Powered By Blogger

Tuesday, 11 April 2023

කලං ගැන මතක

 

කැම්පස් එකේ ඉන්න කාලේ කලංව බලන්න කලං ගෙන් මයි-ඉන් ටේලර් ෂොප් එකට ගියා.

ඊට පස්සෙ කලං අසල්වැසියා උනේ ගෙලිඔය පෙරින්කෝ කොම්පැණියෙ වැඩ කරද්දි..

මගේ පළවෙනි මුද්රිත පොත වන කියුබානු කෙටිකතා පරිවර්තන කෘතියෙ පිටපතක් කලංට පිරිනැමුවේ බස් එකේදි මුණ ගැහිලා සීට් එකේ එක ළඟ ඉඳගෙන යද්දි..

කලංව මට අන්තිම වතාවට මුණ ගැහුණේ 2005 අවුරුද්දේ රයිගම් සම්මාන උත්සවයේ වේදිකා අංගයක් ඉදිරිපත් කරන්න ආරාධනා කරපු වෙලාවෙ.

එදා මෙදා තුර භෞතිකව මුණ නොගැසුණත් අමරසිරි කලංසූරිය කියන රංගවේදියා අපේ මනසේ නිතරම ජීවත් වුණා.. විශේෂයෙන්ම "අහස් ගව්ව" වගේ චිත්රපට විටින්විට නරඹද්දී කලං අපේ හදවතේ තව තවත් ලැගුම් ගන්නවා..

අමරසිරි කලංසූරිය රංගධරයාණන් අපගෙන් සමුගත් මොහොතේ ඔහු පිළිබඳ මගේ පෞද්ගලික මතක කිහිපයක් සටහන් කරන්න හිතුවා. කලං එක්ක විශාල ඇසුරක් පැවැතියේ නැති වුවත් විවිධ අවස්ථාවල ඔහු සහ මා අතර සිදු වූ හමුවීම් සහ කතාබහ පිළිබඳ කෙටි සටහනක් තමයි මේ තියන්නේ.

ඉතින් මේ මතක type කරනවාට වඩා මගේ කටින්ම කියන එක හොඳයි කියලා හිතුව නිසා මම youtube එකට video එකක් upload කළා.

link එක පහතින්.


Sunday, 2 April 2023

ගලහ පාර දිගේ සරසවිය මැදින්....

 

හුගිය දවසකකිසියම් රාජකාරි කටයුත්තක් සඳහා දෙල්තොට ප්‍රදේශයට ගිහිං ආපසු ආවෙ ගලහ පාර දිගේ පේරාදෙනිය විශ්වවිද්‍යාලය මැදින්.

මට හදිසියේ ඇත්වුණ සිතුවිල්ලක් නිසා අතේ තිබුණු ටැබ් එකෙන් ගලහ පාර දිගේ එක් පසක් වීඩියෝ කළා. 

පසුව හඬ කවා ඒ් රෑපාවලිය youtube දමන්න හිතුවා.

පහත ලින්ක් එකෙන් ඔබට කැමති නම් මේ ඩීඩියෝව නරඹා අතීත මතක අවදි කරගන්න පුළුවන්.

 ගලහ පාර දිගේ

 සෙස්ස පස්සට…

Saturday, 11 March 2023

"බලහත්කාරයෙන් සමාජවාදය ගොඩනැගිය හැකිද?"

 

2019 වසරේදී මා ලියූ "නාඳුනන තුවක්කුකරුවාගේ කතාව" ග්‍රන්ථය එළිදැක්වුණු අවස්ථාවේදී ප්‍රධාන දේශනය කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ලේකම්වරයෙකු හා වර්තමානයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ලයනල් බෝපගේ සිදු කළ ප්‍රධාන දේශනය....


Wednesday, 1 March 2023

Life TV ට එරෙහි නඩුව ජය ගනී...

 



 2017 වසරේදී ආයතනය තාවකාලිකව වසා දමන බව දන්වමින් වංචනික 

ලෙස තමන්  තනතුරෙන් ඉවත් කිරීමට එරෙහිව ලයිෆ් ටීවී ( Life TV) 
ප්‍රධාන විධායක නිලධාරී හා වැඩසටහන් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ
හෙන්රි වර්ණකුලසූරිය, ලයිෆ් ටෙලිවිෂන් නෙට්වර්ක් පෞද්ගලික සමාගම
වග උත්තරකරු කරමින්  කම්කරු උසාවියේ පැවරූ නඩුවේ තීන්දුව 
වසර 5 ට පසු ප්‍රකාශයට පත් කරනු ලැබුවා. 
 
ඒ අවස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී  ලෙස ඔහු බඳවා ගත් අනෙක් 
සියලු සේවකයින්ද එලෙසින්ම ඉවත් කරනු ලැබුවා. මාධ්‍ය ආයතනයකට 
එරෙහිව උසාවි ගිය විට වෙනත් මාධ්‍ය ආයතනයක 
රැකියාවට බඳවා ගැනීමට පැකිළෙමින් මාධ්‍ය මාෆියාවට බියෙන් 
අනෙක් ශිල්පීන් පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවූවද 
හෙන්රිගේ පැමිණිල්ල මත කම්කරු දෙපාර්තමේන්තුව පැමිණිලි විභාගය  
 කොට කම්කරු විනිශ්චය සභාවේද නඩු පවරන ලෙස උපදෙස් දුන්නා.
  
