Wednesday, 30 March 2016

"නොකී කතා" බ්ලොග් එකටත් කෙළිය එහෙනං...අහුවෙද්ද ඔය කල්‍යාණ මිත්‍රයා



කොළඹ ගමයා නොහොත් අජිත් ධර්මකීර්ති සමග වේදිකාවේ සීරුවෙන්...

ටුවම් බැහැපු පට්ට බ්ලොග්කාරයො දෙන්නෙක් වන "රසිකොලොජිස්ට්"ලියන රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චිත්, "සැහැල්ලුව" ලියන ඉන්දික උපශාන්තත් නොවෙන්න මට "නොකී කතා" බ්ලොග් එකක් ලියන්න උත්තේජනය සැපයෙන්නෙ නෑ.

බ්ලොග් ගැන මෙලෝ හසරක් නොදන්න කාලෙ ඉන්දික තමයි මගේ පළමු බ්ලොග් එක ලියන්න උනන්දු කළේ. රසික තමයි අවුල් ලිහා ගන්න ඕස්ට්‍රේලියාවෙ ඉඳන් දුරකතන බිල් ගෙවාගෙන තාක්ෂණික උපදෙස් දුන්නෙ.

රසිකටත් ඉහළම සම්මානයක් ලැබීමත් සතුටක්.



ඒ බ්ලොග් එක ලිව්වෙ මම කියල දන්නෝ දනිති වගේම නොදන්නෝ සැක කරති කියල විතරක් දැනට සටහන් කරන්නම්.... 

සෙස්ස පස්සට...!

පත්තර කොලමක් විදිහට ලියැවිලා , පස්සෙන් පහු ග්‍රන්ථයක් විදිහට එළිදැක්ක "නොකී කතා" වල ඉතිරි කතා බ්ලොග් එකක් විදිහට ලියන්න ගත්තෙ ඒ බ්ලොග් එක ලියල ලබපු පන්නරයෙන් තමයි.

නෙළුම් යාය කියල බ්ලොග් සම්මාන උළෙලක් තිබිල තියෙනව කියල මම දැනගත්තෙත් මෑතකදි.

කවදත් සම්මාන පස්සෙ නොයනව විතරක් නොවෙයි සම්මාන තේරීමේ කුහක, කුඩුකේඩුකම් ඇස් පනාපිට දැකල තියෙන සාහිත්‍යකාරයෙක් හා සිනමාලෝලියෙක් විදිහට මේ සම්මාන ගැනත් මං වගේකට ගත්තෙ නෑ.

මෙන්න බොලේ එක දවසක් කොළඹ ගමයගෙ බ්ලොග් එකේ සම්මාන නිර්දේශිත ලැයිස්තුවක් දාල. ඒකෙ "නොකී කතා"ත් තියෙනවා.

ඒත් මං ඕක තඹේකට ගනං ගත්තෙ නෑ.

ඒත් රසිකයි, ඉන්දිකයි බ්ලොග් ලියන්න මාව පෙළැඹෙව්වා වගේම එතෙක් ෆේස්බුක් එකේ පිටුවක් ලෙස පවත්වාගෙන ගිය "දසත සැරිසර" බ්ලොග් එකක් විදිහට එළිදක්වන්න මගේ බලකිරීමෙන්  උනන්දු වූ ශානිකා පවනී හේවගේ ගේ බ්ලොග් පෝස්ට් දෙකකුත් සම්මාන සඳහා නිර්දේශ වෙලා තියෙනව දැක්කම නම් සියුම් සතුටක් දැනුණා.

දවස් කීපෙකට පස්සෙ "කලාහිත" බ්ලොග් එකේ ආයෙම අවසන් වටයට නිර්දේශිත ලැයිස්තුවක් දාල. ඒකෙ "නොකී කතා" හැළිල කියල කිව්වෙත් ශානිකාම තමයි.

අන්තිමේදි "දසත සැරිසර"ටත් සම්මානයක් ලැබුණා. මේ තියෙන්නේ හිනා කට..



