Powered By Blogger

Friday 8 January 2016

කුමාර් ගුණරත්නම් නිදහස් කරනු......!




"කුමාර් ගුණරත්නම් නිදහස් කරනු....! "
යනුවෙන් ලියා තබමින් කුමාර මහත්තයා නැතහොත් ගැමුණු මෙන්ම ගුණ්ඩා ලෙස අප දන්නා නොයෙල් නමින් පෙනී සිටි කුමාර් ගුණරත්නම් පිළිබඳ, පෞද්ගලික ඇසුරෙන් දුරස්ථ වූ එහෙත් එක් හෝ වෙනත් ආකාරයකින් සමීප මතකයන් සටහන් කරන්නේ දේශපාලන සිරකරුවෙකු ලෙස ඔහු සිරගත කොට දින 50 ක් ගෙවෙන මොහොතකයි.

                **********************************************************
                                                                        කුමාර් ගුණරත්නම්


මා මේ නොකීකතාව ලියන්නේ බොහෝ සීමා මායිම් හා ස්වයංවාරණ මධ්‍යයේයි. ඊට හේතුව පැවැති හා පවත්නා පාලනයන් පිළිබඳ මා වෙත විශ්වාසයක් නොමැති විමයි. ඒ නිසා මේ මොහොතේ කිව යුතු දේ පමණක් කියා, සෙස්ස පස්සට......

ප්‍රේමදාස වැනි දරුණු ගණයේ මිනීමරු පාලකයෙකුගේ පාලන සමයේදීද ජීවිතය බේරාගන්නට වරම් ලද අනූනවයෙන් බේරුණ "අනූවේ පරපුරේ" අප අද එදාට වඩා පරිණතයි. මරණය දක්වාම එළිදරව් නොකෙරෙන බොහෝ මතක සිත තුළ තැන්පත් වි තියෙනවා. ඒවා නොකියනම කතා තමයි.

("අනූවේ පරපුර" යනු 90 දශකයේ මුල් භාගයේදී කොළඹ ආශ්‍රිතව ක්‍රියාකාරී වූ සාහිත්‍ය-කලාව වෙනුවෙන් දායකත්වය සැපයූ සංවිධානයක්. එහි මුල් ලිපිනය මා එවකට පදිංචිව සිටි කටුබැද්දේ, ලක්ෂපතියේ නිවහනේ ලිපිනය බව පමණක් දැනට ලියා තබන්න කැමැතියි. අනූවේ පරපුර ගැන නොකී කතා පසුවට.)

ප්‍රේමකුමාර් ගුණරත්නම් මට සම්බන්ධ වන ආකාර කිහිපයක් වෙනවා. එහෙත් මා නිරත දේශපාලන ක්‍රියාවලියේදී කිසිදු විටෙක මා ඔහු සමග ගනුදෙනු කොට නැහැ.

මා ගුණ්ඩා ගැනත් ගුණ්ඩා මා ගැනත් අසා, දැන සිටියත් අප මුහුණට මුහුණ මුණ ගැසුණේ භීෂණය පහව ගොස් බොහෝ කලකට පසුව, එනම් 90 දශකයේ අග භාගයේදී.

ඒ බොරැල්ලේ ඇල්විටිගල මාවතේ අප පවත්වා ගෙන ගිය "විශ්ව අධ්‍යයන කේන්ද්‍රය" නම් වූ පෞද්ගලික ආයතනයේදීයි.

පරිගනක අධ්‍යාපනය මුල් කොටගත් මේ ආයතනයේ ගුවන්විදුලිය, වීඩියෝකරණය, ඡායාරුපශිල්පය, ස්ක්‍රීන් මුද්‍රණය,  වැනි විෂයයන් සඳහාද දේශන හා පංති පැවැත් වුණා.

විශ්වවිද්‍යාලයෙන් අධ්‍යයන නිවාඩු ලැබ කොළඹ පදිංචිව සිටි එකල මා එහි පාඨමාලා බාරව කටයුතු කරද්දී ආයතනයේ අර්ථපතිත්වය දැරුවේ මා සුමිතුරු පාලිතයි. (මීට පෙර ලියූ "බ්‍රා එකක් කළ හදියක්" නොකී කතාවේ මගේ රූමා මයි.)
"බ්‍රා එකක් කළ හදියක්" බලන්න මෙතනින්.
http://nokieekatha.blogspot.com/2016/01/blog-post_2.html

88-89 ධවල භීෂණයේදී දෙපැත්තෙන්ම ආ මරණීය තර්ජන හමුවේ ස්විට්සර්ලන්තයට පළා ගොස් කලක් වාසය කොට සමහරුන් මෙන් එහි ගල් නොවී නැවත මව් බිමට ආ පාලිත කියන්නේ චම්පාගේ අයියා.

                                චම්පා සහ ගුණ්ඩා

චම්පා කියන්නේ නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ දක්වාම මගේ සිංහල ගුරුතුමිය වූ චන්ද්‍රාවතී ගුරුමෑණියන්ගේ දියණියයි. 

