Tuesday, 24 May 2016

බුදු අම්මෝ වදේ.......වදේ.......


පට්ට ගහපු මාතෘකාවක් වුණත් රැග් එක  ගැන මගේ අත්දැකීම් ලියන්න හිතුවේ මේවා නොකී කතා නිසාමයි. 

ඔන්න දැන් ඇනෝලා පටන් ගනීවි කුණුහරුපෙන් බනින්න. අපහාස කරන්න. තර්ජනය කරන්න.

හැබැයි පුතෝ මේ කතාකාරය හොඳට කැම්පස් විතරක් නොවයි හමුදා රැග් එකත් කාල තියෙන නිසා සැලෙන්නෙ නම් නෑ.

ඔන්න රැග් එකේ වටිනාකම.

මේ කතා බහේදි "නවක වදය"  කියන වචනෙ මා භාවිතා නොකරන්නෙ හිතාමතාමයි. ඊට හේතුව මේ සංකල්පයට "වදය" කියන වචනෙ කොහෙත්ම ගැලපෙන්නෙ නැති වීමයි.

සමහරු ඔය ක්‍රියාවලියට "වදය" කියල කියන්නෙම ඒක වධදීමක් නිසා නොවෙයිද කියල ප්‍රශ්න කරන්න පටන් ගත්ත. එක එක ගොංපාට් දැමීම වදයක් විදිහට පේන්න පුළුවන් වුණත්  මා නම් හිතන්නෙ රැග් එක කිසිසේත්ම ශාරීරික වදයක් නොවිය යුතු බවයි.

එතකොට අහයි මානසිකව වදයක්  දීම හරිද කියලා.

ඇයි අප්පා අපි ජීවිතේ ගෙවද්දි කොයි තරම් මානසික වද විඳිනවද..කොටින්ම ප්‍රේම කරද්දි අනෙකා මොන තරම් අපට වද දෙනවද.

හැමදේම හොයා බලමින් ප්‍රශ්න කරන්න ගත්තම මේ මොන වදයක්ද කියල හිතුවත්, එහෙම ඇහුවත් අපි ඒ වදේටත් කැමතියි.



මොකද ඒකෙන් තේරෙන්නෙ අනෙකා තමන් පිළිබඳ කොයි තරම් උනන්දුවක් දක්වනවද කියලයි.

නැත්ත්නං නිකම්ම අත ඇරල දැම්ම වගේ. නැතිද මං අහන්නෙ.

ඉතිං මගේ සුන්දර රැග් අත්දැකීම් සිහිපත් කරන්න කලින් රැග් එකට විරුද්ධව කෑමොර දෙන කණ්ඩායම් හෝ පුද්ගල සමූහයාව මා තේරුම් ගන්නා ආකාරයත් කියන්න කැමතියි.

1. කිසිදා වැස්සකටවත් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගොඩ වී නැති, එහෙන් මෙහෙන් අහුලා ගත් තොරතුරු  මත පොර ටෝක් දෙන්නවුන්

2. තමන්ට රිසිසේ මුළු සමාජයම හැසිරිය යුතු යැයි සිතන උද්ධච්ඡ සමාජ ක්‍රියාධාරීන්

3. පාලක පංතියෙන් වරදාන ලබාගැනීමේ අරමුණෙන් ඔවුන්ට අනියමින් පක්කලිකම් කරනු වස් "බුදු අම්මෝ වදේ, වදේ.." කියා කෑමොර දෙන විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්

4. සිය විශ්වවිද්‍යාල ජීවිතයේදී මුලු ගැන්වී සිටි රැග් එකට මුහුණ දීමටවත් ශක්තියක් නොමැති හුදෙකලා චරිත

5.  හොඳින් රැග කා, ඊටත් හොඳින් ඊළඟ වසර වලදී රැග් කළ  එහෙත් ඒ බව සඟවා ගෙන සමාජ මතය ඉතිරියේ පොර ටෝක් දෙන  තමන්ටත් තරුණ වියක් තිබූ බව අමතක කරන සම්ප්‍රදායික උගත්තු

6. රැග් එක යනු අති අමානුෂික, බලහත්කාරී  ක්‍රියාවලියක්  යැයි විශ්වාස කරන ඒ නිසාම ඉන් මිනිස් ස්වාධීනත්වයට හානියක් වන්නේ යැයිද , මානව අයිතිවාසිකම්  කඩවන්නේ යැයිද ඉතා අවංක හැඟීමෙන් යුතුව තීරණය කොට ඇති මනස් පුතුන්



කවරාකාරයෙන් වුවද මාධ්‍ය මගින් වේවා, කටින් කට වේවා කිසියම් මතයක් පුන පුනා වරනගන විට එය සමාජගත් වීම් සාමාන්‍ය සිදුවීමක්.

මේ බව මෑත ඉතිහාසයේ දේශපාලන භූමියේ සිදුවූ වෙනස් වීම්වලින් මොනවට ප්‍රත්‍යක්ෂ වෙනවා.
(හා..හා...මට ලේබල් ගහන්න කළබල වෙන්න එපා. තව ටිකක් ඉල්ලං කාලම කතා කරමු.)

දැන් රැග් එකට යළි අවතීර්ණ වෙමු. 

රැග් කිරීමේදී  අමානුෂික බලහත්කාරකම් සිද්ධ වෙන්නේම නැද්දැයි අසන්නට දතකට මැදගෙන සූදානම් වන අයට කියන්නට ඇත්තේ ඔව්...එසේ වනවා තමයි කියායි. ඒත් ඒ සාපේක්ෂව අඩු ප්‍රතිශතයකින් බවයි මගේ වැටහීම.

එහෙත් මගේ තර්කය වන්නේ විශ්වවිද්‍යාලයට එන වැඩිහිටි සිසුන්ට ශාරීරික තාඩන පීඩන හෝ අමානුෂික ක්‍රියාවන්ට එරෙහි වීමේ ශක්තියක් තිබිය යුතුය කියායි. ජ්‍යෙෂ්ඨයෙකුගේ අණට අවනත වීමේ ගුණය කිසියම් ආකාරයක සුහද වාතාවරණයක සිදු නොවන්නේ නම් ඒ බලහත්කාරයට එරෙහි වීමේ  ශක්තිය ප්‍රගුණ කිරීමද රැග් එකේදී සිදුවිය යුතුයි.

මේ විරෝධතාව මතුවිය යුත්තේ දැනුම්වත් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමෙන්මයි.  ඒ සඳහා නවකයින්ට ඇති ශක්තිය අඩු බවට තර්කයක් නැහැ.

ඉතිහාසයේ සීමාව ඉක්මවා රැග් කරන ජ්‍යෙෂ්ඨයින් නැවත  රැග් කිරීමට (re-rag)  බඳුන් කරනු ලැබූයේ මේ පාලනය පවත්වාගෙන යෑම සඳහා බව මා අත්දැකීමෙන් දන්නවා. අද එසේ නොවන්නේ නම් ජ්‍යෙෂ්ඨයින් සිය යුතුකම් පැහැර හැරීමක්.

ඉතිහාසයේ රැග් විඳි මෙන්ම නොවිඳි, රැග් කළ මෙන්ම නොකළ, විශ්වවිද්‍යාලයට පා තැබූ මෙන්ම වැස්සකටවත් ගොඩ නොවුණ රැග් එක ගැන උනන්දු වන සෑම දෙනාගෙන්ම මා ඉල්ලා සිටින්නේ රැග් තහනම් කරනු කියා ගිරාපෝතකයින් ලෙස බෙරිහන් නොදී පවතින තත්ත්වය අධ්‍යයනය කොට වඩාත් සුඛනම්‍ය  නවක හඳුනාගැනීමක් සඳහා පෙළැඹවීමක් ඇතිකරන ලෙසයි.

