Powered By Blogger

Thursday, 5 December 2019

ලාංකික දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක්-3

කොටස් වශයෙන් පළවන ලිපියක තෙවන කොටස
 
ලාංකික දේශපාලන ගමන් මගෙහි හැරවුම් ලක්ෂ්‍යයන් දක්නට ලැබෙන්නේ පළමුව මහ මැතිවරණ මගින් වන අතර දෙවනුව ජනාධිපතිවරණ මගිනුයි. ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදයට පෙර රටේ බල තුලනය මහමැතිවරණ හරහා සිදු වුණා. අවස්ථා කිහිපයකදීම රට ඉදිරියට යන මගෙහි අතිශය තීරණාත්මක වෙනස්කම් ඇති වූයේ ඒ අනුවයි.

ඒ පිළිබඳ සමාලෝචනයක යෙදෙමින් පසුගිය ජනාධිපතිවරණයේදී රටෙහි දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වූ ආකාරය ගැන සාකච්ඡා කිරීම මේ ලිපියෙහි අරමුණයි.

                                                                                  අගමැතිනි සිරිමා බණ්ඩාරනායක

1970 සමගි පෙරමුණ ප්‍රගතිශීලී ආණ්ඩුව

1970 දී බිහිවූ සමගි පෙරමුණ ආණ්ඩුව සමන්විත වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කොට ගත්   ලංකා සම සමාජ පක්ෂය සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය එක් වීමෙනුයි. සමගි පෙරමුණ ආණ්ඩුවට ආසන 168 න් 116 ක්, එනම්  2/3 ක්, දිනා ගත හැකි වුණා. ඒ අනුව සමගි පෙරමුණ ආණ්ඩුවට 48.93% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණු අතර ක්සත් ජාතික පක්ෂයට ආසන 17 ක්ද, පෙඩරල් පක්ෂයට ආසන 13 ක්ද ලැබුණේ පිළිවෙළින් 37.91% හා 4.92% ඡන්ද ප්‍රතිශත ලබමිනුයි.

1970 ආණ්ඩුව මෙරට කර්මාන්ත යුගය ආරම්භ කළේ  වානේ කර්මා­න්තය, ලෝහ කර්මා­න්තය, රෙදි­පිළි කර්මා­න්තය, කඩ­දාසි කර්මා­න්තය, ලුහු­භාණ්ඩ කර්මා­න්තය, පේෂ කර්මා­න්තය, දේශිය කිරි කර්මා­න්තය  පම­ණක් නොව පෞද්ග­ලික අංශය යටතේ මෙරට මෝටර් රථ ස්කූටර් ට්‍රැක්ටර් නිෂ්පා­ද­නයද ආරම්භ කරමින්. එසේම  බැංකු ජනසතුව, තෙල් ජනසතුව, ඉඩම් ජනසතුව, වානේ, ටයර්, පිටි කර්මාන්තශාලා ආරම්භය, නව ජනරජ ව්‍යවස්‌ථාවක්‌ ඇරැඹීම, සෙනට්‌ සභාව අහෝසි කිරීම, උත්තරීතර අධිකරණය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය බවට පත් කිරීම මෙන්ම වගා සංග්‍රා­මය ආරම්භ වූයේ ද මේ යුග­යේ­දීයි. මෙරට නිප­ද­විය හැකි සෑම වගා­වක්ම නිෂ්පා­ද­න­යක්ම මෙරට නිප­ද­වීම සඳහා යම් දුෂ්කර ‍එහෙත් අති­ශ­යින් ම පල­දායි ප්‍රති­පත්ති ආරම්භ කළ නමුත් ලෝක ආර්ථික අර්බු­දය සහ වෙනත් ආර්ථික බල­පෑ­මෙන් එහි යම් දුෂ්ක­රතා සහ සංකී­ර්ණතා ඇති වන්නට වුණා.



