Powered By Blogger

Monday 6 July 2015

කියලත් බැරි නොකියත් බැරි කක්ක ගල් වෙන කතා

රුණාරත්න වාසල මුදියන්සේලාගේ වික්‍රමබාහු බණ්ඩාර, පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් නෙරපා දමා අවුරුදු 37 ට පස්සෙ ඔහුව නැවත සේවයේ පිහිටුවමින් එකී කාලය සඳහා ඔහුට හිමි උසස්වීම් මෙන්ම හිඟ වැටුප ගෙවන්නට ගත් තීරණය ඇසුවාම බාහුට සම්බන්ධ වන මෙන්ම නොවන කාරණා කිහිපයක් ලියන්න සිතුවා.

මුලින්ම කියන්න ඕනෙ මම කවුද කියලවත් බාහු දන්නෙ නැහැ. ඉංජිනේරු ගණිතය විෂයය ගැන වගේම දේශපාලන කරුණු ගැනත් ඔහු පැවැත්වූ දේශන වලට සරසවි සිසුවෙකුව ඉන්න කාලයේ පටන්ම මම සහභාගි වුණේ කැමැත්තෙන්මයි.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රගතිශීලී, රැඩිකල් චරිතයක් නිසාම තමයි ලංකා දේශපාලන ඉතිහාසයේ බිහිවූ දරුණුම ඒකාධිපති පාලකයා වූ ජේ.ආර්. ජයවර්ධන ජනතා කැමැත්තට එරෙහි වෙමින් ඒකාධිපති ව්‍යවස්ථාවක් බලහත්කාරයෙන් ස්ථාපිත කිරීමට එරෙහිව කළු කොඩි එසවීමේ ව්‍යාපාරයකට මූලිකත්වය දුන්නේ.

එහි ප්‍රතිඵලය වුණේ බාහු විශ්වවිද්‍යාල සේවයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පිටමන් කිරීම.

පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබූ 5/6 ක විකෘති  ජනවරම තමන්ට ඒකාධිපතියෙකු ලෙස රට පාලනය කිරීමට ලද ජනවරමක් ලෙස අර්ථ දක්වන්නට තරම් ජේ. ආර්. නිහීනයෙක් වුණා.

බාහුගේ දේශනවලට අප ආකර්ශනය වීමට ප්‍රධාන හේතුව වන්නේ ඔහුගේ මුඛරිකම මෙන්ම හැන්ඩිත්වය කියලයි මම දකින්නේ.

වලව්වක ජීවත්වෙමින් සුඛෝපබෝගී දිවි පෙවෙතක් ගත කරන්නට ලද වරමට පයින් ගසා ජනතාව වෙනුවෙන් සේවය කරන්නට කළ කැප කිරීම ගැන කවර දේශපාලන ප්‍රතිවිරෝධතා මධ්‍යයේ වුවත් මා වෙත ඇත්තේ ගෞරවනීය හැඟීමක්.

දැනට වසර කිහිපයකට පෙර බාහු මුණ ගැසෙන්නට යටිනුවර පිහිටි වලව්වට යන්නට මට සිදු වුණා.

ඒ, ආනන්ද විද්‍යාලයේ සිටම බාහු සමග එකම පංතියේ උගෙන ගත් පසුව පේරාදෙනිය ඉංජිනේරු පීඨයෙන්ද එකම වසරක උපාධිය ලබා ගෙන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේද සමකාලීනයෙකු  වන්නට වරම් ලද මහාචාර්ය මුනිදාස පී. රණවීර විශ්වවිද්‍යාල සේවයෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් පැවැති අන්තර්ජාතික සම්මන්ත්‍රණයේදී ප්‍රදර්ශනය කරන්නට මා විසින් අධ්‍යක්ෂණය කළ Vistas of an Illustrious Career නමින් වන වාර්තා වීඩියෝ චිත්‍රපටයකටසම්මුඛ සාකච්ඡාවක් ලබා ගන්නටයි. 

(එම වාර්තා වීඩියෝ වැඩසටහන මෙතනින් බලන්න.)

