Powered By Blogger

Tuesday, 24 May 2016

බුදු අම්මෝ වදේ.......වදේ.......


පට්ට ගහපු මාතෘකාවක් වුණත් රැග් එක  ගැන මගේ අත්දැකීම් ලියන්න හිතුවේ මේවා නොකී කතා නිසාමයි. 

ඔන්න දැන් ඇනෝලා පටන් ගනීවි කුණුහරුපෙන් බනින්න. අපහාස කරන්න. තර්ජනය කරන්න.

හැබැයි පුතෝ මේ කතාකාරය හොඳට කැම්පස් විතරක් නොවයි හමුදා රැග් එකත් කාල තියෙන නිසා සැලෙන්නෙ නම් නෑ.

ඔන්න රැග් එකේ වටිනාකම.

මේ කතා බහේදි "නවක වදය"  කියන වචනෙ මා භාවිතා නොකරන්නෙ හිතාමතාමයි. ඊට හේතුව මේ සංකල්පයට "වදය" කියන වචනෙ කොහෙත්ම ගැලපෙන්නෙ නැති වීමයි.

සමහරු ඔය ක්‍රියාවලියට "වදය" කියල කියන්නෙම ඒක වධදීමක් නිසා නොවෙයිද කියල ප්‍රශ්න කරන්න පටන් ගත්ත. එක එක ගොංපාට් දැමීම වදයක් විදිහට පේන්න පුළුවන් වුණත්  මා නම් හිතන්නෙ රැග් එක කිසිසේත්ම ශාරීරික වදයක් නොවිය යුතු බවයි.

එතකොට අහයි මානසිකව වදයක්  දීම හරිද කියලා.

ඇයි අප්පා අපි ජීවිතේ ගෙවද්දි කොයි තරම් මානසික වද විඳිනවද..කොටින්ම ප්‍රේම කරද්දි අනෙකා මොන තරම් අපට වද දෙනවද.

හැමදේම හොයා බලමින් ප්‍රශ්න කරන්න ගත්තම මේ මොන වදයක්ද කියල හිතුවත්, එහෙම ඇහුවත් අපි ඒ වදේටත් කැමතියි.



මොකද ඒකෙන් තේරෙන්නෙ අනෙකා තමන් පිළිබඳ කොයි තරම් උනන්දුවක් දක්වනවද කියලයි.

නැත්ත්නං නිකම්ම අත ඇරල දැම්ම වගේ. නැතිද මං අහන්නෙ.

ඉතිං මගේ සුන්දර රැග් අත්දැකීම් සිහිපත් කරන්න කලින් රැග් එකට විරුද්ධව කෑමොර දෙන කණ්ඩායම් හෝ පුද්ගල සමූහයාව මා තේරුම් ගන්නා ආකාරයත් කියන්න කැමතියි.

1. කිසිදා වැස්සකටවත් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගොඩ වී නැති, එහෙන් මෙහෙන් අහුලා ගත් තොරතුරු  මත පොර ටෝක් දෙන්නවුන්

2. තමන්ට රිසිසේ මුළු සමාජයම හැසිරිය යුතු යැයි සිතන උද්ධච්ඡ සමාජ ක්‍රියාධාරීන්

3. පාලක පංතියෙන් වරදාන ලබාගැනීමේ අරමුණෙන් ඔවුන්ට අනියමින් පක්කලිකම් කරනු වස් "බුදු අම්මෝ වදේ, වදේ.." කියා කෑමොර දෙන විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්

4. සිය විශ්වවිද්‍යාල ජීවිතයේදී මුලු ගැන්වී සිටි රැග් එකට මුහුණ දීමටවත් ශක්තියක් නොමැති හුදෙකලා චරිත

5.  හොඳින් රැග කා, ඊටත් හොඳින් ඊළඟ වසර වලදී රැග් කළ  එහෙත් ඒ බව සඟවා ගෙන සමාජ මතය ඉතිරියේ පොර ටෝක් දෙන  තමන්ටත් තරුණ වියක් තිබූ බව අමතක කරන සම්ප්‍රදායික උගත්තු

6. රැග් එක යනු අති අමානුෂික, බලහත්කාරී  ක්‍රියාවලියක්  යැයි විශ්වාස කරන ඒ නිසාම ඉන් මිනිස් ස්වාධීනත්වයට හානියක් වන්නේ යැයිද , මානව අයිතිවාසිකම්  කඩවන්නේ යැයිද ඉතා අවංක හැඟීමෙන් යුතුව තීරණය කොට ඇති මනස් පුතුන්



කවරාකාරයෙන් වුවද මාධ්‍ය මගින් වේවා, කටින් කට වේවා කිසියම් මතයක් පුන පුනා වරනගන විට එය සමාජගත් වීම් සාමාන්‍ය සිදුවීමක්.

