Powered By Blogger

Saturday 13 March 2021

කොළඹ නැව් තටාකාංගනයේ නව අත්දැකීම්…

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.

නැවක් වරායකට ඇතුළු කරනවා යනු තවත් කෙනෙකුට ජීවිත කාලයේදී ලබා ගත හැකි වෙනස්ම  අත්දැකීමක්. දියකඩනය පසු පසුකොට වරාය තුළට නැවක් ගෙන එන්නේ ටග් (Tug)  යාත්‍රාවල උදව්වෙනුයි. ටග් යාත්‍රාව අවශ්‍ය වන්නේ නැව නිවැරදි ආකාරයට මැනුවර් (Manoeuvre) කිරීමටයි. මැනුවර්  කරනවා යන්නෙන් අදහස් කරන්නේ මේ වේ ගමන්මග නිසි පරිදි සකස් කිරීමයි.

ටග් බෝට්ටුවක් මගින් නැවක්  මැනුවර් කරන්නේ තල්ලු කිරීමෙන් හෝ ඇද ගෙන යාමෙන්. වරායක් තුළදී නැවේ එන්ජින් යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ නෑ. නැව ජැටියක් කරා නිරුපද්‍රිතව ගෙන යන්නේත්, ජැටියෙන් පිටතට ගෙන මුහුදට යොමු කරන්නේ ටග් යාත්‍රා මගිනුයි. ඒ ආකාරයෙන් එඩිතර නෞකාව කොළඹ නැව් තටාකාංගයේ (Colombo Naval Dockyard) ජැටියක ආරක්ෂිතව රැඳවූවා.

අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා නැව ඩොක්(dock) කිරීම සිදුවුණා. ඒ කියන්නේ විශාල තටාකාංගනයකට නැව බස්සවා සම්පූර්ණයෙන් වතුර හිස් කොට නැවේ බඳ සම්පූර්ණයෙන් නිරාවරණය කිරීමයි. ඒ අනුව එතෙක් වතුරට යට වී තිබූ වෙන්කර නෞකාවේ හල්(hull) එක පිටතට පැහැදිලිව දිස් වෙන්න පටන් ගත්තා. නැව් බඳේ සහ නැවේ මතුපිට ඩෙක් එකේ තීන්ත සම්පූර්ණයෙන් සූරා ඉවත් කොට තවත් තීන්ත ලේයර් කිහිපයක් ආලේප කරන්නට නියමිත වුණා. ඊට අමතරව නොව තුළ විවිධ ස්ථානය නැවත පිළිසකර කරා. 



නැවක් dry dock හි රඳවා ඇති අයුරු

“එඩිතර”  නෞකාව උතුරු මුහුදේ බෝට්ටුවලට අවශ්‍ය තෙල් ප්‍රවාහනය කළ නිසා නැවේ තෙල් ටැංකි කුහර විශාල ප්‍රමාණයක් තිබුණා. ඒවා නැවේ බඳේ එක් කොටසක වංකගිරියක් සේ විවිධ අත විහිදී තිබුණා. නැවේ මතුපිට ඩෙක් එකේ තිබෙන කුඩා කුහරයකින් ඇතුට බැස එකී ටැංකියෙන් ටැංකියට බඩගාගෙන, දණගාගෙන ගමන් කොට ඒවායේ තත්ත්වය පරික්ෂා කරන්නට ලැබීම මගේ ජීවිතේ ලද අහඹු අත්දැකීමක්. ඒ බව මා විශේෂයෙන් සදහන් කරන්නේ සාමාන්‍යයෙන් අඳුරු කුටි තුළ, සිර වු ඉඩකඩක වැඩි වෙලාවක් රැඳෙන්නට මට නොහැකි නිසයි.

 

ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න. 






 

 

 

2 comments: