නෙත් එෆ්.එම්. "බැලුම්ගල" වැඩසටහනින් 2013 මාර්තු මාසයේ ප්‍රචාරය වූ ධනපාල කපුවාගේ පැටිකිරිය මෙන්න.
නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු
එක් දිනෙත රාත්‍රී ආහාරයෙන් පසු Ward Room එකේ සාමිචියේ යෙදෙමින් සිටි කපිතාන්වරයා “Get ready to go to the Sea” යනුවෙන් මට මුහුදට යන්නට සුදානම් වන්නැයි නියෝග කළා.
එවිට වෙලාව රාත්‍රී 10 ට පමණ වුණා. මට කිසිවක් සිතා ගත නොහැකි වුණා. කොමාන්ඩර් රසී(Z)ක් පවසා සිටියේ අප ඒ වන විට නැංගුරම් ලා සිටි උතුරු මුහුදු මාර්ගය ආශ්‍රිතව ඉන්දියාවේ සිට හොර බඩු ගෙන ඒම සේම කොටි ත්‍රස්තවාදීන් ආයුධ ප්‍රවාහනය සිදු කරන නිසා කූගර් (Cougher) බෝට්ටුවේ නැගී රෙකී (Reccy) සංචාරයක් යන ලෙසයි.
හිස සිට දෙපා දක්වා නියමිත ඇඳුමින් සැරසුණු මට T 56 රයිෆලයක්ද, වෝකි ටෝකියක්ද, බොඩි ආර්මර්ද අවි ගබඩාවෙන් නිකුත් කරනු ලැබුවා. මේ නුහුරු අත්දැකීම ලබන්නට මා පිටත් වූයේ ප්‍රධාන සුළු නිලධාරියා (Chief Petty Officer) හා තවත් නාවික සෙබළෙකු සමඟයි.
ප්‍රධාන සුළු නිලධාරියා මට උපදෙස් දුන්නේ අපට කූගර් බෝට්ටුවෙන් ගොස් ඩ්‍රිෆ්ට් (drift) වෙමින් නැතහොත් එන්ජිම නවතා පාවෙමින් සිටින්නට සිදු වන බවයි. දුම්වැටියක් හෝ දල්වන්නට අපට අවසර තිබුණේ නැහැ. ඊට හේතුව ප්‍රතිවාදියා අප සිටින බව තේරුම් ගන්නට එය හේතුවක් වීමයි.
සෙස්ස පස්සට…
අපේ ගම් වල විවිධාකාර වෙද්දු සිටියෝය. සිටින්නෝය. අපේ අත්තලා, මුත්තලා, අම්මලා, තාත්තලා, නැන්දලා, මාමලා ඔය කොයි කවුරුත් එක එක වෙද්දුන්ගෙන් බෙහෙත් ගත්තෝය.
මා කුඩා අවදියේ අල්ලපු ගමේ සිටි සර්පවෙදා සර්පයින් දෂ්ඨ කිරීමට බෙහෙත් කිරීම ගැන අතිශය ප්‍රසිද්ධය. සර්පයා අල්ලාගෙන එන්නැයි කියන සර්පවෙදා, රෝගියාට සර්පයාව දත් වලින් හපා ඉස්ම බොන්නයි නියෝග කරන බව මා අසා ඇත. එසේ පොළඟෙකු හැපූ පසු ලෙඩා සුව වුවත් සර්ප විෂට ලෙඩාගේ දත් හැලුණු බව අපේ අම්මලා කියනවා මට මතකය.
ලෙඩා මළත් බඩ සුද්දයි කියනවා ඇත්තේ එවැනි සිද්ධි වලටය. ඒ කතාව ජනප්‍රවාදයේ එන්නේ කක්ක ගල් වී වෙදා ළඟට ගිය ලෙඩාට බඩ යන්නට දුන් බෙහෙත් වලින් ලෙඩා මළත් බඩ සුද්ද වන නිසාය.
සර්ප වෙද්දු, හරක් වෙද්දු, හන්දි වෙද්දු, කැඩුම් බිඳුම් වෙද්දු, සර්වාංග වෙද්දු යනාදී වශයෙන් වෙද්දු නම් බොහෝය. මව් එළදෙනගෙන් වැඩියෙන් කිරි බිව් වසු පැටවාගේ අංග ජාතයට පණුවන් ගැසූ පසු හරක් වෙදා පැමිණ කළේ වසු පැටවා බිම පෙරළාගෙන ගල්පොයියක් උඩ අංගජාතය තබා පොල්කට්ටකින් තැලීමය. එවිට කිරිපාට පණුවන් හතර අතේ විසිරුණා මට මතකය.