එසේම ගුණ්ඩාගේ බිරිඳයි.


මා ලියූ පළමු නවකතාව වන "ඝාතනයට පෙර" 3 වන මුද්‍රණය පිරිනැමුවේද චන්ද්‍රාවතී ගුරු මෑණියන්ටමයි.



අපට සිංහල පමණක් නොව ඉංග්‍රීසි ද උගැන්වූ චන්ද්‍රාවතී ගුරුතුමිය සැබැවින්ම අපට සැළකුවේ තමන්ගේම දරුවන්ට වගේ. බොහෝ විවේකී වේලාවන්හිදී පාලිතලාගේ නිවසට ගොස් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට අප පුරුදු වී සිටියා. පවුලේ දරුවන් අපේම සහෝදර සහෝදරියන් මෙන් වුණා.

එහෙයින්ම ඒ පවුලට බැඳුණු ප්‍රේමකුමාර ගුණරත්නම්ට පවුලේ අය අමතන 'ගුණ්ඩා' නමින්ම අමතන්නට මා කැමැතියි.

විශ්ව අධ්‍යයන කේන්ද්‍රයට ගුණ්ඩා පැමිණියේ කුමන කාරණයකටදැයි සිහිපත් නොවුණත් පරිගනක ආශ්‍රිත කිසියම් කටයුත්තකට විය යුතුයි. 

ඒ වන විටත් ගුණ්ඩා ජනතා විමුක්ති පෙරමුණේ  දේශපාලන මණ්ඩලයේ සිටි බව මා දැනගෙන සිටියා. ඒත් ඒ ප්‍රචලිත තලයේ නොවෙයි. ඔහුට ප්‍රසිද්ධියේ නායකත්වයේ කටයුතු කිරීමට හැකියාවක් නොතිබීම තේරුම් ගත හැකියි.

ජවිපෙ රට පුරා ආරම්භ කළ අධ්‍යයන මධ්‍යස්ථාන වලට "විශ්ව" නම යොදා ගත්තේ පාලිතගේ එකඟතාව මතයි. මේ නම යෙදුවේ මා බැවින් ජවිපෙ ඉල්ලීම ගැන පාලිත මා සමග සාකච්ඡා කළා. මට මේ නම යොදන්න වචන සොයමින් උදව් කළේ කලක් පුවත්පත් කලාවේදියෙකු ලෙස කටයුතු කළ, "වේදිකාව" සඟරාවේ සංස්කාරකවරයා වූ, දැන් ගමට වී ඉංග්‍රීසි ටියුෂන් පංති පවත්වන මැනුවෙල් ජයසේකරයි.

ඒ වන විට විශ්ව අධ්‍යයන කේන්ද්‍රයේ කටයුතු වලින් මෙන්ම විශ්වවිද්‍යාල සේවයෙන්ද මා ඉවත් වී ස්වර්ණවාහිනියට සම්බන්ධ වී හමාරයි.

ගුණ්ඩා යනු 80 ගණන් වල අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අන්තරේ) කැඳවුම්කරු ලෙස කටයුතු කළ පේරාදෙණියේ අපට වසරක් පහළ කණ්ඩායමේ ඉංජිනේරු උපාධි අපේක්ෂකයෙකු වූ රංජිතම් ගුණරත්නම්ගේ සොහොයුරායි. එකල ඉඩමේගමලා, රංජිතම්ලා තමයි ශිෂ්‍යයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ මෙන්ම පාලකයන් සමග කේවල් කළේ.

ගුණ්ඩාත් ඔහුගේ අයියා මෙන්ම ඉංජිනේරු පීඨයේ සිසුවෙකු ලෙස තේරී පේරාදෙණියටම ආවා. ඒ වන විට අප විශ්වවිද්‍යාල ජිවිතයෙන් සමුගෙන අවසන් නිසා හමුවීමක් සිදු වුණේ නැහැ.

කොටින්ම ගුණ්ඩා ත්‍රිකුණාමල ප්‍රදේශය බාර ජවිපෙ නායකයා ලෙස කටයුතු කරද්දී මා සිටියේ ත්‍රිකුණාමලය නාවික කඳවුරේ. ඉඩමේගමලා....මා මුණ ගැසෙන්නට එද්දී ගුණ්ඩා හමු වී ආවාදැයි මා දන්නේ නැහැ. කවදාවත් ඒ ගැන විමසුවේත් නැහැ.

(ස්වයං වාරණය.........xxxxxxxxx)

ඉංදීය සාම සාධක හමුදාවට එරෙහිව ජවිපෙ දියත් කළ භූමි සටන් වලදී ගුණ්ඩාගේ දායකත්වය ඉමහත්. ඒ කොළඹ සිට කරන විරෝධතා වලින් එහා ගිය මාරාන්තික සටනක්. ඒ කාලයේ දේශපාලන නායකත්වය විසින් ආංඩුවේ හමුදා කඳවුරු තුළ ගාල් කරනු ලබද්දී වීරයින් සේ වැජඹුණ ඉංදීය සාම සාධක හමුදාවට මාරාන්තික ප්‍රහාර එල්ල වූ බව නම් මතකයි.