මා එසේ ඉල්ලා සිටින්නේ අප - (මා පමණක් නොව අප) - රැග් එක හරහා ලබාගත් දේ බොහෝ වන නිසාය. අප රැග් එකට මුහුණ දුන්නේ කිසියම් චකිතයකින් වුවද එහි සුන්දරත්වයක් සේම  අර්ථයක්ද තිබුණ බවයි. ඉන් අප ජීවිතයට සරසවි දිවියට අනුගතවීමේ හුරුවක් ලබාගත් බවයි.

තරුණයින්ට තරුණයින් සේ ක්‍රියාශීලී වන්නට ඉඩ තබා, එකී ප්‍රජාවට ඔවුන්ගේ ප්‍රශ්න විසඳාගන්නට ඉඩ තබා වැඩිහිටියන් මැදට පනින්නේ නැතිව ඉන්නවා නම් කොයි තරම් හොඳද...?




                   *         *        *        *          *       *         *              

අප කන්න සල්ලි නැති විටදී  අනෙකා කෑ ඉඳුල් පිඟාන ගෙන අඩු කෑම එකක් කෑවේ රැග් එකේදී බෙදාහදාගෙන කෑම කා පුරුදු වී තිබුණ නිසායි.

හදිසියේ කඩප්පුලියෙක් සරම කැඩුව විටදී  හෝ නාන්න ගිය විට සරම ඉස්සූ විටදී කෝප වී අනෙකාට පිහියෙන් අනින්නේ නැතිව අප  හොස්ටල් එකේ කොරිඩෝරය දිගේ කාමරයට ගියේ රැග් එකේදී අනෙක් සගයින් අංගජාතය දැක තිබුණ නිසායි.

අපභ්‍රංශ පාඨමාලාවන්ගේ විවිධාකාර පැවරුම්  ඉදිරියේ නවක  සිසුවා විපිළිසර වෙද්දී ඉන් ගොඩ එන්නට උපදෙස් දෙමින් අවශ්‍ය  කළමනා සම්පාදනය කොට දෙන්නේ රැග් එකේදී හඳුනාගත් ජ්‍යෙෂ්ඨ උත්තමයායි. 

විවිධාකාර දක්ෂතා ඇත්තවුන් හඳුනාගෙන සරසවි දිවියේ ඉදිරි වැඩසටහන් වලදී මූලිකත්වය ගනුවස් වගකීම් ලබන්නට නවකයා ඒ ඒ අංශ කරා යොමු කෙරෙන්නේ මේ කාල සීමාවේ ඇතිවන දක්ෂතා හඳුනා ගැනීම් මතයි.

උදාහරණ ලෙස කලාවට ලැදිවුන් කලා කවය වෙතත්, සිනමාවට ලැදිවුන් චිත්‍රපට සංගමය වෙතත්, ගායනයට දක්ෂවුන් ගාන්ධර්ව සභාව වෙත  මෙන්ම ආධුනික ගායනා  ප්‍රසංගය වෙතත්, ක්‍රීඩාශීලීන් ඒ ඒ ක්‍රීඩා වෙතත් අපේ කාලයේදී යොමු කෙරණේ "නවක වද" කාල සීමාවේ දක්ෂතා ප්‍රකට කරන්නට ලැබුණ අවස්ථාවෙන් ඇති වූ දැන හඳුනාගැනීම මතයි.

මා මෙහි සඳහන් කරන්නේ රැග් එකේ සාධනීය ගුණයන් කිහිපයක් පමණයි. ලියන්නට ගියොත් ලේඛනය බොහෝ දිගු වෙනු ඇති.



රැග් එකේ අනිසි ඵල මෙන්ම රුදුරු ලක්ෂණ කියන්නට බොහෝ අය සිටින නිසාත්, දැනටම ඒවා වර නගා ඇති නිසාත් මා මෙහි සඳහන් කරන්නේ නැහැ.

කෙසේ වෙතත් ශාරීරික වද හිංසා කියන්නේ රැග් නොවෙයි. එවන් බලහත්කාරකම් ඉවත් කොට සුහද, එමෙන්ම යළි කවදා හෝ ප්‍රමෝදයෙන් සිහිපත් කළ හැකි රැග් එකකට මා එකඟ වන්නේත්, ඒ වෙනුවෙන් පෙනී සිටින්නේත් එය සරසවියට ආවේනික, ඉතිහාසගත එමෙන්ම සරසවි ප්‍රජාවගේ පැවැත්ම හා අවියෝජනීයව බැඳී තිබෙන සංස්කෘතික ලක්ෂණයක් නිසයි.







කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න 

70 comments:

  1. රැගේ අගය දන්නේ රැග කා අැති එවුන් පමණකි. කොහේවත් සිට පොර ටොක් දෙන උන් එහි අැති අගය නොදනී.

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද මේවා...
      *රැගයේ තියෙන රසයත්
      එහි වන මනා ගුණයත්
      රැග් වුණ අපි මිසක්
      රැගය කා නැති
      අලයො නොදනිත්*
      කියන්නෙ කටකහනවටයෑ.

      Delete
    2. #$%^^*& &*()))$%^%? ("පශ්චාත් භාගය ඡවි වර්ණයෙන් යුතුද?")

      Delete
  2. නේවි එකේ නේද හිටියෙ?

    ගෙට් අවුට්, ගෙට් අවුට්, ගෙට් ම අවුට්!

    මීට නැගෙනහිර පලාතේ මහ ඇමති තුමා!

    සාක්කි: සිරිලන්කාවේ ඇමෙරිකානු තානාපති!

    ReplyDelete
  3. +++++++++++++++++++++++++++

    ReplyDelete
  4. හමුදා පුහුණුවේදී වදින රැග් එක ගැන කිව්වොත්, කියවන අය අඬනවා, මෙහෙමත් වුනාද කියලා.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඒකෙන් මාර ආත්ම විශ්වාසයක් එනව.
      විචාරක වගේම මම කියන්නෙ පුහුණුවෙ රැග් එක ගැන.
      නැතිව රෑට මෙස් එකේදි උපාධිකාරයො කෙලිංම පටි ගහගෙන එනව කියල තරහට දුන්න වද බන්ධන නොවෙයි.

      Delete
    2. හමුදාවල රැග් කරනවා කියලා හෝ රැග් එක කැම්පස් එකේ විතරක් නෙමේ සමාජයේ හැම තැනම අඩු,වැඩි වශයෙන් තියෙනවා කියලා මේ රැග් කිරිම සාදරණිය කරන්න පූලුවන්ද ?

      ඒහෙම බැලුවොත් මේ රටේ හැමතැනම අල්ලස,දුෂණය,හොරකම වගේ දෙවල් තියෙන නිසා එව්වාත් සාදාරණයි කියලා කියන්න පුලුවන්නෙ.

      Delete
    3. අනික්පැත්ත හරවලා පුකට අනින එකත් රැග එකේ කොටසක්ද විචාරක තුමෝ ! අපි නොදන්න ආමි !!!!!!

      සොට් කොමිසෝන් පොරවල් තමයි පොරවල්!!!! ආමි එකේ ඉන්න නැතව වෙන කොහිද වොලොන්ටියර් එකයි සැල්වොසෝන් ආමිඑකයි දෙකම එකයි

      Delete
    4. @ AnonymousTuesday, May 24, 2016

      අනේ කොල්ලෝ මගේ පයින් පාරට උඹේ පුක තවම රිදෙනවද? උඹේ ගොන් මොලේට හමුදාව ගැන මේ ලෝක වැටහීමක් නැති නිසානේ මම උඹේ පුක ඉදිමෙන්න පයින් ගැහුවේ. හා හා නාඬා ගිහින් දොඹතෙල් ටිකක් ගාලා පුක තවාගනින්.

