පිටි කොටන්න විදිහක් නෑ
වංගෙඩියත් අරං ගිහිං
පිටි අනන්න විදිහක් නෑ
බත්තලඳත් අරං ගිහිං
පුච්චන්නට විදිහක් නෑ
රොටි තැටියත් අරං ගිහිං
රොටි කන්නට විදිහක් නෑ
හැම් බේකන් තමයි ඉතිං......
කොරහත් බිඳගෙන යනවලු
යන්න යද්දි යන යකා
අබුද්දස්ස කල ලැබුවම
ලබුත් තිත්ත වෙයි ඉතා
පිටිකරයට බේත් බැන්ඳෙ
පයබරවායට එදා
හෙවනැල්ලත් ඇද වෙනවලු
නොකෙරෙන දීගෙට මෙදා.....
පොළොව ඇදයි කියල කිව්වෙ
නටන්න බැරි මිනිහා
කෝඳුරු තෙල් හත් පට්ටෙයි
තවත් ටිකක් ඕනෙ නේද
නොකෙරෙන වෙද කමටා
මිදි තිත්තයි කිව්ව තමයි
බැරි වුණ තැන හිවලා
පෙරලුනු පිටද අමාරුවෙන් පෙරලාගත්ත පිටද?
ReplyDeleteපෙරළෙනව වගේම පෙරළගන්නව නේන්නං.....
Deleteඅන්තිම එකේ පේලියක් ඇරෙන්න කයි පද බැඳිල්ලනං සුපිරි.
ReplyDelete"නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටෙකුයි තව ටිකක් ඕනෙලු" කියන පිරුළ ඉතිං වෙනස් කරන්න බැහැ නොවැ....රිද්මය බිඳුණ නං තමයි.
Deleteපෙරලුනු පිටත් තිබ්බ පිට වගේමද මංදා
ReplyDeleteහැක්....හැක්.....දේශපාලන අර්ථයෙන් ගත්තම නං එහෙම වගෙයි. ඒත්.....
Deleteනාග විහාරේ ලොකු හාන්දුරුවෝ ළඟ නම් රොටි තැටියක් තියෙනව කියන්නේ අයිබෝවන්ට ....
ReplyDeleteඒ රොටිය කර වුනාලු උන්නැහේ.
Delete+++++++++++++
Deleteඅන්තිම කවියේ..
ReplyDelete'හත් පට්ටෙත් මදි නොව තෙල්
නොකෙරෙන වෙද කමටා' වගේ කියල ගොඩ දාන්න තිබ්බ කියල හිතුනා.
උපමා උපමේය එක්ක කියූ කතාව නම් මල් මසුරන්.
කල්‍යාණ මිත්‍රගේ පද බැඳුමත් මසුරන්....කෝඳුරු තෙල් ගැන හිතලයි අරහෙම ලිව්වේ.
ReplyDeleteඅන්තිම්ක හරියේදී රිද්මය චුට්ට එහෙ මෙහෙ උනා ඇරෙන්න උපමා එක්ක ලියවුනු පදපෙල මල් මසුරං.. දේශපාලනේ ගැන නෙවෙයි වෙන්නැති නේද මේ කියන්නෙ .. හැක්...
ReplyDeleteකපා කොටා ගැනීම තම තම නැණ පමණින් කිව්වලුනේ......
Deleteහබල බිඳීලා .... පෙරළුණු ඔරුවක
ReplyDeleteසුන්බුන් නෙත දැවටේ
ඒ දෙස නොබලමි.....ඒ..ඒ..ඒ..දෙස නොබලමි.
Deleteකවුරුත් නැහැනේ..අපට අත වනන්නේ....