අනුවේ දශකය ආරම්භ වන්නේ අනූනවයෙන් බේරුණු පරපුරක් සීසීකඩ විසිරී සිටින අති අවදානම් හා භයංකර තත්ත්වයක් යටතේයි. මිනීමරු ප්‍රේමදාස 93 මැයි පළමුවෙනිදා බෝම්බයෙන් ඉල්ලං කෑමෙන් පසුවයි සමාජය තුළ වූ මරණ බිය පහව ගියේ.

ඊට පෙර සිටම සිරි අයියා විදේශයේ සිට පක්ෂය යළි එක මිටකට ගොනු කරන්නට වෙහෙසෙද්දී නන්දන, සේනාධීර, දේශප්‍රිය, කුලරත්න වැන්නවුන් සමගත් අවසානයේ වීරවංශලා සමගත් සම්බන්ධතා ඇතිකර ගනිමින් ලංකාවේ වැඩ කොටස ඉටු කිරිමට නායකත්වය දුන්නේ ගුණ්ඩායි.

1994 දී ජවිපෙ, ජාතිය ගලවා ගැනිමේ පෙරමුණ යටතේ මහමැතිවරණයට තරඟ කරද්දී මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ නියමුවා වූයේද ගුණ්ඩායි. ඔහුගේ බිරිඳ චම්පා, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලුවා. ඇය රූපවාහිනී කාලය ලබාගෙන කතා කරනවා මට මතකයි. හම්බන්තොටින් පළමු ජවිපෙ සමාජිකයා ලෙස ගලප්පත්ති පාර්ලිමේන්තුවට එන්නේද මේ මැතිවරණයේදී.

2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිනවිම සඳහා ජවිපෙ ඉටු කළ කාර්යභාරයත්, ඉන් අනතුරුව පාලන බලය හා සම්බන්ධ වීමත් අරභයා පැන නැගුණ සංවාදයත් සමග ජවිපෙ දෙදරන්නට පටන් ගත්තේ එතෙක් ජවිපෙ අදිසි නායකයා වූ ගුණ්ඩා ඉවතට තල්ලු වෙමිනුයි. 

වර්තමානයේ ජවිපෙ නායකයන් ප්‍රේමකුමාර් ගුණරත්නම් කෙනෙකු පක්ෂය ගොඩ නැගුවා යන්න කෙසේ වෙතත් පක්ෂයේ සිටියාද කියාත් අමතක බව පවසන විට අපට දෙකොනින් හිනා යනවා.

ප්‍රජාතන්ත්‍රවාදය නමැති සටකපට මන්ත්‍රණය මතුරමින් දේශපාලන නිදහස ස්ථාපිත කරනවා කියන යහපාලකයන් පවා දේශපාලන සිරකරුවෙකු වූ ගුණරත්නම් තව දුරටත් සිරභාරයේ තබා ගනිද්දී සිවිල් සංවිධාන හා අනෙකුත් දේශපාලන පක්ෂ හා ක්‍රියාකාරීන් ගොළුවතක් රැකීම නම් ඛේදවාචකයක්.







කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න.











60 comments:

  1. ඔබ දැක්කාද එල්ටිටිඊ් එකෙන් ඉන්දියානු හමුදාවට එරෙහිව පිටකළ You too India පොත?

    ReplyDelete
    Replies
    1. නැහැ. හොඳ ආරංචියක්. පොත හොයා ගන්නම්. මිලදී ගන්න ඇති නේද bookshop වල

      Delete
  2. // ගුණ්ඩායි. ඔහුගේ බිරිඳ චම්පා, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලුවා. ඇය රූපවාහිනී කාලය ලබාගෙන කතා කරනවා මට මතකයි. //

    ස ර ස තුමා "අඟහරු" සාලාවේ නේවාසිකව සිටියදී අල්ලපු කාමරේ රූම් මේට් ව සිටි පශු වෛද්‍ය මැතිවු මහත්තයා ද එම චන්දේට ඉදිරිපත් වී රූපවාහිනියේ කතා පැවැත්වුයේය...

    ReplyDelete
    Replies
    1. පශු වෛද්‍ය මැතිවු මගෙ ඥාතියෙක්. අවුරුදු ගාණකට කලිං විශ්වවිද්‍යාලයෙ වැඩ කරද්දියි දැන ගත්තෙ. ඥාතියෙක් බව. එතකොට ඔහු ශිෂ්‍යයෙක්.

      Delete
    2. අන්තිමට මැතිවු සමග කතා කරේ ෆාදර් එගටන් සමග කොහේ හෝ යන විට ෆාදර් එගී මා දැක වාහනය නවතා කතා කල විටය.... රෝයල් මෝල් ඉදිරිපිටදී.... වසර කීපයකට පෙර ය...

      මැතිවු එහි ඉදිරි අසුනේ සිටියා.

