Powered By Blogger

Monday, 17 March 2025

සංචාරේ- කුංචිකුලම් එල්ලෙන පාලම - Kunchikulkam Hanging Bridge


 කුංචිකුලම් එල්ලෙන පාලම නොහොත් සංගිලි පාලම 

මැදවච්චිය-තලෙයිමන්නාරම පාරේ මන්නාරමට කි.මී. 42ක් දුරින් පිහිටා ඇත. දිගින් මී.100 වන මෙම පාලම, මල්වතු ඔය ඉවුරු දෙකක් යා කොට මගීන්ගේ ගමනාගමන පහසුව සඳහා ඉංග්‍රීසී සමයේ ඉදි කරන ලද්දකි. 

මඩු වන්දනාවට එන අයගේ ආකර්ශනයට ලක් වූ ස්ථානයකි. Kunchikulam Suspension Bridge is situated along the Medawachchiya-Talaimannar Highway in Kunchikulam in the northern part of Sri Lanka. 

It stretches across the Malwathu Oya and is also known as Hanging Bridge and Sangili Paalama. 

The suspension bridge is more than 100 m long and can be seen en route to the Madhu Church when coming from Medawachchiya. Distance from Mannar to Kunchikulam is 42.0 km 

 කුංචිකුලම් එල්ලෙන පාලම

 

Saturday, 8 March 2025

Arippu Fort - அரிப்புக் கோட்டை- අරිප්පු බලකොටුව


න්නාරම ප්‍රදේශයේ පිහිටි අරිප්පු බලකොටුව සාදන ලද්දේ පෘතුගීසීන් විසින් වුවද පසු කාලීනව 1658 දී ලන්දේසීන්ගේ පාලන සමයේ ඔවුන්ගේ ග්‍රහණයට නතු වුණා. මෙය පිහිටා ඇත්තේ මන්නාරමේ සිට කි.මී. 16 ක් දුරිනි. 

 ලංකාවේ පළමු ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වුණ ෆ්‍රෙඩ්‍රික් නෝත් මේ බලකොටුවේ පදිංචිව සිට අනතුරුව අරිප්පු ඩොරික් බංගලාව සිය වාසස්ථානය කර ගත් බවත් කියවෙනවා. මහනුවර රාජධානියේ සිරකරුවෙකුව සිටි රොබට් නොක්ස් 1679 දී පළා ඇවිත් සැඟවී ඇත්තේද මේ අරිප්පු බලකොටුවේයි.

 තවත් විස්තර කතා කෝච්චියෙන්.

අරිප්පු බලකොටුව

 


 

Wednesday, 5 March 2025

සංචාරේ.. තිරුකේතීස්වරම් කෝවිල

 


සංචාරේ..
 
Thiru Ketheeswaram Kovil 
 
තිරුකේතීස්වරම් කෝවිල 
 
திருக்கேதீஸ்வரம்
 
 
 මන්නාරමේ තිරුකේතීස්වරම් කෝවිල ගැන අහන්න. දැනගන්න.
පහත වීඩියෝව නරඹන්න.
 

Monday, 10 February 2025

රාණි චිත්‍රපට විචාරය

 


දීර්ඝ විචාරයක් අකුරු කිරීමේ අපහසුව නිසා පළමු වතාවට සිනමා විචාරය මගේ හඬින්....

 රාණි 

 

 

 

Wednesday, 22 January 2025

අවසානයේ හඳගම ස්වර්ණාව නැති භංග කළේය.

 

1966 වසරේදී තිරගත වූ සිරි ගුණසිංහ අධ්යක්ෂණය කළ “සත් සමුදුර” චිත්රපටයේ රඟපාමින් අහම්බයෙන් සිංහල සිනමාවට පිවිසි ස්වර්ණා මල්ලවාරචචි ඉන් අනතුරුව “හන්තානේ කතාව”, “නිම්වළල්ල”, “තුං මං හන්දිය”, “අහස් ගව්ව”, “මාතර ආච්චි”වැනි චිත්රපට කිහිපයක රඟපා සිංහල සිනමාවෙන් අතුරුදන් වූවාය. 
 
ස්වර්ණා සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කියා තිබිණ.
 
