Powered By Blogger

Saturday 9 November 2019

ඡන්දෙ දීම හා නොදීම ගැන කතිර කතාව......

ඡන්දෙ දීම හා නොදීම ගැන කතිර කතාව......



මා කිසිදු වතාවක පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණයන්හිදී ඡන්දය පොළට ගොස් නැත. ඒ නිසා මනාප නොදුන් බැවින් පනින උන් ගැන කම්පා වී නැත. ජනාධිපතිවරණ තුනකදී කතිර එක බැගින් ලකුණු කොට ඇත.

මා දේශපාලනික වශයෙන් මැතිවරණයකදී වඩාත් උනන්දු වූයේ 1977 මහමැතිවරණයේදීය. ඒ අවස්ථාවේ මට ඡන්ද බලය නොතිබූ බැවින් හවසට හවසට මගේ වැඩිහිටි ඥාතියෙකුගේ නිවසට හෝ ගෙවල් අසල පිහිටි කම්මලට ගොස් දේශපාලන කතා තෙම්පරාදු කරනවා හැර වෙන කළ ලබ්බක් නැත. දේශපාලන තොරතුරු කතා කරන්නට පාපැදියේ නැගී මා ඒ දෙතැනට ගියේ ඥාතියාත්, කම්මලේ ස්ටීවන් බාස් උන්නැහේත් උග්‍ර ශ්‍රීලංකාකාරයින් වූ නිසාය.

70 සිරිමා ආණ්ඩුව නිෂ්පාදන සංග්‍රාමයක් පටන් ගෙන ආහාර හිගයක් ඇතිවන තැනට වැඩ සිද්ධ කළ නමුදු සමගි පෙරමුණ ආණ්ඩුව කළ ජනහිතකාමී වැඩ පිළිබඳ මා වෙත වූයේ ප්‍රසන්න හැඟීමකි. මඤ්ඤොක්කා, බතල වවා වැඩි කොටහ පිටතට විකුණන්නට උත්සුක වූ මා ජවාධික තරුණයෙකු ලෙස ගෙදරට අවශ්‍ය බෝංචි, මෑ, වම්බටු, කරවිල, අමුමිරිස් වැනි බෝග වැව්වා මතකය.

වානේ සංස්ථාව, ටයර් සංස්ථාව, තෙල් පිරිපහදුව, පොහොර සංස්ථාව, දැව සංස්ථාව, කඩදාසි සංස්ථාව ආදී ආයතන ගණනාවක් පිහිටුවා සිරිමා රජය කළ සේවාව මගේ ප්‍රසාදයට හේතු වූ නිසා ආහාර හිගවීම හා හාල් පොලු, මිරිස් පොලු පාන් පෝලිම් යනාදී දුෂ්කරතා ඉත සිතින් ඉවසන්නට අපට හැකි විය. ඒත් ජනතාව දුෂ්කර අඩියකට දමා දේශපාලුවන් හා නිලධාරීන් විශේෂ වරප්‍රසාද භුක්ති විඳීම ගැනද මා තුළ විරෝධයක් තිබුණද එය එජාපයට සමීප වීමට තරම් ප්‍රබල නොවීය.

77 ජේ.ආර්. 5/6 ක පාර්ලිමේන්තුවේ බලය ලබා අගමැතිවී, ව්‍යවස්ථාව වෙනස් කොටගෙන සර්වබලධාරී ජනාධිපති වී රටට කරන වින්නැහිය ඉතා හොඳින් තේරුම්ගත් මා 1982 ජනාධිපතිවරණයේදී මගේ මුල්ම ඡන්දය වෙනුවෙන් කතිරය ගැසුවේ ජවිපෙ රෝහණ විජේවීරටය. එවකට සරසවි සිසුවෙකු වුවද මා ජවිපෙ සමඟ ඍජු ගනුදෙනුවකට ගොස් හෝ පක්ෂයේ අනුගාමිකයෙකු වී නොතිබිණ.

මා ජවිපෙ හා සහයෝගිතාවකට ආවේ 1984 අගදීය. ඒ වන විට ජවිපෙ "යන්තරය" (දන්නෝ දනිති.) සැලසුම් කරමින් තිබිණ. ජේ.ආර්. විනාශ කළ රට ප්‍රේමදාස බාර ගත්තේ ධවල භීෂණයකට පාර කපමිනි. 1988 ජනාධිපතිවරණයේදී ඡන්දය කටුගා දැමීමට ලොකු කතිරයක් ගැසුවේ තැපැල් ඡන්දය දෙන්නට නොයෑම රාජකාරි ස්ථානයේ සැකයට භාජනය වෙන්නට ඉඩ තිබූ බැවිනි.