      මා හිතන්නේ තවමත් මැතිවු VRI ආයතනයේ සේවය කරනවා... ....

      Delete
  3. ජවිපෙ දැන් කරන්නේ පට්ට අවස්ථාවාදී දේශපාලනයක්.

    ගුන්ඩා ගේ කතාවක් ලඟදි ඇහුවා හිර කරන්න කලින් නිරාශ ගුණසේකරගේ පොතක් එළිදක්වන වෙලේ.. පැහැදිලි හඬක් හා කෙලින් කතාවක්. ඔහු ගැන ලොකු විස්තරයක් දන්නේ නම් නෑ.. එත් මේ වගේ මිනිස්සු හිර කරගෙන කරන දේශ-පාලනයෙන් වැඩක් නෑ කියල නම් දන්නවා..

    ReplyDelete
    Replies
    1. ජවිපෙ අවස්ථාවාදී දේශපාලනය ඇති කරන්නෙ හරිම අපේක්ෂාභංගත්වයක්. ගුණරත්නම්ගෙ දේශපාලන මතවාද කවරක් වුණත් සිර කරගෙන ඉන්න එකයි, ඒකට ඇහැ කන පියාගෙන ඉන්න එකයි මදිවට උඩගෙඩි දෙන එකයි ප්‍රශ්න කළ යුතුයි..

      Delete
  4. 83 මැයි පළමුවෙනිදා

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාස බෝම්බ පාර කෑවේ 93 මැයි පළමුවැනිදා. හෙන්රිට සමාව දෙමු. සුළු වැරදීමක්නොවැ.

      Delete
    2. ඔන්න දිනේ වෙනස් කළා. ස්තූතියි. ටයිපිං මිස්ටේක්. :)

      Delete
  5. කුමාර් ගුණරත්නම් දේශපාලන සිරකරුවෙක් කොට තිබෙන බව පැහැදිලියි.අත් දෙකට මාංචු දාලා අධිකරණයට අරන් එන,අධිකරණයෙන් අරන් යන වෙනත් දේශපලකයින් වගේ තමන් වීරයෙක් කියලා පෙන්වන්න මාංචු දාපු අත් උස්සන් ප්‍රදර්ශනය නොකර යන කුමාර්ට මම කැමතියි.

    කුමාර් ගුණරත්නම් ඇතුළු සියලු දේශපාලන සිරකරුවෝ වහා නිදහස් කරනු.ඒ තුලින් යහපාලනය පෙන්වනු..!!

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම. ගුණරත්නම්ගෙ දේශපාලන මතවාද කවරක් වුණත් සිර කරගෙන ඉන්න එකට එරෙහි විය යුතුයි. සියලු දේශපාලන සිරකරුවෝ වහා නිදහස් කරනු...!

      Delete
  6. /* ඔහුගේ බිරිඳ චම්පා, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලුවා. ඇය රූපවාහිනී කාලය ලබාගෙන කතා කරනවා මට මතකයි. */

    මටත් හොඳින් මතකයි.
    http://rasikalogy.blogspot.com/2015/01/que-sera-sera.html

    එදා ඇය කළ "කාගෙන, කාගෙන කාගෙන යන" කතාව අදටත් වලංගුයි!

    ReplyDelete
    Replies
    1. ඔව් රසික....ඔය කට්ටිය කාගෙන, කාගෙන කාගෙන යන්නේ....

      Delete
  7. වීරවංශ ගේ හෙලදිව (හෝ එවැනි නමක් තිබුණු) පුවත් පතෙන් ප්‍රේමකුමාර් සහ චම්පා ගේ නිවසේ කාමර සැලසුම පවා මුද්‍රණය කරමින් ලිපි පළ කළා මතකද?

    ReplyDelete
    Replies
    1. මතක නැහැනෙ. හෙළදිවේ ද? සොයල බලන්නම්. අනුරකුමාරගෙ නං ගියා පත්තරේක. ඒත් ප්‍රේමකුමාර් සහ චම්පා නිවසක් තැනූ බවක් දන්නේ නැහැ.

      Delete
  8. මූව වහාම රටින් පිටුවහල් කරන්න ඕනේ. මුන් තමයි ආයෙත් රට ගිනිතියන්න හදන්නේ.

    ReplyDelete
    Replies
    1. දැන් පිටුවහල් කරන උන්ව තීරණය කරන්නෙ කොයි එකාලද?

      Delete
    2. මේ රටේ ඉන්න අපි වගේ එකාලා අපි මේ වගේ එවුන් රට ගිනිතියන හැටි දැකලා තියනවා අපේ ළමයි මරණයට දක්කනවා දැකලා තියනවා. මුන් රජවෙන්න හදන්නේ අපේ ළමයින්ගේ මිනී උඩින් ගිහින්.

      Delete
    3. කෝ ඕයි මම මේකට දුන්න උත්තරේ මම කුණුහරප ලියලා නැහැනේ දානවකෝ ඒ කොමෙන්ටුව

      Delete
    4. කලබල වෙන්න එපා. තව වැඩ අතරයි කොමෙන්ට් පබ්ලිෂ් කරන්නේ. ඔන්න දැම්මා.

