සම්මාන හා අවමාන ගැන තවදුරටත් කියන්න හිතුවෙ පහුගිය බ්ලොග් එක අවසන් කළේ මෙහෙම නිසයි.
මම නං සම්මාන උත්සව වලට යන්නෙ කලාතුරකින්. ගොඩක් වෙලාවට හිතෛෂීන්ගෙ ඉල්ලීම් ඉවත දාන්න බැරි වුණාම.
හැබැයි මට සම්මානයක් තිබුණොත් දේශපාලකයො වගේ අනාථ වෙච්චි උන්ගෙන් සම්මාන ගන්නෙ නං නෑ..
එකම වතාවයි එහෙම අරං තියෙන්නෙ. බොහොම කාලෙකට ඉස්සර.
ඒ කතාවයි, තවත් සම්මාන-අවමාන කතායි මී ළඟ "නොකී කතාව" ට පාදක වෙනව.
මුලින්ම මට සාහිත්‍ය කටයුතු වලට සම්මාන කීපයක්ම ලැබුණෙ ඉස්කෝලෙන් එළියට ඇවිත් කැම්පස් යනකල් තිබුණ අවුරුදු 1 1/2 ක විතර ගන්ධබ්බ කාලෙදි.
කවි, කෙටිකතා ලියන උණ ඇවිත් එක දෙක පත්තරවල පළවෙන්න ගත්තම තරඟ වලටත් තැපැල් කළා. සම්මාන උත්සව වලට ආරාධනා කළාට ඒ කාලෙ කියල වෙනසක් නෑ ... ගියෙ නෑ. එහෙම වුණාම පස්සෙන් පහු ලියුම් එවනව "ඔබට අහවල් සම්මානය ලැබී ඇත. ඇවිත් රැගෙන යන්න" කියල.
ඔන්න එතකොට ගෙදරිනුත් කියනව ඕක ගිහිං අරං එන්න කියල. එහෙම මුලින්ම ලැබුණෙ "හපසංක" සම්මාන. හපසංක කියන්නෙ හලාවත පදවි සංස්කෘතික කමිටුව නමින් වූ කතෝලික පල්ලියට අනුබද්ධ සංවිධානයක් කියල මං දැනගත්තෙත් උත්සවේදි නොගත්ත සම්මාන ගන්න බිෂොප් හවුස් එකට යන්න වුණාමයි.
ඔන්න ඊට පස්සෙ ලැබුණ සම්මානයක් තමයි "ගීත රචනා" අංශයෙන් ලැබුණ එක. ඒක දුන්නෙ නිමල් සේදර කලාකරුවගෙ මූලිකත්වයෙන් කියල මතකයි. සංවිධානෙ නම මතක නෑ. දුන්න සහතිකයත් හොයා ගන්න නෑ.
එදා තමයි කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථාන ශාලාවේදි ලලිත් ඇතුලත්මුදලි ඇමතිවරයා අතින් සම්මානෙ ගත්තෙ. දේශපාලකයෙකු අතින් ගත් ප්‍රථම හා එකම සම්මානය.
හපසංක වගේම මේ සම්මාන වෙනුවෙනුත් දුන්න ලී කෑල්ල ටික කාලයක් මහගෙදර වීදුරු බිත්ති අල්මාරියක තිබුණ. ඔය ලී, වානේ කෑලි වලට උනන්දුවක් නැති නිසා ආරක්ෂා කරන්න මහන්සි වුණේ නෑ. සමහර සහතික නං ෆයිල් කවර අස්සෙ දාල තිබුණ නිසා තවම තියෙනව.
සම්මාන ලී කෑලි ගැන කියද්දි මතක් වුණේ. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වුණ හර්බර් රංජිත් පීරිස් දොරේ අඩේට තියල තිබුණෙ සම්මාන ලී කෑල්ලක් කියනවනෙ. තවමත් එහෙම කරන අය ඉන්නව.
ඒකෙන් සම්මානෙට අවමානයක් කියල කෙනෙකුට කියන්න පුළුවනි. එහෙම අවමාන නං සම්මාන වේදිකා වලම වෙලා නැතුවයැ.
