Powered By Blogger

Friday, 31 July 2015

කළු ජූලියේ අඳුරු මතක

නොකී කතා ලියන්න කල් ගත වුණේ ජීවිතයේ හැලහැප්පීම් එක්ක මානසිකව අවිවේකී වුණ නිසයි.

ඒ අල්ලපනල්ලෙම මගේ අලුත් නවකතාව වන "දඩ කදවුර" වර්ණසංයෝජනයත් ළඟා වුණා. පිටු හාරසීයක් අකුරෙන් අකුර සෝදුපත් බලනව කියන්නෙ ඔළුව මංඤ්ඤං වෙන වැඩක්.


"විල්ලරවාඩිය" නවකතාවෙ දෝෂ ගණනාවක් තිබුණ නිසා මේ පොතේ අක්ෂර වින්‍යාසය සහ නොගැලපීම් ගැන වඩාත් සැළකිලිමත් වුණා. තුන් දෙනෙක් සෝදුපත් බලලත් එකිනෙකා නොදුටු අඩුපාඩු අනෙකා දැකල තිබුණ. මගේ පොතක් මුල් වතාවට සියුම් අඩුපාඩු පවා දකින ඇසක් හා විචාර බුද්ධියක් තියෙන කෙනෙකු අතින් හොඳ සංස්කරණයකට ලක් වුණා කියන පහන් හැඟීම දැනෙනව. 


ජූලි මාසෙ කිව්ව ගමන් මුලින්ම මගෙ මතකෙට එන්නෙ කළු ජූලිය. 1983 වසරෙ මුළු රටම ගිනිගත් කළු ජූලිය. ජූලි මාසෙ ලියවෙන අවසන් නොකී කතාවට කළු ජූලියේ අඳුරු මතක කීපයක්  එක් කරන්න හිතුවෙ ඒ නිසයි.

සිංහලයා විසින් තමන් සමග සහජීවනයෙන් වෙසෙමින් සිටි දෙමළාව තිරශ්චීන ලෙස අමු අමුවේ මහ මග ඝාතනය කරනු දකින්නට තරම් අපි අවාසනාවන්ත වුණා.


රටට සම්පතක් වූ, නිදහස් අධ්‍යාපනයේ දායාද වූ දෙමළ ජාතික වෘත්තීයවේදීන් හා ප්‍රාමාණිකයින් රැසක් සදහටම මව්බිම හැරදා යන්නට මේ අමන මරිමෝඩ ක්‍රියාපිළිවෙත හේතු වුණා.


තමන්ට අසනීපයකට ප්‍රතිකාර කළ, ගමේ ඩිස්පැන්සරියක් දමා ගෙන සිටි දොස්තරමහත්තයා දෙමළ  වීම හේතුවෙන් පණ පිටින් පුළුස්සා මරා දමන්නට තරම් ඉහ වහා ගිය ම්ලේච්ඡ ජාතිවාදයක් සිංහලයාගේ මනසේ ජනිත කළේ කවුද....?


මා කෙලින්ම ඇඟිල්ල දිගු කරන්නේ අවස්ථාවාදී, බලලෝභී දේශපාලකයාටයි. 


56 බණ්ඩාරනායකගෙ උග්‍ර ජාතිවාදී සිංහල පමණයි ප්‍රවේශය මගින් දෙමළා සමාජයීය වශයෙන් කොන් කිරීමේ සිට සිරිමා බණ්ඩාරනායකගේ විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය හේතුවෙන් දෙමළාගේ සම අයිතිය කප්පාදු කිරීම දක්වා ඉතිහාසයකට දිවෙන මේ විරසකය ජේ.ආර්.ගේ ඒකාධිපති වියරුව ඉදිරියේ වඩාත් පුළුල් අන්තයකට ඇදී ගියා.


සිරිල් මැතිව් වැනි ජාතිවාදී ගහලයන් ලවා ආසියාවේ බුද්ධියේ සංකේතයක් වූ යාපනය පුස්තකාලය ගිනි තැබූ ජේ.ආර්. සිංහල මිනිසුන්ගේ මනස් කුරුවල් කරමින් සිය බලය තහවුරු කරගන්නට මග පාදා ගත්තේ රටම ලේ විලක් වන්නට ඉඩ හරිමිනුයි.


83 කළු ජූලිය නිර්මාණය වන්නට ඉඩහරමින්, රටම ගිනි ජාලාවක් වෙමින් දෙමළ සංහාරයක් සිදු වනතුරු කට පුක වසාගෙන උන් ජේ.ආර්. එකී ජාතිවාදී කලබල වලට කිසිසේත්ම සම්බන්ධ නැති ජනතා විමුක්ති පෙරමුණ හා නව සමසමාජ පක්ෂය ඊට වගකිවයුතු යැයි කියා තහනම් කොට, විශේෂයෙන් ජ.වි.පෙ. ගමන අඩාල  නොකරන්නට ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිය මීට වඩා බොහෝ සෙයින් සුමට එකක් වන්නට ඉඩ තිබුණා.


මා සදාකාලිකව ජේ.ආර්. ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය හා බද්ධ වෛරයෙන් පසුවන්නේත්, ඔහුට මෙන්ම රට ධවල භීෂණයෙන් විනාශ කළ ඔහුගේ අනුප්‍රප්තිකයාට පවා මිනි වළටත් හෙන ගහපන් කියා ප්‍රාර්ථනා කරන්නේත් බලලෝභයෙන් මත්වී රටක් විනාශ මුඛයට ඇද දමමින් දකුණේ විසූ දෙමළාත්, සිංහල තරුණ පරපම්පරාවකුත් සංහාරයට ලක් කළ නිසයි.


උතුරේ බිම් බෝම්බයකට හසු වූ හමුදා භටයින් 13 දෙනෙකුගේ මළ සිරුරු බොරැල්ලේ කනත්තේ ආදාහනය කිරීමට පියවර ගැනීමත් සමග මුදා හළ දෙමළාට අයත් දේපොළ මංකොල්ල කෑමේත්, දෙමළා අමුමුවේ පන පිටින් ගිනි තබා මරා දැමීමේත් අන්ත තිරිසන් සිංහල ජාතිවාදී ම්ලේච්ඡත්වය ගැන බොහෝ කතා කොට ඇති නිසා මේ අඳුරු දවස් වලට අදාළ මගේ මතකයන් වලට පොළා පනිමු.