      Delete
  9. Thanks Henry for your Nokiee katha. Ranjitham sacrificed his life for the downtrodden people of Sri Lanka. Kumar is sacrificing his life for the same. He can have a comfortable life in Australia. I respect him.

    ReplyDelete
  10. කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ දේශපාලනය පරණ එකක. ඔහු ඕස්ට්‍රේලියාවේ හිටියත් අලුතින් හිතනවට වඩා පරණ ක්‍රමයට යන්න කැමති කෙනෙක්. මේ බව ඔහුට ලන්ඩනයේ හමු වූ විටෙක කිවූ අවස්ථාවේ ඔහු මට කීවේ "තීරනාත්මක අවස්ථාවේදී කවුරුත් ධනපති පන්තියට යනවා" කියල. මට ඇත්තටම හිනා ගියා. ඔය වගේ කතාවක් තමා 87 දී ධනපති ආණ්ඩුවට ගහන්න යන්න එපා කියල මම අවවාද කලහම කොළඹ ජවිපෙ නායකයෙකු මට කිවේ. ඔහු හිතන්නේ තවමත් පරණ විධිහට කියන එක ඒකෙන් පැහැදිලියි. නමුත් මම සම වෙලේම ඔහුගේ නිදහස වෙනුවෙන් පෙනී හිටිනවා. ආණ්ඩුව ඔහුව නිදහස් කල යුතුයි. නීතිමය වැරැද්දක් වුවත් (වීසා නැතිව සිටීම ) සුවිශේෂ සිද්ධියක් ලෙස සලක ඔහුව නිදහස් කළ හැකියි. දෙනිදහසේ දේශපාලනය කිරීමට අදහස් ප්‍රකාශ කිරීමට හැමෝටම නිදහස තිබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මා කතා කරන්නේ ඔහුගේ දේශපාලනය නොව දේශපාලනය කිරීමට, අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පිළිබඳවයි.නීතිමය වැරැද්ද පේන්නෙ උන්ම හදාපු නීතියට අනුව නේද? ඕනෙ ඕනෙ වෙලාවට ඔය නීති පොත වෙනස් කරන්නෙත් උන්ම නේද?
      උන් කිව්වෙ මේ ධනපති පාලකයොයි, අවස්ථාවාදීව උඩ ගෙඩි දෙන එවුනුයි..

      Delete
    2. ඔතන මම පොඩ්ඩක් එකඟ වෙන්නේ නැහැ. ඔය කියන ධනපති නීතිය තමා හැම තැනම තියෙන්නේ. ඕක ධනපති එකකටත් වඩා හැමතැනම තියෙන නීතියක්. සමාජවාදී කිව්වා රටවල් වල පවා විසා නැත්නම් හිරේ දැම්ම. මමත් හිටියේ සමාජවාදී රටක. වාස්තවික යථාර්තය තුල කටයුතු කරන්න කියා තමා මම කුමාර් ට කීවේ . ඔයාලට කියන්න තියෙන්නෙත් එච්චරයි. එහෙම නම් කුමාර් ලංකාවට ගියෙත් අවස්ත්වාදී ලෙස තත්වයෙන් ප්‍රයෝජන ගන්න. හැමෝම ඒක කරනවා. නමුත් වාමාංශික දේශපාලනයේ යෙදෙන ඔහුට මගේ අකමැත්තක් නම් නැහැ. නමුත් මතක තබා ගන්න ඕනේ අපි හැමෝම ඔය නීතියට යටවෙලා තමා ජිවත් වෙන්නේ කියා. නිත කඩන්න ඕනේ හෝ කල යුත්තේ අරගල හා මහජන ව්‍යාපාරයකදී විතරයි. කුමාර් මෙතැනදී වැරදියට ගණනය කලා. ප්‍රශ්නයක් නැහැ. ඔහුව මේ අවස්ථවේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් පුරවැසියකු කලාම ඉවරයි.

      Delete
  11. ඔබගේ පොත ලනක්වේ ගණන් පුළුවන් කොහෙද ?

    ReplyDelete
    Replies
    1. මගේ නවකතා තුනම ෆාස්ට් පබ්ලිෂිං බැවින් මරදාන සුරස පොත් හළෙන් ගන්න පුළුවනි. (ගොඩගේ පොත්හලට යාබද)

      Delete
    2. පොත් වල නම් ටික දෙනවද , යාළුවෙක් ලන්ඩන් එනවා. එය අරන් එන්නම් කිව්වා.

      Delete
    3. නවකතා- "විල්රවාඩිය", "දඩ කඳවුර", "ඝාතනයට පෙර"
      කෙටිකතා- " නෙත්මා දකිනු පිණිසය" පමණයි වෙළඳ පොළේ තියෙන්නේ.

      Delete
  12. Henry,


    Kumar deserves release and a free environment for a non violent politics. But he also deserves a punishment according to the law, for over staying without a visa. Otherwise it will set a bad precedent.

