Powered By Blogger

Monday, 26 October 2020

නැව් වලට නම් තැබීම

                              


නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.

"......හැත්තෑව සමගි පෙරමුණ රජය සමයේ චීනයෙන් ගෙන්වන ලද වේග ප්‍රහාරක බෝට්ටු ‘සූරයා’, ‘වීරයා’, ‘රණකාමී’ හා ‘දක්ෂයා’ ලෙස නම් තබා ඇත්තේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක නමේ මුල් අකුරු යොදාගෙනයි.

අසූව දශකයේ මුල් භාගයේ නාවික හමුදාවට අලුතෙන් ලැබුණු වේග ප්‍රහාරක බෝට්ටු ‘ජගතා’ හා ‘රක්ෂක’ ලෙස නම් තැබුවේ එවකට ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධනගේ නමේ මුල් අකුරු යොදා ගෙනයි.

‘ජයසාගර’, ‘සාගරවර්ධන’ යාත්‍රා දෙකට නම් තැබුවේද ජයවර්ධන නාමය සනිටුහන් වන ආකාරයටයි.

මේ ආකාරයෙන් රටේ පාලකයා සතුටු කරන්නට හෝ ඔහුට ගෞරවයක් ලෙස අලුතින් අධිකාරියට පත් වෙන නෞකා නම් කිරීමට ඒ ඒ යුගවල සිටි නාවික හමුදාපතිවරුන් පියවර ගනු ලැබුවා......"

 

ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.

නැව් වලට නම් තැබීම

  

සෙස්ස පස්සට…



 

 

Tuesday, 13 October 2020

ගැඹුරු මුහුදේ දිය කෙළි

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.


"...
නැංගුරම් දැමීම සඳහා නැව නොගැඹුරු මුහුදට ගෙන යනවා. නැවේ නැංගුරම් පිහිටා ඇත්තේ ඉදිරි පස (Bow) දෙපසිනුයි. නැංගුරම ඉහළ හා පහළ ඇදීම සිදු කෙරුණේ යන්ත්‍රානුසාරයෙන්. නැංගුරම නොහොත් ඇන්කර් (Anchor) එක විශාල දම්වැලක් මගින් මුහුදු පතුළට අතහරිනවා. දහවල් නැව සංචාරය කරද්දී නැංගුරම ඉදිරිපස බඳට ආසන්නයේ සිර කොට එල්ලෙමින් තියෙනවා. නැංගුරම්ලන්නට නැතහොත් ඇන්කර් කරන්නට තීරණය කළ පසු මෝටරය ක්‍රියාත්මක කොට නැව් බඳේ රඳවා තිබෙන දම්වැල දිගේලි කරමින් ඇන්කරය මුහුදු පතුළට සේන්දු කරනවා. නැංගුරම දැමූ පසු සුළඟේ දිශාවට අනුව නැව නිශ්චිත දිශාවකට හැරී දම්වැලෙන් ඇදී නවතිනවා...."

 


".....දිනක් මා කැඳවූ නැවේ කපිතාන්වරයා නාන ඇඳුමින් (Swimming kit) සැරසී ඩෙක් එකට එන්නැයි කියා නැවේ ඩෙක් එකේ සිට ගැඹුරු මුහුදට පිම්මක් පනින්නැයි නියෝග කළා. මට දෙලෝ රත් වුණා. මූලික පුහුණුවේදී පිහිනන්නට පුරුදු කොට තිබුණත් මා ඒ වන විට පිහිනීමේ දක්ෂයෙක් වී සිටියේ නැහැ. මට වඩාත් හුරු වී තිබුණේ උඩුබැලි අතට වැතිරී පාවීමට(floating) හා පිහිනීමටයි. මට අවකාශ ලැබුණේ ජීවිතාරක්ෂක ජැකට්ටුවක් (Life jacket) එකක් හැඳගන්නට පමණයි. මට මතක විදිහට එය මට ලබා දුන්නේ මාස්ටර් චීෆ් පෙටි ඔෆිසරයි (Master Chief Petty Officer). ඒ නමින් හඳුන්වන්නේ නාවික සෙබළුන්ගේ ඉහළම නිලය දරන්නායි.