      Delete
    5. විශ්ව විද්‍යාලවල මෙහෙමනම් හමුදාවල රැග් අතිශයින්ම බිහිසුනු ඇති. හිටි ගමන් නවක නිලධාරීන් සියදිවිනසාගෙන හෝ පුහුනුවේදී මියයාම් ලෙස වාර්තාකර යට ගසෙන්නේ මේවා වෙන්න ඇති. හමුදාවල බිහිසුනු රැග් ගැන ට්‍රාන්සිල්වේනියා බ්ලොග් එකේ ලිපියක් පලවුනා මතකයි.

      Delete
    6. "වෙන්න ඇති" උපකල්පන මත ප්‍රශ්න තේරුම් ගැනීමත් නරකම නෑ. එතකොට ඕනෙ දෙයක් හිතාගත්තැහැකි නෙ..

      Delete
    7. @විචාරක WicharakaTuesday, May 24, 2016

      ඔයා මාර චන්ඩියෙක්නේ ... කොල්ලන්ට පුකේ ත් ඇරලා පයිනුත් ගහනවද රැග එකට.ඔයා මාර පුකට හුකනෙක්නේ බලාගෙන යනකොට

      Delete
    8. චිකේ කොල්ලෝ උඹට ලජ්ජා නැද්ද මම උඹට ඇරියා කියන්න?

      Delete
  5. රැග යනු රැග කන්නා කිසිමාකාරයකින් හිංසාවක් නොවිඳ කන්නාවූ රැග...රැග දෙන්නාහට රැගක් වීම පමනක්‍මය..වින්දෝ දනිති...නොව්න්දෝ පඬි ටෝක්ම දෙන්නාහූය...
    රැග දෙන්නාගේ හීනමානය රැග කන්නා අඳුනාගත් කල රැග.. වචනයේ පරිසමාර්තයෙන්ම සියලු සත්වයොන්ට රැගක්ම වේ ....
    හිතලා බලන්න..."

    ReplyDelete
    Replies
    1. // රැග යනු රැග කන්නා කිසිමාකාරයකින් හිංසාවක් නොවිඳ කන්නාවූ රැග //

      ඒක ට කියන්නේ රැග නෙවෙයි ලොක්කා.. ඒකට කියන්නේ "සැප"!

      Delete
    2. යක්සයෝ රැගත් සැප කාලයක් තිබුන අපිලට...!

      Delete
  6. ඕනවාට වඩා දඟලගෙන එන පිස්සෙක් රැග් එකේ නාමයෙන් රඟන්න හැදුවොත් උට ආයෙ වෙල්කම් එක වෙනකන් පළාතට වත් එන්න දෙන්නෙ නෑ ජුන්න හරියට කෙලින් හිටිය නම්.සුපර් සින්නො හරියට හිටිය නම්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගෙදර ප්‍රශ්න රටේ ලෝකෙට කියන්නෙ ඒව ගේ ඇතුළෙ විසඳ ගන්න බැරි එකාල. ගස් ලබ්බ කියන්න වගේ ඔය දෙගොල්ල හරියට හිටියනං ඔය ප්‍රශ්න ලේසියෙන් ඉවර කර ගත්තෑකි.

      Delete
  7. ආ.. වැදගත්ම දේ.ගේම ඉල්ලන්න ඉල්ලන්න වැඩේ අයාලෙ යන එකයි වෙන්නෙ.කුදලගෙන ගිහින් බලු කූඩුවෙ දාන එක රැග් එක නවත්තන්න විසඳුමක් නෙමෙයි කියන එක ගස්ලබු මතය.

    ReplyDelete
    Replies
    1. ඉස්සර සති දෙකෙන් ඉවර වුණ රැග් එක මාස ගණන් ඇදෙන්න ගත්තෙ සෙක්කොයි, වී.සී.ලගෙ ඇම්බැට්ට ස්ටාෆ් එකේ අයයි රැග් එක තහනම් කරල අල්ලන්න ගත්තට පස්සෙ. ඒකෙනුත් වුණේ රැග් කාලෙ දික් වීම. දැනුත් පොලිසියට කුදලන් යන්නෙ ප්‍රශ්නෙ වන කරන්න මිසක විසඳගන්න නොවෙයි..

      Delete
  8. සංඛ්යාලේඛණ දත්ත අනුව ප්‍රතිශත ගණන් බලා කථාකරනවාට වැඩියේ නවකයින් සුහදව අඳුනාගැනීමේ හොඳකිව්වා නම් වඩා හොඳයි. කොහෙත් ඉන්නා පිස්සුපොරවල් නිසා එක් අයෙකු හෝ මැරෙනවා නම් මේ හඳුනාගැනීමේ ක්‍රියාවලිය සීමා ඉක්මවා ගොස් ඇතිබවට සාක්ෂියකි. දුප්පත් අසරණ ගෑනුළමයින් වඩා අසරණ තත්වයට පත්කෙරෙන මේ ක්‍රියාවලිය හිංස නයකි.
    සංඛ්‍යාලේඛණයක දත්තයක් පමණක්වීමට සිදුවීම තරම් අභාග්‍යයක් මිනිසෙකුට සිදුවිය හැකිද?

    ReplyDelete
    Replies
    1. මා නං කතා කරන්නෙ දත්ත මත නොවේ. අත්දුටු හා අත්විඳි තත්ත්වයන් මත. අනෙක "ලු" ආරංචි මතත් නොවෙයි.

      Delete
    2. මා හැම වෙලාවෙම කියනෙ පොඩි ගොං පාට් එකක් දාල නවකයින් හඳුනා ගන්න කියල තමයි. ඒකට රැග් එක කියන කොට කිචි වගේ නං වෙන නමක් කියන්න. අවුලක් නෑ.

      Delete
  9. බුල්ශිට්! පරිනත(?) තත්වයට පත්වෙච්ච මිනිහෙක් ලියයි කියල කවදාවත් නොහිතන ලියවිල්ලක්!

    ReplyDelete
    Replies
    1. යසනාත් ධම්මික බණ්ඩාරට වේච්චි දේමයි (සොරි) මකන්න වෙච්චි එකමයි මෙයාටත් වෙන්නේ. මේවට උත්තර දුන්නොත්.. හැක්

      Delete
    2. පරිනතයි කියල තමන් හිතා ගත්තම, තමන් විතරයි හරි කියල හිතෙන්න ගන්නවා. එතකොට අන් මත ඉවසන්න බෑ. අනෙක් අයව පේන්නෙ අපරිනත විදිහට.

      Delete
  10. කලිනුත් කිව්වා , බල්ලන්ට උත්තර දීමෙන් පලකට නැත. ඔබේ පුතාට මෙවන් දෙයක් වුවා නම් යයි පතමි

    ReplyDelete
    Replies
    1. අපෝ බල්ලන්ට උත්තර දෙන්න හිතන්නවත් එපා.
      අනෙක ඔය "මෙවන් දේ" කියන්නෙ මොනවද කියල දැනගන්න කැමතියි.
      බුදු අම්මෝ..වදේ..ද ?