නාමික නිදහසින් පසු ජනරජ ව්‍යවස්ථාව ගෙන එමින් බ්‍රිතාන්‍ය කිරීටයෙන් සැබෑ නිදහසක් රටට අත්පත් කොට දුන්නේද 70 බිහිවූ සමගි පෙරමුණු ආණ්ඩුවයි. එසේම ඒ දක්වා පැවැති සියලුම ආණ්ඩු අතරින් සාපේක්ෂව වඩාත් ජනහිතකාමී, ඉදිරිගාමී වැඩකොටසක් ඉටු කළේද එකී ආණ්ඩුවයි. මීට හේතුව සමගි පෙරමුණ යටතේ සමසමාජ කොමියුනිස්ට් පක්ෂ තීරණාත්මක වැඩ මැදිහත්වීමක් කළ බවට අර්ථ ගන්වන්නට හැකි නමුදු ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා සිරිමා බණ්ඩාරනායකගෙන් ලද අනුග්‍රහය නොසලකා හරින්නට බැහැ.



සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් 1970 සමඟි පෙරමුණු ආණ්‌ඩුවේ සිටි ආචාර්ය එන්. එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ ලෙස්‌ලි ගුණවර්ධන සමග ඇතිවූ දේශපාලන ගැටුම් අවසානයේ ඔවුන් දැරූ ඇමැති පදවිවලින් ඉවත් කිරීමට බණ්‌ඩාරනායක මැතිනිය පියවර ගත්තා. ඒ අනුව සමසමාජ පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් වුණා. එම ආණ්‌ඩුවේ අනෙක්‌ හවුල්කාර පක්‍ෂය වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයද 1977 ජනවාරි මාසයේදී ආණ්‌ඩුවෙන් ඉවත් වූ අතර ඉන් ටික දිනකට පසු සමඟි පෙරමුණු ආණ්‌ඩුවේ ප්‍රගතිශීලී මන්ත්‍රීන් ලෙස ප්‍රසිද්ධව සිටි නන්ද එල්ලාවල, ඒ. එම්. ජිනදාස, ටෙනිසන් එදිරිසූරිය සහ ගාමිණි ආරියතිලකද, කර්මාන්ත ඇමැතිව සිටි ටී. බී. සුබසිංහද ආණ්‌ඩුවෙන් ඉවත්ව ගියා. මේ සියලු දෙනාම ආණ්‌ඩුවෙන් ඉවත්වී විපක්‍ෂයට ගියේ පෞද්ගලික වරප්‍රසාද වරදාන තනතුරු බලාපොරොත්තුවෙන් නොවේ.
  
                                                           පළමු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන




අධර්මිෂ්ඨ වූ “ධර්මිෂ්ඨ පාලනය” හා විධායක ජනාධිපති ක්‍රමය



1977 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට පා  ර්ලිමේන්තුවේ ආසන 140 ක්, එනම් 5/6 ක බලයක් දිනා ගත්තේ 50.92% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණේ 29.72% ඡන්ද ප්‍රතිශතයක් සමග ආසන 8 ක් හිමි වුණා. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 18 ක් හිමි කර ගෙන පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස බලය අත්පත් කර ගත්තේ 6.75% ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින්. සමසමාජ, කොමියුනිස්ට්, මහජන එක්සත් පෙරමුණ යන පක්ෂ සෝදා පාළුවට ලක් වී තිබුණේ නැවත හිස ඔසවන්නට නොහැකි වන ලෙසටයි.



1977 මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ අගමැතිවරයා බවට ජේ.ආර්. ජයවර්ධන  පත් වූ අතර ඉන්පසු ජාතික ව්‍යාවස්ථාවක් මඟින් විධායක ජනාධිපති ක්‍රමය ඇති කළා. ධර්මිෂඨ සමාජයක් ගෙන එන බවට සපථ කොට බලයට පැමිණි ජේ.ආර්. රට අධර්මිෂ්ඨ භූමියක් බවට පරිවර්තනය කළා. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපතිධුරය හඳුන්වා දී අසීමිත බලයක් ගොඩනගා ගත්තා. ලංකාවේ මුල් ම විධායක ඡනාධිපති වු ජේ.ආර්. ජයවර්ධන ප්‍රකාශ කළේ "මට කළ නොහැක්කේ ගැහැණියක පිරිමියෙකු කිරීමත් පිරිමියෙකු ගැහැණියෙකු කිරිමත් පමණයි යන්නයි". එම ප්‍රකාශය තුළින් විධායක ජනපති සතු කර ඇති බලය මනාවට පිළිඹිඹු වුණා..