මම තාමත් හිතන දෙයක් තමයි 83 කළු ජූලියට පෙර මැයි මාසෙදී පේරාදෙනිය සරසවිය තුළ දෙමළ සිසු විරෝධී නැගිටීමක් සිද්ධ වුණේ කොහොමද  කියන එක. ඒක හුදු අහම්බයක් වුණත් ඒ පසුපස තියෙන්නෙ දේශපාලකයන් වැපිරූ අස්වැන්නම තමයි. 


පේරාදෙනියෙ, විශේෂයෙන්ම අපි උගෙනගත් ඉංජිනේරු පීඨයෙ එකට එකක් ප්‍රමාණයක් වන්නට දෙමළ සිසුන් සිටියෙ කටුබැද්දට යන්න ඔවුන් උනන්දු වුණේ නැති නිසයි. කොළඹට වඩා පේරාදෙනියෙ සුන්දර පරිසරය වගේම ආරක්ෂාවත් ඊට හේතු වෙන්න ඇති .


කෙමෙන් කෙමෙන් කටකතා පැතිරෙද්දි ඇරඹි මේ විරෝධයට පාදක වූ කාරණා මට මතක නැතත් එක් රාත්‍රියක දෙමළුන් පළවා හැරීමේ කුමන්ත්‍රණය ආරම්භ  වූ බව නම් මතකයි. (ඉතිහාසයේ බොහෝ සියුම් තැන් මතක තියෙන "රසිකොලොජිස්ට්" http://rasikalogy.blogspot.com මේ ගැන කොමෙන්ට් එකක් විදිහට හරි ඌනපූරණයක් සපයනව නම් කැමතියි.)


අප එවකට නේවාසිකව සිටියේ අක්බාර්-නෙල් නේවාසිකාගාරයේයි.(මගේ 'තිරිසන් රාත්‍රිය' කෙටිකතාවේ සඳහන් අබිසරුලියක රැගෙන ආවේද මේ නේවාසිකාගාරයේම New wing කොටසේ බිම් මාලයටම තමයි.)


සරසවියේ වූ දෙමළ සිසුන්ගෙන් වැඩි දෙනෙකු නේවාසිකව සිටියේද අක්බාර්-නෙල් නේවාසිකාගාරයේයි. 

ඒ කුරිරු රාත්‍රියේ සරසවි බිම දෙමළ සිසුන් වෙත ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත් ජාතිවාදයේ උන්මාදයෙන් පෙළුණු පිරිසක් ගල්, මුගුරු රැගෙන මහවැලි ගඟ මතින් වැටී ඇති පාලම තරණය කොට පැමිණෙමින් සිටින බව දැනගත් මොහොතේ සහෝදර දෙමළ සිසුන්ව දිවි හිමියෙන් ආරක්ෂා කරන්නට අප තීරණය කළා.

දැන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන  බක්කා, ගල් කොල්ලා, ලෝකයා, ගොම්බෙට්ටා, නාකියා, බුරියා, ගෙලිඔය හැන්ඩියා, අන්දරේ, කොඩ්ඩා, චොප්පයා, බැලුමා, කුරුම්බයා, ජල ජෝනා, බූවා මෙන්ම අමෙරිකාවේ වෙසෙන වොෂියා, බෙලෙක්කයා, කිච පොර, ලයියා හා ඉන්දරේ ද, කැනඩාවේ වෙසෙන සීයා, ගලා, බඩු සේරා හා කෑමදාස ද, එංගලන්තයේ වෙසෙන පූසා ද, මවිබිමේ තවමත් වෙසෙන මැක්කා, පිස්ටන්, අලිබඩා, ඩබලා, ඩොන් ඩොන්, පක්ෂියා, හම්බයා, හරක් බංඩා, බක්කරේ, පොන්ටූන්, ලුබ්බා, වැලා, හප්පා, තට්ටයා ඇතුළු මගේ බැචාලා සමග මැද පෙරදිග කට්ට කන ඉබ්බා, ජිල්බු, පොල්කට්ටා, වැල් සිරා, ජැකා මෙන්ම නොකී කතා ලියන කවිරාජ් වන මා ඇතුළු නම් සඳහන් නොවූ තවත් සත්ත්ව සමූහයක් මේ පිරිසට අයත් වුණා.

උණ්ඩෙට උණ්ඩෙ, කඩුවට කඩුව, පොල්ලට පොල්ල, ගල් ගෙඩියට ගල්ගෙඩිය යන න්‍යායට අනුව අපි අතට අහුවුණ ලී, යකඩ පොලු, ගල් ගෙඩි අතට ගෙන සූදානම් වුණේ ප්‍රහාරය දියත් කරන මැර සිසුවන්ව පළවා හරින්නටයි.


අපේ සූදානම ගැන අභ්‍යන්තරයෙන්ම කරුණු දැනගත් ප්‍රහාරකයන් මගදිම පල්ලං බැස ගොස් තිබුණේ දෙමළුන්ට පුක දෙන සිංහල හැතිකරේට හොම්බෙන් යන්න වැඩක් දෙන්න පසුව  එන බව සපථ කරමින්.

එළිවන තුරු මර බියෙන් ගැහෙමින් සිටි දෙමළ සගයින් ආරක්ෂා කළ අප, අතේ වියදමට අවශ්‍ය මුදල් සම්මාදම් කොට දී කුරුණෑගල දක්වා ආරක්ෂාව සලසමින් දෙමළ සිසු සිසුවියන්ව යාල් දේවී දුම්‍ රියෙන් ගම් බිම් කරා පිටත් කොට යැව්වා.

ගඟෙන් අනෙක් පැත්තේ විද්‍යා, කලා, වෛද්‍ය සිසුන් සමහරෙකු ජාතිය දෙමළ වීම නිසාම ශාරීරික ප්‍රහාර වලට ලක් වී තිබුණා.

මේ නිහීන සංහාරය අවසානයේ විද්‍යා පීඨයේ තුසිල් නමැති උග්‍ර සිංහල ජාතිවාදියා දුටුගැමුණු ලෙස අභිෂේක ලබද්දී, අපේ බැචා වූ දෙමළුන් ආරක්ෂා කරන්නට කැප වුණ තට්ට ජයන්තට එළාර නම පට බැඳුණා.

ඒ සමගම මීට සම්බන්ධ නැති එහෙත් අපේ සරසවි ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කළ සිද්ධියක් සිදු වුණා.

සරසවි ශිෂ්‍ය සභා  නිලවරණයෙන් විශිෂ්ට ජයක් අත් කරගත් ජ.වි.පෙ. අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජයග්‍රාහී පෙළපාලියට යූ.ඇන්. පී නිල ශිෂ්‍ය අංශය වූ සමවාදී ශිෂ්‍ය සංගමයේ මැර සිසුන් සැඟවී සිට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළා. 

