Powered By Blogger

Sunday, 6 March 2016

අභීත පත්තරකාරයෙකුවූ මානවහිතවාදියා


සුනිල් මාධව ප්‍රේමතිලක ගැන අටුවා ටීකා ලියන්න යන එක  තේරුමක් නැහැ කියල හිතෙන්නෙ ඔහු ගැන බොහෝ දේ ලියැවිලා තියෙන නිසාත්, ‍සමාජය ගැන සවිඥානිකව ඉන්න බොහෝ දෙනා ඔහු ගැන දන්නා නිසාත්.

ඒත් සුනිල් මාධව ගැන මේ මොහොතෙ සඳහනක් නොකර ඉන්න මගෙ හිත දෙන්නෙ නැත්තෙ සුනිල් අයිය වෙනුවෙන් ඔහුගේ ජීවන අත්දැකීම් පොතක් විදිහට එළි දකින මොහොතක ඊට සහභාගි වීමේ වරම් අහිමි වීමේ කම්පාවත් එක්කයි.


සති කිපයකට පෙර  සුනිල් අයියාගේ දුකසැප බලන්නට කදමලු අත දරාගෙන ගිය මොහොතේ මගෙන් මෙහෙම ඇසුවා.

"මචං වර්ණෙ...උඹ කවදද ආපහු යන්න‍ෙ...?"

සුනිල් අයියා මට කවදත් කතා කළේ 'වර්ණෙ' කියලයි. මගේ නමේ මුලට තියෙන විදෙස් ඌරුවෙ 'හෙන්රි' නමට ඔහු එතරම් කැමැත්තක් නැතිවා වෙන්න ඕනෙ. මට 'වර්ණෙ' නමින් අමතන එකම පුද්ගලයාත් ඔහුම තමයි.

ඒකට මං මොනවා කරන්නද? මම දාගත්ත නමක් නොවෙයිනෙ.

"ඇයි සුනිල් අයිය එහෙම ඇහුවෙ"

"නෑ මචං මගෙ ජීවිත කතාව එළි දකින්නෙ මාර්තු 10. උඔ එදාට ඉන්නම ඕනෙ එකෙක්. අසංගි කියල පොඩි කෙල්ලෙක් බං මේ ලොකු වැඩේ සංවිධානය කරන්නෙ"

ඇත්ත. එදාට ඉන්නම ඕනෙ එකෙක් වුණාට මට ඉන්න වෙන්නෙ නැති බව මා කීව. ඇත්තටම පුළුවන් කමක් තියෙනව නං මං නොයිඳ ආපහු එන්නෙ නෑ.

ඒත් අපේ ජීවිත අපට ඕනෙ විදිහට හසුරුවන්න වරම් නෑ.


සුනිල් මාධව සමග සමීප ඇසුරේ අලගිය, මුලගිය තැන් එහෙන් මෙහෙන් සටහන් කළ "නොකී කතා" පොතේ පිටපතක් පිරිනැමුව මොහොතේ සුනිල් අයිය මාව බදා වැළඳ ගත්තේ සුපුරුදු සෙනෙහසින්.

පිටු පෙරලන්න නොහැකිව වෙව්ලන අතින් පොත අතපත ගාද්දී මම පොතේ පිටු පෙරලමින් ඔහුට උදව් වුණා. 


සුනිල් මාධව සංස්කරණය කළ දිවයින පත්තරේ "අටවෙනි පිටුව"ට ලිව්වත් මා මුලින්ම ඔහුව මුණ ගැහුණේ ඊට වසර කිහිපයකට පසුව "ලක්මිණ" පත්තරේ පටන් ගත්තාට පසුව බව මෙන්ම ඒ හමුව හා ඉන්පසු අප අතර වූ සබැඳියාව ගැන මා "නොකී කතා" පොතේ සුනිල් මාධව ප්‍රේමතිලක වෙනුවෙන් වෙන් කළ පරිච්ඡේදයේ සටහන් කොට ඇති නිසා ඒ ගැන වැඩිමනත් ලියන්නේ නැහැ.