අනතුරුව මා ඡන්දහිමි නාම ලේඛනයේ නම ඇතුළත් නොකළ බැවින් ඡන්ද කාඩ් ආවේත් නැත. ඒ නිසා කාට ඡන්දය දෙන්නදැයි ලත වෙන්නට දෙගිඩියාවක් ඇති වූයේද නැත. දාහත් වසරක එජාප ශාපය අවසන් වීම ගැන මා ඉමහත් සතුටට පත් වූවද චන්ද්‍රිකාට කතිරය ගසන්නට මට ඡන්දයක් තිබුණේ නැත. ඊළඟට ජවිපෙ වෙනුවෙන් 2005 ජනාධිපතිවරණයේදී මහින්දගේ ප්‍රචාරක වැඩ වලට දායක වීමි. ඒ ගැන අහිතක් නැති මුත් මහින්ද වෙනුවෙන් කතිරය ගසන්නට අවකාශ මෙන්ම අවශ්‍යතාවක්ද නොවීය.

මා ජවිපෙ මතවාදයෙන් සම්පූර්ණයෙන් දුරස් වන්නේ "අනූ නමයෙන් බේරුණ" අපේ පරපුරේ සගයන් විනාශ කළ හමුදා ප්‍රධානියෙකුට රට බාර දෙන්නට 2010 දී ජවිපෙ පක්කලිකම් කිරීමත් සමඟය. සරත් ෆොන්සේකා ප්‍රාදේශීය හමුදා නිලධාරීන් තෝරා ගනිමින් ඇරඹි බලය ඇල්ලීමේ රහසිගත ව්‍යාපාරය ගැන හමුදාව තුළින්ම දැනගත් මම දිවිහිමියෙන් ඊට එරෙහි වන්නට තීරණය කළෙමි.

ඒ වනවිට පෞද්ගලික උවමනාවක් වෙනුවෙන් මා කෝට්ටේ ප්‍රදේශයේ මැතිවරණ ලේඛනයට ඇතුළත් වී සිටියෙමි. ඒත් ෆොන්සේකා කරළියට නොයෙන්නට මා ඡන්ද පොළට යන්නේ නැත. අනාගතය පිළිබඳ දැනෙන්නට වූ මරණ බිය නිසාම එවකට රැකියාව කළ මහනුවර සිට පැමිණ අවසන් මොහොතේ මහින්දට කතිරය ගැසීමි.
 
ඒ ඉතා නිවැරදි තීරණයක් බව මේ වන විට වන විට බොහෝ දෙනෙකු අවබෝධ කොටගෙන තිබෙනවා නිසැකය .
  
ඉන් පසු මා ඡන්ද පොළට ගොස් නැත.  මීළඟ ජනාධිපතිවරණයට ඡන්ද පොළට යන්නට තරම් උවමනාවක් මට තිබුණේද නැත. එළැඹෙන ජනාධිපතිවරණයේදී ඡන්ද පොළට යාමට සිදු වේ යැයි මා කිසිසේත්ම සිතුවේද නැත. එහෙත් කිසිදු රාජතාන්ත්‍රික භාවයක් පෙන්නුම් නොකරන, රටට හිතකාමී නායකයෙකු වන බවට කිසිදු ලකුණක් නොපෙන්වන, පියාණෝ නවතපු තැනින් පටන් ගන්නවා කියමින් පාරම්බාන සජිත් ප්‍රේමදාස වැනි මොංගල් චරිතයක් මේ රට බාර ගන්නවාට කිසිසේත්ම ඉඩදිය නොහැකි හෙයින් මෙවර ඡන්දපොළට යන්නට තීරණය කළෙමි.

එහිදී මා ඉදිරියේ ඇති ජයග්‍රහණය කළ හැකි එකම විකල්පය වන්නේ ගෝඨාභය රාජපක්ෂයි. එහෙයින් 16 වන දා උදේ පාන්දරින් ඡන්ද පොළට ගොස් පොහොට්ටුව ඉදිරියේ කතිරය සලකුණු කරමි.



