Powered By Blogger

Saturday 11 March 2023

"බලහත්කාරයෙන් සමාජවාදය ගොඩනැගිය හැකිද?"

 

2019 වසරේදී මා ලියූ "නාඳුනන තුවක්කුකරුවාගේ කතාව" ග්‍රන්ථය එළිදැක්වුණු අවස්ථාවේදී ප්‍රධාන දේශනය කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ලේකම්වරයෙකු හා වර්තමානයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ලයනල් බෝපගේ සිදු කළ ප්‍රධාන දේශනය....


2 comments:

  1. මම හිතන්නේ බලෙන් සමාජවාදයට ඇදල දැම්ම නෙවෙයි, කලින් හිටපු පාලකයන්ගේ නොහැකියාව විශේෂයෙන්ම නන්දසේනගේ මෝඩ තීරණ නිසා වලපල්ලට ගිය ලංකාවේ මිනිස්සුන්ට වෙන විකල්පයක් නැතුව ගියා , එකයි ජවිපෙට මිනිසුන් එකතුවී සිටින්නේ හා එළබෙන මැතිවරණයෙන් වැඩි පළාත් ගණනක බලය ලබගන්නෙත් .

    ReplyDelete
  2. @ නොකී කතා,

    ඔබ අපගේ සමාජ විප්ලවයට එරෙහිව අදහස් දක්වන අතිශය ප්‍රතිගාමී ද්‍රෝහී කෙනෙක් බව මේ පෝස්ට් එකෙන් පේනවා, වහාම එසේ නොවන බව තහවුරු කරන මෙන්ද ඒ බව පැහැදිලිව සඳහන් වන පරිදි අලුත් පෝස්ට් එකක් දමා වරද පිළිගෙන සමාව ඉල්ලන ලෙසද නුඹට අප මෙහිදී නියෝග කර සිටිමු.

    ඉතා ඉක්මණින් ලංකාවේ අප විසින් පාලනය අත් පත් කරගෙන පිහිටුවන නවීන සමාජවාදී ජනතා රජයක් යටතේ මෙවැනි ප්‍රතිවිප්ලවවාදී අගතිගාමී ද්‍රෝහී ක්‍රියාවල යෙදුනු සමාජ විරෝධී කටයුතු සිදුකර ජනතාවාදී සමාජ විප්ලවයට බාධා සිදුකර ඇති හෙන්රි වර්ණකුලසූරිය වැනි රජයේ විශ්‍රාම වැටුප් මත ජීවත් වන හිටපු රජයේ මර්දනකාරී යන්ත්‍රයකින් ශේෂ වූ හමුදා නිලධාරීන් වැනි ප්‍රතිගාමී පුද්ගලයන්ට දැනට ලැබෙන රජයේ විශ්‍රාම වැටුප් වහාම අත්හිටුවීමට තීරණය කරනු ඇති අතර මෙබඳු අය ද්‍රෝහීන් බවට පක්ෂයේ විශේෂඥ කමිටු මගින් තීරණය කළහොත් අනිවාර්යයෙන්ම රාජ්ය සේවයෙන් ඉවත් කර ඔවුන් පුනරුත්ථාපන කටයුතු සඳහා ප්‍රති අධ්‍යාපන කදවුරු වලට යවා දුෂ්කර පළාත්වල සේවයට යවන බව දැනගත්තොත් හොදයි, ඇත්ත වශයෙන්ම ප්‍රතිගාමින්ට අපෙන් සමාවක් නෑ, එදා සෝවියට් රුසියාවේ මෙවැනි දෑ සිදුකළ අය මරණයට මුහුණ දුන්නා ඇතැමුන් සයිබීරියාවේ කඳවුරුවල ජීවිතයේ ඉතිරි කාලය ගස් කපමින් කොටන් සකසමින් ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගත කරමින් විඳවමින් ජීවත් උන බවත් නුඹට තේරුම් කර දෙමින් ශ්‍රී ලංකාවේත් ඉතාමත්ම දුෂ්කර බදුල්ල ඌව පළාත මොණරාගල උතුරු නැගෙනහිර පළාත් ආදී අසීරු පැති තිබෙන බව මතක තබාගන්න කියා පවසමු. ඒ නිසා ඉහත නියෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු වැඩ නවතා මේ දැන්ම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනු.

    ReplyDelete