සුනිල් මාධව සෙවනේ මහගිරිදඹ තරණය කළ බෙහෝ දෙනෙකු අතින් ඉටුවිය යුතු සද්කාර්යයක් අසංගි අංජු විජේසූරිය නම් වූ රසිකාවිය කරටගෙන සිටිද්දී ඒ වෙනුවෙන් කළ හැක්කේ හැකි සෑම දෙනාම මේ අවස්ථාවට සහභාගිවීම කියලයි මට හිතෙන්නේ.

මේ සද්කාර්යය ගැන තැන තැන කියවෙන විවිධ කතාබහට අසංගි සොයුරිය ෆේස්බුක්හි දැක්වූ ප්‍රතිචාරය මෙසේ ගෙනහැර දක්වන්නට කැමැතියි.

++++++++++++++++++++++++++++++++++++++++++
සහෝදරවරුනි.. ඉතාම කෙටියෙන් පැහැදිලිව කිවයුතු යමක් ඇත. මෙම
උපහාරය දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් මඟින් සංවිධානය
කරන්නක් නොවේ.
නමුත් පක්ෂ බේදයකින් තොරව පුද්ගලිකව සියල්ලන් මට මේ විටත් විවිධ කාර්‍යන්හිදී සහය පළකර ඇත.හදවත් ඇත්තන් සහ සුනිල් මාධව ප්‍රේමීන් ලෙස ඔවුන්ගේ සහය ලබාගත්තා මිස දේශපාලන මතය මත ලබාගත් සහයක් නොවේ.

මෙහි නිවේදන කටයුතු කිරීමට අසංක සායක්කාර සම්බන්ධවන පමණින්, සංවිධාන කටයුතුවලට නලින්ද සංජීව ලියනගේ සහය දෙන පමණින් මෙය පෙරටුගාමී සමාජවාදී පක්ෂය මඟින් සංවිධානය කරන්නක් බව සිතා සිටින්නන් පිළිබඳව කණගාටු වෙමි. ඔවුන් දෙදෙනාම පෙරටුගාමීන් බව සත්‍යකි. නමුත් මේ සඳහා මා ඔවුන්ගේ සහය ලබාගත්තේ පුද්ගලිකව සුනිල් අයියා පිළිබඳව ඔවුන් තුළ ඇති හිතෛෂීභාවය හේතුවෙනි. මෙය මාගේ පුද්ගලික මුදලින් සහ මගේ හිතමිතුරන්ගේ සහයෙන් සිදුකරන්නක් මිස වෙනයම් පක්ෂයක හෝ කණ්ඩායමක ක්‍රියාවක් නොවේ.