      Delete
  11. //කිසිදා වැස්සකටවත් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගොඩ වී නැති, එහෙන් මෙහෙන් අහුලා ගත් තොරතුරු මත පොර ටෝක් දෙන්නවුන්//

    වැස්සකට හෝ විශ්වවිද්‍යාලයකට නොගිය අයට පවා මේ රජයේ විශ්වවිද්‍යාල වල සිදු වෙන "රැග්"එක ගැන කතාකරන්න අයිතියක් තිබිය යුතුයි.මොකද වැස්සකට හෝ විශ්වවිද්‍යාලයකට නොගිය පොර ටෝක් දෙන උන් පවා මේ සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රජයට මිලක් ගෙවලා තියෙනවා බදු වශයෙන්.

    ReplyDelete
    Replies
    1. මනෝජ්.....ඕකට කියන්නේ "කැම්පස් මාන්දම" කියලා. ලෝකේ තියන ලොකුම සුදුසුකම තමයි ලංකාවේ කැම්පස් එකක ගේට්ටුවෙන් ඇතුල්වීම. කලා රිටක් කියන්නේ ගනන් ගන්න එපා. ජනතා බදුවලින් අකුරු කෙරූ පුත්තුනේ මේ.

      Delete
    2. මනෝජ් මල්ලී..
      ඉස්සෙල්ලාම අපි ගෙවන බදු වලින් සිසුන්ගෙ අධ්‍යාපන මට්ටම හා ජීවන මට්ටම ඉහළ දාන්න කියමුද..පාලකයින්ට පිස්සු කෙළින්නෙ නැතිව.

      Delete
  12. එතකොට 1975 දි රත්නසීලි සිසුවිය යෝනියට ඉටිපන්දම් ගසන්නට ගොස් උඩ තට්ටුවෙන් පැන සදාකාලික අබ්බගාත වී,1996 දී වරප්‍රගාශ් සිසුවා අසීමිතව ඩිෆ්ස් ගසන්නට යොදවා වකුගඩු රෝගී වී මියයාම,මෙවර සබරගමුවේ සිසුවියක් මියයාම,හැම වසරකම යම් ප්‍රතිශතයක් සරසවි හැරයාම,යම් පිරිසක් ආබාධිත වීම සමාන්තර විශ්වයක සිදුවූ දේද.

    බොහෝ රැග් විරෝධීන් මෙහි පැමින නැත්තේ කතා කිරීම නිශ්ඵල නිසයි.කෙනෙකුට වධදී ලබාදෙන සමාජානුයෝජනය අයිති ගෝත්‍රික යුගවලටය.

    ReplyDelete
    Replies
    1. විශ්වවිද්‍යාලෙට ආව සිසුවෙක් හදිසි අසනීපෙකින් මැරුණොත් ඒක රැග් එක නිසාමද?
      අපේ බැච් එකෙත් එහෙම මැරුණා. රැග් එක නිසා කියලා ආන්දාලනයක් ආවා. අන්තිමේට ඒ කතා පුස්සක් වුණා.
      මා කියන්නේ මරණීය නොවෙයි ශාරීරික වද හිංසා වුව රැග් එකේ නොතිබිය යුතු බවයි. එහෙම සීමාවකට ජ්‍යෙෂ්ඨයින් එනවා නම් නවකයින් මෙන්ම ජ්‍යෙෂ්ඨයින්ද ඊට විරුද්ධ විය යුතු බවයි.

      Delete
  13. මේ පොස්ට් එක කියෙව්වාම රටේ පවතින ගොඩක් ප්‍රශ්න මෙම රැග් ක්‍රමය මුළු සමාජයටම හඳුන්වා දීමෙන් විසඳිය හැකි බව වැටහෙනවා.

    //හදිසියේ කඩප්පුලියෙක් සරම කැඩුව විටදී හෝ නාන්න ගිය විට සරම ඉස්සූ විටදී කෝප වී අනෙකාට පිහියෙන් අනින්නේ නැතිව අප හොස්ටල් එකේ කොරිඩෝරය දිගේ කාමරයට ගියේ රැග් එකේදී අනෙක් සගයින් අංගජාතය දැක තිබුණ නිසායි.//

    රටේ මෙවැනි පිහි ඇනුම් ඇතිවීම වැලැක්වීමට සියළුම රටවැසියන් නිරුවත් කර රැග් කල යුතුය.

    //අපභ්‍රංශ පාඨමාලාවන්ගේ විවිධාකාර පැවරුම් ඉදිරියේ නවක සිසුවා විපිළිසර වෙද්දී ඉන් ගොඩ එන්නට උපදෙස් දෙමින් අවශ්‍ය කළමනා සම්පාදනය කොට දෙන්නේ රැග් එකේදී හඳුනාගත් ජ්‍යෙෂ්ඨ උත්තමයායි.//

    තරුණයන් මුහුණ දෙන ජීවන ප්‍රශ්ණ වලදී ජේශ්ඨ පුරවැසියන්ගේ සහය තහවුරු කිරීමට ජේශ්ඨයන් ලවා තරුණයන් රැග් කල යුතුය. මෙය තවදුරටත් ව්‍යාප්ත කරමින් පෝසතුන් ලවා දුප්පතුන් රැග් කරවීමෙන් දුප්පත් අයට සහන සැලස්වීමට පෝසතුන් යොමු කිරීමත්, ආහර ඇති අය ලවා ආහර නැත්වෞන්, නිවාස කිහිපයක් ඇතිඅය ලවා නිවාස නැත්වුන් රැග් කිරීමෙන් නිවාස ප්‍රශ්ණය විසඳීමත් වශයෙන් කල හැකියි.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ කොමඩි යෝජනා. යහපාලනය කරනව වගේමයි.

      Delete
    2. ඔබ ගැන අසා ඇති පරිදි ඔබ 'කොමඩි යෝජනා' වලින් පෙන්වන්න උත්සාහ කල ඔබේ තර්ක වල ඇති හිඩැස දැකීමට හැකි බුද්ධිමතෙක් බව දනිමි.

      Delete
    3. ඉයන්,කැම්පස් එක්ක හොස්ටල් නම් ඉදල නෑ වගේ... හික් හික්

      Delete
  14. ස ර ස තුමා නම් සියලුම වර්ගයේ නවක වද වලට ඉඳුරාම විරුද්දයි!

    එහෙත්.....

    නවක වදයට විරුද්ද සමහර බ්ලොග් කරුවන් ගේ බ්ලොග් පොස්ට් අතර නොදකින නොවිඳින යම් පහසුවක්, සනීපයක් නොකී කතා තුමා ගේ බ්ලොගේට ගොඩ වුනාම ස ර ස තුමා ට පෙනෙනවා... විඳිනවා....

    කවුරු හරි මේකට අර ස්ටොක් හෝම් සින්ඩ්‍රොම් ය කියලා කිවුවොත් කන පැලෙන්න කකුලට ගසන බව කරුනාවෙන් සලකන්න

    ReplyDelete
    Replies
    1. නොකී කතා ලියන්නෙ බොහොම අවංක හැඟීමෙන්. කාවවත් සතුටු කරන්නවත්, හෙළා දකින්නවත් නොවෙයි. ඒකයි එහෙම දැනෙනව ඇත්තෙ.

      Delete
  15. රැග් එක මොකටද?? තේරුම් කරල දෙන්න නොකී.. පොයින්ට් එකටම ඕන..

    ඔබ මේ ලිපිය ලියා ඇති ආකාරයට එයට මං දෙන පිළිතුරට ඔබ තරහා වන බවත් මගේ ලිපි කියවීම නවත්වන බවත් ප්‍රත්‍යකෂ හෙයින් වාසි තකා එසේ නොකරමි.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. හයියෝ...පිළිතුරු දෙන්නකෝ...මේක ලිව්වෙ වැඩි පිරිසක් එරෙහි වෙන බව දැන ගෙනම තමයි. ජනප්‍රිය රැල්ල ගැන හිතුව නං ලියන්නෙ නෑ.
      අපේ පිටවල් කබර හං වෙලා. එහෙම ලේසියෙන් රිදෙන්නෙ නෑ තැලුවට. රැග් එකෙන් තමයි ඔය හයිය එන්න ගත්තෙ. හැක්.