අපේ අම්මාට හරකෙක් ඇන ඉල ඇටයක් බිඳුනු වෙලේ තෙල් බේත් සාත්තුව කරන්නට දුර ඈත අත්තනගල්ලේ කැඩුම් බිඳුම් වෙදා සොයාගෙන ගියා මට මතකය. බිඳුනු ඇටය ඇදේට පෑස්සුන හෙයින් එය බිඳ යළිත් පාස්සන්නට සිදු වුණාද මතකය.
තාත්තා කිව්වේ ඌ නම් යකාගෙ වෙදෙක් කියාය. සමහර වෙද්දුන්ට ගම්මු කිව්වේ ඕකා හොර වෙදා කියාය. සමහරු පුරුද්දට බේත් කළ අතර සමහරු ඉවට බේත් කළහ. තවත් සමහරු මෙලෝ සංසාරෙක දෙයක් නොදැන ඔහේ හිතට එන බේත් කළහ. විටෙක ඒවායින් රෝගය සුව වූ අතර තවත් විටෙක ලෙඩ්ඩු මළහ. හැබැයි ඒ අතරම පාරම්පරිකව ලබාගත් ඥානය මත බෙහෙත් කරන වෙද්දුද සිටියහ.
සමහර වෙද්දුන්ට කිව්වේ ඕකා නම් රටේ වෙදා කියාය. රටේ වෙද්දු අතර පාරම්පරික වෙද්දු, ආයුර්වේද වෙද්දු පමණක් නොව ඩිස්පැන්සරි එකේ සිටි බටහිර බෙහෙත් කරන වෙද්දුද වූහ. ඔය ටවුමෙ ඉන්න වෙදා ඉස්පිරිතාලෙ බෙහෙත් කලවම් කරපු හාදයා කියා තාත්තා කියනවා මට මතකය. හැබැයි ඒ වෙද්දුන් ගෙන්ද මිනිස්සු බේත් ගත්හ.
ඉස්පිරිතාලෙ ඇටෙන්ඩන් කෙනෙක් ලෙස රස්සාව කළ අපේ ඥාතියෙක් දැනටත් තුවාල වලට බේත් දමන වෙදකම කරන්නේය. තුවාල මසා බෙහෙත් දමන්නේය. මිනිසුන් සොයා ගෙන එන්නේ හෙදියක වූ දියණිය නොව ඇටෙන්ඩන් වූ තාත්තාවය. පොලීසියෙන් පහර දී ඔලුව පැලුණු පසු ඉස්පිරිතාලෙට ගෙන යන්නට බැරි ලෙඩ්ඩු පවා පොලිසියේ අය අරගෙන එන්නේ මේ වෙද ඥාතියා වෙතටය.
ගමේ පොළට ගියාමත් නානාප්‍රකාර වෙද්දුය. නැත්නම් වෙදුන්ගේ නියෝජිතයෝය. එක පැත්තක තෙල් බේත්ය. තවත් පැත්තක කල්කය, චූර්ණය, අරිෂ්ඨය. ඒ අතර විවිධාකාර පැණිය. අරකට හොද පැණි ය.. මේකට හොඳ පැණි ය..කෝකටත් හොඳ පැණි ය.. කොටින්ම කියතොත් පැණි විමානයක්ය.
අපේ ගම් වැසියන් චිරාත් කාලයක සිට පුරුදුව සිටින්නේ මෙවැනි වෙද්දුන් ගෙන් බෙහෙත් ගන්නටය. විටෙක දැන දැනත් ඔවුන් යන්නේ හොර වෙද්දුන් ළඟටය. ඕකා රටේ වෙදා.. ඕකා හොර වෙදෙක්… ඕකා මිනිමරු වෙදෙක් යනාදී නම්බුනාම දෙමින් වුවද බොහෝ ගැමියන් යන්නේ ඒ වෙද්දු ලඟටමය.
ඒ අපේ රටේ ගැමියන්ගේ අනන්‍යතාවයද කියා සියාතුට සිතෙන වාර අනන්තය. මේ දවස් වල හතර අතේ බිහිවෙන පැණිකාරයින් දකින විට ද සිතෙන්නේ එසේමය. වැඩේ කියන්නේ ඒ අනන්‍යතාවය රට කරවන මහත්තැන්ලාටද බෝවී තිබීමය.
