කොමර්ෂල් බැංකු නුගේගොඩ ශාඛාවේ ගිණුම.
Swift Code-CCEYLKLX
(නෙවිල්ගේ සරසවි බැච්මේට්.)
80 දශකය අවසන් වන විට ශ්‍රී ලංකාව භීෂණයෙන් වෙලී තිබිණ. ආර්. ප්‍රේමදාස ජනාධිපති ලෙස පත්වන විටද රට දෙකොන ගිනි ගත් විලක්කුවක් බව පැවසුවේ ඔහුමය. ප්‍රේමදාස කළේ ඒ ගින්න නිවීම නොව එය තව තවත් ඇවිලවීමය. උතුරේ මෙන්ම දකුණේ තරුණයින්ද තිරශ්චීන ලෙස ඝාතනය වූ අතර අපි අනූනමයෙන් බේරුණු පරපුරක අහම්බෙන් ජීවත් වන්නට, නැතහොත් බෝනස් ජීවිත ගත කරන්නට වරම් ලද්දෝ වෙමු. "අනූවේ පරපුර" සංවිධානය ගොඩනැගෙන්නේද, "මාගේ දේශය අවදි කරනු මැන" නමින් පේරාදෙනිය විශ්වවිද්‍යාලය මූලික කොට ගෙන ශිෂ්‍ය සාහිත්‍ය උලෙළ ඇරඹෙන්නේද අළු මතින් නැගී සිටින ෆීනික්ස් කුරුල්ලන් පරිදිය. මෙවර "කතා කෝච්චිය" වෙන් වන්නේ "අනූවේ පරපුර" හා "මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උලෙළ පසුබිමේ වූ මගේ දායකත්වය සනිටුහන් කරන්නටය.
පහත වීඩියෝවෙන් ඊට සවන් දෙන්න.
අනූවේ පරපුරෙන් මාගේ දේශය අවදි කරනු මැන !
මගේ ජීවිතයේ මා අරබයා වැරදුණු කපුකම් දෙකක් පිළිබඳ කතා කරන්න හිතුවේ ඒවායේ කිසියම් උපහාසාත්මක ස්වර තියෙන හංදා.
විශ්වවිද්‍යාල කාලයේ පටන් දන්නා හඳුනන දන්ත වෛද්‍යවරියක් තමයි මේ කපුකම් දෙකම කරන්නට උත්සහ කළේ . ඇය අකාලයේ මිය ගිය නිසා ඈ පිළිබඳ විස්තර කරන්නේ නෑ.
ඇය මට මුලින්ම ජෝඩු කරන්නට ගියේ පශු වෛද්‍ය ශිෂ්‍යාවක්. ඊට මා අකැමැති වුණේ ප්‍රතිපත්තිමය හේතුවක් කිසා.
පසුව ජෝඩු කරන්නට ගියේ දන්ත වෛද්‍යවරියක්. නම් පටලැවිල්ලක් නිසා ඇය ජෝඩු වුණේ මගේ නම තියෙන වෙනත් අයෙක් සමඟ.
ඒ ගැන රස කතා කතා කෝච්චියෙන් අහන්න.
පළමු වසරේ සරසවි සිසුන් ලෙස ගත කළ විනෝදජනක ජීවිතයේ ලද අත්දැකීම් බොහොමයක් තියෙනවා.
මේ ඒ අතරින් කතා දෙකක් මෙවර ඉදිරිපත් කරනවා..
1. හන්තාන කඳු පාමුළ හොට් බැලුමක් යවන්නට ගොස් සිද්ධ වුණ අලකලංචිය
2. අක්බාර්-නෙල් ශාලාවට ආ හොර ෆාදර් ගේ ලෝගුව ඔළුවෙන් ගැලවීමේ කතාව
හොර ෆාදර් ගේ ලෝගුව ඔළුවෙන් ගලවයි...
මගේ සමීපතම සරසවි සගයෙක් වූ ඩී.ඩී. විජේසිංහ ඉංජිනේරුවා අතුරුදන් වී මාසයක් ගත වුණත් ඔහු පිළිබඳ කිසිදු ආරංචියක් නැහැ.
ඔහු පිළිබඳ මතකය අවදි වෙද්දී මට සිහිපත් වුණ කාරණයක් තමයි සරසවියේ අවසන් වසරේ විශ්වවිද්‍යාලයේ සිසු සටනක් අවසානයේ හා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසුව මට ඇප මුදල් ගෙවා නිදහස් කරගන්නට විජේසිංහ සොයුරා මූලිකත්වය ගත් ආකාරය.
ඒ සමඟම සිහිපත් වූ සිසු සටන් දෙකක් පිළිබඳ අද කතා කෝච්චියෙන් මතක අවදි කරනවා.
එකක් ....පළමු වසරේ විභාග වර්ජනය
අනෙක..අවසන් වසරේ මාරාන්තික උපවාසය
මේ කතා පෞද්ගලිකත්වයෙන් එහා ගිය පොදු අත්දැකීම්.