මෙන්න සම්මානයක් දිනූ "දසත සැරිසර"
http://dasathasarisara.blogspot.com/2015/07/blog-post.html


"නොකී කතා" නිර්දේශ වෙලා තියෙනව දැක්කම තඹේකට ගනං ගත්තෙ නැති වුණාට හැළිල බව දැක්කම මට එක පාරටම සිහිපත් වුණේ ඉතිහාසය පුරා දැක තියෙන සම්මාන මගඩි



මේ හැළිල්ල අත්වැරදීමක්ද, කකුල් මාට්ටුවක්ද කියල හැරෙන තැපෑලෙන් ප්‍රසිද්ධියේ ඇහුවෙ ඒ නිසයි.

ඒකට කල්‍යාණ මිත්‍ර මාගලක් දිගට හේතු දැක්වුවම කොළඹ ගමයා නොහොත් අප මිත්‍ර අජිත් ධර්මකීර්ති පැනල දෙන්න ගිහිං කරගත්ත අලකලංචියක් බව තේරුණා.

අත්දැකීම් අඩු වුණාම ඔහොම දේවල් වෙනව. ඒත් මෙවැනි අගය කිරීමක් කරන්න මූලිකත්වය ගැනීම ගැන අජිත්ට සිරස නමා ප්‍රණාමය පළ කරන්න ඕනේ.

හැබැයි මත බේදයට තුඩු දෙන බ්ලොග්, සම්මාන වලට නිර්දේශ නොකළ බව හේතු දැක්වීමෙදි කියල තිබුණ නිසා කොහෙත්ම අවුලක් නැති වුණා. 

ඇයි අප්පා රටේ ජනාධිපතිගෙ මල්ලි කෙටේරි පාරකින් මිය පරළොව ගිය අතීත හොල්මන් කතා ආයෙ ඇදල අරං  සම්මාන දෙන්නෙ කොහොමද යහපාලනේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා ප්‍රධාන අමුත්ත වෙච්චි සම්මාන උළෙලකදි.

මෙන්න ඒ බ්ලොග් කතාව.
http://nokieekatha.blogspot.com/2015/06/blog-post_23.html

කොහොමින් හරි අතිශය පෞද්ගලික කාරණයකට දවස් තුනකට ලංකාවට යන්න වුණාම නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලටත් ගොඩවැදුණෙ මේ වැඩේ අවංකභාවයෙන් කරන සද් ක්‍රියාවක් බව වැටහුණ නිසයි.

මදැයි ගියා. කිසිම පෙර දැනුම්දීමකින් තොරව මෙන්න "නොකී කතා"කාරයව තෑගි දෙන්න වේදිකාවටත් කැඳෙව්ව්.






 


මේකට මූලික වුණ කල්‍යාණ මිත්‍ර එතෙකින් නොනැවතී මෙන්න "නොකී කතා" නමත් උස්සල බ්ලොග් පෝස්ට් එකක් දාල.

************************************************
අජිත් එක වැරද්දක් කළා. ඒක තමයි නිර්දේශ වෙන වෙන ලිපිය එයාගේ බ්ලොග් එකේ ප්‍රසිද්ද කිරීම. ඇත්තටම අපි බලාපොරත්තු උනේ අවසන් නිර්දේශ ඒ කියන්නේ සම්මාන තුනක් දෙන කැටගරි වලට උපරිම නිර්දේශ 5ක් පමණක් වශයෙන් තෝරාගත් පසු පමණක් ඒවා ප්‍රසිද්ද කරන්න. නමුත් අජිත් සමහර කැටගරි වලට නිර්දේශිත නම් දහය දොළහා එයාගේ බ්ලොග් එකේ දැම්මා. මේක නිසා මට සිද්ද උනා සම්මාන උළෙලට සතියක් තියලා වෙනම පොස්ටුවකින් අවසන් නිර්දේශ කියලා යලි ඉදිරිපත් කරන්න.

මෙතැනදී පලවෙනි කොක්ක වැටුනේ 'නොකී කතා' ගෙන්. නමුත් කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඔහු ඉතා ඉහල මහත්මා ගුණයක් පෙන්නුම් කරමින් එයට ප්‍රතිචාර දක්වලා එපමණකින් නොනැවතී සම්මාන උළෙලට සහභාගී වීමට තරම් නිහතමානී උනා. එයට උපරිම රෙස්පෙක්ට් එක. ඒ වගේම පුංචි කොක්කක් විචාරක තුමාගෙනුත් වැටුනත් මම හිතන්නේ කරුණු පැහැදිලි කිරීමටත් ප්‍රථම ඔහු තත්වය තේරුම් ගත්තා. එලෙසම ඉතා ව්‍යාකුල තත්වයක හිඳිමින් පවා මේ අවස්ථාවට සහභාගී වී ඔහුගේ මහත්මා ගතිය පිළිබිඹු කිරීම ගැනත් මගේ උපරිම රෙස්පෙක්ක්ට් එක.