හර්බට් රංජිත් විවාහ වෙල උන්න ස්වර්ණා මල්ලවාරච්චි පහු කාලෙක "හොඳම නිළිය" සම්මානෙ ගන්න වේදිකාවට නැගල කිව්වෙ 'මට ලැබුණ සම්මාන සේරම ලැබුණෙ ධර්මසිරිගෙන්. දෙකක් සිනමා සම්මාන. අනෙක් සම්මානෙ දුව' කියල.
ඇයි වතාවක් එච්.එම්. ජයවර්ධන සංගීතවේදියා ජනාධිපති සිනමා සම්මාන උළෙලක හොඳම සංගීත අධ්‍යක්ෂකට සම්මාන දුන්නම වේදිකාවට නැගල සම්මානෙ ගන්නෙ නැතුව බැහැල ආවෙ "මේක අයිති මට නොවේ කේමදාස මාස්ටර්ට" කියල.
ඊට හපන් වැඩක් කළා අපේ සහෝදර කිවිඳියක්. බොහොම කාලෙකට කලිං, අනූ ගණන් වල. ඔන්න ජාතික තරුණ සේවා සභාවෙන් වාර්ෂික තරඟ පවත්වල මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේ මහ ඉහළින් සම්මාන උළෙල සංවිධානය කළා.
"හොඳම කිවිඳිය" ලෙස සම්මානයට පාත්‍ර වුණේ කොළඹ විශ්වවිද්‍යාලෙ උපාධිධාරිණියක වූද දක්ෂ කිවිඳියක වූද කෑගල්ලේ සුනන්දා රණසිංහ. සුනන්ද වගේම සුනන්දගෙ අත ගත් විපුල හේවා වලිමුණිත් අපේ හිතමිත්‍රයින්. (විපුල දැන් පෞද්ගලික ගමනාගමන අමාත්‍යාංශයේ ලොක්කෙක්. සුනන්දා තවමත් පාසල් ගුරුවරියක ලෙස කටයුතු කරනවාදැයි දන්නේ නෑ)
සුනන්දා සම්මාන ගන්න ගියා. එක එක අය විවිධ සම්මාන දෙන්න ගත්ත. සුනන්දාගෙ සම්මානෙ දෙන්න වේදිකාවට වෙලා බලං උන්නෙ රූප රාජිනී රෝසි සේනානායක.
සුනන්දා වේදිකාවට නැග්ග. වේදිකාවට පස්ස හරෝල ප්‍රේක්ෂක ජනතාවට ආචාර කළා. ආපහු ඇවිත් ප්‍රේක්ෂකාගාරයේ හිඳ ගත්ත.
සංවිධායකයින් වගේම රෝසිත් අනාථයි. තුෂ්නිම්භූතයි. පත්තරකාරයො උත්සවය අවසානයේ සුනන්දාව වට කරගත්ත.
" සාහිත්‍ය සම්මාන දෙන්න රූපරාජිනියෙකුට තියෙන සුදුසුකම මොකක්ද..ඒකයි මම සම්මානෙ නොගත්තෙ. සම්මානෙ වටිනාකම හෑල්ලු කරන්න බෑ."
සුනන්දා වගේ කොන්ද පණ තියෙන තව කීප දෙනෙක් උන්න නම් සම්මාන දෙන්න රූප රාජිනියො, දේශපාලුවො වගේ අදාළ නැති උන් නොගෙන්වන්න සංවිධායකයින් පුරුදු වෙන්න ඉඩ තිබුණ. හා නැද්ද මං අහන්නෙ ?
ඒ නිසානෙ තාමත් සමහර සංවිධායකයො ජරාජීර්ණ දේශපාලකයො ගෙනැල්ල සම්මාන අවමානයට පත් කරන්නෙ.
රාජ්‍ය සම්මාන උත්සව වල නං දේශපාලකයින් සම්මාන දීම වරදක් නෑ. ආංඩුවෙ සල්ලි කියන්නෙ මහජන සල්ලි. ඒ සල්ලි වලින් දෙන සම්මාන ජනතාව පත් කළ ජනතාවගෙන් පඩි ගන්නා ජනතා සේවකයින් අතින් දීම වරදක් නෑ.