1977 එක්සත් ජාතික පක්ෂයේ  ජයග්‍රහණයෙන් පසු 1983 පාර්ලිමේන්තු මැතිවරණය අහෝසි කර, 1977 පාර්ලිමේන්තුව, 1989 තෙක් දීර්ඝ කිරීමේ ප්‍රෝඩාකාරී ජනමත විචාරණ ඡන්ද විමසීමක් පැවැත්වූවා. යුද්ධයෙන් උතුරේ ප්‍රදේශ බොහොමයක් එල්.ටී.ටී.ඊ. තුස්තවාදීන් අත්පත් කර ගනිද්දී  ජයවර්ධන හා රජිව් ගාන්ධි අතර ඇති වූ ඉන්දු ශ්‍රි ලංකා ගිවිසුමෙන්  ඉන්දියානු සාම සාධක හමුදාව උතුරේ රඳවා දෙමළ පාලන ප්‍රදේශවල බලය ඔවුනට පැවරුවා . මෙම ගිවිසුමට එල්.ටී.ටී.ය එකඟ නොවූ අතර සිංහල ජාතිකයින් විදේශ හමුදා මෙහි රැදී සිටිනවාට කැමති වූයේ නැහැ .ඒ අතර, ජනතා විමුක්ති පෙරමුණ විසින් ආයුධ සන්නද්ධ කැරැල්ලක් නිර්මාණය කළ අතර ජේ.ආර්. ජයවර්ධන 1989 වර්ෂයේ දී දේශපාලනයෙන් විශ්‍රාම ගත්තා.

....ඉතිරිය මීළඟ කොටසින් 

සෙස්ස පස්සට...

henry-warnakulasuriya-alochana




Wednesday, 4 December 2019

ලාංකික දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක්-2

කොටස් වශයෙන් පළවන ලිපියක දෙවන කොටස

ලාංකික දේශපාලන ගමන් මගෙහි හැරවුම් ලක්ෂ්‍යයන් දක්නට ලැබෙන්නේ පළමුව මහ මැතිවරණ මගින් වන අතර දෙවනුව ජනාධිපතිවරණ මගිනුයි. ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදයට පෙර රටේ බල තුලනය මහමැතිවරණ හරහා සිදු වුණා. අවස්ථා කිහිපයකදීම රට ඉදිරියට යන මගෙහි අතිශය තීරණාත්මක වෙනස්කම් ඇති වූයේ ඒ අනුවයි.

ඒ පිළිබඳ සමාලෝචනයක යෙදෙමින් පසුගිය ජනාධිපතිවරණයේදී රටෙහි දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වූ ආකාරය ගැන සාකච්ඡා කිරීම මේ ලිපියෙහි අරමුණයි.
         
                                                                                 
                                                                    අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක
පණස් හයේ පෙරළිය

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ මූලිකත්වයෙන් 1951 සැප්තැම්බර් මස 02 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිපත්තිය කරගත් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළා. 1955 සැප්තැම්බර් 24 දින බණ්ඩාරනායකගේ නායකත්වය සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය නිතරග ගිවිසුමක් ඇතිකර ගත්තා. 1955 ඔක්තෝම්බර් 19 වන දින ඇන්.ඇම්. පෙරේරා සිංහල හා දෙමළ භාෂා රාජ්‍ය භාෂා ලෙස පිළිගැනීමට හැකිවන ලෙස රාජ සභා ආඥාව සංශෝධනය කළ යුතු බවට යෝජනා කළ විට නැගී සිටි බණ්ඩාරනායක සිංහල භාෂාව පමණක් ලංකාවේ රාජ්‍ය භාෂාව වශයෙන් පිළිගැනීමට හැකි ලෙස සංශෝධනයක් ඉදිරිපත් කරනු ලැබුවා. බණ්ඩාරනායක උත්සහ කළේ සිංහල ඡන්ද වලින් පමණක් බලය ලබා ගැනීමටයි.