මේ බව මෑත ඉතිහාසයේ දේශපාලන භූමියේ සිදුවූ වෙනස් වීම්වලින් මොනවට ප්‍රත්‍යක්ෂ වෙනවා.
(හා..හා...මට ලේබල් ගහන්න කළබල වෙන්න එපා. තව ටිකක් ඉල්ලං කාලම කතා කරමු.)

දැන් රැග් එකට යළි අවතීර්ණ වෙමු. 

රැග් කිරීමේදී  අමානුෂික බලහත්කාරකම් සිද්ධ වෙන්නේම නැද්දැයි අසන්නට දතකට මැදගෙන සූදානම් වන අයට කියන්නට ඇත්තේ ඔව්...එසේ වනවා තමයි කියායි. ඒත් ඒ සාපේක්ෂව අඩු ප්‍රතිශතයකින් බවයි මගේ වැටහීම.

එහෙත් මගේ තර්කය වන්නේ විශ්වවිද්‍යාලයට එන වැඩිහිටි සිසුන්ට ශාරීරික තාඩන පීඩන හෝ අමානුෂික ක්‍රියාවන්ට එරෙහි වීමේ ශක්තියක් තිබිය යුතුය කියායි. ජ්‍යෙෂ්ඨයෙකුගේ අණට අවනත වීමේ ගුණය කිසියම් ආකාරයක සුහද වාතාවරණයක සිදු නොවන්නේ නම් ඒ බලහත්කාරයට එරෙහි වීමේ  ශක්තිය ප්‍රගුණ කිරීමද රැග් එකේදී සිදුවිය යුතුයි.

මේ විරෝධතාව මතුවිය යුත්තේ දැනුම්වත් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමෙන්මයි.  ඒ සඳහා නවකයින්ට ඇති ශක්තිය අඩු බවට තර්කයක් නැහැ.

ඉතිහාසයේ සීමාව ඉක්මවා රැග් කරන ජ්‍යෙෂ්ඨයින් නැවත  රැග් කිරීමට (re-rag)  බඳුන් කරනු ලැබූයේ මේ පාලනය පවත්වාගෙන යෑම සඳහා බව මා අත්දැකීමෙන් දන්නවා. අද එසේ නොවන්නේ නම් ජ්‍යෙෂ්ඨයින් සිය යුතුකම් පැහැර හැරීමක්.

ඉතිහාසයේ රැග් විඳි මෙන්ම නොවිඳි, රැග් කළ මෙන්ම නොකළ, විශ්වවිද්‍යාලයට පා තැබූ මෙන්ම වැස්සකටවත් ගොඩ නොවුණ රැග් එක ගැන උනන්දු වන සෑම දෙනාගෙන්ම මා ඉල්ලා සිටින්නේ රැග් තහනම් කරනු කියා ගිරාපෝතකයින් ලෙස බෙරිහන් නොදී පවතින තත්ත්වය අධ්‍යයනය කොට වඩාත් සුඛනම්‍ය  නවක හඳුනාගැනීමක් සඳහා පෙළැඹවීමක් ඇතිකරන ලෙසයි.

මා එසේ ඉල්ලා සිටින්නේ අප - (මා පමණක් නොව අප) - රැග් එක හරහා ලබාගත් දේ බොහෝ වන නිසාය. අප රැග් එකට මුහුණ දුන්නේ කිසියම් චකිතයකින් වුවද එහි සුන්දරත්වයක් සේම  අර්ථයක්ද තිබුණ බවයි. ඉන් අප ජීවිතයට සරසවි දිවියට අනුගතවීමේ හුරුවක් ලබාගත් බවයි.

තරුණයින්ට තරුණයින් සේ ක්‍රියාශීලී වන්නට ඉඩ තබා, එකී ප්‍රජාවට ඔවුන්ගේ ප්‍රශ්න විසඳාගන්නට ඉඩ තබා වැඩිහිටියන් මැදට පනින්නේ නැතිව ඉන්නවා නම් කොයි තරම් හොඳද...?




