Powered By Blogger

Wednesday 30 September 2020

සී සික් හා ෂිකේ ෂික්….

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.


උරහිස් පළඳනාව මගිනුයි කිසියම් නිලධාරියෙකුගේ නිලය (Rank) හඳුනා ගත්තේ. උරහිස් පළඳනාවේ වූ හීන් පටි සංඛ්‍යාව අනුව නිලයත්, පටි අතර වර්ණය අනුව අයත් වන අංශයත් පිළිබිඹු වුණා.

උප ලුතිනන්ට එක පටියක්ද, ලුතිනන්ට පටි දෙකක්ද ආදී වශයෙන් වෙන් වුණා. අප අතර උප ලුතිනන්ලා මෙන්ම ලුතිනන්ලාද සිටියේ මා වැනි සමහරු උපාධිය සම්පුර්ණ නොකොට හමුදාවට බැදී සිටි නිසයි. උප ලුතිනන් ලෙස බඳවා ගත් උපාධි අපේක්ෂකයින් උපාධිය සම්පූර්ණ කළ පසු ලුතිනන් තනතුරට පත් කරන්නට නියමව සිටියා. 

     


          

මා එඩිතර නෞකාවට ගොඩ වූයේ ලණු ඉණිමගක එල්ලීගෙනයි.ඊට හේතුව එඩිතර, ජයසාගරට වඩා තරමක් උසින් වැඩි වීමයි.

එඩිතර නෞකාව සාපේක්ෂව විශාලයි. මා කෙලින්ම මට වෙන් කළ කාමරයට කැඳවාගෙන ගියා. ඒ කැබින් (Cabin) එක ඇඳක්, කුඩා මේසයක් යාබද නානකාමරය හා වැසිකිළියක් සහිත පුංචි ඉඩක්. ලුණු මිශ්‍ර සුළඟේ තෙත් ගතිය නිසා ඇඟ ලුණු ගතියෙන් ඇලී තිබුණ නිසා මා හොඳින් ස්නානය කර අවසන් වද්දීම රාත්‍රී ආහාරයට වෝඩ් රූම් (ward room) එන ලෙස සහකාර නැවියෙකු පැමිණ කියා සිට මා කැඳවාගෙන ගියා.

මා වෝඩ් රූම් වෙත යද්දී කොට කලිසම් හා ටී ෂර්ට් හැඳ සිටි උසස් නිලධාරීන් දෙදෙනෙකු ආහාර ගනිමින් සිටියා. ඒ නැවේ අණ දෙන නිලධාරී (CO) හා ඉංජිනේරු නිලධාරී (EO) බව හඳුන්වා දුන්නා. මා සිටියේ බමන හිසින් යුතුවයි. මොකෝ සී සික්ද?  CO ඇසුවා. මට ආහාර අනුභව කරන ලෙස නියෝග ලැබුණා.

උණු බත්, පොල්සම්බල සමඟ කරවල බැඳුමක්. මා පෙරේතකමටත් එක්ක බඩ පිරෙන්න කෑවා. “No liquor for Trainees” අණදෙන නිලධාරියා එසේ පැවසුවේ ඉංජිනේරු නිලධාරියා සමඟ විස්කි වඩියක රස බලන ගමන්. 

ආහාර ගෙන අවසන් වීමත් සමඟ මගේ හිස කරකැවිල්ල උපරිමයට ළඟා වී මට වමනය ගියා. ආහාරයට ගත් බත්, පොල් සම්බල්, කරවල බැඳුම රැගත් වමනයෙන්  word room එකේ සින්ක් එක පිරුණා. මට “ෂිකේ ෂික්” කියා හිතුණා.    


ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.




6 comments:

  1. ඔරිජිනල් පෝස්ට් එකේ ජයසාගර නැව කියල දාල තියෙන්නේ 98 අවුරුද්දේ වගේ නේවි එකට එකතු උන උදාර/ ප්‍රතාප නව දෙකෙන් එකක්. ඒක නිවැරදි කරානම් වටිනවා

    ReplyDelete
    Replies
    1. ඔහ්....එකම ඩිසයින් එක වෙන්න හැකියි. පෙන්වා දීම ගැන ස්තූතියි. 98 වෙද්දි ජයසාගර නෑ නේද

      Delete
  2. 1999 දි මා මුලින්ම වෙලද නාවිකයෙක් ලෙසින් උතුරට යනකොට එඩිතර නෞකාව කන්කසන්තුරය වාරයේ ගිලි තිබුනා. Wheel house එක පමණක් වතුරෙන් ඉහලට මතුව තිබුනේ. මුහුදෙන් ප්‍රහාරයක් එල්ලවුවොත් කියා එය මුරපොලක් ලෙසින් බාවිතා කරනු දකින්නට ලැබුනා. එඩිතර නැව ගිලුනේ කොයි කාලයකද?

    ReplyDelete
    Replies
    1. 1990 ජූලි 16 දා කන්කසන්තුරේ ඒපිට මුහුදේදී මරාගෙන මැරෙන මුහුදු කොටි ප්‍රහාරයකට ලක් වුණා.

      Delete
  3. /* මට ආහාර අනුභව කරන ලෙස නියෝග ලැබුණා. */

    ;-)

    ReplyDelete
    Replies
    1. ඔව්...ඒය නියෝගයක්.පුහුණු වන ආධුනිකයෙක් නොවැ. ;-)

      Delete