙවනුව යුධවාදී උත්සාහයකින්ද කොටි ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීමට ඇය උත්සාහ කළා. වරක් ඇයව කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමට තැත් කරන ලදුව ඇයගේ දකුණු ඇස සම්පුර්ණයෙන්ම අන්ධභාවයට පත්වුණා.

2001 දෙසැම්බර් පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂයට පැරදුණ අතර චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ධුරයේ සිටින අතරතුරදී විපක්ෂය පාර්ලිමේන්තු බලය හිමිකර ගත්තේ ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වෙමිනුයි.  2002 පෙබරවාරි මාසයේදී වික්‍රමසිංහ ආණ්ඩුව ත්‍රස්තවාදින් සමග සටන් විරාමයක් කොන්දේසි සහිතව අත්සන් කිරීමෙන් පසු 2004 අ‍ප්‍රේල් 2 දින ජනතා විමුක්ති පෙරමුණේ ආධාරය ඇතිව ඇය මහින්ද රාජපක්ෂගේ අගමැතිධුරය යටතේ නව ආණ්ඩුවක් පිහිටවූවා.

සුනාමි විපතෙන් අනතුරුව ලැබුණු විදේශාධාර ප්‍රතිසංස්කරණ කටයුතුවලදී කොටි ත්‍රස්තවාදින් සමග බෙදා ගැනිමට රජය එකග විම නිසා ජනතා විමුක්ති පෙරමුණ රජයට දැක්වු සහය ඉවත්කර ගත්තේ කුමාරතුංග පාලනය 2005  නොවැම්බර් මස අවසන් කරමිනුයි.

....ඉතිරිය මීළඟ කොටසින් 

සෙස්ස පස්සට...

henry-warnakulasuriya-alochana