                   *         *        *        *          *       *         *              

අප කන්න සල්ලි නැති විටදී  අනෙකා කෑ ඉඳුල් පිඟාන ගෙන අඩු කෑම එකක් කෑවේ රැග් එකේදී බෙදාහදාගෙන කෑම කා පුරුදු වී තිබුණ නිසායි.

හදිසියේ කඩප්පුලියෙක් සරම කැඩුව විටදී  හෝ නාන්න ගිය විට සරම ඉස්සූ විටදී කෝප වී අනෙකාට පිහියෙන් අනින්නේ නැතිව අප  හොස්ටල් එකේ කොරිඩෝරය දිගේ කාමරයට ගියේ රැග් එකේදී අනෙක් සගයින් අංගජාතය දැක තිබුණ නිසායි.

අපභ්‍රංශ පාඨමාලාවන්ගේ විවිධාකාර පැවරුම්  ඉදිරියේ නවක  සිසුවා විපිළිසර වෙද්දී ඉන් ගොඩ එන්නට උපදෙස් දෙමින් අවශ්‍ය  කළමනා සම්පාදනය කොට දෙන්නේ රැග් එකේදී හඳුනාගත් ජ්‍යෙෂ්ඨ උත්තමයායි. 

විවිධාකාර දක්ෂතා ඇත්තවුන් හඳුනාගෙන සරසවි දිවියේ ඉදිරි වැඩසටහන් වලදී මූලිකත්වය ගනුවස් වගකීම් ලබන්නට නවකයා ඒ ඒ අංශ කරා යොමු කෙරෙන්නේ මේ කාල සීමාවේ ඇතිවන දක්ෂතා හඳුනා ගැනීම් මතයි.

උදාහරණ ලෙස කලාවට ලැදිවුන් කලා කවය වෙතත්, සිනමාවට ලැදිවුන් චිත්‍රපට සංගමය වෙතත්, ගායනයට දක්ෂවුන් ගාන්ධර්ව සභාව වෙත  මෙන්ම ආධුනික ගායනා  ප්‍රසංගය වෙතත්, ක්‍රීඩාශීලීන් ඒ ඒ ක්‍රීඩා වෙතත් අපේ කාලයේදී යොමු කෙරණේ "නවක වද" කාල සීමාවේ දක්ෂතා ප්‍රකට කරන්නට ලැබුණ අවස්ථාවෙන් ඇති වූ දැන හඳුනාගැනීම මතයි.

මා මෙහි සඳහන් කරන්නේ රැග් එකේ සාධනීය ගුණයන් කිහිපයක් පමණයි. ලියන්නට ගියොත් ලේඛනය බොහෝ දිගු වෙනු ඇති.



රැග් එකේ අනිසි ඵල මෙන්ම රුදුරු ලක්ෂණ කියන්නට බොහෝ අය සිටින නිසාත්, දැනටම ඒවා වර නගා ඇති නිසාත් මා මෙහි සඳහන් කරන්නේ නැහැ.

කෙසේ වෙතත් ශාරීරික වද හිංසා කියන්නේ රැග් නොවෙයි. එවන් බලහත්කාරකම් ඉවත් කොට සුහද, එමෙන්ම යළි කවදා හෝ ප්‍රමෝදයෙන් සිහිපත් කළ හැකි රැග් එකකට මා එකඟ වන්නේත්, ඒ වෙනුවෙන් පෙනී සිටින්නේත් එය සරසවියට ආවේනික, ඉතිහාසගත එමෙන්ම සරසවි ප්‍රජාවගේ පැවැත්ම හා අවියෝජනීයව බැඳී තිබෙන සංස්කෘතික ලක්ෂණයක් නිසයි.







කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න 

Saturday, 7 May 2016

ලෙයින් කඳුලින් උපන් භීෂණයේ කවි


88-89 කියන්නෙ ධවල භීෂණය රජකළ යුගයක්. අපේ ජීවිත කාලෙටම මිනිස් ජීවිත වලට වටිනාකම් අහිමි වූ මෙවැනි යුගයක් තවත් තිබුණේ නැහැ.


අතුරුදහන් වීම්, පැහැරගෙන යෑම්, ගංගා ඇල දොළෙහි පාවෙන තරුණ මළ සිරුරු, නිළ මෙන්ම නොනිළ වධ කඳවුරු වල අමානුෂික වධ බන්ධන, මහමග අද්දර ටයර් සෑයවල්.