    What we need to discuss in blogs, validity and suitability of his politics for our country that has been battered badly three times with lots of life losses. Has Kumar paid any damage to the people's families who lost their relatives? Has he even begged pardon for all of their criminal actions in the past? Has he said he would do anything to pay for those families? No. He has just migrated, asked for asylum in Australia while his wife is working as a doctor in Australia and his kids are all there. How can you expect responsibility from such a person? How can we go and follow his teachings?

    I think our country suffered enough due to this kind of politics. All other countries around our land developed much better than us under prevailing geo-political environments.

    You as a writer and an engineer I think would do much better, if you can spend time writing about or teaching about what can be done in whatever capacity; be it in engineering or writing or whatever.

    I think that's the duty we all have in this era.

    Ernest Kithsiri

    ReplyDelete
    Replies
    1. I wrote this for demanding the political freedom in our country. We know how they manipulate the law according to their wish. Recent example is the Governor of CB.
      Anyone can have different opinions. It is relative and I am not in a hurry to give a judgment. This article is not to defend Kumar's political ideology but I accept his right to do politics in SL.
      Not only Kumar, release all Political Prisoners.

      Delete
  13. කුමාර් ගුණරත්නම් ව දිගටම රිමාන්ඩ් එකේ තබා ආන්ඩුවට වන සෙතක් නම් මට සිතා ගත නොහැක.

    එක්කෝ ඔහුට ලංකාවේ පුරවැසිභාවය හෝ වීසා දී රිමාන්ඩ් එකෙන් නිදහස් කල යුතුය. ඒකට අකමැතිනම් පිටුවහල් කර දැමිය යුතුය. එසේ නැතිනම් කලේ යැයි කියන අපරාධයකට නඩු දැමිය යුතුය.

    මෙයීන් එකක්වත් නොකර මේ කරන විකාරය මට නම් නොතේරේ.

    ReplyDelete
    Replies
    1. අපරාද වලට නඩු දාන්න ගියොත් කි දෙනෙකුට දාන්න වෙයිද?
      ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න.
      අකැමැති කියන්නෙ කාගෙ අකැමැත්තද? ඔතන තියෙන්නෙ අවස්ථාවාදය. හීලෑ වෙනව නම් ඕනෙ දෙයක් දෙයි.
      දැන් මහ බැංකු අධිපතිට ද්විත්ව පුරවැසිභාවය දුන්නෙ කොහොමද?
      ගුණ්ඩ ඉල්ලන්නෙ ලංකාවෙ දේශපාලනය කරන්න අයිතිය. ඒකටයි බය.

      Delete
  14. ගුණ්ඩා දැනහඳුනන්නේ නැතත් පාලිත මෙන්ම චන්ද්‍රාවතී ගුරුතුමිය අපේ අසල්වාසීන්. එතුමිය මගෙත් ගුරුවරියක්. මගේ දියණියටත් එතුමිය උගන්වා තිබෙනවා. පරම්පරා කිහිපයකටම දැනුම බෙදාදුන් දිරිය මවක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දිරිය මවක්. ඔබ කලක් පාලිතගෙ අල්ලපු වැවේ පදිංචිව උන්නා මතකයි. මම නිතර එහෙ ආව ගියානෙ.

      Delete
    2. ගුන්ඩා ගේ පුන්ඩේ හොඳයි කියන ගෑනුන්ට ඉඩ තියනවා. මුන්ගේ හෙළුව ලෝකෙට පෙන්වන කොමෙන්ට් වලට ඉඩ නෑ තමුසේ පොන්නයෙක් ඕයි

      Delete
    3. ගුණඩගෙ පුණ්ඩෙ හොඳයි කියල කවුරුත් කියා නැත. ඒක දන්න අය දන්නව ඇති.
      නිර්ණාමික පොන්නයින්ගෙ කොමෙන්ට් පවා දාල තියෙන්නෙ උඩින්.

      (AnonymousSaturday, January 09, 2016
      මේ රටේ ඉන්න අපි වගේ එකාලා අපි මේ වගේ එවුන් රට ගිනිතියන හැටි දැකලා තියනවා අපේ ළමයි මරණයට දක්කනවා දැකලා තියනවා. මුන් රජවෙන්න හදන්නේ අපේ ළමයින්ගේ මිනී උඩින් ගිහින්.
      AnonymousSaturday, January 09, 2016
      කෝ ඕයි මම මේකට දුන්න උත්තරේ මම කුණුහරප ලියලා නැහැනේ දානවකෝ ඒ කොමෙන්ටුව)

      පොන්නය කියන්නෙ අවයවේ කෙලින් වෙන්නෙ නැති එකාට නං ඒකෙ රඟ දන්නෝ දනිති.

      Delete
  15. //පැහැදිලිවම. ගුණරත්නම්ගෙ දේශපාලන මතවාද කවරක් වුණත් සිර කරගෙන ඉන්න එකට එරෙහි විය යුතුයි. සියලු දේශපාලන සිරකරුවෝ වහා නිදහස් කරනු...!// 100% එකඟයි !!