හදවත් ඇති පෙරටුගාමීයෝත් හදවත් ඇති ජවිපෙ සහෝදරවරුනුත් මේ සඳහා දේශපාලනික මතය පසෙකලා පුද්ගලිකව මට සහය දුන් අතර එසේ දුන් හා දෙන සහය ඉතා අගයකොට සළකමි.
සුනිල් අයියා යනු ජවිපෙ සහෝදරත්වයටත්, පෙරටුගාමීන්ටත් පමණක් නොවේ මෙරට තුළ සියලු මානවහිතවාදීන්ට පෙරගමන්කරුවෙකු වූ චරිතයකි.එබැවින් සුනිල් අයියා සිය 50 වසරක මාධ්‍ය ජීවත අත්දැකීම් අතීතාවලෝකනය කරන මොහොතේ, ඔහු විසින්ම ලියූ සිය මාධ්‍ය ජීවිත අත්දැකීම් සහිත "නොනිමි ජීවිත කතාව" එළිදක්වන මොහොතේ, ඔහු වෙත ජනතා උපහාර පිරිනැමීමට සියලු සුනිල් මාධව ප්‍රේමීන් එක්විය යුතුබව මඟේ හැඟීමයි.
මෙම උළෙල යම්කිසි දේශපාලන පක්ෂයක් විසින් සංවිධානය කරනවා යැයි වැරදි වැටහීමකින් යුතුව, මීට සහය පළකිරීමෙන් හා සහභාගීවීමෙන් වැළකී සිටින සියලු මාධ්‍ය ආයතන, සංවිධාන සහ දේශපාලන කණ්ඩායම් වලට එම වැරදි වැටහීම ඉවත්කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
එසේ වැරදි වැටහීමකින් යුතුව මෙම උළෙල වර්ජනය කිරීමට උත්සහ කිරීමෙන් පැහැදිලිවම ප්‍රකට වන්නේ, වත්මන් සමාජ දේශපාලන ව්‍යාපාර තුළින් සහෝදරත්වය සහ මානුෂිකත්වය ගිලිහී ගොස් ඇතිබවයි.
එසේ ගිලිහී යන මානුෂිකත්වය සහ සහෝදරත්වය යළි අවුලුවාලමින්, පුබුදුවාලමින් "සුනිල් අයියා" වෙනුවෙන් ,ඔහුගේ 50 වසරක සමාජ හා මාධ්‍ය මෙහෙවර උදෙසා උපහාර පිදීමට මා හා අත්වැල් බැඳගන්නා මෙන් මෙම උළෙලේ සංවිධායක ලෙස සියලු සුනිල් මාධව ප්‍රේමීන්ට හෘදයාංගමව ඇරයුම් කරමි!!
ඔබ
වර්ණ වශයෙන් රතු, කහ, කොළ හෝ නිල් විය හැක..
වෙනත් වර්ණයක් ද විය හැක..
එහෙත් එහැම වර්ණධාරියෙකුගේම හදවත රතු යැයි මම හඟිමි..
ඒ ලෙයෙහි රතයි..
සුනිල් අයියා දරන්නේ අන්න ඒ රතයි..
ඉතින් වර්ණහරණය කර ඔබත් එන්න..
සුනිල් අයියාගේ හදවත දකින්න..
මේ සත්‍යවාදියෙකු සිය අඩසියවසක මාධ්‍ය සැමරුම් අතීතාවලෝකනය කරන මොහොතයි..
එතැනට ඔබේ වර්ණයන් රැගෙන ආ යුතු නැත..
මන්ද ඒ මනුෂ්‍යත්වය වර්ණවත් කළ සුනිල් අයියාගේ සැදෑව බැවිනි..

අසංගි විජේසූරිය
++++++++++++++++++++++++++++++++++++++++++

සුනිල් මාධව ප්‍රේමතිලකට ආදරය අැවැසි මොහොතක කුහක දේශපාලන
පාට කන්නාඩි පසෙකලා, පංගුපේරු ඉවතලා, සුනිල් අයියාගේ භාවිතයේ හෝ පෞද්ගලික ජීවිතයේ කෝන්තර හුවා දක්වන්නේ නැතිව මාර්තු 10 දා කොළඹ මහජන පුස්තකාලයට මොහොතකට ගොඩවදිනවා කියන්නේ මරණය පෙනි පෙනී එක්තරා අඳුරු යුගයක සුවහසක් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් අභීතව පෑන මෙහෙයවූ සෙන්පතියෙකුට දක්වන

අනුපමේය ලෙන්ගතුකමක්.....

කළගුණ සැළකීමක්.......








කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න

26 comments:

  1. මා ලියූ යුධ විරෝධී කවියකුත් ඔහු අටවෙනි පිටුවේ පළ කළා. සොල්දාදුවෙකු ගැන ලියවුණු ඒ කවිේ‍රන් මට මතක (රයිම් වෙන) පද දෙකක් පමණයි.