නොම්මර එකේ ඒකාධිපතියෙකු වූ ජනාධිපති ජේ.ආර්. ගේ අන්තේවාසික නියෝජිතයා වූ උපකුලපති පණඩිතරත්න මේ සිද්ධිය සොයා බැලීමට උදලාගම කොමිසම පත් කළා.


විහිළු සහගත කොමිසමේ තීරණය වූයේ ප්‍රහාරයට ලක් වූ සිසුන්ගේ පංති තහනම් කිරීමයි. ප්‍රහාරකයින් නිරුපද්‍රිතව සරසවි බිම සැරිසරද්දී පොදු ශිෂ්‍යයින් පිකටිං, පෙළපාලි, සංකේත පංති වර්ජන හරහා උපවාසයකට යොමු වුණේ පාලකයින්ට සාධාරණය ඉටු කරන ලෙස බලපෑම් කිරීමටයි.


අනතුරුව ඇති වූ මාරාන්තික උපවාසයත්, මහාචාර්ය ඩයස් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රඳවා තබා ගැනීමත්, අප විභාගය ලියමින් සිටියදී රහස් පොලිස් අත්ඩංගුවට පත් වීමත් ගැන "නොකී කතා" ලෙස කොලම් ස්වරූපයෙන් ලියැවී එළි දුටු මුද්‍රිත පොතේ සඳහන් කොට ඇති නිසා මා ඒ ගැන මෙහි ලියන්නේ නැහැ.


මේ ප්‍රාණ ඇපකාර සිද්ධියෙන් පසු අප අත් අඩංගුවට පත් වීමෙන් බේරී සිටීම සඳහා අනත්‍රස්දාන වන්නට තීරණය කළා.


ඒ අනුව හඳුනාගන්ට නොහැකි වන ලෙස පර්ථසාරතී කට් එක යනුවෙන් නම් තබා මගේ හිස මුඩු කළේ දැන් අමෙරිකාවේ වෙසෙන විජය කුමාරතුංග ලෝලියෙකු වූ වොෂියා බව මතකයි. (පර්ථසාරතී යනු එවකට සාම සාකච්ඡා සඳහා පැමිණි ඉදියානු නියෝජිතයායි. ඔහු සිටියේ හිස මුඩු කොට ගෙනයි. වොෂියා කියා නම පටබැඳුණේ තැන නොතැන නොබලා ජංගි වොෂ් කිරීමට තිබුණ දක්ෂතාව නිසයි.)


මා කෙලින්ම පළා ගොස් සැඟවුණේ පස්සරින් එයා හිඟුරුකඩුවේ පිහිටි චොප්පයාගේ හද්ද පිටිසර කැලෑබද නිවසේයි. ගුරු සේවයේ නියුතු දෙමාපියන් නිසා ගමේ ඔහුට තිබුණේ ඉහළ පිළිගැනීමක්.


පුතා....කැමති දවසක් නවතින්න. අපිටත් හොඳයි පාළුව යන්නත් එක්ක... කියා රත්නායක ගුරු මෑණියන් පැවසුවත් මට මතක් වුණේ, හැම වේලටම පතෝල වලින් හදන ව්‍යාංජන තමයි කන්න වෙන්නෙ කියා එන්නට කලිං චොප්පෙ කියූ කතාවයි. (ඉදිරියට චොප්පෙගේ "නොකී කතා" ලියද්දි ඔය පතෝල කතාව ලියන්නම්)

කෙසේ වුවද රසමසවුලෙන් සප්පායම් වෙමින්, ඇළේ දොලේ නාමින් මේ හද්ද කැලේදී රහස් පොලිසිය කිසිසේත්ම හසුවන්නේ නැති බවට සිතේ ඇති වුණ සහනය එක්ක සති කීපයක් මා හිඟුරුකඩුවේම නැවතී සිටියා.


මා හිඟුරුකඩුවේ සිට යළි මහනුවර නවාතැනට එන්නට පිටත් වුණ් කළු ජූලියේ සංහාරය ආරම්භ වූ බව දැනගෙනද, නැත්නම් නොදැනමදැයි මට මතක නැහැ. 











කෙසේ වුවද මා පස්සර සිට පැමිණ එක් රැයක් බදුලුලේ ඩබලාගේ නිවසේ ගත කළ බව නම් මතකයි. ඒ දවස් වෙනකොට බදුල්ල අපට ගෙදර වගේ. හිතුණ ගමන් night mail train එකට නැග්ගා. බදුලු ගියා. ඇයි බැචාල, බැචීලම කී දෙනෙක් නං බදුල්ලෙන් කැම්පස් ඇවිත් හිටිය කියලද....
කෝච්චියට ඉතිං ටිකට් ගන්න එකක් කියලයැ. බාප්පල පැන්නොත් දුවන්න හොඳට හයිය තිබුණනෙ.


ඉතිං ඩබලාගෙ නිවස මට ආගන්තුක වුණේ නැහැ. ඒත් රෑ සෝමපානය හෙම කරල නින්දට ගියාට කිසියම් කළබලයක් ගැන දැනගන්න ලැබුණා. ඒත් ජාත්‍යාලයට මුවා වී ගෙවල්, වෙළෙඳසැල් මංකොල්ල කෑමේත්, දෙමළුන්ට ප්‍රහාර ළුල්ල කරමින් මරා දැමීමේත් තිරිසන් ක්‍රියාවලියක් සිදුවෙන බව දැනගත්තේ එළිය වැටුණට පස්සෙයි.


මා උදේ පාන්දරින් දුම්රියපොළට යද්දීත් තැනින් තැන කඩසාප්පු ගිනිගෙන දැවෙමින් තිබුණා. නගරය තරමක පාළු බවක් ඉසිලුවා.  


ඒත් තත්ත්වයේ දරුණුකම වැටහුණේ මහනුවරට ගියාට පස්සේයි.


දුම්රියපොළේ සිට අනිවත්ත බසය නවතන ඔරලෝසු කණුව දෙසට යන අතරතුර ගිනි තබා තිබූ වාහනත්, කඩ පේළිත් කියාපෑවේ සිදුවෙමින් පවතින හා සිදුවන්නට යන විනාශයේ තරමයි. 


මේ මිනිසුන් කොතරම් අන්තනෝමතික ලෙස මංකොල්ල කෑවේද යත් නිවසේ හරිහමන් වැසිකිළියක් හෝ නොමැතිවුන් කොමඩ් පවා කර තබාගෙන ගෙවල් වල ගෙන ගියා.