කොටින්ම තරුණයෙකු, තරුණියක ලෙස දිවි ගෙවන සිය දරුවන් කොයි මොහොතේ ඝ්‍රා, ප්‍රා, කහ බළල්ලු, කළු බළල්ලු යනාදී විවිධ නම් වලින් මතු වූ ආරක්ෂක  අංශ වලට අයත් වගේම දේශපාලුවන් පෞද්ගලිකව පවත්වා ගෙන ගිය කල්ලි-කණ්ඩායම් මහ රෑ ගෙට වැදී හෝ මහමග දෙනෝදාහක් ඉදිරිපිටදී පැහැරගෙන යාදෝයි බියෙන් සැකෙන් දෙමාපියන්ට ජීවත් වෙන්නට සිදුවූ යුගයක්.


කැෆටේරියා ගොඩනැගිලි වල තරුණ වධබන්ධන මෙන්ම සංහාර සිදුකළ මේ මිනීමරු දේශපාලු දත්දොස්තරලා වගේම ඊට උඩගෙඩි දෙමින් ඇස් කන් පියාගෙන ඇහෙන දකින මානයේ ලන්දට වෙලා බටකොළ කමින් උන්න රට කරවන උන් දකිද්දි තාමත් ඇඟ හිරිවැටෙනවා විතරක් නොවෙයි මේවා අමතක කොට උන් එක්ක සහවාසයේ යෙදෙන බොරු විප්ලවධාරීන් දැක්කම  ඇ‍මාළු නටනවා.


මේ යුගයේ තම වේදනා ලෙයින් හා කඳුලින් සටහන් කළ නිර්මාණශීලීන්, කඳවුරු බිත්තිවල මෙන්ම අතින් ලියා සංසරණය කළ ලියවිලි වලත් ගල් අච්චුවේ මුද්‍රණය ොට රහසිගතව බෙදාහැරි සඟරාවලත් තම වේදනාවන් සටහන් කළා.


මේ එවන් උපුටන කීපයක්. 

තමන් ළඟ හෝ මතකයේ සුරක්ෂිතව ඇති මෙවන් භීෂණ යුගයේ කවි සටහන් කරන්නැයි විවෘත ආරාධනයක් කරන්නට කැමැතියි.


 




--------------------------------------------------------------------------------

වදුලු අතරින් කොවුල් ගී නද ගලාවිත් ඔබ ගැන කියයි

එහඬ ඇසිලා රතට එරබදු මල් පිපී ආසිරි පතයි

තුරුලතා මල් වලින් ගැවසී වීර සැමරුම් කුළුණු නිමවයි

මෙසේ බක්මහ පුබුදුවන්නේ විරුවනේ නුඹලා නිසයි.

------------------------------------------------------------------------------

බොහෝ කුළුපග ඉරේ සිනහව රැළි ගසාගෙන

ඈත දොඩමළු ගස් මුදුන් මත ඇද වැටෙයි.....

ක්ලාන්තව පරමල් වැටී

ප්‍රත්‍යන්තයේ සංග්‍රාම බිම් මතක-නිසලවෙයි....

දෙවුන්දර සිට බලමි මම් දුර

ඈත තම්මැන්නා ළවැලි දෙස

දෙපෙති ඉති අතු රිකිලි ගොබදා

මහා පොළොවේ ළය මඬල මත

බලන් අර අර කඳුළු පැළවෙත...

උතුරු සුළඟට මිතුරු වී එන

අහා..! මේ දුක අපට පුරුදුය..



ඉදින් නෑයිනි...

උරමඬල මත තබා ගෙනැවිද

නුඹේ දුක්බර තබව මේ බිම

ලැගුම් දෙන්නට මෙයිම දුක් මත

අපේ හදවත් බොහෝ විවරය...

---------------------------------------------------------------------

මිනිසත්භාවයේ මහා ජල ධාරාව

ගෙනෙල්ලා ඉක්මනින් ගෙනෙල්ලා !

එක්සත්භාවයේ මහා යකුළු

සැවොම එක් වෙයල්ලා !



රළු ගලේ නිල බලා-එල බලා

පහර හෙලපල්ලා !

වහා එක් වෙයල්ලා !!

මෙකුළු බිඳපල්ලා.......!!!



