Powered By Blogger

Monday, 20 February 2023

විනී හෙට්ටිගොඩ එක්ක කතාබහක්...

 

 

 

විනී හෙට්ටිගොඩ 1987 වසරේදී ඉන්දියාවේ බැරෝඩා විශ්වවිද්යාලයේ 
 
පශ්චාත් උපාධිය හදාරමින් සිටි කාලයේ ඔරිස්සා ප්රාන්තයේ බුවනේශ්වර් 
 
ප්රදේශයේ හින්දු දේවස්ථානයන්හි බිත්තිවල අඟලක් නෑර කැටයම් කර ඇති 
 
ශෛලමය සත්ත්ව රූප පළමුව කටුසටහන් කොට, අනතුරුව පසු කලෙක 
 
පරිගණක ගත කොට සිතුවම් වලට ශෛලමය වයනය ලබා දීමට ගත් අපූරු
 
උත්සහය ගැන කළ කතාබහක්
 
 

subscribe කරලා bell අයිකන් එකත් ක්ලික් කරන්න.

සෙස්ස පස්සට…

 

Wednesday, 15 February 2023

සිරගත සත්තු



අඹේවෙල සංචාරයක් ගියාම සිතුණු දේ...

දවසක අපව (මිනිසාව) මෙලෙස සිර කළොත් අපට කුමක් සිතෙනු දැනෙණු ඇද්ද? හැබැයි අපට දැනෙන්නෙ නැති හංදා හොඳයි.

 නිව්සීලන්ඩ් ගෙවිපොළ



 

subscribe කරලා bell අයිකන් එකත් ක්ලික් කරන්න.

සෙස්ස පස්සට…

Friday, 3 February 2023

සමරන්න නිදහසක් කොහිද?



1948 පෙබරවාරි 04 නිදහසක් ලැබුණේ නෑ. ඩොමිනියන් තත්ත්වයක් දුන්නේ. අධිරාජ්‍යවාදීන් සතුව තිබූ පාලන බලය කොම්ප්‍රදෝරු ධනපති පංතිය වෙත බන්දේසියක තබා නාමිකව හුවමාරු කළා පමණයි.

ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වී බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වුණේ 1972 මැයි 22. ඒත් පාලන සිය අතේ තබාගත් ධනපති පාලකයින් රටට හෝ ජනතාවට නිදහසක් ලබා දුන්නේ නෑ.

නිසා ජනතාවට සමරන්න නිදහසක් මෙතෙක් ලැබී නෑ. හැබැයි නිදහසේ ඵල භුක්ති විඳින, රටම තමන්ගේ අයිතියට සරි කොටගත් ධනපති පාලකයින් කවදත් නිදහසක් සමරනවා.

ඒ ඔවුන්ගේ අර්ථයෙන්.

ඔවුන් සමරන්නේ පොදු ජනතාව තලා පෙළා රටේ සම්පත් තම භුක්තියට සින්න කරගන්න ලැබුණු නිදහස විය යුතුයි.

අහල බලන්න. අදහස් කියන්න.

දිගටම අහන්න කැමැති නම්  subscribe කරලා bell අයිකන් එකත් ක්ලික් කරන්න.

සෙස්ස පස්සට…

Wednesday, 1 February 2023

"එයා දැන් බැඳලා" පිස්සුවක් තමයි

 


"දඬුබස්නාමානය", "දුන්හිඳ අද්දර", "ඇල්ල ළඟ වලව්ව", "කඩුල්ල" බලන්න රෑ වෙද්දි ටීවී එක ළඟ සැදී පැහැදී උන්න කාලයක් තිබුණා. 
 
ගමනක් බිමනක් ගියත් සෙනසුරාදා ඉරිදා රෑ වෙද්දි ගෙදර ආවෙ මේ අපූරු ටෙලි සිතුවම් (ටෙලිනාට්ය) මගහැරෙයි කියන බයට.
 