නගරයේ සිට මදක් දුර වුණත් අනිවත්තට යන්න සිද්ධ වුණේ පා ගමනින්මයි. බස් ධාවනය නොවුණා පමණක් නොව ඒ සන්ධ්‍යා යාමයේ පාරේ වාහනයක් පවා ගියේ ඉඳහිට.


අනිවත්තේ නවාතැනට යද්දී එතන ලොකු ප්‍රශ්නයක්. අපි නැවතී උන්නේ කොළඹට කුරුඳුවත්ත වැනි මහනුවර තදාසන්නයේ පිහිටි යමක් කමක් තියෙන පිරිස් ජීවත් වූ අනිවත්තේයි. ඒ මහාචාර්යවරයෙකු වූ තමන්ගේ පියා අධ්‍යයන නිවාඩු මත විදෙස් ගතවී සිටි හෙයින් තමන්ගේ තනි නොතනියටත් එක්ක නිවසේ හිතවත් බැචාලා නවතාගන්න වැල්සිරා තීරණය කළ නිසයි.


මේ නිවස පිටුපස සිටියේ නගරයේ ව්‍යාපාර පවත්වා ගෙන යන ධනවත් දෙමළ පවුලක්. ඔවුන් සිය නිවසට ප්‍රහාරයක් එල්ල වෙතැයි බියට පත්වී සිටියා. 


එදින රාත්‍රිය පරෙස්සමින් ගෙවා දමා පසුදා පාන්දරින්ම මේ පවුලේ අය මුල්ගම්පොළ පිහිටි ඔවුන්ගේ ඥාතීන් වෙසෙන වඩාත් ආරක්ෂිත තැනකට රැගෙන යන්න අපි එකඟ වුණා. 


ඒ අනුව පසුදා ඔවුන්ගේ වාහනයේ ඉදිරිපසත්, පසුපස ආසනවල දෙපසත් සිංහල අපි වාඩි වී ඔවුන් මැදි කොට ගෙන යන්නට තීරණය කළේ විශාල අවදානමක් බාර ගනිමින්. අප එසේ රැකවල් ලාගෙන යන්නට තීරණය කළේ ජාත්‍යාලකාරයින් වාහන නවතා "බාල්දිය" කියන්නැයි අණ කොට "වාල්දිය" කියූ පමණින් මුගුරු ප්‍රහාර දෙන්නට මග දෙපස රැඳී ඉන්නා බව අප දැන සිටි නිසයි.


එය එලෙසම සිද්ධ වුණා.


අප ගිය කාරය කඩු, පොලු ගත් කණ්ඩායමක් නවැත්තුවා. වීදුරු පහත් කොට අපි සිංහලෙන් කතා කළා. "බාල්දිය" කියන්න ඕනෙදැයි වොෂී ඇහුවා. "නැහැ. අපි හොයන්නෙ දෙමළු....ඕකුන්ව කම්බස් කරන්න ඕනැ" තග් නායකයා කිව්වා.


"ඔව්....අයියා...ඕකුන් කම්බස් කරල කෑලිවලට කපන්න ඕනෑ..." අපිත් එකඟ වුණා. "හරි...මල්ලිල යන්න. අපි රැකල අල්ල ගන්නම්..."


වාහනේ පිටත් වුණා. අප අතර මැදි වී සිටි උඩහ ගෙදර දෙමළ ජාතික රූමත් නෝනා දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ ගැහෙනවා.


"ඔව්....අයියා...ඕකුන් කම්බස් කරල කෑලිවලට කපන්න ඕනෑ..." කියල අපි කිව්ව එක ඇය කොහොම තේරුම් ගන්න ඇද්ද.....






45 comments:

  1. ඒත් පාර්ථසාරථි ආවෙ කළු ජූලියෙන් සෑහෙන කාලෙකට පස්සෙ නේද? එතකොට, කළු ජූලියට කලින් කොන්ඩෙ බූ ගානකොට පාර්ථසාරථි නම වැටෙන්න බැහැනෙ.
    පැටලිලා තියෙන්නෙ මගෙ මතකයද නැත්තම්,,,,,,,,,,,,,,,,,,,,

    ReplyDelete
    Replies
    1. මේ ගැන මතකය අවදි කරන්න හැකි නම් හොඳයි. මගේ මතකය පාර්ථසාරථි. ඒත් පාර්ථසාරථි ආවෙ කළු ජූලියෙන් සෑහෙන කාලෙකට පස්සෙ කියන ඔබේ මතකය නිවැරැදි නම් ප්‍රශ්නයක්. ඒත් hair cut එකට නම වැටුණෙ නම් ඉන්දියාවෙන් පැමිණි දේශපාලන නියෝජිතයෙකුගෙ නමින් බව නම් මතකයි.

      හිස මුඩු කරන්න දායක වූ සරත්, දර්ශි, සමන්මල්, අසංක, ජයන්තලාට හරි මතකයක් තියේද දන්නෙ නැහැ.

      Delete
  2. The July 1983 Riots that Created a Collective Trauma

    http://transyl2014.blogspot.ca/2015/07/the-july-1983-riots-that-created.html

    Violence against Tamil Students at the Peradeniya University in 1983 May
    Nearly two months before the Black July Tamil students of the Peradeniya University were savagely assaulted by a group of Sinhalese students led by W.A.D.T. (Thulsie) Wickremasinghe and A. Ekanayake - 4th year science students from Arunachalam Hall and another group led by Dr. S. Gamage, a passed out dentist who was motivated by personal considerations. (Sri Lanka: The Arrogance of Power: Myths, Decadence and Murder - Rajan Hoole). The violence against the Tamil Students at the Peradeniya University could have had links with assaults and expulsion of the Sinhalese students from the Jaffna University by some radical Tamil students in early years. In 1976, the University Registrar Mr Wimal Sundara was beaten and chased out from the university by these radical groups. Although the university’s head, K Kailasapathy wanted to maintain the multiethnic character in the Jaffna University by 1978 most of the Sinhalese students of the Jaffna University were moved to other universities.

    ReplyDelete
    Replies
    1. Thank you very much for recalling memory and providing some hints related to the incident.

      "Sri Lanka: The Arrogance of Power: Myths, Decadence and Murder" - Rajan Hoole....How can I find this publication. Is it a printed book need to buy or can I get it online.

      Delete
    2. ඇයි හෙන්රි පොඩ්ඩක් සර්ච් කරලා බලන්නකෝ.

      රාජන් හූලේ ගැන දන්නේ නැද්ද? ඔවුන් තමයි University Teacher for Human Rights (Jaffna) සංවිධානය කළේ. එකෙන් සකසපු පොත් අන්තර්ජාලයේ තියෙනවා!