-------------------------------------------------------------------------

නොපිරුණු පාරමිතාව



ප්‍රේමය රතු ලෙයින් ගෙන

ලෙහි හොවා වීර්යය

විදුලි වැටි දෙපස නැතිවත්

අන්ධකාරය විනිවිද

ඈත්න් සඳ ඇබින්දක් දැක.....

සිනා සිසී

දෝතින් හිස් රන්තැටි ගෙන

කණාමැදිරියෙකුවත් නොලැබ

ඇඟ හැපෙන නිරුවත් කළුවර

තල්ලු කරගෙන හනික

දිව ආමි කිරි පැණියෙන් පුරවාගන්නට

වෙසතුරු දන් පිරුම සේ

සඳමඬල දියාරුව

අමෘතය කර කිරි බිංදු

එකින් එක පුදන විට

ඉතිරෙන රුධිරය

කිරි වී හදවතේ

පින්නෙන් සීතල වුවද

ඇඟ රස්නෙන් උණුහුම් කර

බැත් සිතින් දළදාව සේ

සුරැක ගත් කිරි පැනිය

තවම නොපිරුණු



ඒ අලු‍ගෝසු මොහොත

මූකලානයට දුවන

සුළි සුළඟ

රන්තැටිය මිරිකගෙන

තලුමරා ලෙවකමින

රැගෙන ගිය

ඉනික්බිති

හදවත වීය පැටලී

ටයර් සෑයක් අසළ

කමිබි වැටක...

-------------------------------------------------------------------


මගේ පුතා හෙට එනවලු!
වැරදීමකින්වත්
ඇවිදිනව හෙම නෙවෙයි උඹ
ඉපදුණු ගමන් නම්
කෙහෙම්මලක් උඩින්වත්
මේ කාලෙ හරිම පුදුමයි
බුදු බණත් හරිම ලාභයි
සේනාවෙ කට්ටිය
උඹව උදුරං යයි
වැරදීමකින්වත්
කතා කරනව හෙම නෙවෙයි උඹ
ඉපදුණු ගමන් නම්
මොනවා හිතට ආවත්
මේ කාලෙ හරිම පුදුමයි
වචනත් හරිම ලාභයි
හිටපු රජෙකුට වුණත්
උඹව ඕනෑ වෙයි
වැරදීමකින්වත්
ඉපදෙනව නෙවෙයි උඹ
හෙට දවාලේ මිස
රාත්තිරියක නම්
මේ කාලෙ හරිම පුදුමයි
තරුත් සැක නොකර බෑමයි
ගව ලෙනක හැඩ නිසා වාට්ටුව
උඹ අපිට නැති වෙයි
කිසිම සද්දක් නැතිවම
උඹ හෙමිහිට වරෙන්
ඇවිත් ටික දවසක්
නාඬා වුණත් හිටපන්
මල් උඩ ඇවිදින්න
ලොකුකම් ගැන කියවන්න
තරු පිපෙන රෑ මැද
එළු බැටළු රෑන් එක්ක යන්න
පස්සෙ හෙමිහිට බැරියැ?

-------------------------------------------------------------------

මරණය අභිමුව



ඉතින් මම සමුගනිමි

සදාදර සෝවුරනි

සෙනෙහෙබර මෑණියෙනි

අදරැති පියාණෙනි

විප්ලවේ නාමයෙන්

මම ඔබෙන් සමුගනිමි



ගිරි ශිඛර තැනිතලා

පණ ගැහෙන තුරුලතා

ගී සිංදු කොඳුරනා

නොනැවතී ගලා යන

ඇල, දොළ සොයුරනි

මං උඹට ආදරෙයි



ඉතින් යළි කිසි දිනෙක

උඹලාට ප්‍රේම කොට

උඹලා රකින්නට

මතු දිනෙක ගොඩනැගෙන

අපේ ලොව දකින්නට

මට නොහැක අදින් පසු



තව සුළු මොහොතකින්

කුරිරු ගිනි උණ්ඩයක්

මගේ හද නවතාවි

කුරිරු දඩ බල්ලන්ට

පාවා දෙමින් ඔබ සැම

ලැබිය හැකි ජීවිතය

පිළිකුල් කරමි මම

ඉතින් මරණය වරෙන් මා වෙත

මම උඹව පිළිගනිමි.....



--------------------------------------------------------------------------------

මිනිසුනේ ඇයි නිහඬ....



කුණාටුවකට කලින් සාගරය වගේම

මේ නිහැඬියාව හරි බියකරුය....