ඒත් වෙනත් අරමුදල් වලින් දෙන සම්මානත් ජනතා වැටුපෙන් හා ජනතාව සූරා කමින් මඩි තරකර ගන්නා පමණක් නොව ජන ඝාතක දේශපාලුවන්ගෙ අතින් දුන්නම අවමානෙ සම්මානෙටමයි. මා සම්මාන ගන්න වේදිකා නොනගින්න එක් ප්‍රධාන හේතුවක් ඔවැනි අවමාන.
මා විදේශයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්මාන උත්සව දෙකකට සහභාගී වී තියෙනවා.
ඒ මගේ කෙටි චිත්‍රපටය වූ "නොනිමි ගමන - Endless Journey" ප්‍රදර්ශනයට තෝරා ගත් අන්තර්ජාතික සම්මාන උළෙල 20 න් දෙකක්.
පැන්ජියාඩේ අමෙරිකාවේ ලොස්ඇන්ජලීස්හි හොලිවුඩ් සෝනි චිත්‍රාගාරයේදීත්, සිනෙග්ලෝබ් ස්විට්සර්ලන්තයේ ජිනීවාහි ප්‍රංශ දේශ සීමාවේ පිහිටි CERN-පරමාණු බල ශක්ති පර්යේෂණ පිළිබඳ යුරෝපියානු සංවිධානයේදීත් පැවැත්වුණා.
එහිදී කිසිවෙකුටත් සම්මාන ලෙස ලී හෝ වානේ, පිත්තල කෑලි දුන්නේ නැහැ. සහතික නම් තාම ෆයිල් කවරයේ තියෙනවා.
ඒවායේ සම්මාන පුදන්නට කිසිදු දේශපාලකයෙක් පැමිණියේත් නැහැ. ක්ෂේත්‍රයේ දැවැන්තයින් අතින් සම්මාන සහතික පිදුණේ ගරු ගාම්භීර මෙන්ම සුහද ආකාරයටයි.
මේ අන්තර්ජාතික උත්සව හෝටල්වල ගත්තේ නැහැ. සම්මාන උත්සව වලට ගැලපෙන, ප්‍රාසාංගික බව හොඳින් දැනෙන ශාලාවල සම්මාන උළෙල පවත්වන්නට තරම් සංවිධායකයින් මානසිකව පොහොසත් බවින් හෙබි අය වුණා.
විදේශයේ පමණක් නොව මා විවිධ හේතු මත සහභාගිවූ මෙන්ම සහභාගි වෙන්නට ඉඩ ඇති ලංකාවේ සම්මාන උළෙල ගැනත්, සම්මාන අවමානයන්ට ලක්වූ තවත් අවස්ථා ගැනත් කතා සම්මාන හා අවමාන -3 මී ළඟ "නොකීකතා"වට පාදක වෙනවා.

http://mentalfloss.com/article/30074/8-academy-award-nominees-and-winners-who-snubbed-oscars
ReplyDeleteසතූතියි. එවැන්නෝද වෙති.
Deleteහෙන් රි.....සම්මාන පිලිබඳ හොඳ රසවත් ලිපියක්.
ReplyDeleteඔය සුනන්දා රණසිංහගේ සිද්ධිය වාර්තාකිරීමට ගොස් සිටි දීපානි සිල්වාගේ සොයුරාට දේශපාලක ඇම්බැට්ටයෝ අල්ලන් නෙලපු කතාවක්, දීපානි සිල්වා විසින් ඊයේ පෙරේදා ලක්බිම පුවත් පතට ලියා තිබුනා. ඔන්න ඔහොමයි වැඩ. විදේශීය සම්මාන උළෙලවල් වලත් මෙවැනි සම්මාණ ප්‍රතික්ශේප කිරීම් සිදුවෙලා තියෙනවා නේද? ලියා තබන්න තරම් මතකයක් නැහැ.