මෙතෙක් කාලයක් ඒ වෙද්දු තමන්ගේ බෙහෙත් විකුණුවේ නොනිල අන්දමින් තැන්තැන්වලය. ඒවා හට නිල රාජ්‍ය අනුග්‍රහයක් නොලැබුණු නිසා කිසියම් අකරතැබ්බක් සිදුවුවහොත් වගකීම බාර ගන්නට සිද්ධ වුණේද වෙදා හොයාගෙන ගිය ලෙඩාටමය.
වෙද්දු බෙහෙත් සොයා ගන්න එක හොඳය. ඒවා නිවැරදි ප්‍රතිකාර බවට පත්වෙනවා නම් ඊටත් වඩා හොඳය. හැබැයි එහෙම වෙන්නට පෙර, එසේ ප්‍රතිකාරවලින් සුව වෙනවාදැයි සොයා ගන්නටත් කලින් රට කරවන කවුන්සිලේ ඇත්තෝ පැණිය බීගෙන බීගෙන යන එක තරම් විකාරයක් තවත් නැත්තේය.
ඊටත් වඩා කොමඩියක් වන්නේ “පැණියක් බීවම මොකෝ වෙන්නේ” කියා කටහැකර ඇත්තෙක් කවුන්සිලේ ගෝරනාඩු කිරීමය. උන්නැහේ හිතනවා ඇත්තේ මොන ගූ ගොඩක් දියකර දුන්නත් පැණි රහ නම් ඒක ඇඟට හොඳ වෙන්න එපැයි කියාය.
සෙස්ස පස්සට…
චිත්‍ර, මූර්ති, සිනමාව, ගීත, කවි, කෙටිකතා, නවකතා යනාදී විවිධ කලාංගයන්ට අදාළ නිර්මාණ කොපි කිරීම නැතහොත් අනුන්ගේ නිර්මාණ හොරා ගෙන තමන්ගේ සේ සමාජගත කිරීමේ ගඳ ගසන ඉතිහාසය යළි ගොඩ ගැනීම මේ රචනාවේ අරමුණ නොවෙයි.
තමන් යතුරු ලියනයට බාරගත් නවකතාවක් පොතේ නම වෙනස් කොට තමන්ගේ නමින් ප්‍රකාශකයෙකු ලවා එළිදක්වා වංචා කිරීමට අධිකරණයෙන් වරදකරුවෙකු වූ ප්‍රසිද්ධ පත්තරකාරයෙකුගේ නම ලේඛනාගාරයේ ලියාපදිංචියෙන් ඉවත් කළේ 60 දශකයේ මුල් භාගයේදී.
කලෙක ගුවන් විදුලි ගීත රචනා බැංකුවට ආධුනිකයින් යැවූ නිර්මාණ ප්‍රවීනයින් තම නමින් ගායකයින් ලවා ගායනා කළ බවට චෝදනා නැගුණා. තරඟ සඳහා හෝ කියවන්නට ලැබුණ චිත්‍රපට තිර රචනා ප්‍රවීනයින් විසින් මංකොල්ල කනු ලැබූ බවටද චෝදනා එල්ල වූ අවස්ථා තිබුණා.
එපමණක් නොවේ තමන්ගේ නවකතාවක් ඇසුරෙන් නිෂ්පාදනය කළ චිත්‍රපටයට වෙනෙකෙකු ලියූ ගීත තමන්ගේ නමින් ලේබල් ගසා ගත් ප්‍රසිද්ධ සිංහල උපකාර පංති ගුරුවරයෙකු ලියූ තිරනාටකයක්ද තවත් උන් සොරකම් කිරීමේ අත්දැකීම් අප කියවා තියෙනවා.
විශිෂ්ට චිත්‍රපටයකට හෙළ කව්, ගී අරණේ දැවැන්තයා ලියූ ගීතයක් තමන්ගේ නමින් ලේබල් ගසා ගත් මහාචාර්ය චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ගැනද, ජ්‍යෙෂ්ඨ ජන වහර පර්යේෂකයෙකුගේ පර්යේෂණ සොරා ගෙන තමන්ගේ පොත් වලට යොදා ගත් ලේඛක ප්‍රකාශකයෙක්, හෙළ කලා ලොව මුදුන් මල් කඩක් වන් නිර්මාණකරුවන්ගේ පොත් පිටින් හොරෙන් මුද්‍රණය කොට විටෙක උසාවි ගොස් වැරදි කරුවන් වූ බවද, උසාවි නොගිය සොරකම් එසේම ඉතිහාසයේ වැලි තලාවට යට වූ බවද ප්‍රචලිතයි.