      Delete
  16. ඇසූ පිරූ තැන් ඇතැයි සැලකු පරිණත පුද්ගලයකුගෙන් මෙවන් ලියවිල්ලක් කොහෙත්ම බලාපොරොත්තු උනේ නෑ. ජීවිතයේ එක් එක් කාල වකවානු වලදී අනුමත කළ සහ සිදුකරනලද සමහර ක්‍රියාවන් හොඳ සිහි බුද්ධියෙන් පරිණත අවදියෙදි කිරා මැන බලා වරද වරදක් විදිහට දකිනව.අනේ මට නම් කියන්න තේරෙන්නෙ නෑ. මම වැස්සකට වත් ලංකාවේ කැම්පස් ගිය එකෙක් නෙවෙයි. ඒ හන්දා ඔබගේ අර "බොරුවට කෑමොරදෙන" කුලකයට මං අයිතියි.
    ලොකුවට කතා කරලා වාද කරන්න දෙයක් මෙතන තියනවා කියල මම හිතන්නෙ නෑ. රැග කරපින්නාගත් ඉසමුදුනෙන් පිළිගන්නා ඔබත් සමග මේ ගැන වාද කරන්න ඕන නෑ... සුරංගගේ යාංහෑල්ලේ දාපු කොමෙන්ටුවකින් කොටසක් මෙතනත් දාන්නම්.
    //ඔය නවක වධය අනුමත කරන එවුං නාකි උනාමත් මතක තියන් ඉඳල රැග් කරවන්න ඕන හරි නම්. හැරමිටියෙන් යනකොට පැන්න ගමන් හැරමිටිය උදුරලා විසි කරනව. උගේ හොම්බ බිම ඇනුනම කියනවා "නාකි උනාම සිද්ධ වෙන තත්වේ ගැන හරි ආකාර අවබෝධයක් වෙන්න සහ ඉස්සරහට කොහොමටත් හොම්බ බිම ඇනෙන නිසා ඒ අත්දැකීමට දැන්ම තියාම පුරුදු පුහුණු කරන්නයි ඒ වැඩේ කලේ" කියල. "අනිත් එක නාකි උනාම සමහරු හොම්බෙන්ම යනව, සමහරු දනගාගෙන යනව, බඩගාගෙන යනව, හැරමිටියක් අරගෙන ඇවිදින් උඹ කෙලින් ඇවිදින එක ඔට්ටු නෑ. උඹත් යන්න ඕන හොම්බෙන්. ඒ නිසයි උඹේ හැරමිටිය විසිකලේ" කියල සමානාත්මතාවය ගැන දේශනෙකුත් දෙන්න ඕන.//

    ReplyDelete
    Replies
    1. ඇසූ පිරූ තැන් ඇති පරිනත පුද්ගලයෙක් වෙන්නෙ තමන්ගෙ මතය පිළිගන්නවනං විතරද සජ්ජා...
      යාං හෑල්ලෙ කොමඩි කතාවට පොඩ්ඩක් හිනා ගියා. එච්චරයි.

      Delete
  17. මේ තර්ක කොයිතරම් ලාමකද?

    "අප කන්න සල්ලි නැති විටදී අනෙකා කෑ ඉඳුල් පිඟාන ගෙන අඩු කෑම එකක් කෑවේ රැග් එකේදී බෙදාහදාගෙන කෑම කා පුරුදු වී තිබුණ නිසායි".
    "අපභ්‍රංශ පාඨමාලාවන්ගේ විවිධාකාර පැවරුම් ඉදිරියේ නවක සිසුවා විපිළිසර වෙද්දී ඉන් ගොඩ එන්නට උපදෙස් දෙමින්..."

    මේවා කරන්න අවශ්‍ය compassion, empathy වගේ මානුෂික ගුණාංග මිසක් rag වීම හෝ නොවී තිබීම නොවේ නේද?

    "කලාවට ලැදිවුන් කලා කවය වෙතත්, සිනමාවට ලැදිවුන් චිත්‍රපට සංගමය වෙතත්, ගායනයට දක්ෂවුන් ගාන්ධර්ව සභාව වෙත මෙන්ම ආධුනික ගායනා ප්‍රසංගය වෙතත්..."

    එතකොට campus එනකම්ම තමන්ගේ talents මොකක්ද කියල දන්නේ නැතිව එන අයද ඔය නවකයෝ ඔක්කොම.

    "රැග් එකේදී අනෙක් සගයින් අංගජාතය දැක තිබුණ නිසායි".
    මේවා ඉතාම පැහැදිලි cases of invading privacy and harassment නේද.

    "තමන්ට රිසිසේ මුළු සමාජයම හැසිරිය යුතු යැයි සිතන උද්ධච්ඡ සමාජ ක්‍රියාධාරීන්"
    මටනම් තේරෙන විදිහට ඔය rag එක glorify කරන අය තමයි ඒ ජාතියට අයිති.

    "සිය විශ්වවිද්‍යාල ජීවිතයේදී මුලු ගැන්වී සිටි රැග් එකට මුහුණ දීමටවත් ශක්තියක් නොමැති හුදෙකලා චරිත"

    අපි නම් හොඳට uni life එක enjoy කලා හැබැයි කාටවත් වදයක් වෙන්නේ නැතිව. අනිත් එක rag එකට විරුද්දව කතාකරන අය අතරේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ දියුණු රටවල විශ්ව විද්‍යාලවල ඉගෙනගත්තු, උගන්නපු/උගන්නන අය ඕනෙතරම් ඉන්නවා.

    "කිසිදා වැස්සකටවත් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගොඩ වී නැති".
    he he he ඔය ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉන්න බුද්ධිමත් කියලා හිතාගෙන ඉන්න අයට වැඩ දහස් වාරයක් බුද්ධිමත් අය එළියේ ඉන්නවා.


    අර MM උඩ කියල තියෙනවා වගේ මේවට කතා කරලා වැඩක් නැහැ. නමුත් මේ වගේ මෝඩ වලට උත්තර නොදී ඉන්න එක මේ අමානුෂික වැඩ වලට indirectly උදව් කිරීමක්.

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනෙ ඇනෝලට උත්තර දීලා වැඩක් නෑ කියලයි. කියන්න තියෙන දේ කියලනෙ තියෙන්නෙ. නමින් එන්න ගට නැති එක ගැන පුදුම වෙන්නෙ නෑ.

      Delete
  18. රැග් එක දෙන ජේශ්ඨ උත්තමයා ඒක කරන්නේ නවකයා ගැන ඔය කියන ආකාරයේ පහන් සංවේගයකින් නොවේ. ජේශ්ඨ උත්තමයා එයින් යම් කාලකන්නි සතුටක් ලබනවා. ඒක තමයි ඇත්ත. අඩු කන්නේ රැග් එකෙන් ඒක ඉගෙන ගත් නිසා නොවේ. එක්කෝ නැතිබැරි කමට, නැත්නම් පෝලිමේ ඉන්න කම්මැලි කමට.