1997 සෝනු නිගම් ෆිල්ම්ෆෙයාර් සම්මනෙ ප්‍රතිශේප කරනව සඳේ සේ ආතේ හේ සින්දුවට දුන්න . මේ සින්දුව සෝනු කියන්නෙ රූප් කුමාර් එක්ක ඒත් සම්මානේ දෙන්නෙ සෝනුට විතරයි. ඒ නිසා සෝනු ඒක ප්‍රතික්ශේප කරනව.
Deletehttps://www.youtube.com/watch?v=XNzUJ25gq-w
තාගෝර් බ්‍රිතාන්‍ය කිරීටයෙන් දුන්න නයිට් නාමය ප්‍රතික්ශේපකරල තිබ්බ 1919 යෙ ජල්ලියා වාලා බාග් සංහාරයට විරෝධය පෑමක් ලෙස....
මාලන් බ්‍රැන්ඩොත් හොඳම නලුවට හිමි ඇකඩෙමි සම්මානෙ ප්‍රතිශේප කරනව . ෆිල්ම් එක ගෝඩ් ෆාදර්.
Delete//ඔය සුනන්දා රණසිංහගේ සිද්ධිය වාර්තාකිරීමට ගොස් සිටි දීපානි සිල්වාගේ සොයුරාට දේශපාලක ඇම්බැට්ටයෝ අල්ලන් නෙලපු කතාවක්, දීපානි සිල්වා විසින් ඊයේ පෙරේදා ලක්බිම පුවත් පතට ලියා තිබුනා.//
Deleteඔව් අරුණ...මේ සම්මාන උළෙලේදි විය යුතුයි
X - Porter, ඉහත Pra Jay දාල තියෙන ලින්ක එකේ එවන් විස්තර තියෙනව.
Deleteහෙන් රි....මම හරිම කැමතියි එක්ස්පෝර්ටර් වගේ තරුනයින් බ්ලොග්ස් තුල කමෙන්ට් එකකින් හෝ දක්වන දායකත්වයට. ඒ තුල සජීවී බවක් දකිනවා. පත්තර මල්ලි වගේ අය කමෙන්ට්ස් තුල නොදැකීම අඩු පාඩුවක්. ඔවුන්ව කොහේ හරි, කවුරුන් හෝ මුලා කරානම් එය තදබල වැරැද්දක්. ඔවුන් නැවත එලියට ආයුතුයි. පත්තර මල්ලිලා ඉවත්වුනේ ඇයි....පමනක් නොවේ, මේවා විනාශ වෙන්නේ ඇයිද යන්නත්, මා වැනි කුඩා මිනිසුන් නොව උඹලා වැනි ටිකක් ලොකු මිනිසුන්වත් සිතා බැලිය යුතුය. මචං මේ අදහසක් පමනි.
Delete//පත්තර මල්ලි වගේ අය කමෙන්ට්ස් තුල නොදැකීම අඩු පාඩුවක්.// ඔව්...සහතික ඇත්ත.
Delete//මා වැනි කුඩා මිනිසුන් නොව උඹලා වැනි ටිකක් ලොකු මිනිසුන්වත් සිතා බැලිය යුතුය.// ලොකු පොඩි කතාවක් නෑ. බ්ලොග්ලියන්නො කවුරුත් සමානයි. හැමදාම ලිව්ව කියල ලොකු පොරවල් නෑ. ඉතා වටිනා බ්ලොග් ලියන අය හුදෙකලා වෙලා ඉන්නව.
ඇත්තෙන්ම තරුණයින් පෙරට ආ යුතුයි. සම්මාන ලැබිය යුතුයි.