මා නැවෙන් පහත මුහුද දෙස බැලුවා. නාවිකයින් කිහිප දෙනෙකු ගැඹුරු මුහුදේ පිහිනමින් සිටියා. දිය කෙළියේ යෙදෙමින් සිටියා.

“මට හොඳට පිහිනන්න බෑ” කියා කියන්නවත් අවකාශයක් නොදුන් කොමාන්ඩර් රසීක් Jump කියා කෑ ගැසුවා.

ඕනෑ මඟුලක් වෙද්දෙන් කියා සිතූ මා හොඳ හුස්මක් සිරකර ගෙන ගැඹුරු මුහුදට පැන්නා....

 

ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.

ගැඹුරු මුහුදේ දිය කෙළි 

  

සෙස්ස පස්සට…



 

Wednesday, 30 September 2020

සී සික් හා ෂිකේ ෂික්….

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.


උරහිස් පළඳනාව මගිනුයි කිසියම් නිලධාරියෙකුගේ නිලය (Rank) හඳුනා ගත්තේ. උරහිස් පළඳනාවේ වූ හීන් පටි සංඛ්‍යාව අනුව නිලයත්, පටි අතර වර්ණය අනුව අයත් වන අංශයත් පිළිබිඹු වුණා.

උප ලුතිනන්ට එක පටියක්ද, ලුතිනන්ට පටි දෙකක්ද ආදී වශයෙන් වෙන් වුණා. අප අතර උප ලුතිනන්ලා මෙන්ම ලුතිනන්ලාද සිටියේ මා වැනි සමහරු උපාධිය සම්පුර්ණ නොකොට හමුදාවට බැදී සිටි නිසයි. උප ලුතිනන් ලෙස බඳවා ගත් උපාධි අපේක්ෂකයින් උපාධිය සම්පූර්ණ කළ පසු ලුතිනන් තනතුරට පත් කරන්නට නියමව සිටියා. 

     


          

මා එඩිතර නෞකාවට ගොඩ වූයේ ලණු ඉණිමගක එල්ලීගෙනයි.ඊට හේතුව එඩිතර, ජයසාගරට වඩා තරමක් උසින් වැඩි වීමයි.

එඩිතර නෞකාව සාපේක්ෂව විශාලයි. මා කෙලින්ම මට වෙන් කළ කාමරයට කැඳවාගෙන ගියා. ඒ කැබින් (Cabin) එක ඇඳක්, කුඩා මේසයක් යාබද නානකාමරය හා වැසිකිළියක් සහිත පුංචි ඉඩක්. ලුණු මිශ්‍ර සුළඟේ තෙත් ගතිය නිසා ඇඟ ලුණු ගතියෙන් ඇලී තිබුණ නිසා මා හොඳින් ස්නානය කර අවසන් වද්දීම රාත්‍රී ආහාරයට වෝඩ් රූම් (ward room) එන ලෙස සහකාර නැවියෙකු පැමිණ කියා සිට මා කැඳවාගෙන ගියා.

මා වෝඩ් රූම් වෙත යද්දී කොට කලිසම් හා ටී ෂර්ට් හැඳ සිටි උසස් නිලධාරීන් දෙදෙනෙකු ආහාර ගනිමින් සිටියා. ඒ නැවේ අණ දෙන නිලධාරී (CO) හා ඉංජිනේරු නිලධාරී (EO) බව හඳුන්වා දුන්නා. මා සිටියේ බමන හිසින් යුතුවයි. මොකෝ සී සික්ද?  CO ඇසුවා. මට ආහාර අනුභව කරන ලෙස නියෝග ලැබුණා.

