Powered By Blogger

Sunday 1 January 2023

පාසල් සිසුන්ට දඬුවම් කිරීම

 

 
යේ උදේ පොළට ගිහිං ඉස්කෝලෙ දරුවන්ට උයන්න දේ අතින් කටින් එල්ලන් එද්දි තරුණයෙක් මග හරස් කළා.
 
ටීචර්- ආ..කොල්ලෝ..උඹ දැක්ක කල්
 
කොල්ලා- ටීචර්ව දැකලා ආවේ...අම්මෝ අවුරුදු කීයකට පස්සෙද...
 
ටීචර්- විභාගෙ හොඳට පාස් වුණානෙ. දැන් මොකෝ කරන්නෙ කොල්ලෝ..
 
කොල්ලා- A-1යි, B-2යි නේ..කැම්පස් තේරුණේ නෑ...මං දැන් සිනෙක් යනවා. ලබන අවුරුද්දෙ හාර්බර් ට්රේනිං..
 
මම- A-1යි, B-2යි කැම්පස් තේරෙන්නැද්ද?
 
කොල්ලා- නෑ..සර්..ආර්ට් නේ..මං සිනෙක් එකේ ලොජිස්ටික් කෝස් එකක් කරනවා. මේ ටීචර් හංදා තමයි ගොඩ ගියේ...නැත්තං අනාථ වෙනවා.
 
ටීචර්- අම්මෝ..මං මූට කොයි තරං ගහල ඇද්ද..මතකනෙ කොල්ලෝ...
කොල්ලා- නැතුව. මං ඒ කාලෙ හොඳම අපතයෙක්. අන්තිම නරකයි. 
පිස්සුමයි කෙලියේ...ටීචර්ගෙන් ගුටි කාලා තමයි හැදුණේ...ටීචර් නැත්තං මං මෙතන නෑ..
 
ටීචර්- මූ කරපු තරමක් කරේ කඩප්පුලි වැඩ. ගහලම තමයි හදාගත්තේ..
කොල්ලා- ඒක නං සම්පූර්ණ ඇත්ත. එහෙම නොගහන්න කොහෙං නවතීද දන්නෑ..
 
ටීචර්- ඒ කාලෙ නං මට වෛර කරන්නැති. දැන් තේරෙනවා නං මදැයි.
තරුණයා මහපාරේ දණ නවා වැන්දා..ටීචර්ගෙ හස්බන්ඩ් නිසා මටත් වැන්දා. ඌ සමුගෙන ගියා. 
 
මම- ඔය ළමයට ගහල හැදුවා කිව්වේ කීයෙ පන්තියෙදිද?
 
ටීචර් - 10-11 දි තමයි. ඕකුන් මට විතරයි බය. 
 
මට මතක් වුණේ මාව. මාත් නියම කඩප්පුලියෙක්. ගුරුවරුන්ගෙන් ගුටි කාලා, බුරිය මිරිකවගෙන තමයි හැදුණේ. 
 
රජයේ නිවේදනය- පාසල් සිසුන්ට දඬුවම් කිරීම සිරගත වීමට හේතුවක් වේ.
 

7 comments:

  1. හෙන්‍රි ගුටි කෑවා මදි කියලා හිතුණේ නැති ද?

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ මගෙන් ගුටි කාලා හැදුණු අය නේ ඉන්නේ...

      Delete

  2. මට මතක් වුණේ මාව. මාත් නියම කඩප්පුලියෙක්. ගුරුවරුන්ගෙන් ගුටි කාලා, බුරිය මිරිකවගෙන තමයි හැදුණේ. '

    තෝ වගේ කුහක අඩු කුලේ පරයෙක් ගුරුවරුන්ගෙන් ගුටි කාලා හැදුනා කියනවා නං ඒකෙන්ම පේනේවා ක්‍රමයේ අසාර්ථක බව.

    ReplyDelete
    Replies
    1. ක්‍රමය නං අසාර්ථකයි තමයි. ඒක වෙනස් කරන්න ව්‍යාපාරයක් නැති එක නොවැ අවුල..

      Delete
  3. කාලය අනුව හැමදේම වෙනස් වෙනවා, අපේ ගණන් මිස්ගෙන් වැඩිම ගුටි කෑවේ මිස්ගේ පුතා දැන් පොර ඉන්ජෙක්
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉංජො වැඩි හරියක් ගුටිකාපු කඩප්පුලියො වෙන්ටෑ.

      Delete
  4. ගුටි දෙනවද නැද්ද කියන එකට වඩා... දරුවෙකුගේ වරදකට දඬුවම් කරන්නේ කොහොමද කියල හොයා බලන එකයි වැදගත්.

    ReplyDelete