************************************************
මෙහෙම ලියල නැවතුණා නම් මදැයි. මුරුංග අත්තෙම නග්ගල.

හොඳ වෙලාවට බොහොම කාලෙකට කලිං මුරුංග අතු කඩාගෙන වැටිල තියෙන නිසා දැන් ලේසියෙන් නගින්නෙ නෑ.
************************************************
නොකී කතා.. හෙන්රි වර්ණකුලසුරිය.. බ්ලොග් වලදී දැක්කත් නැතත් හෙන්රි කියන්නේ ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්.. හෙන්රිට සෙට් වෙන්න පුළුවන් මේ ලංකාවේ ඕනෙම ගැදරින් එකකට.. ඒකෙ දෙකක් නෑ.. නොමිනේෂන් අතර තිබිලා නම කැපුනම ඒක ගැන කෙලින්ම ප්‍රශ්න කරන්නත්, ගැටුළුව තේරුම් කරලා දුන්නම මහත්මයෙක් වගේ ඒක පිලිගන්නත් ඉන් පස්සේ කිසි වෙනසක් නැතුව අනිත් උන් සම්මාන ගන්නවා බලන්න එන්නත් ඒ අවස්ථාවේ හදිසියේ ලද ආරාධනයෙන් නොපැකිලි වේදිකාවට නැග තම සගයින්ට සම්මාන පුද දෙන්නත් සාමාන්‍ය එකෙකුට බෑ. එකට එසේ මෙසේ පෞරුෂයක් නොව මහා කොන්දක් තිබිය යුතුයි. නේවි එකේ බාසාවෙන් කියනවනම් 'Respect You, Sir!
************************************************
ඔන්න ඉතිං...නේවි පාර්ට් මතක් වෙලා.

බලං යද්දි බ්ලොග් එකට කෙළලම නෑ. උස්සල තියලනෙ බොලේ...

මෙහෙම කිව්වම "නොකී කතා" නම  හොරකම් කළත් කමක් නෑ කියල හිතෙනව. 

කොහොමත්  බ්ලොග් වලින් දැන හඳුනාගෙන සම්මාන උළෙලෙදි පළමු වතාවට හමුවුණ  කල්‍යාණ මිත්‍ර සැබෑ "කල්‍යාණ මිත්‍රයෙක්"ම තමයි කියල හිතෙනව.

මෙන්න කලාහිත බ්ලොග් එක එහැම පිටින්ම.

http://kalahitha.blogspot.com/2016/03/blog-post.html



51 comments:

  1. හෙන්රි අයියා..............

    පළවෙනියට ම මේ ගැන කතාව අපි දිගට ම දැක්කා.... එතැනදී ඇති වුණ තත්වය කමියා සහ අජිත් අයියා මැදිහත් වෙලා විසදලා තියෙනවාත් දැක්කා. ඒ වගේ ම ඔබ ඒ තත්වය තේරුම් අරන් විදග්ධ පොරටෝක් වලින් ප්‍රාථමික විදිහට ගැටලුව නොවිසදා මහත්මා ගතියෙන් ඒක විසදීම ගැන ඇත්තට ම අපිත් සතුටු වුණා....

    දෙවැනි සතුට තමා ඔබ අතින් අපිට සම්මාන දෙකක් ම ගැනීමට හැකිවීම. ඒත් අපිට ඇති තරම් කතා කරන්නනං බැරි වුණා. කමෙන්ටු වලින් හදුනාගත්තු තරම හමුවෙලා කතා කරලා තවත් වැඩි කරගන්න අපි ඉක්මනට ම එනවා..... ඔබේ කටයුතු දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේ ම මේ බ්ලොග් කෙරුවාවත් දිගට ම සාර්ථක ව කරන්න ලැබේවා කියලා පතනවා.....