උණු බත්, පොල්සම්බල සමඟ කරවල බැඳුමක්. මා පෙරේතකමටත් එක්ක බඩ පිරෙන්න කෑවා. “No liquor for Trainees” අණදෙන නිලධාරියා එසේ පැවසුවේ ඉංජිනේරු නිලධාරියා සමඟ විස්කි වඩියක රස බලන ගමන්. 

ආහාර ගෙන අවසන් වීමත් සමඟ මගේ හිස කරකැවිල්ල උපරිමයට ළඟා වී මට වමනය ගියා. ආහාරයට ගත් බත්, පොල් සම්බල්, කරවල බැඳුම රැගත් වමනයෙන්  word room එකේ සින්ක් එක පිරුණා. මට “ෂිකේ ෂික්” කියා හිතුණා.    


ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.




Wednesday, 16 September 2020

පේරාදෙණි ගිහින් එන්න අනපේක්ෂිත නිවාඩුවක්

 නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.
 

නාවික හමුදාවට අධිකාරිලත් නිලයන් සදහා ඍජු බඳවා ගැනීම් යටතේ උපාධිධාරීන් හා අවසන් උපාධි පරීක්ෂණයට පෙනී සිට උපාධි පාඨමාලා අවසන් කොට තිබූ පිරිසක් අවශෝෂණය කර ගනිද්දී අප වෙත ඉදිරිපත් කොට තිබූ එක් ප්‍රධාන නියෝගයක් වූයේ පුහුණුව ලබන මාස 6 ඇතුළත කිසිසේත්ම නිවාඩු යා නොහැකි බවයි.

පවුලේ සමීපතමයෙක්ගේ මළගමකදී හැරුණු කොට නිවාඩු යාමට වෙනත් කිසිදු හේතුවක් ඉදිරිපත් නොකරන ලෙසද අපට දන්වා තිබුණා.

විශ්වවිද්‍යාල උපාධිය සම්පුර්ණ කිරීමට එක් විෂයයක් සමත් වීම සඳහා ඉතිරිව තිබූ හෙයින් පුනර් පරීක්ෂණයෙන් සමත් නොවී ඉජිනේරු උපාධිය ලබා ගත නොහැකි බවත් මා ඉතා හොඳින් දැන සිටියා.

ඒ නිසා පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ පැවැත්වෙන විද්‍යුතය විෂයයයේ පුනර් පරීක්ෂණය සඳහා ගොස් පැමිණීමට නිවාඩු අයැදුම් කළ හැක්කේ කෙසේද යන උභතෝකෝටිකයට විසදුම් සොයන්නේ කවරාකාරයෙන්දැයි මට සිතා ගත නොහැකි වුණා.

ඉජිනේරු උපාධිය හැදෑරීමට විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසු සිසුවියන් අතරින් වැඩි දෙනා repeat වෙනවා. එනම් විෂයන් එකක් හෝ වැඩි ප්‍රමාණයක් අසමත් වෙනවා. ඒවා ඊළග වසර වලදි සමත් වන තුරු උපාධිය පිරි නැමෙන්නේ නැහැ.

මගේ අවසන් වසර විභාගය වන විට විවිධ වසර වලට අදාළ විෂයයන් ගණනාවක්ම නැවත ලියන්නට නියමිතව තිබුණා. එහෙම නොවුණා නම් තමයි පුදුමය. විශ්වවිද්‍යාලයේදී යෙදුණු විවිධ බාහිර ක්‍රියාකාරකම් හේතුවෙන් විභාග නිරායාසයෙන් සමත් වූවා නම් තමයි පුදුමයට කරුණ වන්නේ.