තැන්කිවු අරුන අය්ය දිරිමත් කිරීමට. ඇත්තටම පත්තරේට උනදේ සංශයක්. අපි නූතතන තාක්ශනික උපකරන භාවිතා කරන්න ඔනේ සම්බන්ධකම් පුලුල් කරගන්න මිස එක එක පුංචි කෝව වලට කොටුවෙන්න නෙවී කියලයි මම හිතන්නෙ.. හෙන්රි අය්ය තරුනයන් පෙරට යනවට වඩා එකට යායුතුයි ලියලයි මට හිතෙන්නෙ. මොකද ඔයාලගෙ අත්දැකීම් තමයි තරුනයන්ට ආනුපාන සපයන්නෙ. ඇත්තටම මෙහෙම කමෙන්ට් කිරීමෙන් ලබන ආත්ම තෘප්තිය ඔය මොනවටත් වඩා ඉහලයි. ඒ කනෙ රවිය එක්ක අරුන අයිය එක්ක රෑ තිස්සෙ සංගීතයයි අරකයි මේකයි ගැන කයිවාරු ගහන්නෙ.
Deleteදේශපාලුවෝ දැන් අදාළ නැති තැනක් නැහැනේ.සම්මාන උළෙලකින් විතරක් ඕක වියුක්ත වෙයි කියලා මම හිතන්නේ නැහැ.දේශපාලකයෝ සම්මාන උළෙලකට ගෙන්වීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමන දෙයක්ද යන්න දන්නේ සංවිධායකයින්ම තමයි.දේශපාලකයෝ වුනත් තමන්ගේ ස්ව කැමැත්තෙන් එනවා කියන්නේ මොකක් හරි වාසියක් බලාපොරොත්තුවෙන් වෙන්න පුළුවන්.මීයක් කඩන්නේ අත ලෙව කන්නයෑ.
ReplyDeleteහැබැයි මම හිතනවා හෙන්රි අයියා මේ ගැන මේ විදියේ සංවාද වෙන එක හොඳයි.එතකොට ඉදිරියේ තියෙන අඩුපාඩු මග හරවාගෙන මෙයට වඩා සාධනීය විදියට වැඩ කරන්න පුළුවන් වේවි කියලා.
මෙතන තියෙන්නෙ අදීනත්වය හා කඩේ යාම ගැන ප්‍රශනයක් මනෝජ...දේශපාලුවන්ව ගේන්නෙ එක්කෝ ලකුණු දාගෙන අනාගත බඩ වඩාගන්න ආයෝජනයක් විදිහට. නැත්නම් උං ගැන මහ ලොකුවට හිතාගෙන ඉන්නෙ. ඒක තමයි දීන කම. දේශපාලුවො කියන්නෙ ජනතාවම පත් කොට ජනතා මුදලින්ම පඩි ගෙවන සේවකයො බව ජනතාව අමතක කිරීම දීනකමක් නොවෙයිනං වෙන මොකක්ද?
Delete///දේශපාලුවන්ව ගේන්නෙ එක්කෝ ලකුණු දාගෙන අනාගත බඩ වඩාගන්න ආයෝජනයක් විදිහට. නැත්නම් උං ගැන මහ ලොකුවට හිතාගෙන ඉන්නෙ. ඒක තමයි දීන ////////
Deleteමේ කරන්නේ අහිංසක තරුනයෙක් හෝ තරුනියක් රාජිතගේ හෝ තව කාලකන්නියෙක්ගේ අතින් සම්මාන පින්තූරයකට සීමා කිරීම. ඔවුන් තවත් ලදරුවන් කිරීම. ඒ ලමයිට ඒක ලොකු දෙයක්. ඒක කමක් නැහැ කියමුකෝ. මේක කවදා හෝ දවසක මරා හෝ මහින්දානන්ද හෝ අනුර හෝ බිමල් අතින් වෙන්නෙත් මේ විදිහටමයි. ලියලා වැඩක් නැහැ හෙන් රි. බ්ලොග්ස් තවත් වෙබ් අඩවි බවටම පත්වෙයි. මම ඔය නාඩගම් වලට බයයි. පව් අහිංසකයෝ. මට පාන්ද කියලා හිතෙනවා එක වෙලාවකට.
අපිට පාංද කියල හිතන්න ගියොත් මේ ලෝකෙ පිස්සුවක් වෙනව. ඒකයි මුල ඉඳංම මම මේ දේශපාලුවන් ගේන එක විවේචනය කළේ. බ්ලොග් ලියන්නො වඩාත් නිදහස් කණ්ඩායමක්. කාටවත් බැඳීමක් නෑ.