එසේම 1955 දෙසැම්බර් 17 දින සිංහල බස ලංකාවේ රාජ්‍ය භාෂාව වශයෙන් පත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවක දී සම්මත කරගත්තා. එසේම සිංහල භාෂාව පමණක් ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුතුය යන හඬින් එක්සත් භික්ෂු පෙරමුණ ඉදිරිපත් කළ දස පනත බණ්ඩාරනායක විසින් පිළිගනු ලැබුවා. තම ඉදිරි ආණ්ඩුවක් මඟින් එය ඉටු කරන බවටත්  ප්‍රතිඥා දුන්නා. ඒ අනුව භාෂා ප්‍රශ්නය ඉදිරියට පැමිණි නිසා 1956 පමණ වන විට සිංහල භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුතුයි යන මතය වර්ධනය වෙමින් පැවතුණා.

1956 පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ (ම.එ.පෙ.) නම් සන්ධානයක් පිහිටුවා ගත්තා. එය සමන්විත වූයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක   විසින් නායකත්වය සැපයුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , පිලිප් ගුණවර්ධන  විසින් නායකත්වය සැපයුණු විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය සහ විජයානන්ද දහනායක විසින් නායකත්වය සැපයුණු සිංහල භාෂා පෙරමුණ යන පක්ෂ වලිනුයි .

1956 අප්‍රේල් 5 දින සිට 1956 අප්‍රේල් 10 දින දක්වා කාලය අතරතුරදී පැවැත්වූ මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට ලක්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණට විශිෂ්ඨ ජයක් හිමිකර දෙමිනුයි. මහජන එක්සත් පෙරමුණට ආසන 51 ක ජයක් හා 39.52% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබෙද්දී ලංකා සමසමාජ පක්ෂයට ආසන 14 ක් හිමි වුණා. එක්සත් ජාතික පක්ෂයට ආසන 8 ක් ලබමින් අන්ත පරාජයක් හිමි වුණේ 27.91% ක ඡන්ද ප්‍රතිශතයක් ලබමිනුයි. පෙඩරල් පක්ෂය ආසන 10ක් දිනා ගනිමින් 5.39% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුවා.

බණ්ඩාරනායක සිංහල ජාතියේ ගැලවුම්කරු ලෙස පෙනී සිටිමින් සිය දේශපාලන ව්‍යාපාරය එක්තරා අන්තයකට මෙහෙයවූවා පමණක් නොව “සිංහල පමණයි” සංකල්පය ජනගත කරමින් 56 පරම්පරාවේ කොඳු නාරටිය බිඳ දැමුවාසේම, දකුණේ සිංහල බෞද්ධ ආණ්ඩුවක් ලෙස නාමකරණයට ලක් වූ 56 ආණ්ඩුව ගත් ප්‍රගතිශීලී තීන්දු රැසක් වෙනවා.