ඊට පස්සෙ ටෙලි බඩකඩෙත්තු එපාම වුණා
ටීවී බැලිල්ලත් අත හැරියා.
 
ටෙලිනාට්ය වලින් කලාව කරන්න බෑ. වෙළඳ භාණ්ඩයක් විතරයි කියන මගේ අදහසට පෙර කී ටෙලිසිතුවම් අභියෝගයක් වුණා වගේම, ආයෙම ටීවී බලන්න රෑ වද වෙන්නෙ නැතිව යූටියුබ් එකෙන් එදාම හෝ පහුවදා බලන්න හිතෙන කලාත්මක (විටෙක සිනමාත්මක) ගුණයෙන් හෙබි ටෙලි සිතුවම් කීපයක් බිහි වුණා. 
 
මගේ වින්දන මට්ටම අනුව නම් කළොත් මා එසේ නොවරදවා නැරඹුවේ "A/L ඉවරයි", හා "කූඹියෝ" පමණයි. 
 
කාලෙකට පස්සෙ විකාශය වන "එයා දැන් බැඳලා" ටෙලි සිතුවම තවත් අපූරු නිර්මාණයක්. 
 
සෙනසුරාදා, ඉරිදා රාත්රියේම හෝ පසුදා උදේම බලන්න හිතෙන එක්තරා "පිස්සුවක්" තමයි "එයා දැන් බැඳලා". 
 
නොබැලූ අය එක කොටසක් බලන්න. පිස්සුව හැදෙනවා.
 
සේමිනි, මහේන්ද්ර, සරත්, ප්රදීප් උඹලා නියමෙට රඟපානවා. 
ප්රසන්න...වැඩේ පට්ට.

 

එයා දැන් බැඳලා 

 

අහල බලන්න. අදහස් කියන්න.

දිගටම අහන්න කැමැති නම්  subscribe කරලා bell අයිකන් එකත් ක්ලික් කරන්න.

සෙස්ස පස්සට…

 

Monday, 30 January 2023

අහෝ සිංහල චිත්‍රපට

සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයේ අපිළිවෙළ අප දිගින් දිගටම අත්විඳිනවා. චිත්‍රපට පෙන්නන එක තීරණය කරන්නෙ හෝල් කාරයෝ. ඒකත් ඉවසනවා කියමුකෝ...ඒත් හෝල් කාරයෝම තීරණය කරන වෙලාවත් ඔවුන්ම වෙනස් කරන්න ගත්තාම අපහසුතාවට පත් වෙන්නෙ ප්‍රේක්ෂකයා. 

ඉතිං මිනිස්සු එයිද චිත්‍රපටි බලන්න?

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ "ගාඩි" චිත්‍රපටය දෙවන වර නරඹන්න හාමිනේත් එක්ක ගිය වෙලාවේ ලද අත්දැකීම අහන්න.

ගාඩි බලන්න ලිහිං නෝන්ඩි වුණ හැටි

 
මෙහෙම වැඩ කීප වතාවක් වෙලා තියෙනවා.
වලි දාලා බලලත් තියෙනවා.

වතාවක් මෙහෙම ප්‍රශ්නයක් ප්‍රසන්නටම call කරලා කිව්වා. ඒ කොළඹ ලිබර් ටි හෝල් එකේ. එවෙලාවෙ ප්‍රසන්න කිව්වෙ හොල්කාරයෝ වෙලාව වෙනස් කරන එක නිෂ්පාදකට හෝ බෙදාහරින්නන්ට දන්වන්නෙත් නෑ කියලා.

 ඒ අවුරුදු ගණනාවකට කලින්. තවමත් ඒ තත්ත්වය එහෙමමයි.

ඉතිං මිනිස්සු එයිද චිත්‍රපටි බලන්න?

අහල බලන්න. අදහස් කියන්න.

දිගටම අහන්න කැමැති නම්  subscribe කරලා bell අයිකන් එකත් ක්ලික් කරන්න.

සෙස්ස පස්සට…