“ මට එහෙම ඉල්ලුමක් තිබුණේ නෑ. මාව කලින් කරපු චිත්රපට ටිකට ගත්තෙත් දැන හැඳුනුම්කම් නිසා. තුං මං හන්දියට ගත්තේ මහගම සේකර යාළුකමට. සෙනරත් යාපා හන්තානේ කතාවට ගත්තේ පත්තරේ ගිය මගේ පින්තූරයක් දැකලා. එයාට ඕනෑ වෙලා තිබුණේ කෙට්ටු නිළියක්. ධර්මසේන පතිරාජ අහස් ගව්වට මාව ගත්තෙත් අපි හොඳ යාළුවො නිසා. මාතර ආච්චි චිත්රපටයට සතිස්චන්ද්ර මාව ගත්තෙත් දවසක් අපි කට්ටිය බස් එකක ගිහින් ඇතිවෙච්ච යාළුකමට... ඇත්තටම සත් සමුදුරෙන් පසු ඉල්ලුමකින් නෙවෙයි ඒ චිත්රපට ලැබුණේ.”
 
එවකට සිංහල සිනමා අධ්යක්ෂවරු ඉල්ලා සිටියේ කෙට්ටු නිළියන් නොවේ. පුෂ්ටිමත් ලළනාවන්ය. ඔවුන් ප්රමුඛත්වය දුන්නේ රංගනයේ දක්ෂතාවට වඩා ඇහැට කනට පෙනෙන පෙනුමටය.
ඒ හේතුවෙන් විදෙස්ගත වූ ස්වර්ණාගේ සිංහල සිනමාවේ පළමු යුගය අවසන් විය. 
 
1973 දී ස්වර්ණා විදේශගත වූවාය.
 
එංගලන්තයේත්, ඕස්ට්රේලියාවෙත් විවිධ වෘත්තීන් හී යෙදුණ ඇය ආපසු ලංකාවට පැමිණියේ 1978 දීය. ඒ ප්රධාන චරිතය නිරූපණය කළ ජෝ අබේවික්රමගෙන් ලද ඇරියුමකට අනුව “සිංහබාහු” චිත්රපටයේ රඟපෑම සඳහාය. එය ස්වර්ණාගේ රංග කලා ජීවිතයේ දෙවැනි යුගයක ඇරඹුම ලෙස සටහන් කළ හැකිය. එසේ ආරාධනා ලැබ නැවත නොපැමිණෙන්නට සිංහල සිනමාවේ විශිෂ්ටතම රංගනවේදිය අපෙන් ගිලිහෙන්නට ඉඩ තිබිණ. 
 
එදා මෙදා තුර සිංහල සිනමාවේ ස්වභාවික ලස්සනක් ඇති සුන්දරම නිළිය ස්වර්ණා මල්ලවාරචචි බව මගේ මතයයි.
 
පුනරාගමනයෙන් පසු ඇය රංගනයෙන් දායක වූ චිත්රපට සංඛ්යාව ඉමහත්ය. ඉන් ඇගේ විශිෂ්ටතම රංගනයන් ඇතැයි මා දකින චිත්රපට පමණක් මෙහි ලා සඳහන් කරමි.
“හංස විලක්”, “දඩයම”, “සුද්දිලගේ කතාව”, “කැඩපතක ඡායා”, “සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා”, “මී හරකා”, “භව දුක”, “භව කර්ම”, “චන්න කින්නරී”, “අනන්ත රාත්රිය” එම චිත්රපටයි. 
 
ඒ හැරෙන්නට ඇගේ රංග ප්රතිභාව ඉස්මතු නොවූ, අපතේ ගිය චිත්රපට මෙන්ම ඇයට රඟන්නට තරම් භූමිකාවක් නැති දියාරු චිත්රපට වලද ස්වර්ණා පෙනී සිටියාය.
 
හන්තානේ කතාවේ සිට හංස විලක් දක්වාත්, දඩයමේ සිට අනන්ත රාත්රිය දක්වාත් ස්වර්ණා මල්ලවාරච්චි සිය අනන්යතාව ප්රකට කළාය. අවසානයේ මේ නහින දෙහින කාලයේ "රාණි" සිනමා පටයේදී ස්වර්ණාට ස්වර්ණා මල්ලවාරච්චි අහිමි වී ඇත. අශෝක හඳගම ස්වර්ණාව නැති භංග කොට මනෝරාණි සරවනමුත්තු උපද්දා ඇත.
 
 
"රාණි" චිත්රපටයේ ස්වර්ණා නොදුටුවෙමි. මනෝරාණි දුටුවෙමි. 
සමස්ථ චිත්රපටයම ඇය සිය ග්රහණයට ගත් සෙයකි.