Powered By Blogger

Wednesday 1 February 2023

"එයා දැන් බැඳලා" පිස්සුවක් තමයි

 


"දඬුබස්නාමානය", "දුන්හිඳ අද්දර", "ඇල්ල ළඟ වලව්ව", "කඩුල්ල" බලන්න රෑ වෙද්දි ටීවී එක ළඟ සැදී පැහැදී උන්න කාලයක් තිබුණා. 
 
ගමනක් බිමනක් ගියත් සෙනසුරාදා ඉරිදා රෑ වෙද්දි ගෙදර ආවෙ මේ අපූරු ටෙලි සිතුවම් (ටෙලිනාට්ය) මගහැරෙයි කියන බයට.
 
ඊට පස්සෙ ටෙලි බඩකඩෙත්තු එපාම වුණා
ටීවී බැලිල්ලත් අත හැරියා.
 
ටෙලිනාට්ය වලින් කලාව කරන්න බෑ. වෙළඳ භාණ්ඩයක් විතරයි කියන මගේ අදහසට පෙර කී ටෙලිසිතුවම් අභියෝගයක් වුණා වගේම, ආයෙම ටීවී බලන්න රෑ වද වෙන්නෙ නැතිව යූටියුබ් එකෙන් එදාම හෝ පහුවදා බලන්න හිතෙන කලාත්මක (විටෙක සිනමාත්මක) ගුණයෙන් හෙබි ටෙලි සිතුවම් කීපයක් බිහි වුණා. 
 
මගේ වින්දන මට්ටම අනුව නම් කළොත් මා එසේ නොවරදවා නැරඹුවේ "A/L ඉවරයි", හා "කූඹියෝ" පමණයි. 
 
කාලෙකට පස්සෙ විකාශය වන "එයා දැන් බැඳලා" ටෙලි සිතුවම තවත් අපූරු නිර්මාණයක්. 
 
සෙනසුරාදා, ඉරිදා රාත්රියේම හෝ පසුදා උදේම බලන්න හිතෙන එක්තරා "පිස්සුවක්" තමයි "එයා දැන් බැඳලා". 
 
නොබැලූ අය එක කොටසක් බලන්න. පිස්සුව හැදෙනවා.
 
සේමිනි, මහේන්ද්ර, සරත්, ප්රදීප් උඹලා නියමෙට රඟපානවා. 
ප්රසන්න...වැඩේ පට්ට.

 

එයා දැන් බැඳලා 

 

අහල බලන්න. අදහස් කියන්න.

දිගටම අහන්න කැමැති නම්  subscribe කරලා bell අයිකන් එකත් ක්ලික් කරන්න.

සෙස්ස පස්සට…

 

1 comment:

  1. දෙකක් තුනක් බැලුවා . කම්මැලි හිතුන

    ReplyDelete