Powered By Blogger

Thursday 1 August 2019

වෙඩි පුහුණුවෙන් කැලෑ පුහුණුවට

මා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන  නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  
නොකීකතා පෙළක් .


අප ඉතා ඉක්මනින්ම හමුදාණින්ම හමුදාකරණයට ලක් වෙමින් සිටියා. මා ඉන් අදහස් කරන්නේ හමුදාවේ නීති රීති රෙගුලාසි සහ සම්ප්‍රදායන්  අප ග්‍රහණය කර ගනිමින් සිටි බවයි. නාවික හමුදා නිලධාරීන් ලෙස ඉදිරි ගමනක් යන්නට එය අත්‍යවශ්‍ය සාධකයක් වුණා. එසේම නාවික හමුදාවේ දෛනික වැඩපිළිවෙළට අප අනුගත වීම ඉතා ඉක්මනින් සිදුවුණා. උදේ පාන්දරින් අවදිවී පීටී ඇඳුම් ඇඳගෙන කිරි කොකුන් සේ නාවික හා සමුද්‍රයීය විද්‍යාපීඨ බිම පිහිටි ත්‍රිකුණාමලයේ  නාවික තටාකාංගනයේ (Naval Dockyard) උදෑසන ව්‍යායාම් කළ අප නැවත අපගේ නවාතැනට පැමිණ උදෑසන ආහාරය ගෙන නිල් ඇඳුමින් සැරසී බූට් දමාගෙන ආමරියට ගොස් රයිෆල් අතට ගෙන ඉතා ඉක්මනින් පෙරඩ් ග්‍රවුන්ඩ් එකට දිව ගියේ උදෑසන අටට පෙළගැසීම (muster වීම) සඳහායි. 

පැයක හමාරක පෙරේඩ් ට්‍රේනින් අවසානයේ විවිධ පාසල්වල දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා පිටත්ව ගියා. දහවල් කෑම විවේකයේදී පැය බාගයක කෙටි කුකුල් නින්දක් දැම්මේ ඒ ඇඳුම් පිටින්මයි. නැවතත් පෙරසේම දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්. සවස 5  වන විට නැවත පීටී ඇඳුමෙන් ක්‍රීඩා පිටියටත්, ජිම් එකටත් යන්නට සිදු වුණා. ආපසු නිවස්නයට  ආවේ රෑ බෝ වන විටයි. රෑ 7 වන විට සුදු ඇඳුමින් සැරසී ward room  එකට ගියේ රාත්‍රී ආහාරය ගැනිමටයි. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මධු පානය කරමින් රාත්‍රී ආහාරය ගනිද්දී අපි අමුවෙන්ම රෑ කෑම ගත්තා. පුහුණු කාලයෙන් පසුව ඒ වරම් අපටත් හිමිවන බව අප දැන සිටියා.

විද්‍යාපීඨ දේශන සහ  ප්‍රායෝගික පුහුණුවට අමතරව වෙඩි පුහුණුව සහ කැලෑ පුහුණුව අපට නියමිත වුණා. එසේම මාස තුනකට පසු කෙටි  මුහුදු පුහුණුවක් සඳහා විවිධ නැව් හා යාත්‍රා වලට අනුයුක්ත කරනු ලබන බවද අප දැන සිටියා. වෙඩි පුහුණු සිදු කළේ නාවික තටාකාංගනය ඈත කෙළවරක කැලෑව මැද පිහිටි වෙඩි පිටියේදී. ඒ සඳහා යන හැම වාරයකදීම වාගේ අප සමග පුහුණු වන කාන්තාවක් නැවියන් ද රැගෙන යනු ලැබුවා. එය එක්තරා ආකාරයකට ලැජ්ජාවකට කරුණක් වුණා සේම තවත් ආකාරයට කිසියම් ප්‍රමෝදයකට ද හේතු වුණා. ලැජ්ජාවට කරුණක් වුණේ කිසියම් වරදක් සිදු වූ විට තිත්ත කුණුහරුපෙන් බැනුම් ඇසීමට මෙන්ම දඬුවම් විඳීමට විඳීමට ද සිදුවීමයි. පිරිමි පාර්ශවය පමණක් සිටින හමුදාවක මුළු දවසම ගත කොට හෙම්බත්ව සිටි අපට අපේම වයසේ, නැතහොත් ඊටත් වඩා බාල වයසේ තරුණියන් සමග සමග කාලය ගත කරන්නට ලැබීම ප්‍රමෝදජනක අත්දැකීමක් වුනා. ඒ අවස්ථාවලදී මට ලංකා සමග නැවත කතාබහ කරන්නට ඉඩකඩ සැලසුණා.

ඉලක්කයට වෙඩි තැබීමේ දී මා තුළ කිසියම් සහජ හැකියාවක් තිබුණා කියා මා සිතනවා.  පසුකාලීනව සමස්ත ලංකා වෙඩි තරඟ සඳහා මට සහභාගී වන්නට අවස්ථාව ලැබුණේ ඒ නිසා විය යුතුයි. AK 47 රයිෆලයෙන් මෙන්ම ටී 56 ස්වයංක්‍රීය තුවක්කුවෙන් වෙඩි තැබීමට අමතරව ග්‍රෙනේඩ් එකක පින් එක ගලවා ප්‍රහාර එල්ල කිරීමත් අපට පුහුණු කරනු ලැබුවා. එය එක්තරා අතකට අවදානම් සහගත පුහුණුවක්. ග්‍රෙනේඩ් එකක පින් එක ගලවා ඈතට විසිකරනවා යනු ඉතා ක්ෂණයකින්, ක්‍රමවත්ව සිදු කළ යුතු කාර්යයක්. සිදුවන පමාවකින් එතැනම විශාල පිපිරීමක් සිදු වී ජීවිත හානි සිදුවන්නට ඉඩ තිබුණා. මේ සඳහා අපගේ පුහුණුවට පැමිණි සිටියේ ආයුධ පරිහරණය පිළිබඳ මැනවින් දක්ෂතා පෙන් වූ උපදේශකයින්. සුළු වැරදීම් වලදී පවා අමු තිත්ත කුණුහරුපයෙන් බැණුම් අසන්නට සිදුවූයේත්, ශාරීරික දඬුවම් විඳින්නට සිදුවූයේත් ඒ අවදානම  නිසාම යැයි මා සිතනවා. පසුකාලීනව මා භාරයේ සිටි පුහුණු වන නාවික හමුදා සෙබළුන් වෙඩි පිටියට රැගෙන ගිය විට මටත් එසේම හැසිරෙන්නට සිදුවුණා. ඒ කතා පසුවට.


අපිට කැලෑ පුහුණුව ලබා දුන්නේ වට දෙකකින්. පළමුවැන්න එක් දින කැලෑ පුහුණුවක්. දෙවැන්න මහ කැලෑබදව් රාත්‍රිය ගත කිරීමේ සැසියක්. මේ සඳහා මූලිකත්වය ගත්තේ නාවික හමුදාවේ සිටි ප්‍රබල ප්‍රහාරකයෙකු වූ ලුතිනන් කමාන්ඩර් බහා(ර්). අපගේ අංශ භාර නිලධාරියා වූ ලුතිනන් කොමාන්ඩර් අබේසේනත් මේ සඳහා එක්වුණා. ලුතිනන් කමාන්ඩර් ශාන්ති බහා(ර්) යනු නාවික හමුදාවේ Special Boat Squadron හි ආරම්භක නියමුවායි.

ඉතිරිය සඳහා  ආලෝචනා නැංගුරම කියවන්න




සෙස්ස පස්සට……

No comments:

Post a Comment