    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, ජය වේවා...!

      Delete
  2. ඔබ වැනි ක්ශෙත්‍රයේ ප්‍රවීනයකුගේ නිහතමානී කම ඉතාමත් අනර්ඝයි. ඔබට තට අත දෙන්න ලැබුණ තත්පර ගණනකට. ඒ හැර කථා කරන්න ලැබුණේ නැහැ. ඔබගේ ඇති නිර්ව්‍යාජ බව ඒ තත්පර කීපෙන් තේරුම් ගියා. කල්‍යාණ මිත්‍ර කියපුදේවල් වලට එකෙන්ම එකඟයි.

    ReplyDelete
    Replies
    1. මොහොතකට හෝ අතට අත දෙන්න ලැබීම ගැන සතුටුයි. මම ඉයන් කිව්වම හිතාගන්න බැරි වුණා.

      Delete
  3. ඔය අජිතය බොහොම කළබල කාරය. ඉවසිල්ලක් කියන සජ්ජාතියක් දන්නෙ නෑ. මවුකුසෙං හෑල්ලු උනාය කියන්නෙත් මිනිහට ඕන වෙලාවටලු ඔන්න ඔය හය මාසෙංද කොහෙද කියලයි ආරංචිය. ඒ හින්ද හෙන්රි ඒක අතෑරල දාන්ට…

    ඕල්ස් වෙල් දැට් එන්ඩ්ස් වෙල්...ඔක්කොම ළිං තමයි ඒත් කොණේම ළිඳ තමයි හොඳම ළිඳ...සුද්ද එහෙම කිව්වෙ කට කහනවටය? නැද්ද?.....:)

    ReplyDelete
    Replies
    1. / මවුකුසෙං හෑල්ලු උනාය කියන්නෙත් මිනිහට ඕන වෙලාවටලු ඔන්න ඔය හය මාසෙංද කොහෙද කියලයි ආරංචිය./
      ඒක තමයි එච්චර කොට. මට මාර හැපි මට වඩා කොට උං අතරෙ ඉන්නකොට...

      Delete
    2. Ravi, ඕව කවුද ඔළුවෙ තියා ගන්නේ. අතෑරල දාලනෙ ආවේ.

      Delete
  4. මට මේ ෆොටෝ එක දැක්කහම මතක් වෙන්නේ අර පොඩිකාලේ කියපු කවිය ‘‘හතර රියං සහ දෙරියං‘‘

    ReplyDelete
    Replies
    1. හයියෝ... දෙන්නටම අපහාසේ...

      Delete
  5. සංවේදී කතාවක්, හිතට දැනුනා ගොඩාක්.

    ReplyDelete
  6. මදැයි පැන්ෂන් ගිය පයිරේට්ලා දෙන්නෙකු ගේ කඩු ෆයිට් එකක් බලන්න ආවා!

    ReplyDelete
    Replies
    1. පයිරේට්? තාම පැනසොන් නෑ. දැන් තමයි වැඩ පටාන් ගන්නේ..

      Delete
  7. මේකේ පක්ෂ පාට බේද නෑ කියන්න හොඳම සාක්කිය තමයි ඔබ....

    ඕන කෙනෙකුට තමන් කැමති මතය දරන්න වගේම අන් මත විවේචනය කරන්නත් නිදහස තියෙන්නම ඕන...

    ReplyDelete
    Replies
    1. //ඕන කෙනෙකුට තමන් කැමති මතය දරන්න වගේම අන් මත විවේචනය කරන්නත් නිදහස තියෙන්නම ඕන...//
      එකෙන්ම එකඟයි.

      Delete
  8. කාලයක් තිස්සේ හිතන් හිටියත් නොකී කතාවට ගොඩවැදුනේ අද. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තූතියි. ආයෙම ගොඩවෙන්න.

      Delete
  9. හෙන්‍රි වගේ ප්‍රවීනයන්ගේ මේ මැදිහත්වීම අගේ කලයුතුමයි. එය තරුණ පරපුරට ආදර්ශයකුත් වේවි.

    ReplyDelete
    Replies
    1. පුවීණ වෙන්න තව කල් යයි බූරු කෙල්ලේ.