      Delete
    3. Thulsi Wickremasinghe was from Science Faculty. He graduated in the same year with a four year degree in Physics.

      There may have been a dental student among the thugs as well.

      For an analysis of this incident read the following UTHR(J) report.
      http://www.uthr.org/Book/CHA04.htm

      Delete
  3. ඔය කාලේ නිකන් හීනයකින් වගේ මතකයි, බදුල්ලේ අපේ ගෙදර දෙපැත්තේම හිටපු දෙමල පවුල් වල අය අපේ ගේ අස්සේ හැංගිලා ,මේ අස්සේ ඇඳන් අස්සේ ඉන්නකොට මට තේරුම් ගන්න බැරිවුනා ඇයි එයාල එහෙම හැංගිලා බයෙන් ඉන්නේ කියලා , මම අප්පච්චිගෙන් අහනවා මොකද ඒ කියලා . දෙපැත්තේ තිබ්බ දෙමල ගෙවල් දෙකට ගිනි තිබ්බේ නැත්තේ අපේ ගෙට ගිනි ඇවිලෙන නිසා කියලා අම්ම කියනවා මට මතකයි. එත් ආපු මිනිස්සු අප්පච්චිට අමුතුවිදිහට බනිනවත් ඒ කාලේ යනතම වගේ මතකයි, පස්සේ තමා දැනගත්තේ දෙමෙල්ලු ගේ අස්සේ දාගෙන හිටපු නිසා තමයි ඒ බන්නේ කියලා . කොහොමත් අප්පච්චි කඩේ අරින්නවත් නොගිහින් දවස් ගානක් ගෙදර හිටපු එක හොඳට මතකයි .
    පේරාදෙණියේ අක්බාර් හෝල් එකේ ඉඳිද්දී "සී වින්ග්" එකේ සීලිමේ පෙට්‍රල් බෝම්බයක් පිපිරුවා , එක කවුරු කොහොම ගෙනාවද පිපිරුවද කියන එක මමනම් දැනගෙන හිටියේ නෑ. එත් ඒගැන සැකය එල්ල වුනේ අපේ දෙමල බැචෙකුට. හොයලා බලද්දී කතාව ඇත්ත . එදා උදේම තිබ්බේ ප්‍රොෆෙසර් සිවසේගරම් ගේ ලෙක්චර් එක, LTTE එකට සහ ත්‍රස්තවාදයට විරිද්ධව එදා ප්‍රොෆෙසර් සිවාගේ කතාව අහන ඉන්න එදා කැම්පස් එකෙන් එළියේ හිටපු යටත් පුළුවන් වුනානම් වටිනවා.
    කොහොම වුනත් ඒ අතීතය හීනෙන්වත් මතක් වෙනවට මමනම් කැමති නෑ. එවන අනාගතයක් කොහොමත් ඕන නෑ. කාලකන්නි දේශපාලනය නොවෙයි නම් සාමය අරගෙන කුමාරවරු වදින්න් ඕන නෑ. මිනිස්සු හැමදාමත් සහයෝගයෙන් හිටියා මොන ජාතියේ වුනත්

    ReplyDelete
    Replies
    1. // කොහොම වුනත් ඒ අතීතය හීනෙන්වත් මතක් වෙනවට මමනම් කැමති නෑ. එවන අනාගතයක් කොහොමත් ඕන නෑ. කාලකන්නි දේශපාලනය නොවෙයි නම් සාමය අරගෙන කුමාරවරු වදින්න් ඕන නෑ. මිනිස්සු හැමදාමත් සහයෝගයෙන් හිටියා මොන ජාතියේ වුනත් //
      සහතික ඇත්ත. මේව ලියන්නෙත් තිත්ත ඇත්ත සිහිපත් කරමින් එහි අමානුෂික බව පෙන්නන්න තමයි. ආයෙත් මෙහෙම තිරිසන් වැඩ නොවේවා...

      ඉවාන් පවුලූශා...ඔබත් පේරාදෙනි කම්මලෙන් බිහිවූ ලියන්නෙක් බව දැනගත්තේ අදයි. සතුටුයි. ඔහොම යං.

      Delete
  4. /* දැන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන බක්කා, ගල් කොල්ලා, ලෝකයා, ගොම්බෙට්ටා, නාකියා, බුරියා, ගෙලිඔය හැන්ඩියා, අන්දරේ, කොඩ්ඩා, චොප්පයා, බැලුමා, කුරුම්බයා, ජල ජෝනා මෙන්ම අමෙරිකාවේ වෙසෙන වොෂියා, බෙලෙක්කයා, කිච පොර, ලයියා හා ඉන්දරේ ද, කැනඩාවේ වෙසෙන සීයා, ගලා හා කෑමදාස ද, මවිබිමේ තවමත් වෙසෙන මැක්කා, පිස්ටන්, අලිබඩා, ඩබලා, ඩොන් ඩොන්, පක්ෂියා, හම්බයා, හරක් බංඩා, බක්කරේ, පොන්ටූන්, ලුබ්බා, වැලා, හප්පා, තට්ටයා ඇතුළු මගේ බැචාලා සමග මැද පෙරදිග කට්ට කන ඉබ්බා, ජිල්බු, පොල්කට්ටා, වැල් සිරා, ජැකා මෙන්ම නොකී කතා ලියන කවිරාජ් වන මා ඇතුළු නම් සඳහන් නොවූ තවත් සත්ත්ව සමූහයක් මේ පිරිසට අයත් වුණා. */

    මේ බැච් එකක් ද නැතිනම් zoo එකක් ද?

    ReplyDelete
    Replies
    1. Zoo එක තව හොඳයි.....

      Delete
    2. ඔන්න මග හැරුණු සතුන් කීප දෙනෙක් ගේ නම් යළි එකතු කළා.

      Delete
  5. ඔබ කියා ඇති දෙවන සිදුවීම් පෙළ එනම් "සමවාදී සහ සමාජවාදී ශිෂ්‍ය දේශපාලන කණ්ඩායම් අතර ගැටුම" සිදුවූයේ 1982 දෙසැම්බර් දෙවෙනි දින නේද?

    හිල්ඩා එකේ සිටි දෙමල ශිෂ්‍යයෙකුට සහ තවත් කීප දෙනෙකුට පහර දුන්නේ 1998 මැයි 11 දා යි.

    ඒ ගැන චෝදනා ලබා ඔප්පු වුණු විද්‍යා පීඨ ශිෂ්‍යයා ගේ නම- තුසිල් නොවෙයි තුල්සි. මා හිතන්නේ ඔහු දැන් භෞතික විද්‍යා මහැදුරෙක්.

