Powered By Blogger

Thursday, 27 March 2025

රෝහිණී ළමාරත්නගේ රෙදි ඉල්ලේ...

 රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගේ පියාණෝ තරුණයන් 8 දෙනෙක්ට ජීවිත අහිමි කරවපු බැනර් එකක් තමා මේ..



1989 මහ මැතිවරණයට ලග්ගල ආසනයට " එ.ජා.ප. යෙන් තරග වදින්නේ " ජම්බුගහ පිටියේ විජේරත්න බණ්ඩා" .
මේ තියෙන්නේ ඔහුගේ මැතිවරණ දැන්වීම් බැනර් එකක්.
මෙන්න මේ බැනර් එක එක්තරා රාත්‍රියක තරුණයන් පිරිසක් ගලවා ඉවත් කරනවා..
මේ කියන විජේරත්න බණ්ඩා තමන්ගේ ප්‍රතිචාරය දක්වන්නේ, ඒ සිද්ධියට සම්බන්ධයි කියලා තරුණයන් 8 මාතලේ මහකන්ද කියන ප්‍රදේශයට අරන් ගිහින් දස වද දීලා, ඝාතනය කරලා.. බලකඩුව කන්දට ගිහින් දාපු එක..
ඒත් එක්කම ඒ කාලසීමාවෙදිම තරුණයන් 24 දෙනෙක් පැහැරගෙන , වදයට ලක්කරලා ඝාතනය කරලා, ඔවුන්ගේ හිස කඳින් වෙන්කරලා,
ඒ ඔළු .. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අල්විස් වටරවුමේ වැටේ කම්බිවල අමුණනවා..
ලග්ගල වගේම රත්තොට ප්‍රදේශය තමා මාතලේ වැඩියෙන්ම මෙවැනි සිද්දි උනේ..
විජේරත්න බණ්ඩා ලගේ කවිරත්නලාගේ කෙරුවාව තාම ඔය ප්‍රදේශවල මිනිස්සු දන්නවා.
ඊටත් පස්සේ විජේරත්න බණ්ඩා තමන්ගේ දුව රෝහිණීව , කවිරත්නගේ පුතාට බන්දලා දෙනවා.. රෝහිණී විජේරත්න , රෝහිණී කවිරත්න වෙනවා. පස්සෙ ළමාරත්න...😂 බබාරත්න😂😂 වෙනවා.
1994 දි ඒ විවාහය සිද්ද කරන්නෙත්,
තමන්ගේ බැනර් එක කැපුවා කියලා තරුණයන් 8 දෙනෙක්ගේ ජීවිතය අහිමි කරවපු මහකන්ද ප්‍රදේශයේ මයි.
(සංශෝධිතව සකස් කළේ මාලන් ජයකොඩිගේ සටහනකින්.)
======================
එහෙම මිනීමරු අප්පගෙ දුව පාර්ලිමේන්තුවේ මරපු ලිස්ට් එකක් කියවනවා. ඉස්සෙල්ලා කියවපං අප්ප මරපු තරුණයින්ගේ නම් ලිස්ට් එක.
 

Monday, 17 March 2025

සංචාරේ- කුංචිකුලම් එල්ලෙන පාලම - Kunchikulkam Hanging Bridge


 කුංචිකුලම් එල්ලෙන පාලම නොහොත් සංගිලි පාලම 

මැදවච්චිය-තලෙයිමන්නාරම පාරේ මන්නාරමට කි.මී. 42ක් දුරින් පිහිටා ඇත. දිගින් මී.100 වන මෙම පාලම, මල්වතු ඔය ඉවුරු දෙකක් යා කොට මගීන්ගේ ගමනාගමන පහසුව සඳහා ඉංග්‍රීසී සමයේ ඉදි කරන ලද්දකි. 

මඩු වන්දනාවට එන අයගේ ආකර්ශනයට ලක් වූ ස්ථානයකි. Kunchikulam Suspension Bridge is situated along the Medawachchiya-Talaimannar Highway in Kunchikulam in the northern part of Sri Lanka. 

It stretches across the Malwathu Oya and is also known as Hanging Bridge and Sangili Paalama. 

The suspension bridge is more than 100 m long and can be seen en route to the Madhu Church when coming from Medawachchiya. Distance from Mannar to Kunchikulam is 42.0 km 

 කුංචිකුලම් එල්ලෙන පාලම

 

Saturday, 8 March 2025

Arippu Fort - அரிப்புக் கோட்டை- අරිප්පු බලකොටුව


න්නාරම ප්‍රදේශයේ පිහිටි අරිප්පු බලකොටුව සාදන ලද්දේ පෘතුගීසීන් විසින් වුවද පසු කාලීනව 1658 දී ලන්දේසීන්ගේ පාලන සමයේ ඔවුන්ගේ ග්‍රහණයට නතු වුණා. මෙය පිහිටා ඇත්තේ මන්නාරමේ සිට කි.මී. 16 ක් දුරිනි. 

 ලංකාවේ පළමු ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වුණ ෆ්‍රෙඩ්‍රික් නෝත් මේ බලකොටුවේ පදිංචිව සිට අනතුරුව අරිප්පු ඩොරික් බංගලාව සිය වාසස්ථානය කර ගත් බවත් කියවෙනවා. මහනුවර රාජධානියේ සිරකරුවෙකුව සිටි රොබට් නොක්ස් 1679 දී පළා ඇවිත් සැඟවී ඇත්තේද මේ අරිප්පු බලකොටුවේයි.

 තවත් විස්තර කතා කෝච්චියෙන්.

අරිප්පු බලකොටුව

 


 

Wednesday, 5 March 2025

සංචාරේ.. තිරුකේතීස්වරම් කෝවිල

 


සංචාරේ..
 
Thiru Ketheeswaram Kovil 
 
තිරුකේතීස්වරම් කෝවිල 
 
திருக்கேதீஸ்வரம்
 
 
 මන්නාරමේ තිරුකේතීස්වරම් කෝවිල ගැන අහන්න. දැනගන්න.
පහත වීඩියෝව නරඹන්න.
 

Monday, 10 February 2025

රාණි චිත්‍රපට විචාරය

 


දීර්ඝ විචාරයක් අකුරු කිරීමේ අපහසුව නිසා පළමු වතාවට සිනමා විචාරය මගේ හඬින්....

 රාණි