Powered By Blogger

Monday 23 November 2020

නාවික භාෂාව වෙනම භාෂාවක්

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.
 

 
 

නාවික ජීවිතය ගැන කතා බහ කරද්දී නාවික භාෂාව ගැන යම් දැනීමක් තිබීම අවශ්‍යයි. ඊට හේතුව නාවික කටයුතු වලදී යොදන සමහර වචන අප සාමාන්‍ය ජීවිතයේ සමාන අවස්ථා හා දේවල් හැඳින්වීමට යොදන වචන වලට වඩා එහැම පිටින්ම වෙනස් වීමයි.

නෞකාවන්හි එක් එක් අංශයන්, නැතිනම් කොටස් වගේම ක්‍රියාකාරකම් හැඳින්වීමට යොදන වදන් මාලාව ඉතා පුළුල් වුවත් අපට නිතර දෙවේලේ භාවිතය වූ වචන අපට ඉක්මනින් ඉගෙන ගන්න සිදු වුණා.

නැවක කොටස් නම් කෙරුණේ මේ ආකාරයටයි. පහත රූප සටහන් දෙකෙහි ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කොට ඇති ප්‍රධාන කොටස් මා පැහැදිලි කරන්නම්.

Funnel – නාවික ව්‍යවහාරයට අනුව නැවේ දුම් බටයයි. නැවේ එන්ජින් ක්‍රියා කිරීමේදී තෙල් දහනය වීමෙන් නැගෙන දුම් පිට වන්නේ ෆනල් එක හරහායි. මේ ෆනල් එක එන්ජින් කාමරයේ (Engine room) සිට නැවේ මතුපිටින් ඉහළට එසැවීම දක්වා සවි කොට තිබෙනවා. එන්ජින් කාමරයේ යනු විශාල ඉඩකඩක් අත්පත් කොට ගන්නා, විශාල නැවක නම් තට්ටු දෙකක් තුනක් උසට යන්ත්‍රාගාර හා උපකරණ සවි කොට ඇති ආරක්ෂිත ප්‍රදේශයක්.

මගේ පුහුණුවේ වැඩි කාල පරාසයක් ගත කළේ මෙවන් එන්ජින් කාමර වලයි.

Stern – ස්ටර්න් නමින් හැඳින්වෙන්නේ නැවක පසුපසම කොටසයි. ස්ටර්න් එකට ගොස් මස්ටර් වෙන්න කී විට මට එකවරම උඩ බිම බැලුණා. මස්ටර් වෙනවා යනු පෙළගැසී සිට ගැනීම බව මූලික පුහුණුවේදී මා දැන සිටියා. සෑම දිනකම උදෑසන රාජකාරියේ නියුතු මෙන්ම වැඩමුර අවසන්ව විවේක ගන්නා සියලුම නැවියන් හා නිලධාරීන් ස්ටර්න් කොටසේ මස්ටර් වුණා. තම තමන්ගේ අංශ වලට අයත් සෑම දෙනෙකුම නිරුපද්‍රිතව සිටින්නේද යන්න නිලධාරීන් ස්ථිර කොට දැනගත්තේ මේ පෙළ ගැසීමේ දී. අසනීප අයට පමණක් ඒ බව කලින් දන්වා තමන්ගේ කැබින් (Cabin) එකේ රැඳී සිටීමට අවසර ලැබුණා. කැබින් නොහොත් නේවාසික කාමර පිහිටා තිබුණේ නැවක ඈතින් පෙනෙන superstructure එකේ, එනම් accommodation කොටසේයි.

 
 ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.
 
 
 
 

No comments:

Post a Comment