    මරණ සහතිකය අත්සන් කරතී
    වන්දි ලබා ඉන් පණ ගැට ගසතී

    පසුව මා නිරීක්‍ෂණය කළ දෙයක් නම් සුනිල් මාධව තම මානව හිතවාදය අමතක කොට ජවිපෙ විසින් ඇරඹූ ජාතිවාදී දේශපාලනයට කෙමෙන් ගොදුරු වූ බව! ඒ ආකාරයේ ලිපි අටවෙනි පිටුවේ පළවෙන්න පටන් ගත්තා!

    මා එයින් පුදුමයට පත්වුණුණ බව කිව යුතුයි.

    ReplyDelete
  2. මේ පත්තර කාරයෝ, නළුවෝ, ගායකයෝ, බීලා මැරෙන එක නවත්තන්න ක්‍රමයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. බීල මැරෙනව නං සුනිල් අයිය අරක්කු, සිගරැට් බිව්ව විදිහට මැරුණ තැන ගසුත් පැළවෙලා.

      Delete
  3. වැඩේට සුභ පතනවා. අපි දන්නා කාලයේ සිට අගය කළ සහෘදයෙකි. හිත හොද මිනිහෙක් නිසාවෙන් ම..... සහයෝගයක් වශයෙන් බ්ලොගයේ මෙම බැනරය එල්ලුවෙමි.

    http://kurutugegeepawra.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එල්ලුවාට.

      Delete
  4. සුබ පැතුම්.

    ReplyDelete
  5. සුනිල් මාධවයන්ගේ පසුකාලීන මාධ්‍ය භාවිතාව ගන ගැටළු තිබුනත් ඔහු සැබෑ මනුස්සයෙක්.සැබෑ පත්තරකාරයෙක්.මිනිසෙක්, හඬනු මැන නිදහස, ඇමරිකා ඇමරිකා, සත්‍යවාදියාගේ දිනපොත වෙනි පොත් හරහා ඔහු අපිට ජීවිතය කියාදුන්නා.මම තාමත් බලන් ඉන්නවා ඔහු මිනිසෙක් දෙවනිකොටස පරිවර්තනය කරනකම්.පුළුවන්කමක් තිබුනොත් මමත් එතන ඇති.
    මේ වගේ මිනිසෙක් ගැන සටහනක් තැබූ ඔබටත් මගේ උපහාරය....

    ReplyDelete
    Replies
    1. සුනිල් මාධව ප්‍රේමතිලකට ආදරය අැවැසි මොහොතක කුහක දේශපාලන
      පාට කන්නාඩි පසෙකලා, පංගුපේරු ඉවතලා, සුනිල් අයියාගේ භාවිතයේ හෝ පෞද්ගලික ජීවිතයේ කෝන්තර හුවා දක්වන්නේ නැතිව මාර්තු 10 දා කොළඹ මහජන පුස්තකාලයට මොහොතකට ගොඩවදිනවා කියන්නේ මරණය පෙනි පෙනී එක්තරා අඳුරු යුගයක සුවහසක් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් අභීතව පෑන මෙහෙයවූ සෙන්පතියෙකුට දක්වන අනුපමේය ලෙන්ගතුකමක්.....කළගුණ සැළකීමක්.......
      කියල ලිව්වෙ ඒනිසයි.

      Delete
  6. සත්‍යවාදියාගේ දිනපොත මම හොයන පොතක්.

    ReplyDelete
    Replies
    1. දැන් වෙළඳ පොළේ නැතිව ඇති.

      Delete
    2. උපහාර උළෙල දවසේ විකුණන්න තිබුණා. අසංගිගෙන් ඇහුවොත් දැනගතෑකි..