    මා මේ මැයි එකොළොස් වෙනි දිනන ගැන ලියූ ලිපියක් ඒවා සන්නස නම් (මෙල්බර්න් නුවර) සඟරාවේ පළ වුණා. ඒවා පසුව ඉරිදා ලක්බිමේත් පළ වුණා. ඒවා පසුව හොයා පළ කරන්නම්.

    මේ ගැන මහාචාර්ය සිවසේගරම් ලියූ ලිපියක් මෙතැනින් බලන්න.
    http://efacmemories.blogspot.com/2011/01/oriravu-one-night-part-1.html

    ReplyDelete
    Replies
    1. "සමවාදී සහ සමාජවාදී ශිෂ්‍ය දේශපාලන කණ්ඩායම් අතර ගැටුම" සිදුවූයේ 1982 දෙසැම්බර් දෙවෙනි දින විය හැකියි. එහෙත් දිග ඇදුණ සටන කූටප්ප්‍රාප්තියට පැමිණියේ 1983 ජූලියේදීයි.

      හිල්ඩා එකේ සිටි දෙමල ශිෂ්‍යයෙකුට සහ තවත් කීප දෙනෙකුට 1998 මැයි 11 දා පහර දුන්න සිදුවීම පසු කාලීන සිද්ධියක්. 1983 මැයි තරම මා සඳහන් කළ ප්‍රහාරය සිදු වුණා.

      ඔව්...තුසිල් නොවෙයි තුල්සි....එය ටයිප් කිරීමේ අක්වැරැද්දක්.

      භෞතික විද්‍යා මහැදුරෙක් දක්වා පිම්මක් පනින්න ශක්‍යතාව ඇති තරුණයෙක් අන්ත ජාතිවාදී ස්ථාවරයක පිහිටීම වෙනම සිතන්න වෙන කාරණයක්.

      සිවාගෙ ලිපියත් හරිම වටිනවා.

      රසික, ඔබේ මැදිහත් වීම ගැන බෙහෙවින්ම ස්තූතියි

      Delete
    2. වැරදීමක් 1998 නොවෙයි 1983 මැයි 11 දා.

      උපවාසය ඇරඹුනේ ආසන්න වශයෙන් 1983 ජූලි 10. අරුණාචලම් එකේ සිට සයන්ස් ෆැකල්ටිය හරහා ඔබ අතුරු පාර දිගේ සෙනෙට් එකට ආවේ ජූලි 15 වගේ දවසක. ;-)

      තුල්සි ගැන කියනවා නම් ජාතිවාදියෙක් ද නැද්ද මත මහාචාර්ය වීම හෝ නොවීම සිදුවෙන්නේ නෑ.

      මහාචාර්ය කීවාමයි මතක් වුනේ ඔය කියන එංගලන්තයේ සිටින පුසා, ඕස්ට්‍රේලියාවේ වෙසෙන කොඩ්ඩා, ලංකාවේ සිටින ක.බ.න. සහ ලි. වැනි අයත් මහාචාර්ය හෝ වෙන්ඩ මහාචාර්ය නේද?

      Delete
    3. මහාචාර්ය වුණාට එක එක ජාතියේ එක එක මතවාද තියෙන අය ඉන්න පුළුවනි. මම අදහස් කළේ භෞතික විද්‍යාව වගේ විෂයයකින් කප් ගහන කෙනෙක් වඩාත් විවෘත මනසකින් ලෝකය දිහා බලනව ඇති කියන එකයි. ඒත් ඒක එහෙමම වෙන්නෙ නැහැ තමයි. ජාතිවාදය කියන්නෙ බුද්ධියට හෝ උගත්කමට සීමා පනවන්නෙ නැති අති භයානක හැඟීමක් කියල වෙලාවකට මට හිතෙනව.

      Delete
    4. //තුල්සි ගැන කියනවා නම් ජාතිවාදියෙක් ද නැද්ද මත මහාචාර්ය වීම හෝ නොවීම සිදුවෙන්නේ නෑ. //

      ඔව්....සහතික ඇත්ත. මහාචාර්ය වීමට ඔය මොන බම්බුවක්වත් වැදගත් වෙන්නෙ නැහැ. හැබැයි භෞතික විද්‍යාව කියන්නෙ තර්කානුකූලව හිතන්න පොළඹවන විෂයයක් නිසා මම හිතන්නෙ ඒ තුළින් ඇති වෙන ශික්ෂණය මිනිසා තිරිසනාගෙන් වෙන් කරන්න කිසියම් මට්ටමකට හෝ හේතු වනු ඇති බවයි. ඒත් ඒක එහෙමම වෙන්නෙ නැති බව ඉතිහාසයම සාක්ෂි දරනව තමයි.

      Delete
    5. //භෞතික විද්‍යාව වගේ විෂයයකින් කප් ගහන කෙනෙක් වඩාත් විවෘත මනසකින් ලෝකය දිහා බලනව ඇති කියන එකයි.//

      ගණිතය එහෙම විෂයයක් නෙමෙයිද?
      "කාබන් 14 ටෙස්ට් මෙහෙ හරි යන්නෙ නෑ දේශීය නොවෙන නිසා "වගේ කතා සයන්ස් ඩිපාර්මන්ට් හිටපු ඩීන් කෙනෙක් කියන නිසා ඇහැව්වෙ. නාථ දෙවි සරණයි

      Delete
  6. පේරාදෙනිය විශ්ව විද්‍යාලය පසුබිම කරගෙන දෙමලෙන් ලියවුණු කෙටිකතාවක ඒ 1983 මැයි සිදුවීම විස්තර කෙරෙනවා. මෙන්න එහි ඉංගිරිසි පරිවර්තනයක්.
    http://efacmemories.blogspot.com/2014/12/two-episodes-short-story.html

    ReplyDelete
    Replies
    1. රසික, බොහොමත්ම ස්තූති වේවා....මා මෙය පළවූ දවස් වල කියෙව්වත් කොහෙන්ද කියෙව්වෙ කියල අමතක වෙලයි තිබුණේ...

      Delete
  7. /* විහිළු සහගත කොමිසමේ තීරණය වූයේ ප්‍රහාරයට ලක් වූ සිසුන්ගේ පංති තහනම් කිරීමයි. */

    වැරදි ප්‍රකාශයක්.

    ඔය උදලාගම කොමිසමේ තීරණ මත මට මතක විදියට අට දෙනෙකු ගේ පන්ති තහනම් කළා. ඉන් දෙදෙනෙකු සමවාදී (එනම් යූඇම්පී) ශිෂ්‍ය සංගමයේ, හය දෙනෙකු සමාජවාදී (එනම් ජේවීපී) ශිෂ්‍ය සංගමයේ අය.