    ReplyDelete
    Replies
    1. තේරෙන තරම තමයි. මං පොර අවුරුදු හතරක් සිසුවෙක් විදිහට කට්ට කාල, තව අවුරුදු දහයක් සිසුවන්ට බොහොමත් සමීපව විශ්වවිද්‍යාල කීපයක රස්සාව කළ නිසා කියන්න වෙන්නෙ ඔය කතා මනස්ගාත කියලයි. අපි නං රැග් කෑවෙත්, රැග් කළෙත් කිසිම ද්වේශයකින් නොවෙයි. අපිට රැග් කළ උන්ටත් ද්වේශයක් තිබුණෙ නෑ කියල ෂුවර්. පස්සෙ ෆිට් වුණ විදිහට.

      Delete
  19. රැග් එක වගේ ගොන් වැඩ කරල ඒක සාධාරනීකරණය කරන්න එපා. මම එකවර රජයේ හා පෞද්ගලික විශ්වවිද්‍යාල දෙකක ඉගෙන ගෙන, රටවල කිහිපයක විශ්වවිද්‍යාලවලත් ඉගෙන ගෙන, ඒවයේ වැඩත් කරලා තියෙනවා. නවක සිසුන්ට විධිමත් මූලික පුහුණුවක් (Orientation program) සකස් කරන්න විශ්වවිද්‍යාලයට පුලුවන්. ජේශ්ඨ සිසුන් එයට ස්වේච්ඡාවෙන් සහභාගි කරවගන්නත් පුලුවන්. ඔය කියන විදියට රැග් එකෙන් මාර හොඳක් වෙනවනම් ඒක විශ්වවිද්‍යාල පාඨමලාවට ඇතුලත් කරන්න තිබුනනෙ.

    ReplyDelete
    Replies
    1. මාර වැඩක් නේ මේක. එහෙම කොහොමද කියන්නෙ සාධරණීකරණය කරන්න එපා කියල. මට වරදක් පේන්නෙ නැත්තං ඒ වෙනුවෙන් මා පෙනී හිටිනව. ඒකටත් රැග් එක කෑමෙන් යම් ගටක් ලැබුණ.
      ශිෂ්‍යන්ට ඔවුන්ගෙ ප්‍රශ්න විසඳගන්න නොදී ගාල කඩාගත්තු හරක් වගේ පැන පැන උම්බෑ කියන එකත් මට පේන්නෙ ගොං වැඩක් විදිහට නම්...?

      Delete
  20. මං ලංකාවේ විශ්ව විද්‍යාලය වලට කිප වතාවක් ගොඩ වී ඇත. මට කොමෙන්ට් කරන්න පුලුවන්ද ? එන්ඩිටි ලැබුණු විට යන්තම් රැග කෑවෙමි. ඉන්පසු කොළඹ විශ්ව විද්‍යාලයට සිලෙක්ට් වුනි. නමුත් ඉංජිනේරුවකු වීමට සෝවියට් යන්න වරම් ලැබුණු නිසා එහෙ ගියෙමි. මොස්කව් වල සුන්දර වදය ගැන ලීවේ ඒ නිසාය. කවුරුත් අර කලින් වගේ ඇනෝ පැමිණ පොන්සියෝ කියා නොලියන මෙන් ඉල්ලමි. පොන්සියෝ නම් ඇනෝ ඇවිත් අනිත් අයට ඒ බව කියන උන්ය. මේසයක් උඩ නග්ගා සින්දුවක් කීම, තනි කකුලෙන් හිටගෙන සිටීම එතරම් තදින් නොසලකමි. එහෙත්..............
    අම්පාරේ හාඩි රැග තවමත් මොරටුවේ හා අම්පාරේ දෙනවදැයි දන ගැනීමට කැමැත්තෙමි. එම රැගට පත් වූ අයෙක් 88-89 භීෂණ සමයේ තමන්ට රැග දුන් අය ජේවීපී ලේබලය ගසා මරා දැමු බවට ලැබුණු ආරංචියක් නිසාය. ඒක ඇත්තක්ද?

    ReplyDelete
    Replies
    1. අජිත්, මා පෙනී සිටින්නේ අහිංසක, කොමඩි පන්නයේ රැග් වෙනුවෙනි. විශ්වවිද්‍යාල ප්‍රජාව එහි ඇති අමානුෂික ක්‍රියා දුරු කිරීමට උත්සුක වෙන එක අවශ්‍යය. කොයි දේත් සීමා පනින විට එය පාලනය කොට ගැනීම අත්‍යාවශ්‍යය.
      අනෙක මම නං ආරංචි මත මගේ දැක්ම වෙනස් කරන්නේ නැත. මම දැනට වසර 5 ට පෙරත් විශ්වවිද්‍යාල නේවාසිකාගාර වල නැවතී සිටිමින්,ශිෂ්‍යයන් හා සමීප අත්දැකීම් ලබා ඇත්තෙමි. මා කතා කරන්නේ මා විඳි හා දුටු දේ ගැනය.

      Delete
    2. එවැනි රැග් වල ප්‍රශ්නයක් නැත යන්නේ මගේද අදහසයි. හොඳයි අරක අරන්චියක්ම නොවේ. මොරටුවේ ඉගෙන ගත් මගේ යහළුවන් කිහිප දෙනෙකුම එම රැග් එකට ලක්වුණි. මේ රැග් එක මෙහි ලියන්නට නොහැකි තරම් ජුගුප්සා ජනකය. මගේ මිතුරන් මට විශ්වාසය. ඔවුන් මට බොරු නොකී බව මා දනිමි. මා හිතන විධිහට දැන් මොරටුවේ මේ රැග නැත. ඒ දිනවල මා ජවිපෙ සාමාජිකයෙකු ගෙන් මේ රැග ගැන විමසා එය නතර නොකරන්නේ ඇයිදැයි ඇසුවෙමි. රැග දුන්නේ අන්තරේ අය නොවේ. එසේ වතුදු ඒ සාමාජිකයා පැවසුවේ පොලිසියට හමුදාවට අහුවුණු විට මිට වඩා දරුණු රැග කන්නට වෙන නිසා එය එතරම් ප්‍රශ්නයක් නැති බවයි. මේ 1983-84 කාලයේය. 88-89 වනවිට ඔහු කී දෙය ඇත්තක් විනි. ඉන්පසු මට සිතුනේ අන්තරේ නිහඬව සිටින්නේ මේ පොලිස් හමුදා රැගට ළමුන් පුරුදු කරවන්නට සිතා බවයි. මා අදත් ඔය දරුණු රැගට විරුද්ධය. ඒ රැගේ වැඩි හරිය කෙරෙවෙන්නේ නිරුවතිනි.

      Delete
    3. දරුණු රැගට අපත් විරුද්ධයි. මා කියන්නේ physical rag තිබිය යුතු නැති බවයි. ඒත් මේ පාලනය සිදුවිය යුත්තේ අදාළ ප්‍රජාව තුළින්මයි. නීති, රීති දමා හිරේ දමා මෙය පාලනය කරන්න යද්දි තමයි තවත් දරුණු වෙන්නේ.

      Delete
  21. රැග ඔබ කියනා අයුරින් සිදු වේ නම් සහ රැග ලබන්නා හට ඉන් මානසික සහ ශාරීරික පිඩාවක් නැතිනම් ගැටළුවක් නැති බව මටද උපකල්පනය කල හැක...
    නමුත් එය එසේ නොවන බව අවස්ථා කිහිපයකදී අත්දැක ඇති බැවින් රැගට මා විරුද්ධය...

    කිසිම රැගක් නොලද මම සහ මගේ මිතුරු පිරිස රැගක් නොලබාම ඔබ ඉහත දක්වා ඇති දේ සහ සමහර විට ඊටත් එහා දේ කැම්පස් කාලයේ කර ඇත...