ඒ අතර සෙනට්‌ මණ්‌ඩලය අහෝසි කිරීම සලකා බැලීම, ආණ්‌ඩුව මගින් මන්ත්‍රීන් පත් කිරීම අහෝසි කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්‌ඩු ක්‍රමයක්‌ ඇති කිරීම, ලෝකයේ බලවතුන්ගේ යුද්ධ බලමණ්‌ඩලවලට නතු නොවී සියලු රටවල් සමග රාජ්‍ය මිත්‍රත්වය ගොඩනැගීම, විදේශ යුද කඳවුරු මෙරටින් ඉවත් කිරීම, විදේශ යුද හමුදා ඉවත් කිරීම යනාදී අරමුණු ඇතුළත් වුණා. ඒ තුළින්  නොබැඳි විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාව පෙන්වා දුන්නා. සියලුම මූලික කර්මාන්ත ආණ්‌ඩුව මගින් පාලනය කළ යුතු බවටත් සෙසු කර්මාන්ත පෞද්ගලික අංශයට ද විවෘත කළ යුතු බවට එකඟ වූ ප්‍රතිපත්තිය සමග පැය 08 වැඩ මුරයන් හා විශ්‍රාම වැටුප් හෝ අර්ථසාධක අරමුදල් ඇති කිරීම වැඩ කරන ජනතාව වෙනුවෙන් සිදුකිරීම කළ යුතු බවත් අප රටේ වෙළෙඳ ව්‍යාපාර ලාංකිකයන් අතට පත් කිරීම සඳහා විධි විධාන සැලසිය යුතු බවටත් එකඟ එකඟතා ඇති වුණා. විදේශිකයන් සන්තකව පැවැති වතු, බැංකු රක්‍ෂණ ආදී ව්‍යාපාර ක්‍රමානුකූලව ජාතිය සන්තක කිරීම ද අරමුණ වුණා.
 ....ඉතිරිය මීළඟ කොටසින් 
සෙස්ස පස්සට...

henry-warnakulasuriya-alochana


Monday, 2 December 2019

ලාංකික දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක්-1


කොටස් වශයෙන් පළවන ලිපියක මුල් කොටස

 


ලාංකික දේශපාලන ගමන් මගෙහි හැරවුම් ලක්ෂ්‍යයන් දක්නට ලැබෙන්නේ පළමුව මහ මැතිවරණ මගින් වන අතර දෙවනුව ජනාධිපතිවරණ මගිනුයි. ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදයට පෙර රටේ බල තුලනය මහමැතිවරණ හරහා සිදු වුණා. අවස්ථා කිහිපයකදීම රට ඉදිරියට යන මගෙහි අතිශය තීරණාත්මක වෙනස්කම් ඇති වූයේ ඒ අනුවයි.


ඒ පිළිබඳ සමාලෝචනයක යෙදෙමින් පසුගිය ජනාධිපතිවරණයේදී රටෙහි දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වූ ආකාරය ගැන සාකච්ඡා කිරීම මේ ලිපියෙහි අරමුණයි.



                                                      පළමු අගමැති ඩී.එස්. සේනානායක


පළමු මහ මැතිවරණය


ලංකාවේ පිහිටුවනු ලැබූ පළමු ව්‍යවස්ථාදායකය වූයේ, කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභාවෙහි නිර්දේශය පරිදී, 1833 මාර්තු 13 දිනදී සංස්ථාපිත,  විධායක සභාව  සහ ව්‍යවස්ථාදායක සභාවයි. විධායක සභාව  යටත් විජිත ලේකම්, සන්නද්ධ හමුදා අණදෙන නිලධාරි, නීතිපති, විගණකාධිපති සහ භාණ්ඩාගාරික යන නියෝජිතයින්ගෙන් සමන්විත වුණා. මූලාසනය හෙබවූ ලංකාවේ ආන්ඩුකාරවරයා විසින් මන්ත්‍රණ සභාවේ උපදෙස් විමසුවත් ඒ උපදෙස් නොසලකා හැරීමෙහි නිදහස ඔහු සතු වුණා. ආරම්භයේදී මන්ත්‍රණ සභාව සමන්විතව තිබුණේ බ්‍රිතාන්‍යයන්ගෙන් පමණක් වූ අතර පසුව දේශිය වැසියන්ද ඊට එක් කරනු ලැබුවා.. මුලදී 16 දෙනෙකු සහ පසුව 49 දෙනෙකු මන්ත්‍රීවරුන් ලෙස ව්‍යවස්ථාදායක සභාව තෝරා පත් කර ගන්නා ලද නමුත්, ඒ සඳහා ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලැබුවේ සීමිත ජනතා කොටසක් පමණයි.