7 comments:

  1. Replies
    1. මාගේ ජීවිතයේ මා වඩාත්ම සතුටු වූ දිනය ප්‍රේමදාස බෝම්බයකට හසු වී මිය ගිය දිනයයි. ඒ එතෙක් පන බේරා ගැනීමට වෙනත් පලාතකට ගොස් හැංගී සිටි මට නැවත ගෙදර යාමට හැකි වූ නිසාත් සිහි විකල්ව ගම පුරා ඇවිදිමින් සිටින මගෙ මව වෙනුවෙන් පුලුවන් යමක් කරන්නට හැකි නිසාත්ය.
      අත් කකුල් හා කඳ කොටස් වශයෙන් කපා එවකට සරසවි සිසුවෙක් වූ මගේ වඩිමහල් සොහොයුරා ගේ ශරීර කොටස් අප නිවෙසට බහින පඩිපෙලේ පඩියෙන් පඩිය තබා ඇති අකාරය දුටු මගෙ මව දවස් කීපයක් යනතුරු වචනයක් වත් කොතා නොකර බලා ගත් අත බලා ගෙන සිටියාය. එතැන් පටන් අවරට ගිය ඇගේ මාන්සික මට්ටම අවසානයේ ඇය උම්මතක භාවයටම ඇද දැමීය.

      සජිත්ගේ පරාජයෙන් හෝ ඌට සිදුවන වෙනත් ආපදාවකින් හේමාට පිස්සු වැටුන හොත් ඒ දිනය මගේ ජීවිතයේ දෙවෙනියට සතුටුම දවස වනු ඇත.
      ඒ වෙනුවෙන් මම ගෝටා ට චන්දය දෙමි.

      Delete
  2. එහෙම කිරීම ගැන ලියන්න වෙන්නේ තව පස්සේ කාලෙකනේ.... ඒ ගැන කියවීමේ ඉඩ ලැබෙනතුරු මා ජීවත් වේවා!

    ReplyDelete
  3. My case is somewhat similar (88/89 JVP novana, nomaree maruna) I will be doing the same next week. Hope for the best.

    ReplyDelete
  4. Suddo rata allagena hitiyanam rata bera ganna aragala karanna thibuna eth dan rata allagena inna unp/slfp/pohottu asshole deshapalakyo Tiken rata beraganna mokada karanne. Un dannawa un Mona Jara wade karath un paradinne na kiyala. Welawakata unp EPA kiyala anith patthata denawa next time pohottu sandana EPA kiyala unp ekata denawa denawa. Lanka we wahallu tikata oka kawadawath therena ekak na. Un apiwa hondata andala unge wade karagannawa. Hariyata nikan wrestling match ekak balanawa wage.

    ReplyDelete


  5. මාත් සිතන්නේ ඔබ සිතන ලෙසමයි. මේ වෙලාවෙ කළ යුතු හොදම දෙය එයයි. නැත්නම් නාස්තිය දූෂනය බලය අයුතු ලෙස භාවිතය ,සමාජ පාදඩකරනය ගැන පුවත්වලින් මීඩියා පිරීයනු ඇත. ප්‍රේමදාස කියන අකුරු හතර ද අප්පිරියා බැවිනි.

    රාජපක්ෂ ලාට වඩා ප්‍රේමදාසලා කුජීත නිසාත් කථාවෙන් ක්‍රියාවෙන් වැදගත්කමක් පෙනෙන අධ්‍යාපන සුදුසුකම් සහිත රාජපක්ෂ කෙනෙක් තෝරාගැනීම ගැන අවුලක් නැත. නාස්තිය දූෂනය,බලය අවභාවිතය ,ලුම්පන්කරනය ගැන කුප්‍රකට ප්‍රේමදාස නාමය ද අප්‍රිය බැවිනි. ධ්‍රැවීකරනය වූ ජනාධිපතිවරනයක සැබවින්ම ඇත්තේ දෙන්නෙක් අතර සටනක් බව අපි දනිමු. එහෙත් ඉන්පසුව වහලුන් නොවන උගත් බුද්ධිමත් ජනතාව එක්වී විකල්පයක් ගොඩනැංවීම අනිවාර්යය. නැතිනම් සිදුවන්නේ මාලදිවයිනට හෝ පලායාමටය.

    ReplyDelete
  6. I like looking through an article that will make people think.
    Also, thank you for allowing me to comment!

    ReplyDelete