Powered By Blogger

Wednesday 23 October 2019

ප්‍රේමදාස වෙනුවෙන් ඝාතන සිදු කළ "ප්‍රා"


රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්.....4

ප්‍රේමදාස වෙනුවෙන් ඝාතන සිදු කළ "ප්‍රා" 




එජාප ආණ්ඩුව මගින් ඒකේ 47 තුවක්කු, ටී 56 තුවක්කු, රිවෝල්වර 38, මූනිස්සම් තොගයක්, අත්බෝම්බ 1988 මාර්තු 25වැනිදා ශ්‍රී ලංකා මහජන පක්ෂයට භාර දුන් අතර එය චන්ද්‍රිකා කුමාරතුංග වෙනුවෙන් බාර ගත්තේ ලොකු අතුල නොහොත් නිමලසිරි ජයසිංහ විසිනි. චන්ද්‍රිකා කුමාරතුංග දරු දෙදෙනා සමඟ 1988 අප්‍රේල් මස රට හැර ගියේය. එජාප ආණ්ඩුව ලබා දුන් සියලු ආයුධ 1988 මාර්තු 25වැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා ගබඩා කර තිබුණේ කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ ඇයගේ නිවසේය. පසුව චන්ද්‍රිකා කුමාරතුංග විසින් 1988 ජුනි 12 වැනිදා ඔසී අබේගුණසේකරට ලිපියක් ලියමින් 1988 ජුනි 30 වැනිදා පසුව තමාගේ නිවස ආයුධ තබා ගැනීමට, කිසිදු සාකච්ඡාවකට හෝ දේශපාලන කාර්යයකට ඉඩ නොදෙන බැවින් ඉන් ඉවත්වන ලෙස දන්වන ලදි. මෙම ආයුධ වලින් කොටසක්ද පසුව ප්‍රා සංවිධානයට යොමු විය.

පොඩි සිල්වාගේ රියදුරු සිරිපාල වූ අතර ප්‍රා සංවිධානය පරිහරණය කළේ පැහැර ගෙන එනු ලැබූ සැකකරුවන්ගේ වාහනය. ඔසී අබේගුණසේකර විසින් ප්‍රා වෙත අවසන් වරට මුදල් ලබා දෙන ලද්දේ 1989 ජුනි 20වැනිදාය. මාෂල් නැමැත්තෙකු 1989 ජුලි 29වැනිදා පැහැරගත් අතර ඔහු අගෝස්තු 04 වැනිදා නිදහස් කරනු ලැබුවේ ලක්ෂ 5ක කප්පමක් ලබා ගැනීමෙනි. සැකකරුවන් කිහිප දෙනෙක්ම අදාළ පවුල්වලින් මුදල් ලබා ගත් පසු නිදහස් කළෝය.

ප්‍රා සංවිධානය මගින් අත්අඩංගුවට ගත් අය මරා දැමුවේ අත් පා කපා දරුණු වධ දීමෙනි. ජවිපෙන් ගැටුම් හදා ගෙන ඉවත්වූ පැරණි ජවිපෙ සාමාජිකයින් ගෙන් ජවිපෙ සාමාජිකයින් සහ හිතවතුන් පිළිබඳ ඔත්තු ඔවුනට ලැබිණි. බංකර සහ වධකාගාර තුළදීම ජවිපෙ සාමාජිකයින්ට දරුණු වධ දී ඔවුන් බිල්ලක් ලෙස යොදා ගනිමින් සෙසු ජවිපෙ සාමාජිකයින් හඳුනා ගැනීම ඇරඹුවේ ප්‍රා සංවිධානය මගිනි. 