මගේ තෙවන වසර වන විට මා විශ්වවිද්‍යාලය තුළ විවිධාකාර සමිති සමාගම් 7ක නිලතල දරන්නෙකු වී සිටියා. සභාපති, උප සභාපති, ලේකම්, සංස්කාරක වැනි තනතුරු වල වගකීම් ඉටු කිරීමේදී දේශන මග හැරී ගියේ නිරායාසයෙනුයි. එසේම මගේ අවසන් වසරේදී විශ්වවිද්‍යාලය සිදු වූ මාරාන්තික උපවාසයකට සම්බන්ධ සිද්ධීන් වෙනුවෙන් මා රහස් පොලිස් භාරයට ගනු ලැබුවේ විද්‍යුතය – දෙවන කොටස විභාගයට පෙනී සිටි දවසකයි. මා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවුවේ රහස් පොලිස් නිලධාරීන් මා අත්අඩංගුවට ගැනීම සඳහා විභාග ශාලාවට ඇතුළු වී ඇති බව දකිමිනුයි.

දැනට විදෙස් විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු ලෙස සේවය කරන මගේ සගයා ඊට පෙර දින එලෙස අත්අඩංගුවට ගත් නිසා එම නිශ්චිත දිනයේදී මා අත්අඩංගුවට පත්වන බව කවුරුත් දැනගෙන සිටියා.

මෙවන් විවිධ කාරණා හේතුවෙන් අසමත් වූ විද්‍යුතය විෂයයට (කොහොමත් විද්‍යුතය මට අරහං) පෙනී සිටීම ජිවිතයේ අත්‍යවශ්‍ය තීරණාත්මක කරුණක් වුණා.

අපගේ පුහුණුව භාර නිලධාරියා (Divisional Officer) වූ එවකට ලුතිනන් කමාන්ඩර් අබේසේන විදුලි ඉංජිනේරුවකු ලෙසයි නාවික හමුදාවේ සේවය කරමින් සිටියේ.

අවසානයේ අප තීරණය කළේ ලුතිනන් කමාන්ඩර් අබේසේනට මගේ ප්‍රශ්නය පැවසිය යුතුම බවයි. කවරාකාරයේ දෝස්මුරයකට ලක් වන්නට සිදු වුවත් ඉල්ලීම් කළ යුතු සුදුසුම පුද්ගලයා ඔහු බව තීරණය වුණා. අප කණ්ඩායමේ පුහුණුව භාර නිලධාරීවරයා සුපුරුදු ලෙස දිනකට දෙවරක් (එනම් උදේ පාන්දර හා සවස් භාගයේ) අපගේ නේවාසික නිවාසයට එන බැවින් මා ඒ අවස්ථාවේ මගේ ඉල්ලීම ඉදිරිපත් කිරීමට තීරණය කළා.

මගේ විස්තරය ඉතා සාවධානව අසා සිටී ලුතිනන් කමාන්ඩර් අබේසේන ඔහුගේ ඝන රැවුල සුරතින් පිරිමැද්දා. දොඹ ගෙඩි වන් පිටතට නෙරා ආ දෑසින් යුතුව මගේ ඇතුළාන්තය විනිවිදින්නට පටන් ගත්තා.

“You may request. I will see what I can do.” ඔහුගේ ගැඹුරු හඬින් එවන් පිළිතුරක් ලැබේ යැයි අප කිසිවෙකුත් බලාපොරොත්තු වුණේ නෑ. එතෙක් අපි ඔහු පිළිබඳ අවබෝධ කොට ගෙන සිටියේ සිත් පිත් නැති රෞද්‍ර නිලධාරියකු ලෙසයි.

එහෙත් පුහුණු කිරීම භාර නිලධාරියා තුළ වූ සැබෑ මිනිසා පිටතට පැන්නා කියා මා සිතන්නේ පසු අවස්ථාවල සෙබළුන් පුහුණු කිරීමේ නිලධාරියකු ලෙස කටයුතු කරද්දී මා හැසිරුණේද ඒ ආකාරයෙන්ම නිසයි.