    ReplyDelete
    Replies
    1. මගේ මතයද එයයි. පුරවැසියෙකුට තමන්ට රිසි දේශපාලන මතයක් දැරිමට ඇති අයිතියට ගරු කරමු.

      Delete
  16. ජවිපේ සහ එයින් වෙන්වෙලා ගිය රටට වැඩක් කරන්න කැමති අයට එකතු වෙලා අයෙත් වැඩ කරන්න බැරිද? රටට වැඩක් කරන්න උත්සාහ කරන්න හදන දෙගොල්ලක් උනුන් මරා ගන්න හදන එක අනිත් උන්ට හොද අවස්තාවක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත. පුළුවන් නං හොඳයි.

      Delete
  17. ජවිපෙ සහ පෙරටුගාමී දෙගොල්ලන්ගෙම දේශපාලනය ගැන මගේ පැහැදීමක් නැහැ. ඒත් ඔවුන්ට තමන්ගෙ දේශපාලනය කිරීමට නිදහස තිබිය යුතුයි.

    කුමාර් මම දන්නෙ අවුරුදු අටක දහයක කොල්ලෙක් කාලෙ. කෑගල්ලෙ ශාන්ත මරියා විද්‍යාලයෙ ඔහු මට වඩා වසර දෙකක් හෝ තුනක් පහළ පංතියක හිටියෙ.විවේක කාලෙදි අපි ඔක්කොම එකම පිට්ටනියෙ ක්‍රිකට් ගැහුවෙ. මට කුමාර් විශේෂයෙන්ම මතක මගෙ හොඳම යාලුවගෙ මල්ලියි කුමාරුයි එකම පංතියෙ නිසා...

    ReplyDelete
    Replies
    1. ඔයත් කෑගල්ලේ ද එහෙනම්. මමත් කියන්නේ ඕකමයි. 1983 ජවිපෙ තහනම් කරලා ජේ ආර් ලොකු වැරැද්දක් කලා. මේ වගේ වැරදි කරන එකේ තේරුමක් නැහැ. මිනිසුන්ව අදහස් වලින් පරාජය කරනවා මිසක හිරගෙවල් වල දැමීමේ තෙරුමික් නැහැ. කැනඩාවේ ඉපදුන ඕනෑම මවකගේ දරුවකුට කොහේ ඉපදුනත් කැනඩා පුරවැසියකු වෙන්න පුඋවන්. මම මේකට මේ සහයෝගය දෙන්නේ කවද හරි දවසක මේ විසා ප්‍රශ්න නැතිව ඕනෑම රටකට ඕනෑම කෙනෙකුට යන්න පුළුවන් කියල. මේ පුංචි ලෝකේ.

      Delete
    2. අප එකඟ වුවත් නැතත් යමෙකුට තමන්ගෙ දේශපාලනය කිරීමට නිදහස තිබිය යුතුයි.

      Delete
  18. Dear Henry Ayya,
    People like Kumar should not cheat the Sri Lankans anymore. What the government should do is to release him and deport to Australia. Whatever struggle, Kumar has to do should be done in Australia. His siblings are in Australia and Aussies too have their own problems and issues. They shouldn't play with lives of our kids who are in Sri Lanka.., Gone are the days that real political leaders lived in Sri Lanka. Now all political leaders send their families abroad and pump money out of the country. In China they are called as 'Naked Officials'.. Please Stop giving unnecessary publish to such naked characters..,

    ReplyDelete
    Replies
    1. Don't you think other leaders also cheating ????

      Delete
    2. Well, other leaders are cheating is not an excuse for him to cheat motherland. Such pseudo leaders and cardboard struggles are a menace to Sri Lanka. Hoo Gaanaa Pokuna is a nice story, unraveling such characters..,

      Delete
  19. සහයෝගයක් වශයෙන්. කුමාර් ව මට කීපවතාවක්ම මුණගැසී තිබෙනවා. ඔහුව සිර ගත කිරීමේ තේරුමක් නැතිබව කිව යුතුයි.
    http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2342-2016-01-10-16-06-30.

    ReplyDelete
    Replies
    1. තේරුමක් නැතිවාටත් වඩා එය අශික්ෂිත වැඩක්.

      Delete
  20. පහුගිය කාලෙදිම දැක්ක දේ අනුව ෂුවර් පිටම කිව හැකි දෙයක් තිබේ.......

    කුමාර් ගුණරත්නම්ට ජවිපෙද අැතුළුව ලංකාවේ ප්‍රධාන පෙළේ සියලු දේශපාලන පක්ෂ හරි බයයි......

    ReplyDelete
    Replies
    1. පුදුම බයක්.ජවිපෙ කියන්නෙ එහෙම කෙනෙක් දන්නෙවත් නෑ කියල. ආංඩුවට ඕනෙ රටෙන්ම එළව ගන්න. ඉන්නව නං හිරේ විලංගුවෙ තියන්න. නරුම දශපාලනය හා අමන දේශපාලකයෝ....