 මා කැමරා ආම්පන්න හා කැමරා කණ්ඩායම සමග වලව්වට ගිය විට බාහු අප පිළිගත්තේ බොහොම ලෙන්ගතුවයි.

කොහොමද මං ඉන්න ඕනෙ කියල ඇසුවම මම මට අවශ්‍ය ආකාරයට ඔහු ඉන්දවා රූපරාමුව ලබා ගත්තා. සාමාන්‍යයෙන් පටිගත කිරීමකදී වැරදීම් සිදුවන විට නැවත නැවතත් එකම දේ පුනරුච්ඡාරණය කරමින් Re-takes ගන්නට සිදුවීම සාමාන්‍ය දෙයක්.

එහෙත් ඇති පදම් මාධ්‍යවලට Voice cut දී ඇති නිසාදෝ බාහු සම්මුඛ සාකච්ඡාව ලබා දුන්නේ Professional විදිහට.

කුඩා දරුවෙකු සේ කියන කියන ආකාරයට පෙනී හිටියත් එක් දේකට බාහු මා හා එකඟ වුණේ නැහැ. ඔහු ඇඳ ගෙන ආවේ සුපුරුදු ඩෙනිම සමග රතු ටී ෂර්ට් එක උඩින් දැමූ ඩෙනිම් ජැකට්ටුවක්.

මේ වාර්තා වීඩියෝ චිත්‍රපටයේ ස්වභාවය පැහැදිලි කළ මම රතු පැහැ නොවන වෙනත් ඇඳුමක් අඳිමුදැයි යෝජනා කළා.

නැහැ....මේක හොඳයි. මේක මගේ අනන්‍යතාව... බාහු කිව්වා.
   
මේ වාර්තා වීඩියෝ චිත්‍රපටය සදහා සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් මහාචාර්ය රණවීර සමග සථූප ප්‍රතිසංස්කරණයට මූලික වූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු මහා කළමනාකරුවෙකු වන ගැමුණු සිල්වා එවකට ජනාධිපති අාර්. ප්‍රේමදාසගේ වැඩරටාව ගැන දෙඩූ පුරසාරමක් මේ මොහොතේ සිහිපත් වෙනවා.

මේ කතාව සමහරුන් අසා තිබෙන්නට හැකි නමුදු මට අනුව නම් නොකී කතාවක්. 

තරුණ පරම්පරාවක් ඝාතනය කොට සමාජයීය හා දේශපාලනික ප්‍රශ්න විසඳා තම බලය රැක ගැනීමට මිත්‍යාවේ වහලෙකු වූ මේ මෘග නූගත් පාලකයා තමන් යටතේ සිටින උගත්, දක්ෂ රාජ්‍ය නිළධාරීන්  පයිසෙකට මායිම් කළේ නැහැ.

ප්‍රේමදාස කියද්දී මට මතක් වෙන්නේ ජීවිතයේ වඩාත් සතුටු වූ දවසක්.

ඒ 1993 මැයි 01, ප්‍රේමදාස ඝාතනය කළ දවස. ආරංචිය ලද වහාම ගේ ඇතුළේ මම  උඩ පැන්නා.....ඒ තරම් සතුටක්, විශාල පීඩනයක් මුදා හැරි දවසක් වෙනත් නැති තරම්.

ප්‍රේමදාසගේ බොරු සෝබන, අන්තනෝමතික ක්‍රියාවන් කප්පරක් අතර මේ කතාව නම් ටිකක් සෞම්‍යයි කියා හිතෙනවා.

සාමාන්‍යයෙන් පාන්දර 2 ට 3 ට පමණ අවදි වෙන ප්‍රේමදාස, දවසේ පුවත්පත් කියවා අදාළ පුද්ගලයන්ට කතා කොට නියෝග දී පාන්දර 5 පමණ වන විට ප්‍රශ්න විසඳන්න පටන් ගන්නා බව බව එකල ප්‍රචලිත වුණා.