Deleteසම්මාන දීම මා ධනාත්මකව ගත්තෙත් නව පරපුරකට එය දිරියක් වෙන නිසාමයි. ගිය වතාවෙ අහම්බෙන් වුණත් ගිහිං වේදිකාවට නැගල සම්මාන දුන්නෙත් මේ උත්සහයට රුකුල් දෙන්නයි. නැත්තං මම සම්මාන ගැන උනන්දු වෙන කෙනෙක් නොවෙයි.
ඒත් කවර අඩුපාඩුකම් මැද වුණත් මේක ගොඩ දා ගනීවි කියල හිතුව. ඒත් දැං ලොකු අවුල් පේන්න ගන්නව. බ්ලොග් නොලියන කාන්තාවො සිංහල බ්ලොග් සංසදය කියල එකකින් මාධ්‍ය සාකච්ඡා වලට එනව. ටී.වී. එකට එනව. ජන ඝාතක, අවස්ථාවාදී දේශපාකයො ගෙන්ල්ල සම්මාන දෙනව. තෑගි දෙන්න සල්ලි නෑ කියල සීමා කරල හෝටල් වලට ගෙවල සම්මාන උත්සව පවත්වනව.
මේ ගැන මීට වඩා ප්‍රබල ආකාරයෙන් එකාවන්ව නැගී සිට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න ඕනෙ.
උත්තර දෙන්න ඕන හෙන්රි නෙමේ . ඒත් උත්තර දෙන්න මිනිස්සු නැහැ. මේක ආණ්ඩුව වගේ. (මම මරා පරාද කිරීමේ සටනේ අකුරු කිහිපයකින් හරි පෙනී සිටියා. මොකද ඒ රෙජිමය අපේ හිතට වඩා, උන්ගේ හිතට මුල් තැන දීපු නිසා. මම පාර්ලිමේන්තු ඡන්දෙදි බලාපොරොත්තුවුනේ වෙන දෙයක්.මම ජවිපෙට ආසන දහයක්වත් ලැබෙයි කියා හිතුවා. ) නමුත් අද බ්ලොග්ස් අයියන්ඩිලා මොනවද මොනවද කරනවා. ආණ්ඩුවයි, බ්ලොග් සංසන්දෙයි දෙකම එක වගේ. අපිව අන්දනවා. මට නම් මේ දෙකම එක වගේ. ආතක් පාතක් නැහැ. හෙන්රි මේක විහිලුවක්. මේ මම පාන් කියන්නේ හුකාපාන් අර්තයෙන් නොවේ. මේ ඉලව්ව දෙස බලා කලකිරීමෙන්.
Deleteසුනන්දා රණසිංහ සහ විපුල හේවා වලිමුණි මට මතකයි යොවුන් ජනතා කාලේ. ශිල්ප සත්වෙනි දවස දක්වමි කියන පොතකුත් මතකයට එනවා.
ReplyDeleteදෙපලගේ පුතෙකු කැලණිය විවියේ සිසුවෙකු ලෙස බ්ලොග් ලොවෙත් හිටියා 2010 වගේ දිනවල
පුතා බ්ලොග් ලිව්ව බවක් දන්නේ නැහැ. 2010 තරමෙ මම බ්ලොග් ගැන අහලත් නෑ.
Deleteඇය සමග කල සම්මුඛ සාකච්චාවක් මා කියෙව්වා මතක විදියට රාවයේ, මතක විදියට ඒ සම්මාන සිද්දිය ගැන හා රෝසී ගැන ඇය දැන් දරන්නේ මැදහත් මතයක් වගේ.
Deleteබලමු තුන්වන නොකී කතාවත්...
ReplyDeleteජයවේවා..!!
බ්ලොග් වලට සම්මාන ලැබීම අනවශ්‍ය බව මම සිතන්නේ. ඒ නිසා ඒ අදහස මත පිහිටමින් මගේ ලිපියකට නිර්දේශ වී තිබුන සම්මානය මම ස්තුති පූර්වකව ප්‍රතික්ෂේප කළා.
