Powered By Blogger

Thursday 23 February 2023

විජය-මාලිනී ප්‍රේම කතාව

 

 
 
විජය-මාලිනී ප්‍රේම කතාවට මොකද වුණේ කියලා මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඇහුවම විජය කුමාරතුංගගේ සහෝදරිය, රූපා කුමාරතුංග මෙහෙම කියලා තියෙනවා.
- ඒ කාලේ දෙන්නම ලස්සනයි. ප්‍රසිද්ධයි. හැමෝම හිතුවේ දෙන්නා විවාහ වේවි කියලා. දෙන්න අතර සම්බන්ධයක් බොහොම හොඳට තිබුණා. මට හොඳට මතකයි අප්‍රේල් 29 දවසක විජේ මල්ලි ඇවිත් කිව්වා පොඩි අක්කේ හෙට මම මාලිනීව බඳිනවා කියලා. මාලිනීගෙ උපන් දිනය අප්‍රේල් 30. මමත් කිව්වා හොඳයි කියලා. එතකොට තමයි ආරංචි වුණේ අපේ ලොකු අයියා සිඩ්නි කුමාරතුංග අසනීප වෙලා කොළඹ මහ රෝහලේ ඉන්නවා කියලා. විජය මල්ලියි, මමයි, මාලනියි අයියා බලන්න ගියා. එතකොට මල්ලි සිඩ්නි අයියට කිව්වා අයියේ මම හෙට මාලිනීව කසාද බදිනවා කියලා. අයියා හොඳයි කියලා ආශිර්වාද කළා. 
 
ඒත් එදා සිඩ්නි අයියා අන්ත්‍රා වුණා. පහුවෙනිදා උදේ අයියාගේ මරණය ගැන කියන්න මල්ලි යද්දි මාලිනී මංගල ඇඳුමක් ඇඳලා විවාහයට සූදානම් වෙලා ඉඳලා. කැන්ඩියන් ඔසරිය ඇඳලා හරිම ලස්සනට ඉඳලා තියෙන්නේ. කොල්ලුපිටිය පැත්තේ ඉඳපු විවාහ රෙජිස්ට්රාරුත් ඇවිත්. 
 
ඒත් අපේ තාත්තා නැති වුණේ විජයට අවුරුදු එකහමාරේදී. අපිත් පොඩියි. සිඩ්නි අයියා තමයි තාත්තා වගේ අපි ගැන හොයලා බැලුවේ. ඒ නිසා මල්ලි එදා කසාදය අවලංගු කළා. මල්ලිගේ මංගල ඇඳුම තමයි අයියගේ මෘත දේහයට ඇන්දුවේ. මොන හේතුවක් නිසාද දන්නේ නැහැ ඒ විවාහය සිද්ද වුණේ නැහැ. 
 
ඒකට හේතුව අපි දන්නේ නැහැ. දන්නේ මල්ලියි, මාලිනියි තමයි.
 
("සති අග අරුණ" ලිපියකින්.)
 

1 comment:

  1. කතාව නං අහලා තිබ්බා.. සෙස්ස පස්සට කියුව එකට තමයි බය හිතුණේ.. 🤭🫣😁

    ReplyDelete