Powered By Blogger

Thursday, 1 May 2025

ආදම්ගේ සොහොන කෙබරයක්...!

දම්ගේ සොහොන ලෙස නම් ලබා ඇති මන්නාරමේ සංචාරක ආකර්ශනයක් ලැබූ සොහොන බලන්නට ගියෙමි.

 

ආදම්ගේ සොහොන යනු කෙබරයක් බව දැනගත්තේ එහි සිටි සොහ‌ොන භාරකරු සමඟ කළ කතා බහේදීය.

මේ හොහොන සෙයියදු අහමදු ඊබ්රහිම් බදුසා සොහොන-செய்யது அஹ்மது இப்ராஹிம் பாதுசா அவர்களின் சமாதி - தலைமன்னார்- ලෙස නාමකරණය කළ යුතුව ඇත.

ආදම්ගේ සොහොන ලෙස වැරැදියට නම් කළ තලෙයිමන්නාරමේ සෙයියදු අහමදු ඊබ්‍රහිම් බදුසා සොහොන පිහිටා ඇත්තේ තලෙයිමන්නාරමේ ඌරුමලේ ග්‍රාමයේ ය. මෙය ආදම්ගේ සොහොන ලෙස වැරැදියට නම් කෙරුණේ කෙලෙසකදැයි මේ කෙටි වීඩියෝවෙන් සාකච්ඡා කෙරේ. මෙහි පසුබිම් හඬ එම ස්ථානයේ භාරකරුගේය.

විස්තරය මෙතනින් අහන්න. දකින්න.

 සෙයියදු අහමදු ඊබ්‍රහිම් බදුසා සොහොන


 

 

Monday, 21 April 2025

මන්නාරම ලන්දේසි බලකොටුව Mannar Dutch Fort

  


 මන්නාරම ලන්දේසි බලකොටුව 1560 පෘතුගීසීන් විසින් ඉදි කළද 1658 දී ලන්දේසීන් අත්පත් කරගෙන 1696 දී නැවත ඉදිකිරීමෙන් පසුව හැඳින්වෙන්නේ ලන්දේසි බලකොටුව ලෙසිනි. 1795 දී බ්‍රිතාන්‍යයින් මෙය අත්පත් කරගති.

 Mannar Fort is located on Mannar Island, Sri Lanka. It was built by Portuguese in 1560 and christened São Jorge. The fort fell to the Dutch in 1658, and they rebuilt the fort in 1696. In 1795 the British occupied the fort following the surrender by the Dutch.

 මන්නාරම ලන්දේසි බලකොටුව Mannar Dutch Fort 

   

 

Sunday, 6 April 2025

Donkey Clinic & Rescue Centre -බූරු සායනය හා ගලවාගැනීමේ මධ්‍යස්ථානය

 පේසාලේ පැත්තෙ ගියොත් බූරු මධ්‍යස්ථානයත් බලලම එන්න.



Donkey Clinic & Rescue Centre. Olaithoduwai Road, Thailankudiyiruppu, Pesalai, Mannar.

 


 මන්නාරමේ පේසාලේ දයිලන්කුඩියිරිප්පු ප්‍රදේශයේ පිහිටි බූරු සායනය හා ගලවාගැනීමේ මධ්‍යස්ථානය

වැඩි විස්තර පහත වීඩියෝවෙන් අහන්න. දකින්න.

Donkey Clinic & Rescue Centre 

 

 

 

Thursday, 27 March 2025

රෝහිණී ළමාරත්නගේ රෙදි ඉල්ලේ...

 රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගේ පියාණෝ තරුණයන් 8 දෙනෙක්ට ජීවිත අහිමි කරවපු බැනර් එකක් තමා මේ..