      Delete
  7. namin sunil ayiyawe andunene aye boho wethi, eheth ohu kele abheethe meheye pilibande owunete awebodeyak nathe, mee wenekote sunil ayiya wata inneede ewani koteseki, ohu LEGEND EKAK UNATE PASU EKETHU WOO UNTE WADA ohu ee dakwa pamini maargeye sitiyewun gaureweneeyai, sunil ayiya rebel journalist kenekde kiya danne un pamenayi

    ReplyDelete
  8. වැඩේ සාර්ථක වේවායි ඉතා සිතින්ම ප්‍රර්ථනා කරනවා. අපේ නියෝජනයක් උත්සවේට එවන්නම්..

    ReplyDelete
    Replies
    1. මගේ පැතුමත් එසේමයි. පාට කන්නාඩි දාන අය නාවාවෙ. හෘදශාක්ෂියක් තියෙන යන්න ඉඩක් තියෙන අය නොගිහින් ඉන්න එකක් නැහැ.

      Delete
  9. ජීවිතය වරද්දා ගත් පුද්ගලයකු වේ නම් ඔහු පුවත්පත් කලාවේදියකු විය යුතු යැයි පත්තරකාරයන් සම්බන්ධයෙන් බටහිර වූ එක් අපූර්ව හැඳින්වීමක් වේ. එහෙත් මේ වරද්දා ගැනීම ද පත්තර කලාව තුළ මාධ්‍යවේදීන්ගේ විශ්වාසය මත රඳා පවතී. සියල්ලට වඩා ජීවිතය අගනේය යනුවෙන් වූ පාඩමක් ගවේෂණාත්මක මාධ්‍යකරණයේදී පවා උගන්වනු ලැබුව ද සිය ජීවිත පවා අනතුරේ හෙළා අතුරේ යෑමට නොපැකිළෙන මාධ්‍යවේදියෝ එදත් සිටියහ. අදත් සිටිති. ඔවුන්ට පැහැදිලි දේශපාලනයක් ඇති අතර ඒ දේශපාලනයේ සීමා මායිම් තීරණය වන්නේ පොදු ජනයාට ඇති ප්‍රේමය මතය. පන්හිඳ කගපතක් සේ දකින එවැන්නෝ මහජනයාගේ සෙනෙවිවරු වෙති. රාජ්‍ය පුරා භීෂණය පැතිරී ගිය අවසන් අඳුරු සමයේදී එසේ පන්හිඳ කගපතක් කරගත් සෙනෙවිවරු රැසක්ම වෙති. සුනිල් මාධව ප්‍රේමතිලක යනු එම සෙනෙවිවරුන් අතර සිටි පෙරමුණේ රාල කෙනෙකි. මාධ්‍ය දිවිසැරියේ අඩසියවසක් සපිරෙන මොහොතේ ජනතා පත්‍රකලාවේදියකු හැටියට සිය ආදරණීය සගයන්ගෙන් මෙන්ම සුවහසක් වූ සහෘද සටන් සගයන්ගෙන් පාඨක ජනයාගෙන් බුහුමන් ලැබීමට තරම් සුනිල් අයියා භාග්‍යවන්ත වී ඇත්තේ එහෙයිනි.

    ReplyDelete
    Replies
    1. බිඟුන් හරියටම කියල තියෙනවා. සුනිල් අයියා අභීත පුවත්පත්කලාවේදීන් අතර පෙරමුණේ රාළ කෙනෙක්. දැන් එහෙම අය නැති තරම්.

      Delete
    2. හිතුව විදියටම පාට කණ්ණාඩි ගලවලා හැමෝම වගේ ඇවිල්ලා හිටියා. මෑත කාලෙ දේශපාලන පක්ෂෙකටවත් එච්චර සෙනඟක් රැස්කරගන්න බැරිවුණා. සුනිල් අයියා කියන්නෙ මිනිසෙක් නෙවෙයි යුගයක් කියලා කියන කතාව ඇස් පනාපිට ඔප්පු වුණා. සංවිධායකයන්ට තුති..