  
සරසවි සිසුන් 396ක් ඉකුත් භීෂණ සමයේදී ඝාතනය වූ අතර තවත් සරසවි සිසුන් 227ක් අතුරුදහන් විය. ප්‍රා සංවිධානය ඝාතනය කල 1,222ක අතරට සරසවි සිසුන් 200කට ආසන්න පිරිසක් ඇතුළත් වේ. ඉන් වැඩි පිරිසක් මරා දැමුවේ ප්‍රා සංවිධානයට ගොනුවී සිටි ධර්මසිරිගේ නායකත්වයෙන් යුත් ස්වාධීන ශිෂ්‍ය සංගමය මගිනි. ප්‍රා සංවිධානය මගින් ඝාතනය කළ ජවිපෙ ඉහළම නායකයා වූයේ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු වූ ඊශවරගේ ආරියසේනය. ප්‍රා සංවිධානය මගින් ඝාතනය කල ජවිපෙ සාමාජිකයින් සහ ජවිපෙ හිතවතුන් සංඛ්‍යාව 1,222කි.

ප්‍රා සංවිධානයේ කටයුතු 1990 සැප්තැම්බර් මාසයෙන් පසු වාර්තා වූයේ නැත. එහෙත් හලාවත පොලිසිය මගින් වට්ටක්කුලිය ඉස්සන්දූවේ පිහිටි ප්‍රා මූලස්ථානය 1997 මැයි 29 වැනිදා වටලනු ලැබීය. අනතුරුව එහි සාමාජිකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන මාස 06ක් රඳවා තබා ගන්නා ලදී. ඔවුන් අතර මහජන පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුද විය. පසුව ඔවුන් නිදහස් වූහ.





(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)

7 comments:

  1. මොකද මේ වෙනත් අය ලියූ දේ නැවත පළ කරන්නේ උපුටා ගත් තැනක් සඳහන් නොකර?

    ReplyDelete
    Replies
    1. හෙන්රි වර්ණකුලසූරියWednesday, October 23, 2019

      (උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)කියලා යටින්ම තියෙන්නේ.
      මතක විදිහට නෙළුම් සම්මාන සංවිධානය කරල රාජිතව ප්‍රධාන අමුත්තා කළ වෙබ් සයිට් ඒක.

      Delete
    2. This seems to have been quoted from Dharman Wickremarathne's book.

      "Nelum sammana" is organized by a group of stooges of Rajitha to earn some black money. Those shameless henchmen once called that murderer as "Modern day Senaka Bibile". The chance of them publishing an article of killings committed by Rajitha is next to nill.....

      Delete
    3. I am not sure. I don't have Dharman's book to check. I extracted from an article published in Internet.

      Delete
  2. I have seen the above photo in few places, do you any more information who/where? thanks

    ReplyDelete
    Replies
    1. හෙන්රි වර්ණකුලසූරියWednesday, October 23, 2019

      It was mentioned as Medirigiriya area in one of the document.

      Delete
  3. යූ එන් පී කාරයා මිනීමැරුවත් ශ්‍රී ලංකාකාරයා මිනී මැරුවත් ජේ වී පි කාරයා මීනීමැරුවත් එල් ටී ටී ඊ කාරයා මිනි මැරුවත් මාලූ කාරයා මිනී මැරුවත් ඔක්කොම එකයිනේ.ඒ උනාට මේ ලිපි ඔක්කොගෙම තියෙන්නේ යූ එන් පී එකෙන් කරපුවා විතරයි.එක පාලකයෙක් මිනී මරලා පැවැත්ම තහවුරු කර ගනිත් දී අනිත් පාලකයා ඒ මරණ වෙන්දේසි කරලා බලය තහවුරු කර ගන්නවා.තමන්ගේ පැවැත්මට තව කෙනෙකුගේ ජීවිතය පැහැර ගැනිම පහත් ම්ලේච්ඡ ක්‍රියාවක්.ඒ මිනිසුන්ට සාධාරණයක් ඉටු නොකොට ඒ මිනිසුන්ගේ නාමයන් තමන්ගේ මැතිවරණ ජය වෙනුවෙන් යොදා ගැනිම ඊටත් වඩා පහත් නින්දිත වැඩක්.

    ReplyDelete