Powered By Blogger

Friday 28 August 2015

වර්ණපාල Method නොහොත් සරම ඔළුවෙ.....පුක එළියෙ....

දේශපාලන සංධානයක මහලේකම් විදිහට නම් කිරීමත් සමග මෙතෙක් ආ ගිය අතක් දකින්නට නැතිව සිටි මහාචාර්ය විශ්වා වර්ණපාල කරළියට ඇවිත්.

ටයි කෝට් දාගෙන උසාවි ගානෙ බඩ ගාමින් මහලේකම් තනතුරේ අයිතිය ඉල්ලා දේශපාලන අපතයින් සමග ගාල් වෙලා ඉන්න මහාචාර්යවරයා දැක්කම දුකක් එක්කම හිනාවකුත් ඇති වුණා, පරණ කතා මතක් වෙලා.

පරණ කතාවක් නිසා නොයෙක් අය මේ කතාව අහල ඇති. කියවල ඇති. ඒ නිසා නොඇසූ කතාවක් නොවුණත් අලුතෙන් කියවන ටික දෙනෙකුට හරි නොකී කතාවක් විදිහට දැනෙයි.

අපි පේරාදෙනි විශ්වවිද්‍යාලයට ගිය අලුතම මේ වර්ණපාල මෙතඩ් එක ගැන දැන ගත්තෙ ජ්‍යෙෂ්ට උත්තමයින්ගෙනුයි. 

කැම්පස් එකේදි කරත්තයක් දක්කන්න ඕනෙ නං, ටිකක් ග්‍රාම්‍ය විදිහට කියනව නං බඩුවක් දාගන්න ඕනෙ නං (මානවිකාවන්ට බඩුව කියන එකට විරුද්ධ වුණත් මාර බඩුවක් තමයි කියල අපටත් නොදැනුවත්වම කියවෙනවනෙ.) ඒකට විවිධ ක්‍රම තියෙන බව අපට මේ ජ්‍යෙෂ්ට උත්තමයින් කියා දුන්න.

ඒ අතරින් වඩාත් ප්‍රචලිත වගේම නිර්මාණශීලී ක්‍රමවේදය තමයි වර්ණපාල මෙතඩ්.

මම දන්න විදිහට විශ්වා වර්ණපාල ඔය මෙතඩ් එකෙන් දාගත්ත මානවිකාව එක්ක තමයි විවාහ වෙලා දරුමල්ලන් හදල දිවි මගේ මෙතෙක් දුර ඇවිත් තියෙන්නෙ.

පේරාදෙනිය වගේ කැම්පස් එකකට ගිය එකේ උරචක්කරමාලාවකුත් කරේ එල්ල ගත්තම පොඩි ගතියක් තියෙනවනෙ. හවසට ගත කරන පාළු ජීවිතේට ගැම්මක් එනවනෙ. හරියට පෙළවහක් කරගත්ත වගේ තමයි ඉතිං. කන්නෙ එකට, බොන්නෙ එකට, යන්නෙ එකට, ඉන්නෙ  එකට, පාඩම් කරන්නෙ එකට, වළ බහින්නෙ එකට........ආයෙ ඉතිං නාස් ලණුව වැටුනම ගැලවිල්ලක් නෑ.

වර්ණපාල ශිෂ්‍යයටත් තමන්ගෙ වසරෙම ඉගෙන ගන්න ගෑනු ළමේක් ගැන, කැම්පස් භාෂාවෙන් කියනව නං බැචියෙක් ගැන අදහසක් ආව කියමුකො.

ඉතිං ඔන්න සුපුරුදු විදිහට ට්‍රයි කරන්න පටන් ගත්ත.

හිච් වෙනකල් ඉතිං හිත දිනා ගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවනෙ.

සමහරුන්ට නං අහන පමාවෙන් බඩුව වැටෙනව. සමහරුන්ට එක එක විදිහෙ දේවල් කරමින් හිත දිනාගන්න වෙනව. 

උදේ හොස්ටල් එකේ ඉඳන් කැන්දන් ඇවිත් හවසට නිරුපද්‍රිතව ගෙනිහිං ඇරීම, කැන්ටිමේදි එක ළඟ ඉඳන් බොන්න කන්න ඕනෙ නිසා තේ සහ ආහාර ඉඳං ඉන්න පුටුව ළඟටම ගෙනැවිත් දීම, නොතේරන පාඩම් කියා දීම, කඩේ තොටේ පොළේ යෑම,  විවිධ පක්කලි සර්විස් කිරීම යනාදී වශයෙන් මෙකී නොකී විවිධාකාර උප්පරවැට්ටි යොදලත් කැමති කරගන්න බැරි වෙන අවස්ථා එමටයි.

ඒ වුණාට සමහරුන්ට නං පතාගෙන ආව වගේ මේ ඇහුව මේ වැටුණ.

තවත් සමහරුන්ට නං දෙකක්ම පොසිටිව් වගේ පෙනුනට අන්තිමේට එකක්වත් වැටෙන්නෙ නැහැ.

