Powered By Blogger

Wednesday, 31 May 2023

විජේවීර සොයා යාම

 


"කතා කෝච්චිය" YouTube නාළිකාව පටන් ගත්තට පස්සේ මේ වන විට පෙට්ටි 06 ක් අමුණලා තියෙනවා.

බන් දැනට අන්තිමේට අමුණපු පෙට්ටිය තමයි "විජේවීර සොයා යාම"

මගේ කතා කෝච්චියේ අන්තිමට අමුණපු පෙට්ටිය

"විජේවීර සොයා යාම" මෙතැනින් බලන්න.

ඒ කතාංගයෙන් මා ඩොක්‍යුමෙන්ටරි නිර්මාණයට එළැඹුණු ආකාරය ගැනත් මා හැදූ වාර්තා වැඩසටහන් කීපයක් ගැනත් සඳහන් කළා. විජේවීර සොයා ගියේ "දිදුළඹර" නමින් ජවිපෙ 40 වසරක ඉතිහාසය පිළිබඳ කළ විචිත්‍රාංගය වෙනුන්.

"දිදුළඹර" මෙතැනින් බලන්න.
.
එක්කම 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් "මහින්ද දිනවිය යුත්තේ ඇයි ? තේමාව යටතේ හැදූ ප්‍රචාරාත්මක වැඩසටහන ගැනත් සඳහන් කළා.

 "නව යුගයක අරුණැල්ල" මෙතැනින් බලන්න.

මේවා ගැන කතා කළේ ඉතිහාසය සිහිපත් කරන්නට මිස අන් චේතනාවකින් නොවේ. අපට ඉතිහාසයෙන් ගැලවෙන්න බෑ. ඒත් ඉතිහාසයේ එල්බ සිටිය යුතුත් නෑ. අපට වගේම ජවිපෙටත් එය එක වගේ සාධාරණ විය යුතුයි.
ජවිපෙ ප්‍රචාරක අංශයේ ඉල්ලීමට දැනට දශක කීපයකට පෙර මා මේ වාර්තා හා ප්‍රචාරාත්මක රූපාවලි නිර්මාණය කළේ වෙනත් ලාබ
ප්‍රයෝජන තකා නොව පක්ෂය වෙත වූ බැඳීම නිසයි.



All 

Thursday, 4 May 2023

කතා කෝච්චිය ඇවිත්

 කතා කෝච්චිය යූටියුබ්  

 

මෙතෙක් ලිව්වා...
දැන් කියනවා..
 
සීමා බන්ධන නැති “කතා කෝච්චිය” යූටියුබ් එකෙන් අහන්න..
 
එදා කතා, මෙදා කතා, කී කතා, නොකී කතා, 
කී නොකී කතා, එකී මෙකී නොකී කතා, සීමා බන්ධන නැති කතා යනාදී කතා අරං  කතා කෝච්චිය ආවා.
 
ඔබත් subscribe කරන්න.
 

 

Tuesday, 11 April 2023

කලං ගැන මතක

 

කැම්පස් එකේ ඉන්න කාලේ කලංව බලන්න කලං ගෙන් මයි-ඉන් ටේලර් ෂොප් එකට ගියා.

ඊට පස්සෙ කලං අසල්වැසියා උනේ ගෙලිඔය පෙරින්කෝ කොම්පැණියෙ වැඩ කරද්දි..

මගේ පළවෙනි මුද්රිත පොත වන කියුබානු කෙටිකතා පරිවර්තන කෘතියෙ පිටපතක් කලංට පිරිනැමුවේ බස් එකේදි මුණ ගැහිලා සීට් එකේ එක ළඟ ඉඳගෙන යද්දි..

කලංව මට අන්තිම වතාවට මුණ ගැහුණේ 2005 අවුරුද්දේ රයිගම් සම්මාන උත්සවයේ වේදිකා අංගයක් ඉදිරිපත් කරන්න ආරාධනා කරපු වෙලාවෙ.

එදා මෙදා තුර භෞතිකව මුණ නොගැසුණත් අමරසිරි කලංසූරිය කියන රංගවේදියා අපේ මනසේ නිතරම ජීවත් වුණා.. විශේෂයෙන්ම "අහස් ගව්ව" වගේ චිත්රපට විටින්විට නරඹද්දී කලං අපේ හදවතේ තව තවත් ලැගුම් ගන්නවා..

අමරසිරි කලංසූරිය රංගධරයාණන් අපගෙන් සමුගත් මොහොතේ ඔහු පිළිබඳ මගේ පෞද්ගලික මතක කිහිපයක් සටහන් කරන්න හිතුවා. කලං එක්ක විශාල ඇසුරක් පැවැතියේ නැති වුවත් විවිධ අවස්ථාවල ඔහු සහ මා අතර සිදු වූ හමුවීම් සහ කතාබහ පිළිබඳ කෙටි සටහනක් තමයි මේ තියන්නේ.

ඉතින් මේ මතක type කරනවාට වඩා මගේ කටින්ම කියන එක හොඳයි කියලා හිතුව නිසා මම youtube එකට video එකක් upload කළා.

link එක පහතින්.


Sunday, 2 April 2023

ගලහ පාර දිගේ සරසවිය මැදින්....

 

හුගිය දවසකකිසියම් රාජකාරි කටයුත්තක් සඳහා දෙල්තොට ප්‍රදේශයට ගිහිං ආපසු ආවෙ ගලහ පාර දිගේ පේරාදෙනිය විශ්වවිද්‍යාලය මැදින්.

මට හදිසියේ ඇත්වුණ සිතුවිල්ලක් නිසා අතේ තිබුණු ටැබ් එකෙන් ගලහ පාර දිගේ එක් පසක් වීඩියෝ කළා. 

පසුව හඬ කවා ඒ් රෑපාවලිය youtube දමන්න හිතුවා.

පහත ලින්ක් එකෙන් ඔබට කැමති නම් මේ ඩීඩියෝව නරඹා අතීත මතක අවදි කරගන්න පුළුවන්.

 ගලහ පාර දිගේ

 සෙස්ස පස්සට…

Saturday, 11 March 2023

"බලහත්කාරයෙන් සමාජවාදය ගොඩනැගිය හැකිද?"

 

2019 වසරේදී මා ලියූ "නාඳුනන තුවක්කුකරුවාගේ කතාව" ග්‍රන්ථය එළිදැක්වුණු අවස්ථාවේදී ප්‍රධාන දේශනය කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ලේකම්වරයෙකු හා වර්තමානයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ලයනල් බෝපගේ සිදු කළ ප්‍රධාන දේශනය....