1931 දී ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හරින ලදුව ඒ වෙනුවට ඩොනමෝර් ව්‍යවස්ථාව  විසින් පිරිනමන ලද සර්වජන වැඩිහිටි ඡන්දය ඇසුරෙන් තෝරා පත් කර ගත් මන්ත්‍රීවරු 101 කින් සමන්විත වඩාත් බලවත් ලංකාවේ රාජ්‍ය මන්තුණ සබාව පිහිටුවනු ලැබුවා.

ඩොමීනියන් ලංකාව පිහිටුවීමට පෙර, සෝල්බරි කොමිසමෙහි නිර්දේශ පරිදි, 1947 දී නව ද්වි-මණ්ඩල පාර්ලිමේන්තුවක් පිහිටවනු ලැබුවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හැරීමෙන් පසුවයි. එය පදනම්ව තිබුණේ වෙස්මිනිස්ටර් ආකෘතියට අනුව වන අතර, පත් කළ සාමාජිකයන්ගෙන් සමන්විතවූ සෙනෙට් සභාව නම් උත්තර මන්ත්‍රී මණ්ඩලයකින්ද, එහි සාමාජිකයන් තෝරා පත් කර ගනු ලැබූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නම් පහළ මන්ත්‍රී මණ්ඩලයකින්ද , මෙය සමන්විත වුණා.

පළමු මහමැතිවරණය පවත්වනු ලැබුවේ මේ යටතේ 1947 අ‍ගෝස්තු 23 සිට සැප්තැම්බර් 20 දක්වා විටින් විට දින 19ක් තිස්සේයි. මේ සඳහා ලියාපදිංචි ඡන්දදායකයින් 3,048,145 ක් සුදුසුකම් ලබා සිටි අතර, ඉන් 56.10% ක ප්‍රමාණයක් තම ඡන්දය ප්‍රකාශ කළා.

ප්‍රතිඵල අනුව වැඩිම ආසන ප්‍රමාණයක් දිනා ගත්තේ ඩී. එස්. සේනානායක නායකත්වය දැරූ එක්සත් ජාතික පක්ෂයයි. පළමු මහා මැතිවරණයෙන් ආසන 42ක ප්‍රමාණයක් දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වූ නමුත්, එම ප්‍රමාණය ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ප්‍රමාණවත් වුණේ නැහැ. මේ හේතුවෙන් ඔවුන් ආසන 7ක් දිනා සිටි සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය සමග එකතුව ආණ්ඩුව පිහිටවූවා. ඒ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ ලංකාවේ පළමු මහමැතිවරණයේදී මහජාතික ඡන්ද වලින් පමණක් ආණ්ඩුවක් පිහිටුවීම දුෂ්කර වූ බවයි.

ඡන්ද ප්‍රතිඵල අනුව පක්ෂ අතරින් දෙවැනිය තැනට වැඩිම ආසන ප්‍රමාණයක් එනම්, ආසන 10  දිනා සිටි ලංකා සම සමාජ පක්ෂය පාර්ලිමේන්තුවේ විපක්ෂය බවට පත්වුණා. ආසන 6ක් දිනා ගත් ලංකා ඉන්දියානු කොංග්‍රසය හතරවන ස්ථානයටත්, ආසන පහක් දිනාගත් බොල්ෂෙවික් ලෙනින් පක්ෂය හා බොල්ෂෙවික් සමසමාජ පක්ෂය එක්ව පස්වන ස්ථානයටත්, ආසන තුනක් දිනාගත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හයවන ස්ථානයටත් එක් ආසනයක් දිනාගන්නා ලංකා කම්කරු පක්ෂය හත්වන ස්ථානයටත් පත්වුණා. මේ මැතිවරණය ලංකාවේ දේශපාලන ගමන් මගෙහි වෙනසක් සනිටුහන් කළේ සවදේශීය දේශපාලකයින් අතට පාලන බලය හුවමාරු වීම නිසයි. එහෙත් එසේ වුවද ඔවුන් චින්තනමය ලෙස දැනෙන වෙනසක් සනිටුහන් කළේ නැහැ.
....ඉතිරිය මීළඟ කොටසින් 

සෙස්ස පස්සට...

henry-warnakulasuriya-alochana