ReplyDeleteබ්ලොග් වලට සම්මාන ලැබිය යුතුද කියන එක ලියන්නාට තීරණය කල හැකියි. බ්ලොග් වලට සම්මාන දිය යුතුද කියන එක තීරණය කල හැකි කාටද ?
සමාජ මාධ්‍ය ඇගයීමට ලක් කිරීම ගැන දීර්ඝව කතා කරන්න අවශ්‍ය වුනත් දැන් අවකාශයේ තිබෙන වාතාවරණය ඊට සුදුසු නැති බවයි පෙනෙන්නේ.
හැන්රි,
ReplyDeleteමේ බ්ලොග් ලියවිල්ලට දේශපාලකයෝ නං අදාළ නැහැ තමා.
එතකොට කවුද සම්මාන සහතික ප්‍රදානය කරන්ඩ ඉන්න බ්ලොග් 'ක්ෂේත්‍රයේ දැවැන්තයො'
අප බොහෝ කලක සිට කල චෝදනා ක්‍රමයෙන් සත්‍ය වෙමින් පවතිනා අද දවසේ..............
ReplyDeleteවිකුනමු අපි විකුනමූ
බ්ලොග් කරුවන් විකුනමූ
සිරිකොතටම විකුනමූ
විකුනාලා ගොඩ යමූ
එයා මයිල් අරගමූ
තරු හෝටල් වල ඉමූ
PRRA රාජිත ගෙන්වමූ
අපේ ගාන අරගමූ
පිට කොඳු ටික ගලවමූ
ලැජ්ජාවත් දන් දෙමූ
ලී කෙලියෙන් වැඩ දැමූ
හොර ඇල්බට් අප වෙමූ!
++++++++++++
Deleteඔය බ්ලොග් ලියන රසිකලාගෙ පැරාලාගෙ තියෙන දුර්වලතාවයක් තමයි මුන්ට සම්මානයක් කිවාම මාර ලොකු වීම. ඊට පස්සෙ ඕනැ ගූ ගොඩක් සුවඳයි. මේ දුර්වලතාවය දන්නා බස් අජිත්ද මොකද්ද කියනා එකා ඒක මනාව භාවිතා කරමින් මේ දෙපළ ලවා තමන්ගේ වන්දි භට්ටකම් අපූරුවට කර ගන්නවා. ලජ්ජාවක් නැති මුන් දෙන්නාත් රෙදි ලිහාගෙනම කඩේ යනවා.
ReplyDeleteනොකී කථා ගේ මේ ලිපිය මම ඊයේ උදේ කියෙව්වු නමුත් කියන්නේ කුමක්දැයි හොඳි වැටහුනේ ඊයේ රාත්‍රියේ අයි ටී එන් බැලුවට පසුවයි.
ReplyDeleteඔව් ඔබ කියන කථා ව හරි..
අයි.ටී.එන්. බලද්දි නිකං හොල්මං වුණා. මේව කියන කට උලා ගන්නයි වෙන්නෙ..
Deleteරසිකලාට පැරාලාට ආ මෙන්න සම්මානයක් කියලා බලු බෙට්ටක් දුන්නත් උන් ඒ බලු බෙට්ට එක්ක ෆෝටෝ ගහලා ෆේස්බුක් එකෙත් දානවා.
ReplyDeleteනයි.ටී.එන්. නාටකය වෙනුවට බ්ලොග් ගැන මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් යමක් ඉදිරිපත් කළා නම් ??? ගිලිහුණු අවස්ථාවක් !
ReplyDeleteඇත්ත. කතා නොකළෙත් බ්ලොග් ගැනමයි. බ්ලොග් ලියන අය ඇර අනෙක් ජනතාව වෙන චැනල් එකකට මාරු කරන්න ඇති. මාත් නිදා ගන්න ගිය එකේ.
Deleteඇත්ත ඔයික කරනවනං ගන්න සම්මානෙට වටිනාකමක් ලැබේවි
ReplyDeleteගන්න සම්මානෙට වටිනාකමක් ලැබෙන්නයි ඕනෙ. නැතිකර ගන්නෙත් ඒකමයි.
Delete