නඩුවෙන් ගැලවීම සඳහා හෙන්රිට විරුද්ධව ලයිෆ් ටෙලිවිෂන් නෙට්වර්ක් පෞද්ගලික
සමාගම නැගූ බොරු චෝදනා විනිශ්චයාධිකරණය පිළිගත්තේ නැහැ.

 1.  ප්‍රධාන විධායක නිලධාරී  ඉවත්ව යන විට එතෙක් නිෂ්පාදනය කොට තිබූ වැඩසටහන් රැගෙන ගොස් ආයතනයට පාඩුවක් සිදු කොට ඇති බව.

- උසාවියේ නියෝග මත ආයතනයට ගොස් කොම්පියුටර් පරීක්ෂා කිරීමේදී ඔවුන් කොම්පියුටරයේ hidden files ලෙස සඟවා තිබූ වැඩසටහන් සියල්ල සොයා ඉදිරිපත් කොට ඒ අභූත චෝදනාවෙන් නිදහස් වුණා.

 2. ප්‍රධාන විධායක නිලධාරී   ආයතනයේ වටිනා උපකරණ සොරා ගෙන ගොස් ඇති බව

 - තර්කය වුණේ එසේ සොරාගත්තා නම් ඒ අවස්ථාවේ පොලිසියට පැමිණිලි නොකොට නඩු දැමූ පසු උසාවියට කියන්නේ මන්ද යන්නයි. උගත් විනිශ්චයකාරතුමිය ඒ චෝදනාව බාරගත්තේ නෑ.

 3. ප්‍රධාන විධායක නිලධාරී හිතු මනාපයේ ආයතනය වැසූ බව.

 -විද්‍යුත් තැපෑල උසාවිය පිළිගන්නා නිසා ආයතනය වසා දමන බවට එවකට ලයිෆ් ටීවී අධ්‍යක්ෂවරයෙකු  එවූ email පණිවිඩය පිළිගනිමින් උගත් විනිශ්චයකාරතුමිය ඒ චෝදනාවත් බාරගත්තේ නෑ.

 මේ නඩුවෙන් හෙන්රි වර්ණකුලසූරිය ජයග්‍රහණය කළ අතර ඔහුගේ හිඟ වැටුප් සියල්ල ගෙවන්නට නියෝග කළා. ආයතනය වසා දමා තිබුණේ අක්‍රමවත්ව වැටුප් ගෙවමින් සහ අවසාන මාසයේ මුළුමනින්ම වැටුප් නොගෙවමින්.

 

පැමිණිලුකරු වන්දි මුදලක් ඉල්ලා තිබුණා නම් වන්දියක් ලබා ගන්නට ඉඩ තිබුණ බව තීන්දුවෙන් පැහැදිලි වුණා. ඒත් හෙන්රි වර්ණකුලසූරිය පවසන පරිදි ඔහුගේ අරමුණ වුණේ වන්දි ලබාගැනීම නොව සිදුවූ අසාධාරණයට, එනම් සේවකයින් හිතූ පරිදි දොට්ට දැමීමට එරෙහිව ආදර්ශවත් නඩු තීන්දුවක් ලබා ගැනීමයි. එසේම කම්කරු උසාවියෙන් සාධාරණයක් ලබා ගැනීමට මන්දෝත්සාහී වන මාධ්‍ය සේවකයින් දිරිමත් වන ආකාරයේ  සාධාරණ තීන්දුවක් ලබා ගැනීමද තවත් අරමුණක් වුණා.

 ඒ සඳහා ඉතා මැනැවින් පැමිණිල්ල මෙහෙය වූයේ නීතිඥ ඔස්මන්ඩ් ජයරත්නයි.

 කම්කරු කොමසාරිස් කාර්යාලය විසින් පවත්වාගෙන යන තවත් නඩුවක් මීට සමගාමීව ඇසෙමින් පවතිනවා.  ඒ නොගෙවූ අර්ථසාධක මුදල් අයකරගැනීම වෙනුවෙන් කම්කරු කොමසාරිස් කාර්යාලය Life Television ආයතනයට එරෙහිව පවත්වාගෙන යන නඩුවයි. ඒ නඩුවට නොපැමිණෙමින් ලයිෆ් ටෙලිවිෂන් නෙට්වර්ක් පෞද්ගලික සමාගම සිය යුතුකම පැහැර හරිමින් සිටිනවා. ඒ සඳහා  වගව උත්තරකරුවන්ට වරෙන්තු නිකුත් කොට තියෙනවා.

 


 සෙස්ස පස්සට…

 

 

Friday, 24 February 2023

දරුදුකට හිතෙන් හඬන මුලතිව් සින්නම්මා



සර කිහිපයකට පෙර මුලතිව්- පුදුකුඩුයිරිප්පු ප්‍රදේශයේ කයිවේරි ගමට ගිය අවස්ථාවක මට මුණ ගැසුණු ඒකනායක සින්නම්මා මාතාව පැවසූ සිය දරුවා අතුරුදහන් කිරීමේ අනුවේදනීය කතාව ඔබත් සමඟ බෙදාගන්න සිතුවා.

ගෙවී ගිය දශක කිහිපයේ උතුරේ මෙන්ම දකුණේ මෙවන් මව්වරු කොතෙක් නම් ‌වේද?


මුලතිව් සින්නම්මා


සෙස්ස පස්සට…