      Delete
  10. වැඩේ ඉවර වුණාටත් පස්සෙයි මේ ලිපිය දැක්කේ. ලිව්ව එක හොඳයි. සත්‍යවාදියෙකුගේ දිනපොත ඉතාමත් අසාවෙන් කියවපු කොලමක්. චූලා ප්‍රධාන දේශනයේදී එදා මම අහනවා නම් අහන්න සිටි ප්‍රශ්නය ඇහුවා. එක් අඳුරු යුගකදී සංවේදී ව ඔහු තවත් අඳුරු යුගයකදී එසේ නොවුනේ හෙවත් නිහඬව සිටියේ ඇයිද කියා. මං හිතන්නේ රස්කිඅලොජිස්ට් ඉහත කියා ඇත්තෙත් එයයි.

    ReplyDelete
    Replies
    1. මම ඔය අඳුරු යුග නිර්වචනය කරන්නෙ දෙයාකාරයකට නිසා ලොකු පරස්පරයක් දකින්නේ නැහැ. LTTE එකේ ම්ලේච්ඡත්වය ඉදිරියේ දැක්වන්නට සිදුවූ ප්‍රතිචාර මෙන්ම යුද්ධය අවසාන කිරීමෙන් සාමාන්‍ය ජනතාව ලැබූ සහනය ගැන හිතද්දි සමහරු කතා කරන්නෙ මැරිල උපන්න වගේද කියල හිතෙනවා.

      Delete
    2. මම ඔය අඳුරු යුග නිර්වචනය කරන්නෙ දෙයාකාරයකට නිසා ලොකු පරස්පරයක් දකින්නේ නැහැ. LTTE එකේ ම්ලේච්ඡත්වය ඉදිරියේ දැක්වන්නට සිදුවූ ප්‍රතිචාර මෙන්ම යුද්ධය අවසාන කිරීමෙන් සාමාන්‍ය ජනතාව ලැබූ සහනය ගැන හිතද්දි සමහරු කතා කරන්නෙ මැරිල උපන්න වගේද කියල හිතෙනවා.

      Delete
  11. ඔතන පැති ගොඩක් තිබෙනවානේ. ඔය කියන තරම් සුදු කළු නැහැ ඒ කතාව. LTTE එක වෙනම අරගෙනකතා නොක‍ර ද්‍රවිඩ ජනතාව විඳපු දුක සහ ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම්, ජනතා විමුක්ති පෙරමුණේ තිරශ්චින ක්‍රියා කලාපය , අහිංසක යුඇන්පී කාරයන්, වාමාංශික පක්ෂවල අය ඝාතනය කිරීම , හමුදා භටයන් මැරිම , එසේම එහම කලත් ඔවුන් ඉදිරිපත් වුනේ කා සඳහාද යන් ඔවුන් දැන් අනුස්මරණය කරන්නේ වීරයන් වශයෙන් වීම andvue මර්දනය තුලින් බැට කෑ අහිංසකයන් ගැන. ආණ්ඩුවේ අසීමිත කෘරත්වය ජවිප සාමාජිකයන්ට හා පවුල්වලට එරෙහිව. ආණ්ඩුවේ කෘරත්වය LTTE එකට එරෙහිව. ආණ්ඩුවේ කෘරත්වයදෙමල ජනතාවට එරෙහිව. LTTE එකේ කෘරත්වය සිංහල ගම් වල හා පොදුවේ සිංහල ජනයාට එරෙහිව. ඔය වගේ ගොඩක්. ඒ නිසා මැරිල් උප්පන්න් කියන කතාවම වැරදි කතාවක් . ලංකාවට සාමකාමී වෙන්න කවදාවත් බැහැ ඔය විධිහට හිතුවොත්. සමාව දීලම තමා එතනට යන්න පුළුවන්.

    ReplyDelete
  12. සුනිල් පරිවර්තනය කල "මිනිසෙක්" සීරීස් එක තමයි මගේ ප්‍රියතම

    ReplyDelete