සමහරු පළමු වෙනි අවුරුද්දෙ පටන් ගන්න සෙට් කරගැනීමේ ව්‍යාපෘතිය ජයගන්නනෙ අන්තිම අවුරුද්දෙ. නැත්නං අවුට් වුණාටත් පස්සෙ. හැබැයි එහෙම සෙට් වෙන ජෝඩුවලට පස්සෙන් පහු හිතෙනව ඇති නේද අපරාදෙ කැම්පස් ආදරේ මිහිර විඳගත්තෙ නැත්තෙ කියල.

Lovers lane එ‍කේ ඇවිදල Kissing bend එකේදි හාද්දක් දීල Gym එක පිටිපස්සෙ ගලක් කපාගන්න තිබුණ චාන්ස් එකනෙ අතහැරිල තියෙන්නෙ.

වර්ණපාල උන්නැහෙත් ඉතිං තමන්ගෙ හිත ගිය මානවිකාවට පොඩි ට්‍රයි පාරක් දාල බලන්න ඇති. නෑ......කිසිම අනුකූලතාවක් නැහැ. කොටින්ම කියනව නං කිසිම තාවයක් නැහැ.

මේකට වෙන බැචාලගෙන් බැචීලගෙන් උදව් ගන්න ගියොත් කාඩ් වදින හංදද කොහෙද වර්ණපාල ලොක්ක තමන්ටම ආවේණික ක්‍රමයක් අත්හදා බැලුව.

වර්ණපාල ඉඳල තියෙන්නෙ හිල්ඩා ඔබේසේකර නේවාසිකාගාරයෙ. සංඝමිත්ත, රාමනාදන් නේවාසිකාගාරවල ඉන්න ගෑනු ළමයින්ට දේශන වලට යන්න වෙන්නෙ හිල්ඩා එක ඉස්සරහින්ම තමයි.



ඔන්න ඉතිං තමන් හිත දිනාගන්න උත්සහ කරන ගෑනු ළමය එන වෙලාවට හිල්ඩා එගේ බැල්කනියට එන වර්ණපාල සරමෙන් ඔළුව වහගෙන පාරෙ යන අදාළ කෙනාට ඇහෙන්න කෑ ගහනවලු...

" ංආාාාා....වර්ණපාලට ලව් නේද......ඊයෙ ලෙක්චර්ස් වලදි 
වර්ණපාල ළඟින්ම ඉඳන් නේද උන්නේ....." කියල.

මෙහෙම අහන්නෙ වර්ණපාල කලිං දවසෙ කොහොම හරි අර ළමය ළඟින්ම ඉඳගෙන දේශන වලට සවන් දීලයි.

වහාම සරමෙන් කලිසමට බහින අපේ පොර කඩාගෙන ලෙක්චර්ස් යනවලු. එදත් ළඟින්ම ඉඳ ගන්නවලු. දවල්ට තේ බොද්දිත් අසල ගැවසෙනවලු.

හවස දේශන ඉවර වෙද්දිම පිඹගෙන හොස්ටල් එකට යන වර්ණපාල කලිසමෙන් සරමට මාරු වෙලා ගෑනු ළමය එනකල් බලන් ඉඳල කෑ ගහනවලු.

" ංආාාාා...... අදත් වර්ණපාල ළඟම ඉඳං නේද ලෙක්චර්ස් ඇහුවේ.....තේ බොන්න යන්නෙත් එකට නේද......වර්ණපාලට ලව් නේද........අපට බොරු එපා නංගී..."

මෙහෙම දවස්, සති ගණං වර්ණපාල උදේට උදේට කලිං දවසෙ වෙච්චි දේවලුයි, හවසට හවසට දවල් වෙච්චි දේවලුයි පාර යන ගෑනු ළමයට ඇහෙන්න කෑ ගහල කියනවලු.

ඊට පස්සෙ වර්ණපාලම අර ගෑනු ළමය මුණ ගැහුනම අහනවලු  අපේ අසමජ්ජාතියො ඔයාට මං ගැන එක එක දේවල් කියල කෑ ගහනව ඇහුණද කියල...
ඉතිං ගෑනු ළමය අනුකම්පාවටම කැමති වෙන්න ඇති නේද ?

මේ හැම වෙලාවෙම එදා සරම උස්සල ඔළුවෙ ඉඳං වහගෙන උන්න, අද ටයි කෝට් දාගෙන උසාවි ගානෙ යන වර්ණපාලගෙ පස්ස එළියෙ තියෙන්න ඇති නේද කියල හිතුණම තමයි මේ කතාව නොකී කතාවට දාන්න හිතුණෙ.

ටයි කෝට් දැම්මට වැඩක් නැහැ. පුක එළියෙ නං.






24 comments:

  1. කතාව නං සහතික ඇත්ත. මේ දවස් වල වර්ණපාලගෙ පුක එළියෙ නේන්නං.......ඔහොම යද්දි කට්ටියගෙ සෙට් පවා එළියට එයිද කියලයි අපි බලං ඉන්නෙ.