දොරින්-දොර, ගමින් ගම ඇවිදගෙන

දූපුතුන් සොයන

දේශයේ සුවහසක් මව්වරුන් දුටුවාද...

මිනිසුනේ.....

දැන් ඉතින් නැගිටින්න

ඔවුන්ගේ ඇඬුම්බර කටහඬට කන්දෙන්න

“අපේ දරුවන් කොහිද....?”

අපේ දරුවන් සොයා අප වහා යා යුතුය...

මේ පාළු දේශයට ජීවිතය ගෙන එන්න

අපේ අත්වලින් අල්ලා ගන්න

අපේ දරුවන් සොයාගෙන එන්න

මිනිසුනේ අප සමග පැමිනෙන්න....

--------------------------------------------------------------------------------

ජීවිතය කියන්නේ

මරණයේ මාවතයි

නිදහසයි කියන්නේ

මාවතේ ගීතයයි

-----------------------------------------------------------------------------------

ජීවත්වන්නවුන්ගේ නිදහස වෙනුවෙන් මරණයේ මාවත තෝරාගත් අපේ කාලයේ පරපුරකගේ වේදනාබර කවි තව කොතෙක් ඇද්ද...?






 කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න
 

Monday, 18 April 2016

සරසවි කුරුටු කවි එක්ක වැඩිහිටි කවි


පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙසත්, අධ්‍යයන කාර්‍ය මංඩල සාමාජිකයෙකු ලෙස අවස්ථා දෙකකදීත් ගත කළ දිවිය විටෙක කටුකයි වගේම ආශ්වාදජනකයි.

ශිෂ්‍යයෙකු ලෙස වසර හතරක් ගත කොට ඉන්ටෙක් (Instructor) විදිහට ටික කාලයක් වැඩ කළේ 80 දශකයේ. 

ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයට පිවිසුණාට පස්සෙ අවුරුදු 8 ක් සේවය කළා 90 දශකයේදී. 

ආයෙම 2010 දී සිනමාව පිළිබඳ දේශකයෙකු විදිහට වැඩ කරන ගමන් මහාචාර්‍ය මුනිදාස පී. රණවීර පිළිබඳත්, ඉංජිනේරු පීඨය ගැනත් වාර්තා වීඩියෝ චිත්‍රපට දෙකක් නිර්මාණය කළා.

පේරාදෙනිය ඉංජිනේරු පීඨය ගැන වාර්තා වීඩියෝව

මහාචාර්‍ය රණවීර ගැන වීඩියෝව.

මේ වගේ කාරණා වලදී විශ්වවිද්‍යාලය එක්ක සමීප ගනුදෙනුවක් කළ නිසා මම මගේ ගම් පියසට පසුව මගේ දෙවැනි නිවහන විදිහට සළකන්නෙ හන්තානේ අඩවියයි. 

මේ වැඩවලදී අවුරුදු 15 විතර මේ ඉසව්වේම කරක් ගහපු හංදම පේරාදෙනිය සරසවිය ආශ්‍රිත කුරුටු කවි කිසියම් ප්‍රමාණයක් එකතු කරගන්නත් මට අවකාශ සැලසුණා.

පුස්තකාලෙ රාක්ක වල  වගේම දේශන ශාලා වල ඩෙස්ක්, පුටු වලත්, කලාගාරයේ ආසන වලත් මේ කුරුටු කවි තියෙනවා.

පුස්තකාලෙ කුරුටු කවි හොයන්න ගිහින් පස් වෙනි තට්ටුවෙන් උඩ පාළු පොත් රාක්ක අස්සෙ ගල් කපල ඉහිරිච්චි දියර අතේ පයේ නොතැවරුණාමත් නොවෙයි. තාමත් දැනෙනව වෙරළු මල් සුවඳ..
(මේ බ්ලොග් සටහනේ මාතෘකාවත් වැඩිහිටි කවි නිසා කියවන් යද්දි මොකක්ද මොකක්ද වගේ දැනෙන පොඩිහිටියන් ඉන්නව නං වැඩිහිටියන්ට ඉඩ දීල කට පුක වහගෙන පැත්තකට වුණොත් හොඳයි.)




 මෙන්න ඒ අතරින්  කීපයක් .