විභාගයට පෙනී සිටීම සඳහා වූ නියමිත දිනය හා ගමනාගමනය සදහා දින දෙකක් ඇතුළු දින තුනක නිවාඩුවක් අනුමත කෙරුණා. විභාගයට ගොස් පැමිණීමට අවසර ලැබුණු බවත්, එහෙත් දෙමාපියන් බැලීමට ගෙදර ඒමට කාලයක් නොමැති බවත් මා අම්මාට ලියා යැව්වා. විභාගය හොදින් කරගන්නට ආශීර්වාද සහිතව පිළිතුරු ලියූ අම්මා, දැකබලා ගැනීමේ ආශාව තවත් මාස 4 ට පසු ලැබීමට නියමිත නිවාඩුව දක්වා කල්තබා ගත් බව දන්වමින් පිළිතුරු ලිපියක් ඒවා තිබුණා.

නාවික හමුදාවට බැඳුණු අපේ කණ්ඩායමේ අය අතරින් යුද පුහුණුව හා මුහුදු පුහුණුව අතරතුර මාස දෙකකට පසු දින තුනක නිවාඩුවක් ලබා ත්‍රිකුණාමලය නාවික කදවුරෙන් පිටතට ගොස් එන්නට අවසර ලැබුණේ මට පමණයි.

ජනවාරි 15 දා බඳවා ගැනීමේදී මුඩු කළ හිසේ කෙස් වැවී තිබුණේ මද වශයෙනුයි. මා විභාගයට පෙර දා රෑ බෝ වන්නට පළමුව අක්බාර් -නෙල් නේවාසිකාගාරයට ගොස් හිතවත් කණිෂ්ඨ සිසුවෙකුගේ කාමරයේ ගජේ ගැහුවා. සාමාන්‍යයෙන් විභාග කාලයට මෙසේ “ගජේ” ගහන්නට එන “ටුවා” ලා බොහොමයි. (ගජේ ගැසීම යනු – අනෙකුට අයත් දෙයක් පරිහරණය කිරීමයි. එය කාමරය, තුවාය, යට ඇඳුම, ෂර්ට්, කලිසම ආදී ඕනෑම දෙයක් විය හැකියි. “ටුවා” යනු “සංචාරය” වචනයේ ඉංග්‍රීසි අරුතින් බිදී ආවකි. විශ්වවිද්‍යාලයෙන් පිටවී ගොස් රැකියා කරන අතර තුර විභාගය සදහා පමණක් ඇවිත් යන සංචාරක සිසුන් හෙවත් ටුවලා බොහොමයි.)



ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.

සෙස්ස පස්සට...

 

 

 

Sunday, 8 December 2019

ලාංකික දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක්-6

කොටස් වශයෙන් පළවන ලිපියක සයවන කොටස
 
ලාංකික දේශපාලන ගමන් මගෙහි හැරවුම් ලක්ෂ්‍යයන් දක්නට ලැබෙන්නේ පළමුව මහ මැතිවරණ මගින් වන අතර දෙවනුව ජනාධිපතිවරණ මගිනුයි. ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදයට පෙර රටේ බල තුලනය මහමැතිවරණ හරහා සිදු වුණා. අවස්ථා කිහිපයකදීම රට ඉදිරියට යන මගෙහි අතිශය තීරණාත්මක වෙනස්කම් ඇති වූයේ ඒ අනුවයි.

ඒ පිළිබඳ සමාලෝචනයක යෙදෙමින් පසුගිය ජනාධිපතිවරණයේදී රටෙහි දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වූ ආකාරය ගැන සාකච්ඡා කිරීම මේ ලිපියෙහි අරමුණයි.



සෞභාග්‍යමත් දේශයක බලාපොරොත්තු 

සෞභාග්‍යමත් දේශයක බලාපොරොත්තු තැබීම සඳහා යළිත් අවස්ථාව උදා වී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආගමනයත් සමඟයි. පසුගියදා, 2019 වසරේ නොවැම්බර් 16 දා 8 වන වරට පැවැති ජනාධිපතිවරණයෙන් සිංහල ජාතිකයින්ගේ ඡන්ද වැඩි වශයෙනුත් අනෙක් ජාතිකයන්ගේ ඡන්ද සුළු වශයෙනුත් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ලද සුවිශේෂී ජයග්‍රහණය ඉතිහාසයේ ලියැවෙනු ඇත්තේ රටේ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙසිනුයි. එසේ වන්නේ මජර දේශපාලකයින්ගේ ග්‍රහණයට හසුව ඔවුන්ගේ පෞද්ගලික අපේක්ෂාවන් ඉටු කිරීමේ දේශපාලන දාන් ලෑල්ලෙන් පිට පනින්නට අවස්ථාව ලැබී තිබීමයි.