බොහෝ ආයතන ප්‍රධානීන් එළිවෙන ජාමෙට දුරකතන ඇමතුමක් එද්දී කක්ක ගල් කරගෙන සිටි බව රහසක් නොවෙයි.

ගැමුණු සාමාන්‍යයෙන් පාන්දර 5 වෙද්දී ජනාධිපතිවරයාගේ ඇමතුමක් අපේක්ෂා කරන්නේ ඔහුට අදාළ ප්‍රශ්න නිතිපතා මතුවන නිසයි. එහෙයින් ඔහු පුරුදු වී සිට ඇත්තේ පාන්දර 5 වන විට ශරීරකෘත්‍ය නිමවා සැදී පැහැදී සිටින්නටය.

එක් දිනක් ගැමුණු නානකාමරයේ පමා වූවාද නැතහොත්ප්‍රේමදාසගේ ඇමතුම ඉක්මන් වූවා දැයි මට මතක නැති නමුදු මේ කාරණා දෙකින් එකක් සිදු වෙලා. 

ඔන්න දුරකථනය ring වුණා.  ගැමුණුගෙ නෝනා උත්තර දුන්නා. 

"ගැමුණුට දෙන්න"

"ගැමුණු බාත්රූම් එකේ..."

"හොදයි මම මිනිත්තු 5 න් කතා කරන්නම්."

ගැමුණු මිනිත්තු 5 න් එළියට ආවෙ නැහැ. කතා කළේ ජනාධිපති බව නෝනා දන්නෙත් නැහැ. නමක් කිව්වෙත් නැහැනෙ.

හරියටම මිනිත්තු 5 න් ආයෙම ඇමතුම ආවා.

"ගැමුණුට දෙන්න"

"ගැමුණු බාත්රූම් එකේ..."

"හොදයි මම මිනිත්තු 5 න් කතා කරන්නම්."

"කවුද කතා කරන්නෙ.."

"මම ප්‍රේමදාස..." නෝනට තරු විසිවුණා. 
දුවගෙන ගිහිං බාත්රූම් එකේ උන්න මහත්තයට කතා කළා.

ඊළඟ මිනිත්තු 5 න් ජනාධිපතිවරයාගේ ඇමතුම ආව.

"ගැමුණු....මම තුන් වතාවක් ගත්ත."

"ඔව්..සර්...."

ප්‍රේමදාස අදාළ තොරතුර කතා කරල ගැමුණුට අවශ්‍ය උපදෙස් දුන්න.

"බාත් රූම් එකට ෆෝන් එකක් නැහැ නේද..."

"නැහැ සර්..."

ගැමුණු වෙන මොනව කියන්නද...ඒ කාලෙ අද වගේ ජංගම දුරකතන නැහැනෙ. තිබ්බත් ගඩොල් බාගයක් තරම්  Celltel ෆෝන් තිබුණෙ. බාත්රූම් එකට ෆෝන් සවි කෙරෙන්නෙම නැති තරම්.

ගැමුණු වැඩට ගියා.

ගෙදර බෙල් එකේ සද්දෙට නෝන දොර හැරිය. 

"Telephone එක හයි කරන්න ආවෙ."

"අපි ෆෝන් එකක් ඉල්ලල නැහැ."

"මේ ගැමුණු සිල්වා සර්ගෙ ගෙදරනෙ"

පැමිණි අය පැහැදිලි කළා. අපට ඉහළින් ආව හදිසි නියෝගයක්. මෙහෙට තව direct line එකක්. "නෝන අපිට බාත්රූම් එක පෙන්නන්න."


ඔන්න ඔහොමයි හරක් මොළ තියෙන පාලකයො  තීන්දු තීරණ ගන්නෙ.

කක්ක ගල් කරගෙන තමයි උත්තර දෙන්න වෙන්නෙ බාත්රූම් එකේ ෆෝන් හයි කළාම....








 

 








17 comments:

  1. ඔන්න දැන් සාමාන්‍ය ක්‍රමේට කමෙන්ට් දාන්න පුළුවනි. හැබැයි වලින් කට්ටිය දාපු කමෙන්ට්වලට මොනවා වුනාද මන්දා???