======================
නටව නටව පස්ස පැත්ත
යන විට මම පාරේ බැස
යකෙක් යකෙක් කියා කොල්ලො
කෑ ගහනව බැල්කනි වල
මටත් කුහුල දැනේ එවිට
එතරම් මම කැතද කියා
හැන්ඩියො ගැන හිතා මාත්
මනෝ ගැහැව්වත් කොපමණ
මේ අවුරුදු දෙක තුන තුළ
එකෙකුන් වත් නෑ නොවේද
මා දෙස නිකමට බැලුවේ.
(පුස්තකාල පොතකින්)

=========================
අනාගතේ විසිතුරු  මල්
එක හිතකින් පොදි බැඳගෙන
ලක්ෂ්මන්ගේ අණඩරයක්
නෝට් පොතින් කියවන විට
මුළු ලෝකෙම එපා වෙලා
හිතුණා මට නිදාගන්න
ලොව කාගෙත් දුක නිවන්න
කවියේ ඇති පුදුම බේත
දිව ගෑවුනෙ එවිටයි මට
(පුස්තකාල මේසයකින්)

========================
දුටුවේ තනිව යන කල මාවතක් දිගේ
වසරක් මනෝ ගැසුවෙමි රූපයට ඇගේ
සැමවිට මදෙස බැලුවත් ආදරෙන් වගේ
ගට හොරකමක මහතක් දෙයියනේ මගේ
(පුස්තකාල මේසයකින්)

=======================
අහස සිප ගෙන නැණැස වඩවන
තක්සලාවේ පුස්තකාලය
වසර ගණනක් ගෙවුණ මුත් එහි
ඔබෙන් මා ලද ඵලය කිම  අද?
දහස් ගණනක් සමනලුන් මැද
පියාපත් සිඳි සමනලෙකු ලෙද
ඔබේ තුරුලේ උණුසුමට මම
යටගියාවූ සැඳෑ සමයේ
බුද්ධියේ මහ සිප්හලේ
යසෝරාවය නැගූ පෙර දින
දහස් ගණනක් දූ  පුතුන් මැද
මමද තනි වෙමි- අනාගතයේ
තවත් නුවණැති පුතෙකු විලසින්.
(පුස්තකාල බිත්තියකින්)

==========================
එම්බා මනෝ ධාතුව!
පුරා සිව් අවුරුද්දක්
භෞතික විද්‍යාවේ
සියලු න්‍යායන්ගෙන්
මම නුඹ පෝෂණය කොට ඇත්තෙමි..
ක්වොන්ටම් යාන්ත්‍රණයෙන්ද,
පරමාණුක භෞතිකයෙන්ද,
සාපේක්ෂතාවාදයෙන්ද,
විද්‍යුත් චුම්භක සංස්ථිතියෙන්ද
ඇතුළු මෙකී නොකී න්‍යායන්
හැම දිනකම, පැයකම, තත්පරයකම
මම නුඹ වෙත දැනුම ගැබ් කළෙමි...

ඉදින්,
අදින් එළැඹෙන විභාගය තුළ
ඔබ තුළ පිළිසිඳ ගත් ඒ දැනුම
සුදු කඩදාසිය මත
පැය තුනක් දිග හරින්නට
ඔබට සියලු ධෛර්‍යය ලැබේවි..
(පුස්තකාල මේසයකින්)

=============================
ඇයි
ඔබ මගේ
ජීවිතය එක්ක
සෙල්ලම් කළේ...

තව
කොයි තරම්
දේවල් තිබුණාද
සෙල්ලම් කරන්න.
(පුස්තකාල මේසයකින්)

ඒ වගේම බොහෝ සරසවි වැඩිහිටි කවි කටින් කට එන ඒවා.

අපේ රැග් සීසන් එකේ ජේෂ්ඨ උත්තමයින් අපිට පාඩම් කෙරෙව්ව වගේම අපිත් අපේ ෆ්‍රෙෂාලට ඕව පාඩම් කෙරෙව්වා.

මේ වැඩිහිටි කවි වල සමහර අකුරු X අකුරින් සඳහන් කොට ඇත්තේ අහම්බෙන් හෝ අඩුහිටියෙකු කියෙව්වොත් යම් අපහසුතාවකට පත් වෙන්නට ඉඩ ඇති නිසාය.

