Powered By Blogger

Friday 24 February 2023

දරුදුකට හිතෙන් හඬන මුලතිව් සින්නම්මා



සර කිහිපයකට පෙර මුලතිව්- පුදුකුඩුයිරිප්පු ප්‍රදේශයේ කයිවේරි ගමට ගිය අවස්ථාවක මට මුණ ගැසුණු ඒකනායක සින්නම්මා මාතාව පැවසූ සිය දරුවා අතුරුදහන් කිරීමේ අනුවේදනීය කතාව ඔබත් සමඟ බෙදාගන්න සිතුවා.

ගෙවී ගිය දශක කිහිපයේ උතුරේ මෙන්ම දකුණේ මෙවන් මව්වරු කොතෙක් නම් ‌වේද?


මුලතිව් සින්නම්මා


සෙස්ස පස්සට…

Thursday 23 February 2023

විජය-මාලිනී ප්‍රේම කතාව

 

 
 
විජය-මාලිනී ප්‍රේම කතාවට මොකද වුණේ කියලා මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඇහුවම විජය කුමාරතුංගගේ සහෝදරිය, රූපා කුමාරතුංග මෙහෙම කියලා තියෙනවා.
- ඒ කාලේ දෙන්නම ලස්සනයි. ප්‍රසිද්ධයි. හැමෝම හිතුවේ දෙන්නා විවාහ වේවි කියලා. දෙන්න අතර සම්බන්ධයක් බොහොම හොඳට තිබුණා. මට හොඳට මතකයි අප්‍රේල් 29 දවසක විජේ මල්ලි ඇවිත් කිව්වා පොඩි අක්කේ හෙට මම මාලිනීව බඳිනවා කියලා. මාලිනීගෙ උපන් දිනය අප්‍රේල් 30. මමත් කිව්වා හොඳයි කියලා. එතකොට තමයි ආරංචි වුණේ අපේ ලොකු අයියා සිඩ්නි කුමාරතුංග අසනීප වෙලා කොළඹ මහ රෝහලේ ඉන්නවා කියලා. විජය මල්ලියි, මමයි, මාලනියි අයියා බලන්න ගියා. එතකොට මල්ලි සිඩ්නි අයියට කිව්වා අයියේ මම හෙට මාලිනීව කසාද බදිනවා කියලා. අයියා හොඳයි කියලා ආශිර්වාද කළා. 
 
ඒත් එදා සිඩ්නි අයියා අන්ත්‍රා වුණා. පහුවෙනිදා උදේ අයියාගේ මරණය ගැන කියන්න මල්ලි යද්දි මාලිනී මංගල ඇඳුමක් ඇඳලා විවාහයට සූදානම් වෙලා ඉඳලා. කැන්ඩියන් ඔසරිය ඇඳලා හරිම ලස්සනට ඉඳලා තියෙන්නේ. කොල්ලුපිටිය පැත්තේ ඉඳපු විවාහ රෙජිස්ට්රාරුත් ඇවිත්. 
 
ඒත් අපේ තාත්තා නැති වුණේ විජයට අවුරුදු එකහමාරේදී. අපිත් පොඩියි. සිඩ්නි අයියා තමයි තාත්තා වගේ අපි ගැන හොයලා බැලුවේ. ඒ නිසා මල්ලි එදා කසාදය අවලංගු කළා. මල්ලිගේ මංගල ඇඳුම තමයි අයියගේ මෘත දේහයට ඇන්දුවේ. මොන හේතුවක් නිසාද දන්නේ නැහැ ඒ විවාහය සිද්ද වුණේ නැහැ. 
 
ඒකට හේතුව අපි දන්නේ නැහැ. දන්නේ මල්ලියි, මාලිනියි තමයි.
 
("සති අග අරුණ" ලිපියකින්.)
 

Wednesday 22 February 2023

ශෛලමය සත්ත්ව රූප-විනී හෙට්ටිගොඩ

 





විනී හෙට්ටිගොඩ 1987 වසරේදී, ඔහුම පැවසූ පරිදි ඉන්දු-ලංකා සාම ගිවිසුම අත්සන් කොට අලකලංචි සිදු වෙද්දී (මේ සඳහන අවශ්ය වන්නේ විනී තවදුරටත් ආචාර්ය උපාධිය සඳහා ඉන්දියාවේ නොරැඳී ආපසු ලංකාවට එන්නේ මේ හේතුවෙන් ඇතිවූ කම්පනයෙනි.) ඉන්දියාවේ බැරෝඩා විශ්වවිද්යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටි කාලයේ ඔරිස්සා ප්රාන්තයේ බුවනේශ්වර් ප්රදේශයේ හින්දු දේවස්ථානයන්හි බිත්තිවල අඟලක් නෑර කැටයම් කර ඇති ශෛලමය සත්ත්ව රූප පළමුව කටුසටහන් කොට, අනතුරුව පසු කලෙක පරිගණක ගත කොට
 (එකල අද මෙන් පරිගණක තාක්ෂණය දියුණු නැති බව සඳහන් කළ යුතුමය.) 
සිතුවම් වලට ශෛලමය වයනය ලබා දීමට ගත්තේතේපූරු උත්සහයකි .



ඒ රූප අන්තර්ගත කළ "SATHWA RUPA" කෘතියද මෙවන් චිත්ර හා කැටයම් පිළිබඳ උනන්දුවක් දක්වන්නවුනට අතිශය ප්රයෝජනවත්ය.

මෙන්න ඒ සිතුවම් වලින් කොටසක්.






 
 

සෙස්ස පස්සට…