1989 මහ මැතිවරණයට ලග්ගල ආසනයට " එ.ජා.ප. යෙන් තරග වදින්නේ " ජම්බුගහ පිටියේ විජේරත්න බණ්ඩා" .
මේ තියෙන්නේ ඔහුගේ මැතිවරණ දැන්වීම් බැනර් එකක්.
මෙන්න මේ බැනර් එක එක්තරා රාත්‍රියක තරුණයන් පිරිසක් ගලවා ඉවත් කරනවා..
මේ කියන විජේරත්න බණ්ඩා තමන්ගේ ප්‍රතිචාරය දක්වන්නේ, ඒ සිද්ධියට සම්බන්ධයි කියලා තරුණයන් 8 මාතලේ මහකන්ද කියන ප්‍රදේශයට අරන් ගිහින් දස වද දීලා, ඝාතනය කරලා.. බලකඩුව කන්දට ගිහින් දාපු එක..
ඒත් එක්කම ඒ කාලසීමාවෙදිම තරුණයන් 24 දෙනෙක් පැහැරගෙන , වදයට ලක්කරලා ඝාතනය කරලා, ඔවුන්ගේ හිස කඳින් වෙන්කරලා,
ඒ ඔළු .. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අල්විස් වටරවුමේ වැටේ කම්බිවල අමුණනවා..
ලග්ගල වගේම රත්තොට ප්‍රදේශය තමා මාතලේ වැඩියෙන්ම මෙවැනි සිද්දි උනේ..
විජේරත්න බණ්ඩා ලගේ කවිරත්නලාගේ කෙරුවාව තාම ඔය ප්‍රදේශවල මිනිස්සු දන්නවා.
ඊටත් පස්සේ විජේරත්න බණ්ඩා තමන්ගේ දුව රෝහිණීව , කවිරත්නගේ පුතාට බන්දලා දෙනවා.. රෝහිණී විජේරත්න , රෝහිණී කවිරත්න වෙනවා. පස්සෙ ළමාරත්න...😂 බබාරත්න😂😂 වෙනවා.
1994 දි ඒ විවාහය සිද්ද කරන්නෙත්,
තමන්ගේ බැනර් එක කැපුවා කියලා තරුණයන් 8 දෙනෙක්ගේ ජීවිතය අහිමි කරවපු මහකන්ද ප්‍රදේශයේ මයි.
(සංශෝධිතව සකස් කළේ මාලන් ජයකොඩිගේ සටහනකින්.)
======================
එහෙම මිනීමරු අප්පගෙ දුව පාර්ලිමේන්තුවේ මරපු ලිස්ට් එකක් කියවනවා. ඉස්සෙල්ලා කියවපං අප්ප මරපු තරුණයින්ගේ නම් ලිස්ට් එක.
 

Monday, 17 March 2025

සංචාරේ- කුංචිකුලම් එල්ලෙන පාලම - Kunchikulkam Hanging Bridge


 කුංචිකුලම් එල්ලෙන පාලම නොහොත් සංගිලි පාලම 

මැදවච්චිය-තලෙයිමන්නාරම පාරේ මන්නාරමට කි.මී. 42ක් දුරින් පිහිටා ඇත. දිගින් මී.100 වන මෙම පාලම, මල්වතු ඔය ඉවුරු දෙකක් යා කොට මගීන්ගේ ගමනාගමන පහසුව සඳහා ඉංග්‍රීසී සමයේ ඉදි කරන ලද්දකි. 

මඩු වන්දනාවට එන අයගේ ආකර්ශනයට ලක් වූ ස්ථානයකි. Kunchikulam Suspension Bridge is situated along the Medawachchiya-Talaimannar Highway in Kunchikulam in the northern part of Sri Lanka. 

It stretches across the Malwathu Oya and is also known as Hanging Bridge and Sangili Paalama. 

The suspension bridge is more than 100 m long and can be seen en route to the Madhu Church when coming from Medawachchiya. Distance from Mannar to Kunchikulam is 42.0 km 

 කුංචිකුලම් එල්ලෙන පාලම