    ReplyDelete
  2. වර්ණපාල බලෙන් ආවේ නැහැ හලෝ. ජනාධිපති විසින් පත්කලා. ඔහේගේ ජ්‍යොෂ්ඨ උත්තමයින් එක්කෝ කතාවේ කෑල්ලක් අඩුවෙන් කියලා. නැත්නම් ඔහේ ඒ කෑල්ල අමතක කරලා. අර විදිහට කෑ ගහලා ඊට පස්සේ ඒ ගෑල්ලමයව හම්බවෙලා වර්නපාලම කියනවා ඒ ළමයට බලන්නකෝ මේ අපේ උන් එක එක දවල් කියලා ඔයාට කෑ ගහනවා නේද කියලා.

    ReplyDelete
    Replies
    1. බලෙන් ආවෙ නෑ වගේම දෙන දෙන දේ පැනල ගන්න ඕනෙමද මංදා.....

      ඒ කෑල්ල අමතක කරලා නං නොවේ. අමතක වෙලා ආයිබෝං.....ඒක දාන්නම් කතාවට. එතනම නේන්නං උත්ප්‍රාසය......මතක් කළාට තුති.

      Delete
  3. I can remember Henry, in the back of the Gym.

    ReplyDelete
  4. වර්ණපාල අංකල් ඉස්සරත් ඔය නිල් පක්ෂේ ඉදලා. අහසින් වැටිලා නෙමෙයිලු. වැඩි විස්තර නම් දන්නැහ

    ReplyDelete
    Replies
    1. නිල් පක්ෂෙ උන්න නං තමයි. සංධානෙක ලේකම් වුණේ ඇයිද කියලයි හිතන්න වෙන්නේ....නම්බුව බේරං ඉන්න තිබුණනේ.....අවලංගු නෝනලට කඩේ යන්නෙ නැතිව.

      Delete
  5. ජිම් එක පිටිපස්සේ නේද ? හැක හැක

    ReplyDelete
    Replies
    1. ඉවාන් පවුලූශාත් ගිහින් වගේ.......අපි නොදන්න ජිම් කිව්වලු...

      Delete
  6. නොදන්නා දේ ලියන විට භාවිතා කරන වචන සැට් එකක් ඉගෙන ගත්තා!

    1. .............. තියෙනවනෙ.

    2. ............... එනවනෙ.

    3. ............. වගේ තමයි.

    !!!

    ReplyDelete
    Replies
    1. දන්නෙ කොහොමද......වර්ණපාල උන්නැහෙ කැම්පස් උන්න කාලෙ කතා ඉතිං කටින් කට එන විදිහට තමයි....

      Delete
    2. මේ පහත උපුටා දක්වා ඇති දේවල් වර්ණපාලගේ කතාවේ කොටස් නොවෙයි!
      /*
      1. පේරාදෙනිය වගේ කැම්පස් එකකට ගිය එකේ උරචක්කරමාලාවකුත් කරේ එල්ල ගත්තම පොඩි ගතියක් තියෙනවනෙ.

      2. හවසට ගත කරන පාළු ජීවිතේට ගැම්මක් එනවනෙ.

      3. හිත දිනා ගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවනෙ.
      */

      Delete
  7. වර්ණපාල සිරිලංකා එකේ පොලිටිබියුරෝ එකේ හිටියා සෑහෙන කාලයක්. පස්සේ පාර්ලිමේන්තු ඇවිල්ලා ඇමති කෙනෙකු විදියටත් වැඩ කළා.

    මිනිහා ඒ පක්‍ෂේ නායකත්වය ඇති සන්ධානයේ ලේකම් වීමේ ඇති ප්‍රශ්නය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නයක් නැති අයට එහෙමත්, ප්‍රශ්නයක් ඇති අයට මෙහෙමත් සැනහෙන්නට පුළුවනි නොවැ...

      Delete
  8. වර්ණපාල චන්ද්‍රිකාගේ මිනිහෙක් කියලා මහින්දගේ කාලේ "අවර්ණ" වෙලා හිටියේ පේන්නේ නැතුව.උසස් අධ්‍යාපන ඇමතිකම කෙරුවා වගේ තමයි මතක.

    ReplyDelete
    Replies
    1. ඒකම නොවෙන්නං උන්දැගෙ පදේට නටන්නෙ........

      Delete
  9. තියරිය අහලා දැනගෙන උන්නට ඒ වර්ණපාල යි මේ වර්ණපාල යි එකම කෙනා කියල අදයි දැන ගත්තේ..
    කැම්පස් කොල්ලෙක් ලියන්නහේ අමුවෙන්ම ලියල දාල තියෙන නිසා රසේ උපරිමයි.. :)

    ReplyDelete
    Replies
    1. මොහොතකට කැම්පස් කාලෙට ගියා වගේ දැනිලා ඔහේ ලියවිලා.....
      Lovers lane, Kissing bend, Gym මතක් වෙද්දි එහෙම නොවේයැයි....?

      Delete
    2. වර්ණපාල නෝනා ගමේ කෙනෙක් කියල දන්නෙ නැද්ද

      Delete
  10. වර්ණපාල තියරියෙන් ම මහලේකම් කමත් ගොඩදාගනියි.....

    ReplyDelete