    වතාවක් අපේ එකෙන් මේසයක් උඩ කවුරුන් හෝ බාගයක් බී දමා ගිය බීම බෝතයක් බිමට අතට ගත් අතර එය මුවට ලං කරන විටම වාගේ එහි හිමිකරුවා (ඔහු අත සෝදන්නට ගොස් සිට ඇත) පැමිණ පුදුමයෙන් බලා සිට කාරණය තේරුම් ගෙන බොන්න බොන්න කියා ගිය පසු අපේ එකා ඒ බටයෙන්ම බීම බෝතලය හිස් කලේ එහි හිමිකරුවා ඊට පෙර කෙදිනකවත් දැක නොමැති කෙනෙක් බව පවා අමතක කරමිනි...

    එමෙන්ම අප හොස්ටල් එකේ කාමර වල සිට නාන කාමර වලට කෙදිනකවත් ඇඳුමක් ඇඳගෙන ගොස් නැත...
    තිබුනේ බෙල්ලේ දමා ගත් තුවා කොටය පමණි...

    එක පතේ මෙන්ම එකේ කෑ පිඟානක තවකෙක් නැවතූ බෙදා ගෙන කෑම ඉතාම සුලබ දෙයකි...

    නමුත් කැම්පස් එකේදී අපි වෙනකෙකුගේ පිඟානකට අඩු නොකෑමට හේතුවක් වුයේ පෝලිමේ නොගොස් එය ලබා ගැනීමට හැකි වීම පෝලිමේ සිටිනා අන් අයට සිදු කරනු ලබන අසාධාරණයක් නිසාය...
    නමුත් යම් සිසුවකු එය කරන්නේ මුල්‍යම හේතු නිසා බව වැටහී ඇති අවස්තාවක පෝලිම් නොමැතිව යාම නොදුටු ලෙසින් සිටීමේ හැකියාවද අපට තිබුණි...

    අප විසින් කැම්පස් එකේ පවත්වාගෙන ගිය විනයක් වූ පෝලිමේ ගොස් තම අවශ්‍යතාව ඉටු කර ගැනීම තුළින් අදටත් මම වෙනකෙකුගේ අවස්ථාවක් බලෙන් පැහැර ගැනීම නොකරමි...

    රැග නැතිවද මෙවැනි දේ ලද හැක...

    ReplyDelete
    Replies
    1. //රැග නැතිවද මෙවැනි දේ ලද හැක...// ඒ ඔබේ අත්දැකීමයි.
      රැග ඇතිවද මෙවැනි දේ සිදුවේ..මේ මගේ අත්දැකීමයි
      ඉතිං...

      Delete
  22. තරහවෙන්න එපා මට පෙනුන හිතෙන දේ කිව්වට. රැග්වල කිසිම ලොකු වැදගත් සුන්දර දෙයක් දැකලා නෑ.මගෙ අඩුපාඩුවක්ද දන්නේ නෑ

    නමේ විශ්ව විද්‍යාලය යන කෑල්ල නොව වෙනස් නමක් තිබුනද විශ්ව විද්යාලයකට බොහෝ සමානකම් හා සමාන්තරකම් තිබෙන උසස් අධ්‍යාපන ආයතනයක සිටිකාලයේ දරුණු නොවන රැග්වීමට භාජනය වීත් පසු කාලයක රැග් කරන ස්ථානවල සිටත් ඇත. තරුණකාලයේ හිනායන මෝඩ ජෝක් හැර කිසිම සුන්දර බවක් හෝ වැදගත් බවක් නොදැක්කෙමි. එවැනි ජෝක් වලට මුවාවී අමානුෂික රැග් කරන්නේ නම් හා ඒවා වැලැක්වීමට එකම මාර්ගය සියලු රැග් නැවැත්වීම නම් එයින් ලොකු පාඩුවක් වේයයි මා නොසිතන්නේ එවේලේ වෙන අයෙකුගේ අපහසුතාවයක් දෙස බලා හිනා වීමට හැකියාව හැර රැග්වල කිසිම වෙන වැදගත්කමක් නොදැක්ක නිසාය.

    අමානුෂික නොවන ඒවා තිබුනත් ලොකු වැඩක් නැත. නොතිබුනත් පාඩුවක් නැත. අමානුෂික වධකයන් නැවැත්විය යුතුය
    (මගේ අත්දැකීම් හා දැනුම මත පමණක් පදනම්වූ මතවේ)

    ReplyDelete
    Replies
    1. අනේ කිසිම තරහවක් නෑ. මා මගේ මතය කිව්වා. ඔබට ඔබේ මතය කීමට ඇති අයිතිය පිළිගන්නවා.
      දහසක් මත ගැටේවා. එහෙමයි ලෝකය ඉදිරියට යන්නේ.

      Delete
  23. හෙන්රි,

    ඔබ මේ ලිපිය කුමන අරුතෙන් ලිව්වාදැයි මට සිතා ගත නොහැක. මෙහි ඇති දේ සරල දේ වුණත්, ඔබ එයින් හදන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල සහ වෙනත් විවිධ අධ්‍යාපන ආයතනවල ඇති නවකවදය සාධාරනිකරණය කරන්නට හෝ ඒ ගැන ඇති වී ඇති දැඩි විරෝධය යටපත් කරන්නට සිතා නම් එය මහා ගොං වැඩක් බව කිව යුතුයි.

    විවිධ මට්ටමේ නවකවද ලෝකයේ විවිධ ආයතන සහ සංස්ථාවල තිබී ඇති අතර බොහෝ තැන්වල තුරන් කර ඇතත් සමහර තැන්වල තවමත් පවතී. ලංකාවේ තත්වය දරුණු වී ඇත්තේ අපේ පොදු සමාජයේ ඇති හිංසක තත්වය නිසාම ය.

    අප අද කළ යුත්තේ විහිළු කතා මතක් කරමින් නවකවදයට සුන්දර වෙස් මුහුණක් දෙන්නට තැත් කිරීම නොව, වහාම ලංකාවේ විශ්ව විද්‍යාල සහ අන් ආයතනවලින් නවකවදය මුළිනුපුටා දැමීමට වැඩ කිරීමයි. පොඩි ගොංපාට්වලින් ලැබෙන ක්‍ෂුද්‍ර වාසි නොව නවකවදය මගින් සමාජයටත්, විශ්ව විද්‍යාල ප්‍රජාවටත් වෙන හානිය ඉතා බරපතල වේ.

    මේ ගැන මා ලියූ ලිපියක් පහතින් ඈඳමි.
    <a href="http://rasikalogy.blogspot.com/2016/05/challange-to-premakumar-gunaratnam.html:>http://rasikalogy.blogspot.com/2016/05/challange-to-premakumar-gunaratnam.html</a>

    ReplyDelete
    Replies
    1. රසික,
      ඔබ දන්නා පරිදි මා මගේ මතය ප්‍රසිද්ධියේ කියන්නට පැකිළෙන්නෙක් නොවෙයි. හුදු ලාබ ජනප්‍රියත්වයට මුක්කු ගසන්නෙකුත් නොවෙයි.
      මෙහි කිසිම යටි අරමුණක් නැහැ.
      එකම අරමුණ මා රැග් එක ගැන සිතන ආකාරය ගැන ලිවීම පමණයි. ඒ සඳහා මට ඇති අයිතිය පිළිගන්න.
      මා කිසිසේත්ම රැග් එක විශ්වවිද්‍යාල වලින් තුරන් කළ යුතු යැයි සිතන්නෙක් නොවෙයි. ඊට කලින් කෝටි ගණන් යටි මඩි ගසා සිසුන්ගේ සුබසිද්ධියට ලැබෙන මුදල් ගසා කන පරිපාලනයට එරෙහි වී සිසුන්ට වඩාත් සෙත සැලසෙන, ඔවු ගේ සරසවි දිවි පැවැත්ම දශමයකින් හෝ ඉහළ දමන්නට සටන් කළ යුතු යැයි සිතන්නෙක්.