ඒත් බොහෝ ලාංකිකයන් තමන්ගේ ගෙදරදී නොවේ නම් අල්ලපු ගෙදරින්, පාසලෙන්, විශ්වවිද්‍යාලයෙන් මෙන්ම කාර්‍යාලයේදී  "මොන පයියක්ද", "හුත්තිගෙ පුතෙක්", "පුක තමයි", "හුකන්නෙ නැතිව හිටපන් ඩෝ" වැනි අසභ්‍ය යැයි සම්මත කොටගෙන ඇති එහෙත් තම පියාගේ හෝ මවගේ මෙන්ම තමන්ගේම  ලිංගික අවයව හඳුන්වන වචන අසා ඇතිවාට සැක නැත.

 මෙන්න ඒ අතරින්  කීපයක් 
====================
හස්තෝපක්‍රමය හස්තෝපක්‍රමය
කරනා විටදි නැතිවෙයි බලවික්‍රමය
ඊට වඩා හොඳ ක්‍රමයකි පුක්ක්‍රමය
කොයික කලත් යන්නේ එක ශුක්ක්‍රමය
======================
ගුත්තිල මහ සිපී
මුසිලට ගලක් කපපී
මුසිල ඉන් කිපී
සරම විසිකර අතේ ගසපී
=====================
මහ බඹා වැල්ලේ
ගසනා විටදි අල්ලේ
රිස්ස ගොස් පොල්ලේ
වැටුනි ඇට දෙක ගලක් පල්ලේ
======================
පැරකුම් කුමරුවා
රුහුනේ සටන් කෙරුවා
දැක සුගලාගෙ කලවා
කඩුව විසිකර අතේ ගැසුවා

විජිතපුර සටනට
ගොස් එන ගැමුනු කුමරුට
හිතුනා Xකන්නට
ගලක් කැපුවා වේලුසුමනට
======================
සදවා සුදු වැලි පිවිතුරු
පෙරලාගෙන ඇය උඩිකුරු
මිරිකාගෙන ඇගෙ පියයුරු
දනෝ කෙලිති හම යනතුරු
======================
ලිලානිගෙ කලවා
දැක මගෙ වකුටු පිලවා
ඇට දෙකද සොලවා
මයිල් අතරින් එබී බැලුවා
=====================
පොල්ගොලු උයන්වතු
ගුරු මෙනෙවියන්ගේ Xතු
කළහොතින් ජනසතු
අතේ නොගසමි මම මෙයින් මතු
=====================
Xත්තේ මුලු තුනකි කිරි කවඩියා වගේ
ඇත්තේ හිලකි එය කක්කුටු බෙනේ වගේ
ඒකේ Xකනවිට කිරි කැඳ හැලිය වගේ
එහෙව් එකට මේ Xත්තියො කරන අගේ
====================
යාදෙක නොරත රත
සමග පෑහීමක් නැත
බලුපුක එසේ නැත
එකෙක් ගැහුවම දෙකම හාවෙත
====================
එදිරිවීර සරත්චන්ද්‍ර පිටරටගිය තැන
සිරිගුනයා අයිලින්ගේ කාමරයට පැන
දෙන්න පටන්ගති දෙන්න පටන්ගති දන බිම ඇනගෙන
අති උත්තම ශුක්‍ර ධාතු සාරියේ හැමතැන
====================
කිරි බැමිනිය රෑ පැමිනිය ඇඳ ලඟට
මට නැගුනිය මා නැගුනිය ඇඟ උඩට
මට Xකුනිය Xරි පැමිනිය Xක අගට
සැලලිහිනිය Xක Xක පල මග දිගට
======================
රාමනාදන් වත්තේ
වම්බොටු ගසකි ඇත්තේ
එක ගෙඩියකි පලගත්තේ
ඒක ඇත්තේ කුක්ගෙ Xත්තේ
======================
දෙල්ගහ මුදුනේ ටකේ බඳින්නේ
ටකේ ලනුව ගෙන Xකේ බඳින්නේ

එලිවෙන ජාමෙට Xක නැගිටින්නේ

Xක නැගිටින කොට ටකේ වදින්නේ

=====================
ආටිගල පප්පා
තෙල්ගා Xයිය පුප්පා
ඇටදෙකද හප්පා
ගනී කැම්පස් Xතු උලුප්පා
=====================
තිබුනත් මාල සහ රත්‍රන් පෙරවාලා 
හැම Xත්තම එකයි බැලුවම Xකාලා
ඒකනොදත් අපෙ Xත්තිගෙ පුතාලා
නොXකා මැරෙයි එක Xත්තක් පතාලා