    ReplyDelete
  2. රසික, දුරු රටක සිට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් comment අවුල ගොඩ දමා දුන්නාට බෙහෙවින්ම තුති. කලින් තිබුණ comment දකින්නට නොලැබීම ගැන කණගාටුයි. ඒත් මෙහෙමවත් ගොඩ දාන්න ලැබුණ එක ගැන සතුටුයි.

    ReplyDelete
  3. මම බාහුට කැමතියි.එ ්වගේම පේමදාසටත් කැමතියි..
    පේමදාස තමයි ලංකාව කියන රට ටිකක් හරි සංවර්ධිත පැත්තට ඇදගෙන යන්න දරුනු තීරණ ගනිපු කෙනා..අනික් අය පොජාතත්ත්‍ර වාදය කිය කිය හැමදාම වාද කර කර හිටියා විතරයි..

    ReplyDelete
    Replies
    1. රටක සංවර්ධනය රටේ පාලකයෙක් ගේ ගුණ -අගුණ දර්ශකයක් තමය්. එනමුත් අතිදරුණු අධිරාජයෝ, ඒකාධිපති වරු, මෙම කඩතුරාව යොදාගෙන ජනතාව මර්දනය සාධාරණීකරණය කල අවස්ථා මානව ඉතිහාසයේ එමට යි . ප්‍රේමදාස වැටෙන්නෙත් එය ගණයට.

      Delete
    2. පැහැදිලිවම. මෙවන් ජන පීඩක නායකයින් විටින් විට ඉතිහාසයේ අපට මුණ ගැසෙනවා...හැබැයි ප්‍රේමදාස කළ සංවර්ධනයක්ද නැහැ. සංදර්ශන පමණයි.

      Delete
  4. ප්‍රේමදාසගෙ ප්‍රොජාතන්තරවාදෙ හරියට කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙනව වගේ එකක් කියලයි මගේ කියවීම.

    ReplyDelete
  5. පේමේ කියපුවම මට මතක් වෙන්නෙ මල් වට්ටියක් විතරමයි.

    ReplyDelete
  6. පාලකයා හෝ ඉහලින් ඉන්න කෙනා තමන්ගේ පහල ශ්‍රේණි වලට අනවශ්‍ය පීඩනයක් එල්ල කරන එකෙන් වෙන්නේ ඒ අය රූකඩ වෙන එක මිසක් නවතාවයෙන් යුතු යමක් බිහිවෙන එක නෙවෙයි. ප්‍රේමදාස විතරක් නෙවෙයි ඔය වගේ තව අය හිටියනේ..

    ReplyDelete
    Replies
    1. ඔව්...ඔව්..නැතුව...නැතුව...

      Delete
  7. බාහු ගැන ඇත්තට ආඩම්බරයි.. මොකද මේ රටේ ඉන්න එකම එක නියම දේශපාලකයා බාහු විතරයි.. ප්‍රතිපත්ති ගරුකයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත. අප එකඟ වුවත් නැතත් බාහු තමන්ගේ ප්‍රතිපත්තියේ නිසැලී ඉන්නවා.

      Delete
  8. කෙලියයි , ඊට පස්සේ කොහේ හිටියත් වැසිකිලියට දුවන්න වෙන්න ඇති කෝල් එක ගන්න

    ReplyDelete
    Replies
    1. ඒකත් නරකම නැති සංකල්පයක්.

      Delete
  9. කමෙන්ටු පෙට්ටිය හැදුවට ස්තුතියි.
    දවස් ගානක් ඇවිල්ල කතා බලල ගියත් එක දවසකවත් මොකුත් කියන්න බැරිවුනා. දැං හරි.

    ReplyDelete
  10. සෑහෙන දේවල් මිස් වෙලා.. ඔක්කොම කියෝලා කමෙන්ට් දාන්නම්...

    ReplyDelete
    Replies
    1. සජ්ජා....නිදහසේ කියවා කොමෙන්ට් දානව නං හරිම වටිනවා.

      Delete