Powered By Blogger

Friday 3 February 2023

සමරන්න නිදහසක් කොහිද?



1948 පෙබරවාරි 04 නිදහසක් ලැබුණේ නෑ. ඩොමිනියන් තත්ත්වයක් දුන්නේ. අධිරාජ්‍යවාදීන් සතුව තිබූ පාලන බලය කොම්ප්‍රදෝරු ධනපති පංතිය වෙත බන්දේසියක තබා නාමිකව හුවමාරු කළා පමණයි.

ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වී බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වුණේ 1972 මැයි 22. ඒත් පාලන සිය අතේ තබාගත් ධනපති පාලකයින් රටට හෝ ජනතාවට නිදහසක් ලබා දුන්නේ නෑ.

නිසා ජනතාවට සමරන්න නිදහසක් මෙතෙක් ලැබී නෑ. හැබැයි නිදහසේ ඵල භුක්ති විඳින, රටම තමන්ගේ අයිතියට සරි කොටගත් ධනපති පාලකයින් කවදත් නිදහසක් සමරනවා.

ඒ ඔවුන්ගේ අර්ථයෙන්.

ඔවුන් සමරන්නේ පොදු ජනතාව තලා පෙළා රටේ සම්පත් තම භුක්තියට සින්න කරගන්න ලැබුණු නිදහස විය යුතුයි.

අහල බලන්න. අදහස් කියන්න.

දිගටම අහන්න කැමැති නම්  subscribe කරලා bell අයිකන් එකත් ක්ලික් කරන්න.

සෙස්ස පස්සට…

3 comments:

  1. ඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.
    අපගේ සින්ඩියේ පලකොට ඇති පෝස්ටුවක වැඩි විස්තර දැක්වේ. පිවිස කියවන්න!

    ReplyDelete
    Replies
    1. WhatsApp ගෲප් හදන්නෙ නැතිව ඉන්න තිබ්බේ. ඒ දෙකේ ඉඳලා එන එක එපා වුණා. බ්ලොග්කාරයෝ මෙහෙම කුහකයො නං ඒ හමුවෙන් මට වැඩක් නෑ...
      ඔව් ඉතිං කවුද කුහක නැත්තෙ න‌ේද?

      Delete
  2. මේ 2017 දී

    ඊයේ දහවල ෆේස්බුක් හරහා ලංකාවේ වාසය කරන මිතුරෙකු හා චැටක යෙදී සිට අවසානයේ "තව ස්වල්ප වේලාවකින් නිදහස් දින සැමරුමට යාමට තිබේ" යැයි මා පැවසූ විට, ඔහු, "කාගේ නිදහස ද සමරන්නේ" යැයි පවසමින් "එදා සුද්දාගෙන් නිදහස ලැබුණේ මහ ජනතාවට නොවේ කළු සුද්දන්ට" යනා දී වශයෙන් දේශනයක් කිරීමට ඇරඹූ විට, "නෑ මං එහි යන්නේ උත්සව ශාලවේ අපේ ලේඛක සංගමය විසින් කරන සංක්‍රමණික සිංහල ලේඛකයින් විසින් ලියූ පොත් ප්‍රදර්ශනයේ රාජකාරි සඳහා ය" කියා ගැලවුණෙමි.

    සෙස්ස අස්සේ-
    https://rasikalogy.blogspot.com/2017/02/xx-exercising-your-freedom-to-think.html

    ReplyDelete