    ජේවීපී අය අතර රන්ජිතන් ගුණරත්නම් සහ ආනන්ද ඉඩමේගම හිටියා නේද?

    ReplyDelete
    Replies
    1. ඉතිං....6/8 කියන්නේ විහිළුසහගත නොවේද? අනෙක ඔය 6 දෙනාගෙ පංති තහනම් කළේ ගුවිකාපු නිසා නොවෙයිද?

      ඔව්....පංති තහනමට ලක් වූ 8 දෙනා අතර රන්ජිතන් ගුණරත්නම් සහ ආනන්ද ඉඩමේගම හිටියා

      අකාලේ මිය ගිය නෙවිල් සොහොයුරාට ඇට්ලස් කියා නමක් බට බැඳුණේද මේ ප්‍රහාරයට ලක් වීමෙන් පසුවයි.

      Delete
    2. එතකොට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ අය 1982 දෙසැම්බර් දෙවෙනි දා පේරාදෙනියට සියඹලා ගෙනාවේ ම නැද්ද?

      රන්ජිදන් ලා ඉඩමේලා ශුද්ධ වූ සාන්තුවරයින් නොවෙයි, එදා 1982 දෙසැම්බරයේ දී කෙසේ වෙතත් පසුව ඔවුන් හිංසනය අනුමත කළ අය!

      I will send you an article I have written in an eMail.

      Delete
    3. රන්ජිදන් ලා ඉඩමේලා ශුද්ධ වූ සාන්තුවරයින් කියා කොතැනකවත් මා කියා නැහැ. අපිත් එහෙම නොවෙන කොට.....:)

      Delete
  8. කතාව කියෙව්වා..... ඔය කියන කාලේ ගැන ඉගෙන ගන්න තියෙන්නේ කියවලා තමා..ඒතකොට අපි ඉපදිලා නැහැනේ......................

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි නැවත නැවතත් ලියන්නේ..කුරුටු නම් ඉපදිලාවත් නැහැ කියල පිළිගන්නවා. ඒත් සමහර ඇටිකිච්චො සියල්ල දත් කියල හිතාගෙන මේව ගැන පඬි කතා බෙදනවනේ....

      Delete
  9. සුනිල් ආරියරත්නගෙ සරුංගලේ චිත්‍රපටියෙ ගාමිණී ගුටිකාල මැරෙන දර්ශනේදී ඒ වේදනාව අපිටත් දැනුනා. ඒත් සුනිල් අන්තිමට මහින්ද සමයෙදි යුද්ධයට සහයෝගය දැක්වූවා නේද?

    ReplyDelete
    Replies
    1. විවාදාත්මකයි.
      කොන්දේසි විරහිතව යුද්දයට විරුද්ධ වෙනව වගේම අන්ත ත්‍රස්තවාදය පරාජය කරන්න යුධ ප්‍රහාර අවශ්‍ය වෙනව කියන එකත් විවාදාත්මකයි නේද? ‍මම මේ තත්ත්වයන් සාපේක්ෂව විග්‍රහ කරගන්න උත්සය කරනව.

      Delete
    2. ලංකාවේ "ත්‍රස්තවාදීන්" වර්ග කිහිපයක් හඳුනගන්න පුළුවන්-, සමහරු හිටියා , සමහරු තාම ඉන්නවා.:

      (1) රාජ්‍ය, (2) දෙමල බෙදුම්වාදී; (2)සිංහල මාඕ වාදී/මාක්ස් ලෙනින්වාදී/ ජාතිකවාදී; (3) ඉස්ලාම් විරෝධී/ජාතිවාදී අයුරෙන්.

      හෙන්රි, ඔබේ තර්කය අනුව '71 සහ '87-'89 රාජ්‍ය මර්දනත් ත්‍රස්‌තවාදය ට එරෙහිව කල රජය කල යුද්ධයක් ලෙස සාධාරනකිරීමක් කරන්නත් පුළුවන්.

      උතුරේ බෙදුම්වාදී ත්‍රස්තවාදය (1972-2009) රෝග ලක්ෂනයක් මිස රෝග කාරකයක් ලෙස නොවේ. රෝග කාරක ක්ෂුද්‍ර ජීවින් තාම එතැනමයි. මහින්ද රාජපක්ෂ කලේ රෝගීන් මරාදැමීම ක් පමනය්.

      සුනිල් ආරියරත්න ල, වාසුදේව ලා ත් කලේ රෝගීන් සංහාරය ට හුරේ දැමීම ක් පමනය්.

      Delete
    3. උතුරේ බෙදුම්වාදී සටන මෙන්ම දකුණේ තරුණ නැගී සිටීමත් රෝග ලක්ෂණ බව පිළිගන්නවා. රෝග කාරක එහෙමමයි. උතුරේ මෙන්ම දකුණේ අවි අතට ගැනීම්, රාජ්‍ය ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ත්‍රස්තවාදී ක්‍රියා මාර්ග තෝරන්නට බල කෙරුණු සටන් ලෙසයි මා දකින්නේ.

      දෙපැත්තේම රෝගීන් මරා දැමුවා මිස රෝග කාරකයට ප්‍රතිකාර කරන්නට රාජ්‍ය පාලකයන් උනන්දු නොවීම ඛේදවාචකයක්.

      Delete
    4. "උතුරේ මෙන්ම දකුණේ අවි අතට ගැනීම්, රාජ්‍ය ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ත්‍රස්තවාදී ක්‍රියා මාර්ග තෝරන්නට බල කෙරුණු සටන් ලෙසයි මා දකින්නේ."

      100% ක් එකඟයි. රාජ්‍ය ත්‍රස්තවාදය නිසා සාහසික උපක්‍රම වලට ඔවුන් පෙළඹුනා. නමුත් විමුක්ති කොටි සහ ජවිපෙ නායකත්ව මේ උපක්‍රම තම මූලික න්‍යාය ධර්ම ලෙස ස්ථාපිත කිරීම නිසා ඔවුන් පොදු ජනතාව සහ සෙසු ප්‍රගතිශීලී කොටස් ගෙන් ඈත් වීමක් ද සිදු වුනා.

      Delete
    5. මට හැඟෙන්නේ ලෙයින් හා යකඩයෙන් කරන සංහාරයක් ඉදිරියේ නිරායාසයෙන් මේ උපක්‍රම වල සිරවුණා කියලයි. විනාශය කරා ළගා වුණා නොව උපක්‍රමශීලී ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය ඔවුන් එතැනට තල්ලු කලා.