      Delete
    2. මමනම් පෞද්ගලිකව හිතන්නේ නැහැ කුමාර් ගුණරත්නම් ට ලංකාවේ දේශපාලනය තුළ මහා ලොකු වෙනසක් ඇතිකලහැකියි කියා. නමුත් මේ වගේ මුග්ධ තීරණ මත, ඔහුව හිරකරගෙන සිටීමෙන්, ඔහුතුළ නැති වීරත්වයක් ඔහුට ආරෝපණය වෙනවා. වැඩිම කාලයක් හිරේ ඉඳලා එලියට ඒමට, ඔහු අනියමින් කැමති ඇති, ඒ වීරත්වය නොමිලේම සහ වෙහෙස වීමකින් තොරව ලැබෙන නිසා.

      කතාවට දක්ෂ මෙවැනි පුද්ගලයන් ඉතිහාසය පුරා හිටියා. නමුත් ලංකා සමසමාජ පක්ෂයේ අතීත බලකණු වියැකීයාමෙන් පසු වාමාංශික දේශපාලනය හුදු සංකල්පයක් බවට පත්වුනා.

      Delete
    3. ලංකාවේ දේශපාලනය තුළ මහා ලොකු වෙනසක් ඇති කළ නොහැකි බව ඇත්ත. ඒත් දේශපාලනය කිරීම සිරගත කිරීමට හේතුවක් නොවිය යුතුයි. එතන ඉඳං තමයි මම ලියන්නෙ.

      Delete
  21. මුං කුමාර්ට භයයි. අර තමන්ට හරියට සැප දීගන්න බැරි උනාම දාල යන ගෑණියෙකුට මිනිහෙක් භයයි වගේ මුන් කුමාර්ට භයයි. මොකද ඌ දන්නව මුන්ට බැරි දේ ගැන මුන්ට වඩා හොඳට.

    මෙහෙම උන්ට තමා රට හදන්න දෙන්න ඕන. අනේ...xකේ!

    ReplyDelete
  22. http://bitternight.blogspot.com/2016/01/blog-post_13.html

    ReplyDelete
    Replies
    1. //කොටින්ම කිව්වොත් කුමාර් ගුණරත්නම් අද හිරේ ඉන්නේ " අපි උඹේ දේශපාලනයට කැමති නැහැ, උඹ අපිට කරදරයක්, උඹ අපේ ආතල් කඩනවා, ඒ නිසා උඹ ඇතුලේ හිටපන්, උඹට විතරක් නොවේ අපි එක්ක හැප්පෙන ඕනැම කෙනෙකුට අපි කරන්නේ ඕකයි " කියා පෙන්වීමට රජයට ඕනෑ නිසාය.//
      එකඟයි.

      Delete
  23. අපේ රටේ මොකක්දෝ වැරද්දක් තියෙනවා. බලන්න ඔස්ට්‍රේලියාව, එංගලන්තය, කැනඩාව, ජර්මනිය වගේ රටක ඕනෑම දේශපාලන මතයක් දරන අය ඉන්නවා. වෙනත් රටවල සරනාගතයොත් ඉන්නවා. නමුත් ඒ රටවල් ඒ විදියටම තියෙනවා. ඒ වගේ මත දරන අයගේ ප්‍රතිශතය වැඩි වෙන්නේ නෑ. හේතුව පාලනය ගැන ජනතාවට විශ්වාසයි. දැන් අපේ රටට මේ වගේ රැඩිකල් කෙනෙක් හිටියාම ඔවුන් වටා එකතු වන ප්‍රතිශතය වැඩියි. ඒ නිසා පවතින පාළනය මෙවැනි අයට බිය වෙනවා. එක්කෝ අපි අවශ්‍ය පමණට දියුණු නෑ. අපේ වගේ රටක් දියුණු වෙන්න කඩාකප්පල් කාරී ක්‍රියා කරන අය ඉඳලා බෑ. අපි හිඟා කන මට්ටමට වැටෙන්න නියමිත වෙච්ච රටක්. මොකක්දෝ වාසනාවකට අද මේ තත්වේ ඉන්නවා. අපේ රටේ පොදු දේපළ මෙවැනි සංවිධාන කෙතරම් හානි කරලා තියෙනවාද ? ඒ වගේම පාළනය කළ අය ඒවා ගසා කා තිබෙනවද? අපට අවශ්‍ය පාලනයේ සහ මෙවැනි සංවිධාන වල සමබරතාවයක්. පවතින පාළනයට අවශ්‍ය ලෙස සැකසුනු නීති පද්දතියක් තියෙන රටක සාධාරණ සමාජයක් හැදෙන්නේ නෑ. එවැනි තැනක මෙවැනි නැගිටීම් වළක්වන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත සුදීක....හැමවිටම නැගී සිටීම් ඇති වෙන්නෙ අසාධාරණයට ඉඩ ලැබුණාමයි. පාලනය ගැන විශ්වාසය බිඳ වැටුණාමයි.

      Delete