      Delete
  10. ඔටුවෙක්... ඔටුවෙක්... :)

    ReplyDelete
    Replies
    1. අපි සේරම ඔටුවො නේන්නං.

      Delete
  11. මේ අටමා ගේ රියන් කතාව මටත් මතක් වුනා. ඇයි මහදනමුත්තගේ ගෝලයෝ ??
    කොහොම වුනත් දෙන්නම රෙස්පෙක්ටබල් දෙන්නෙක් ලෙස දකිනවා. නොකිකතා කතා ගැන කල්යාන කියූ දේවල් හරියට හරි... අපේ ආචාරය!!
    ලබන වතාවේ තවත් ක්‍රමානුකුල , ගුණාත්මක සම්මාන උලෙලක් වෙනුවෙන් වැඩ කරමු. සම්මාන උළෙලේ පොඩි පොඩි අඩුපාඩු තිබුනත් නෙලුම්යාය ( අජිත් ප්‍රමුඛ කණ්ඩායම) මේ උළෙල හරහා බ්ලොග් කලාව ජනතාව අතරට ගෙන යන්න දරන වැයම ඉතා ඉහලින් අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ලබන වතාවේ තවත් ක්‍රමානුකුල , ගුණාත්මක සම්මාන උලෙලක් වෙනුවෙන් වැඩ කරමු. අඩුපාඩු ස්වයං විවේචනාත්මකව දකිමු.

      Delete
  12. හයියෝ.. නොකී කතා මෙහෙමත් කියනවද?

    ReplyDelete
    Replies
    1. ඔය කියන්න ගත්ත විතරයි. ඔහොම යං.

      Delete
  13. කෙලින උන් බහුල සමාජෙ ඔබ වගේ කෙලින් මිනිස්සු බොහොම අඩුයි. සුනිල් ආරියරත්නගෙ උප්පලවන්නට පොතක් ගහල ගේම ඉල්ලපු හෙන්‍රිට මේවත් කෙළිද කියලයි මට හිතුනෙ.

    මම මේ බ්ලොග් ලෝකෙට යම් පලක් ඇති දෙයක් කරානම් ඒ ඔබට බ්ලොග් එකක් ලියන්න කියල බල කරපු එකම විතරක් වෙන්නැති.

    දැන් ඉතින් නොකී කතා කියාගෙන කියාගෙන යන්ට වහාම.

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා ඉන්දික මෙච්චර කල් ලියපු ටිකම මදිද?
      දැන් වේගෙ නං හොඳටෝම මදි.
      අපිට කියන්න කලිං ලියාගෙන ලියාගෙන ගියොත් නරකද?

      Delete
  14. ඔබේ අතින් සම්මානයක් ලබාගැනීමටහැකිවීම ගැන සතුටුයි. ඔබේ ආශිර්වාදයත් ඒ සමග ලැබෙන්නට ඇතැයි සිතනවා.

    ReplyDelete
    Replies
    1. මගේ අතින් ඔබ වැනි ජේ්‍ෂ්ටයෙකුට සම්මාන පුදන්න ලැබීමත් වාසනාවක්. ආශිර්වාද නොකර කොහොමද?

      Delete
  15. හෙන්රි අය්යේ පොඩි පස්නයක් අහන්ඩ තියෙනවා, අර මගේ ඩෙනිමයි ඉංගිරිසි බ්ලොග් එකකුයි ලියන්නෙත් ඔබමද?

    ReplyDelete
  16. නොකී කතා ලියන්නේ ඔබ බව නොදැන හිටීමට හේතුව නං මට නොවැටහේ. ඇත්තටම සම්මාන මක්කටෙයි අයියේ.. ???

    ReplyDelete
    Replies
    1. ලියන්නෙ කව්ද කියල දැන් දන්නවනෙ මල්ලී...ලියන කෙනා නොව ලියවිල්ලයි වටින්නෙ කියලයි මම හිතන්නෙ. ඒ නිසාම තමයි මෑතදී පළ වූ නවකතා දෙක වෙන කල්ම මගේ කිසිම පොතක පිංතූරයක් නැත්තේ. ඒ පොත් දෙකෙත් තියෙන්නෙ කංචුක චිත්‍රයක් විතරයා.