යුද්ධය ජයගත්තා සේ ආර්ථික අභියෝගයද ජය ගත හැකි බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සදහා කළයුත්තේ නිසි නායකත්වයක් යටතේ තීරණ ගැනීම පමණක් බවයි පළමුව සිදුකළ යුත්තේ දේශපාලනය අතින් රට ස්ථාවරවීම බවද හෙතෙම පවසනවා.

දුප්පත්  මුඩුක්කු වලින් පිරි, ගඳ ගහන වරාය නගරයක් ලෙස පමණක් පැවති කුඩා බිම් කඩකින් යුත් රටක් වූ සිංගප්පූරුව ලෝකයේ ප්‍රමුඛතම ආර්ථිකයක් සහිත රටක් ලෙස ගොඩනැගූ නායකයා වන ලී ක්වාන් යූ අදටත් සිංගප්පූරුවේ අසහාය වීර චරිතයයි. සිංගප්පූරුව ආර්ථික නිදහස උපරිමයෙන් ඇති රටක් ලෙස හැඳින්වූවද දැඩි නීති-රීති මෙන්ම මුල්‍ය විනයක්ද ක්‍රියාත්මකව ඇති රටක් බවත් අප අමතක නොකළ යුතුයි. සිංගප්පූරු සංවර්ධන මොඩඩලය අනෙක් රටවල ගෙඩිය පිටින් ක්‍රියාවට නගන්නට නොහැකි වුවත් ඉන් උකහා ගෙන ආදේශ කරගත හැකි ආදර්ශ බොහෝයි. මැලේසියාවේ මහතීර් මොහමඩ්ද ඊට නොදෙවෙනි ආකාරයට අගාධයේ තිබූ රට ගොඩ ගත්තා. 50 දශකයේදී සිංගප්පූරු අගමැති පවසා සිටියේ සිංගප්පූරුව ලංකාවේ කොළඹ සේ දියුණු කරන බවයි. දශක කීපයකට පෙර කොළඹ පිහිටි මුඩුක්කු පරිසරය අප හැඳින්වූයේ කොරියාව ලෙසයි.


දශක කීපයකට පෙර ආසියාවේ දුප්පත් රටවල් වූ සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව, තායිවානය, වියට්නාමය, තායිලන්තය, ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල් වේගවත් වර්ධනයක් අත්කර ගත්තා. ගනිමින් සිටිනවා. මේ රටවල් දියුණු වන්නේ  නිවැරදි දැක්මක් ඇති නායකයින් නිසයි.


වසර පහෙන්  හයෙන් රටේ ප්‍රතිපත්ති හා සැලසුම් වෙනස් කරන පක්ෂ දේශපාලනයකින් රටක් ගොඩගත  නොහැකියි. ජනතාව තමන් වෙත තැබූ විශ්වාසය සුරකිමින්, ප්‍රඥාව, රාජ්‍යතාන්ත්‍රිකභාවය, දූරදර්ශීභාවය, ඍජුභාවය සහ ශක්තිමත් නායකත්වය මතින් උඩු ගං බලා පීනන්නට ශක්තියක් මෙන්ම උවමනාවක් ගෝඨාභය රාජපක්ෂට ඇතිදැයි අනාගතය විසින් තීරණය කරනු ඇති. ඉතිහාසෙයේ වීරයෙකු වනවාද, නැතෙහොත්  විහිළුකාරයෙකු වෙනවාද යන්තීරණය වනු ත්තේ අනුවයි.



සෙස්ස පස්සට...

henry-warnakulasuriya-alochana