වාමාංශික යැයි කියන දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටිමින් “ඇත්ත මිනිස්සු” ලෙස තමන් හඳුන්වාගත් කලාවට සම්බන්ධ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් අභාවප්‍රාප්ත ප්‍රකට පරිවර්තිකාවක සහ ලේඛිකාවක මෙන්ම පරිපාලන නිලධාරිනියක ගුවන්විදුලියේ කළ කතා පෙළක් තමන්ගේ නමින් මුද්‍රණය කොට අසුවී උසාවියෙන් මෑතදී වරදකරුවෙකු වුණා.
මෙලෙස නිර්මාණ මංකොල්ලකනවා යැයි කියන්නේ වෙනත් කෙනෙකු කළ නිර්මාණයක් එම තැනැත්තාගේ අනුමැතියක් ඇතිව හෝ නැතිව තමන්ගේ කාර්යයක් තුළ ඒ ගැන සඳහන් නොකොට ඉදිරිපත් කිරීමයි. මෙයට ප්‍රකාශයට පත් කරන ලද හා නොලද සියලුම අත්පිටපත්, මුද්‍රිත දේ මෙන්ම ඉලෙක්ට්‍රොනික මාධ්‍යද ඇතුළත් වෙනවා.
මේ ලිපිය ලියන්නට පදනම වැටුණේද එවන් කොපිකැට් කලාවක් නිසා තමයි. අවසර ගෙන පරිවර්තනය කළාදැයි නොදන්නා විදෙස් නවකතාවක සිංහල පරිවර්තනයෙන් තෝරාගත් ජේද තමන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණයකට ගෙඩි පිටින් කොපි ඇන්ඩ් පේස්ට් (copy and paste) කිරීම ගැන මෑතකදී එම කෘතියට සම්මාන ලැබූ වැඩිහිටි ලේඛිකාවක් ගැරහුම් ලැබුවා.
ඒ පමණක් නොවෙයි ඇයට හිමි වූ සම්මාන හා මුදල් ආපසු ලබා ගත යුතු බවට පොත නොකියවූ අය පවා ඝෝෂා කළා.
ඇය එම සම්මානය හා මුදල් ආපසු හරවා යැවූ බව අසන්නට ලැබෙනවා. එය ඇත්තක් වෙන්න පුළුවන්. මන්ද ඒ හැම සියලු ඝෝෂාවන් අහවර වුණා. ඒ කියන්නේ යටි අරමුණ සම්මාන වලට කෙලවීමයි.
දැන් අපට හිතෙන්නේ සමාජ මාධ්‍ය හරහා විශාල ඝෝෂාවක් කළේ ලැබූ සම්මාන ආපසු හැරවීමට මිස මේ හරහා සිදු වූ, සිදු වෙමින් පවතින අගතිගාමී ක්‍රියාවලිය ආපසු හැරවීමට නොවන බවයි.
සම්මාන ආපසු හැරවූ පසු කටපුකවල් වහගෙන ඉඳීමෙන් අපට ගම්‍ය වන්නේ එවැන්නක්. එසේ නොවී මින් ඉදිරියට එවන් කොපිකැට් කිරීම් සිදු නොවීමට අවශ්‍ය මතවාදීමය හා භාවිතමය කතිකාවක් ගොඩ නැගීම සිදු නොවීම ඛේදවාචකයක්.
අපට නම් කොපි කිරීම නිර්මාණකරුවෙකුගේ පැවැත්මට කිසිසේත්ම සුදුසු කාරණාවක් නොවෙයි. කොටින්ම කොපි කැට්ලා නිර්මාණකරණයට නුසුදුසුයි.
ඒත් සම්මාන බොරුහිල පස්සේ ගොස් සම්මාන ආපසු හරවා නිහඬ වීමත් තවත් බොරුහිලක්.
අන්තිමේට අහන්නට වෙන්නේ ලේඛක චෞරත්වයට (Plagiarism) වඩා “සම්මාන බොරුහිල ලොකුද?” කියලයි.
සෙස්ස පස්සට…