      ඉදිරි නොකී කතාවක රාජ්‍ය හමුදා විසින් සිදු කරනු ලැබූ දකුණේ මෙන්ම උතුරේ මිනිස් සංහාරයේ අත්දැකීම් ලියන්නයි හිතන් ඉන්නේ.

      මම ඔය දෙකේම සාක්ෂිකරුවෙක්.

      Delete
    6. මට හැඟෙන්නේ ලෙයින් හා යකඩයෙන් කරන සංහාරයක් ඉදිරියේ නිරායාසයෙන් මේ උපක්‍රම වල සිරවුණා කියලයි. විනාශය කරා ළගා වුණා නොව උපක්‍රමශීලී ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය ඔවුන් එතැනට තල්ලු කලා.

      ඉදිරි නොකී කතාවක රාජ්‍ය හමුදා විසින් සිදු කරනු ලැබූ දකුණේ මෙන්ම උතුරේ මිනිස් සංහාරයේ අත්දැකීම් ලියන්නයි හිතන් ඉන්නේ.

      මම ඔය දෙකේම සාක්ෂිකරුවෙක්.

      Delete
    7. /* උතුරේ මෙන්ම දකුණේ අවි අතට ගැනීම්, රාජ්‍ය ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ත්‍රස්තවාදී ක්‍රියා මාර්ග තෝරන්නට බල කෙරුණු සටන් ලෙසයි මා දකින්නේ. */

      මං නං 100% එකඟ නෑ ඒ කතාවට. මුලින් 1984 දීත් පසුව 1987 දීත් ජවිපෙ කළේ රටේ ගොඩ නැගුණු දෙමල විරෝධය සහ IPKF විරෝධය අවස්ථාවාදීව තමන් ගේ වාසියට හරවා ගැනීමයි.

      පසුව 2005 දී මහින්දට කඩේ ගියෙත්, මානෙල් මල් කොලොප්පම් කළෙත්, 2010 දී ෆොන්සේකට කඩේ ගියේත් ඒ විදියටමයි.

      Delete
    8. ජ.වි.පෙ. දෙමළ විරෝධය හා IPKF විරෝධය අවස්ථාවාදීව තමන් ගේ වාසියට හරවා ගත්තා යන්න මා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මෙන්ම ගෙඩි පිටින් බාර ගන්නේත් නැහැ.
      අප මේ ගැන කතා කළ යුත්තේ අදාළ වාස්තවික තත්ත්වයන් මත පිහිටායි.

      දෙමළ විරෝධය පිළිබඳ කිසියම් විවේචන වෙතත් IPKF විරෝධය නම් මා කොන්දේසි විරහිතව අනුමත කරනවා.

      ඉංදියාව ඒ මොහොතේ හැසිරුණේ රස්තියාදුකාරයෙක් විලසින් වගේම අතිඋත්තම ජේ.ආර්. ව හොම්බෙන් යැව්ව මොහොතක්. IPKF උතුරු - නැගෙනහිර හැසිරුණේ ඉතා නිහීන තිරිසන් විදිහටයි. ඒ නිසා IPKF පළවා හැරීම අංක එකේ අවශ්‍යතාව වුණා.

      2005 දී මහින්දට කඩේ ගියෙත්, මානෙල් මල් කොලොප්පම් කළෙත්, 2010 දී ෆොන්සේකාට කඩේ ගියේත්, 2015 දී රනිල්ට අනියමින් සහය දෙන්නේත් ජ.වි.පෙ. දේශපාලන තීන්දු වල හුදෙකලා බව ප්‍රකට කරමින් කියලයි මට හිතෙන්නේ. කොතරම් අවංක වුවත්, කැපකිරීම් කළත්, තීරණාත්මක තැනකට පැමිණි විට නිවැරදි දේශපාලන තීන්දු ගන්නට නොහැකි වන්නේ තමන් වෙත වූ අධි තක්සේරුව නිසා බවයි මගේ තේරුම් ගැනීම වන්නේ.

      Delete
    9. අවාසනාවකට වගේ 1987 දී දෙමල විරෝධීන් සහ IPKF විරෝධීන් කියල වෙන් වෙන්ව හඳුනාගන්න පුළුවන් කමක් තිබ්බේ නෑ.

      ජවිපෙ ජාතිවාදී, ජාතිකවාදී, සිංහල බෞද්ධ අන්තවාදී සුනඛ රැළ සමග නිදාගෙන උන්ගේ බලු මැක්කෝ එක්ක නැගිට්ටේ.

      Delete
    10. ඒ බලු මැක්කෝ තවමත් හැලිලම නැහැ. අවස්ථාවාදීව රෙද්ද අස්සෙ හැංගෙනව විතරයි.

      Delete
    11. ඒ බලු මැක්කෝ තවමත් හැලිලම නැහැ. අවස්ථාවාදීව රෙද්ද අස්සෙ හැංගෙනව විතරයි.

      Delete
  10. Science faculty Dutugamunu is Thulsi Wikramasinghe

    ReplyDelete
  11. තමන්ගේ ජීවිත අවදානම පවා නොසළකා මෙසේ කටයුතු කරන අය ඉතාමත් අඩු සමාජයකයි අපි ජීවත් වෙන්නේ...ඒ අතින් ඔබලාගේ මැදිහත්වීම් අගය කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. ජාති, කුල, ආගම් වලින් බෙදුණු සමාජයක එවැනි පටු ආකල්ප එකහෙළා ප්‍රතික්ෂේප කරන මිතුරන් පිරිසක් ඇසුරු කරන්න ලැබීමත් වාසනාවක්.

      Delete
  12. හෙන්රිලා කාලේ දෙමල සිසුන් ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙච්ච එක හොඳ පුරවාදර්ශයක්. ඒ නිසා අපේ කාලේ වෙනකොට දෙමල සිංහල සිසුන් අතර හොඳ අවබෝධයක් තිබ්බා. රටේ මොන තරම් ප්‍රශ්න තිබ්බත් ජාතිවාදයට බර පුංචි ප්‍රශ්නයක්වත් ඇති වුනේ නෑ සරසවිය ඇතුලෙදි. හොඳ කතාබහක් මතු කරන පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ජාතිවාදි සටන් ඔඩු දුවා තිබූ තිලක සිතලාගෙ කාලෙ සරසවියේ පුංචි ප්‍රශ්නයක්වත් ඇති නොවුණ එක ගැන සතුටුයි.

      Delete
  13. කුමන ආකාරයක ජාතිවදයක් කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරමි.

    ReplyDelete
    Replies
    1. එකඟයි. දෑතම ඔසවා ආචාර කරමි.

      Delete