      Delete
    2. Rasika, vindiya ta rag karanakota nam umba ohoma rag ekata viruddha une nehe

      Delete
  24. මේක ලිය තියෙන්නේ හෙන්රි වර්ණකුලසුරිය කියල දැක්කම මට හරි පුදුම හිතුන. මොනවා වුනත් මේ බ්ලොග් එක දැන කියා ගන්න ලැබුණ. හරියට නරක වෙළඳ දැන්වීමක් වුනත් සමහර විට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් වගේ.

    ReplyDelete
    Replies
    1. පුදුම වෙන්න එපා. මා රැල්ලට ගසා නොයන මා පිළිගන්නා අදහස් නොබියව ප්‍රකාශ කරන කෙනෙක් බව සිහි තබා ගන්න.

      Delete
  25. හැන්රි අයියා, අදහස් කෙසේ වෙතත් පිංතුර ටික නම් මරු. පිංතුර වල කොපි රයිට් ඔයාගේද ? වෙන්න ඇති නේද? උපුටා ගැනීම් කියලා සඳහනක් නම් දැක්කේ නැහැ. උපුටා ගත්තානම් ඒක කියන්නත් ඔයා එඩිතර බව හිතන්නම්කො හොඳේ??

    ReplyDelete
    Replies
    1. මේ ෆොටෝ අන්තර්ජාලයෙන් අරං දැම්ම බව ඕනෙ කෙනෙකුට තේරෙයි කියල හිතුවෙ. එහෙම තේරෙන්නෙ නැත්නං මම හිතපු හැටි වැරැදි. ඔන්න ප්‍රසිද්ධියේ කියනවා මේවයෙ කර්තෘ දන්නෙ නෑ. අන්තර්ජාලයෙන් හොයා ගත්තේ.
      බ්ලොග් වල මෙහෙම ෆොටෝ දාද්දි උපුටා ගත්ත කියල තියෙනව දැකල නෑ. කාගෙ හරි නමකින් තිබුණ නං ඒ බව සඳහන් නොකොට දාන්නෙ නෑ.

      Delete
  26. මේ ලිපිය ඇස ගැටුනේ දැනුයි. දින කිහිපයක් ගතවී තිබුණත් මගේ අදහස් කියන්න සිතුණා.

    මා උගත් ආයතනය වන මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය බොහෝ දුරට නවක වදයෙන් තොර ආයතනයක්. නමුත් මා සිටි කාලයේ එය 100%ක් නවක වදයෙන් තොර වූයේ නැහැ. උදාහරණයක් වශයෙන්, පළමු මාස කිහිපයේදී සිසුවියන්ට කලිසම් ඇඳීම තහනම් වුණා. (මෙය සාමාන්‍යයෙන් නවක වදය ඇති සෑම පීඨයකම දකින්න ඇති තත්වයක්. සමහරුන්ට චීත්ත ගවුම් අඳින්නට කියනවා.) සරල-සංවර-පහසු ඇඳුමක් ලෙස දිග කලිසම හා ටී-කමිසය ඇඳීමට පුරුදු වී සිටි මට මෙය මහා වදයක් වුණා. මන්ද යත්, මට දෙපතුල දක්වා දිගු සායවල් ඇඳීමට සිදු වුණා. අමාරුවෙන් දරුවන්ගේ කටයුතු කරගෙන සිටි මගේ මව්පියන්ට අලුතෙන් දිගු සායවල් කිහිපයක් සඳහා වියදම් කරන්නටත් සිදු වුණා. (අමතර වියදම් කිරීම ඉතා අමාරු වූ කලක) ඒ විතරක්ද, 255 බසයේ පා පුවරුවේ දිගු සායවල් ඇඳගෙන එල්ලී යාම ඉතා භයානක ද වුණා. අඩු වැඩි වශයෙන් සියලු සිසුන්/සිසුවියන් මෙබඳු අපහසුතාවයන්ට මුහුණ දෙනවා. මෙය තුරන් කළ යුතු තත්වයක්.
    මට නොකී කතාගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්නට තිබෙනවා.
    1. නවක වදය විඳි සියල්ලෝම සමාජයේ සියලු දෙනාට සමානාත්වයෙන් සලකනවාද?
    2. නවක වදය විඳි, එහි අගය ගැන කථා කරන පිරිමි සිසුන් සියල්ලෝම කාන්තාවන්ට ගරුත්වයෙන් සලකනවාද?
    3. නවක වදය අගය කරන අය රැකියා ස්ථානයේ දිය යටින් ගින්දර ගෙනියන වැඩ කරන්නේ නැතිද?
    4. නවක වදයෙන් ප්‍රතිලාභ ලැබූ අය රැකියා ස්ථානයේදී විලාසිතා ව්ශේෂ කොට සලකන්නේ නැතිද? ඔවුන් චීත්ත ගවුම් ඇඳීමෙන් ලැබූ යම් කිසිවක් ඇත්ද? ඕනෑම තත්වයක කෙනෙක් සමග හීනමානයෙන් තොරව කටයුතු කිරීමේ හැකියාව ඔවුන්ට තිබේද?
    මේ ආදී දහසක් ප්‍රශ්න ඇසිය හැකි අතර මට නම් කියන්නට ඇත්තේ නවක වදය කියා මේ කරනා දේ අනවශ්‍ය හිංසනයක් බවයි. (රෙදි අඳින හැටි කියා දීම, කුණු වතුරෙන් නෑවීම, ශරීරයේ නොපෙන්විය යුතු ස්ථාන පෙන්වීම - මොන විකාරද මේවා!)

    මෙබඳු දෑ නැතිව, සිසුන්ට එකතු වී කළ හැකි වෙනත් දෑ ඕනෑ හැටියේ ඇත.
    උදාහරණ වශයෙන්, සියලු දෙනාගේම ඉංග්‍රීසි දැනුම දියුණු කිරීමට යමක් කිරීම, තමන්ගේ විලාසිතාව චීත්ත ගවුම නම්, කලිසම් අඳින අය අතර ආත්ම විශ්වාසයෙන් සිටීමට ඉගැන්වීම, පිරිසක් ඉදිරියේ කථා කිරීමට හෝ නාට්‍ය/සිංදු ඉදිරිපත් කිරීම වැනි දෑ (සබකෝලය දුරු කර ගැනීමට), ක්‍රීඩා වලට දක්ෂ/කැමති පිරිස් හඳුනාගෙන ඒවාට යොමු කිරීම, නව විද්‍යාත්මක සොයාගැනීම් ගැන කථා කිරීම ආදී වශයෙන්.....

    ReplyDelete
  27. රැග එක එක තැන් වල එක එක විදිහ වෙන එක නෙ අව්ල.. අපෙ කම්මලේ එක කිසිම අව්ලක් නැති නිසා අපි කියනව හොදයි කියල..ඇත්තටම එකෙන් ලොකු දෙයක් ලබෙනව නෙ...
    මොනව උනත් කාලත් නැති,දැකලත් නැති කෑමක් ගැන අහල විතරක් රසගුන කියන එක නම් වැරදියි ඕන්...(අ.ල අයටයි කිව්වේ ) :D .. කාල බලපු අයත් තමන් කාපු කැමෙ රසගුන විතරක් කියන්වනම් තමයි හොද .. :)

    ReplyDelete