      සම්මාන බලං ලියලත් නෑ. ලියන්නෙත් නෑ. ඇයි සම්මාන නැත්තෙ අහන්නෙත් නෑ. ඒත් නිර්දේශ කරල නිර්දේශ ලැයිස්තුවෙන් අයින් කළාම ඒ ගැන අහන්නෙ නැතිව ඉන්න තරම් කොන්ද පණ නැත්තෙත් නෑ.

      Delete
  17. බ්ලොග් ලෝකෙ ඉන්න ඕන පොරවල් තමයි හෙන්රි අයිය වගේ අය...
    කමි අයියල එහෙම නොසන්ඩාල කතා කියල හෙන්රි අය්යලව එළවගන්නව නෙවෙයි බ්ලොග් ලෝකෙන්

    ReplyDelete
    Replies
    1. උඩුවෝ....කමියලට එහෙම උවමනාවක් නං නෑ මයෙ හිතේ.. හැබැයි වැඩක් පටන් ගත්තොත් දුම්මල ගහලවත් එළව ගන්න නං බෑ. ඒ මගේ හැටි.

      අනෙක දැන් අපේ කාලෙ නොවෙයි උඩුවලාගෙ කාලෙ. මොකෝ උඩුවාගේ සටහනට බාලගිරි දෝශය හැදිල තියෙන්නෙ. උඩුවලාත් බ්ලොග් ලෝකෙ ඉන්නම ඕනෙ පොරවල්.
      එදා සම්මාන උළෙලෙදි වචනයක් කතා කරන්න ලැබීම සතුටක්.

      Delete
  18. ආ හෙන්රි අයියා .. අඳුන ගැනීමට ලැබීම සතුටක් .. වැඩිය කතා කරන්න බැරිවුණා එක දුකක්

    ReplyDelete
    Replies
    1. පේරා කම්මලේ කොල්ලෙක් බව ආරංචි වෙලා දැකගන්න උවමනාවෙන් උන්නෙ.
      කොහෙද ස්ටේජ් එක අයිති කරන් හැඩකාර මානවිකාවක් ළඟින් තියං පූරකගෙ රාජකාරිය යසට කළා නොවැ.
      ඉතිං කොහෙ කතා කොරන්නද...
      ඒ අතිං බැලුවම ඔහොමවත් අපිතෙක්ක කතා කළ එක ලොකු දෙයක්..නැද්ද මං අහන්නෙ..?

      Delete
  19. හරිම හැඩයි මේ කතාව. කලාකාරයෝ කියන්නේ එහෙම අයට තමයි.

    ReplyDelete
    Replies
    1. සුසිල් මල්ලී...ස්තූතියි...රෙකමදාරුවට....අනෙක් කතා කියවල නැතෙයි. කැම්පස් කාලෙ කතා වල එහෙං මෙහෙං ගෑවිලා ඇති. තවම ගල් විහාරෙ කතා නං ලිව්වෙ නෑ....

      Delete
  20. දැං ඉතින් නොකී කතා හොයන්න පටංගන්න ඕනෙ.. රසවත්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හොයමු...හොයමු...ළඟකදි ඉඳං ගස්ලබ්බත් හොයමින් කියවනවා.

      Delete
  21. හෙන්රි අයියා අතින් සම්මානය ගන්න ලැබුනු එක ගැන ගොඩක් සතුටුයි. කතාබහ කරන්න නොහැකි උනත් හදුනාගන්න ලැබීමත් ගොඩක් සතුටුයි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මනා වගේ එකෙකුට මගේ අතින් සම්මානයක් දෙන්න ලැබීමත් සතුටක්. ලබන වතාවෙ එකිනෙකා දැන හඳුනා ගන්න ඉඩ ලැබෙන, වඩාත් ක්‍රමවත් සම්මාන ප්‍රදානයක් ගැන යෝජනාවලියක් මීළඟ නොකී කතාවේ ලියන්නයි ඉන්නේ.

      Delete
  22. හමුවීම සතුටක්

    ReplyDelete
  23. ඔබගේ සහබාගි වීම ඇත්තටම ලොකු හයියක්

    ReplyDelete
  24. හෙන්රි අයියා හදුනා ගැනීම බොහොමත්ම සතුටක්.......
    'Respect You, Sir!

    ReplyDelete