Powered By Blogger

Monday 24 June 2024

නැගී එන නළුවාට බකට් ප්‍රහාරයක්...

 * චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ නම ඉවත් කළ ගුවන්විදුලි දැන්වීම හා වෙනත් එවන් දැන්වීම් ගැන මුලින්ම.|


  

 * අධ්‍යක්ෂ වරයා හඬනගා ඇක්ෂන් කිව්වා. ජීවන් කුමාරතුංග මහවැලි ගඟ උඩින් වැටී ඇති අක්බාර් පාලමේ පැත්තෙන් ඇවිදගෙන ආවා. සනත් ගුණතිලක ඔහුට මුණ ගැහෙන්න නියමිතව තියෙන්නේ ගම්පල පාර අසල දී. ඒ අනුව සනත්ද එතැනට ඇවිද ගෙන ආවා. ඒ සමඟ සමග ද්වන්ද සටන ඇරඹුණා. 

 සටන ආරම්භ වෙන්න ඔන්න මෙන්න. බකට් පාර කෙලින්ම ජීවන්ට. වතුර පිරවු උරයක් උඩින් ගිහිං සනත්ගේ ඔලුවේ වැදී මුළු ඇඟම නෑවුණා. ෂූටිං එතනින්ම හමාරයි. මේ කතා අහන්න..පහත link එකෙන්. 

නැගී එන නළුවාට බකට් ප්‍රහාරයක් 

 

Thursday 13 June 2024

කොල්ලො ගෙනා දර මිටි අස්සේ කට පුංචලා...

 

එකල ගුවන්විදුලියේ කලාකරුවන්ගේ නම් වාරණය කිරීමේ සිද්ධි කිහිපයක් සමඟ ප්‍රේමදාස ජනාධිපති කලාකරුවන් බිලිබාගත් අයුරු මෙවර කතා කෝච්චියෙන් මුලින්ම.
 
"පාරදිගේ" චිත්‍රපටය ගුවන්විදුලියෙන් ප්‍රචාරය වෙද්දී එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ විජය කුමාරතුංග හා  සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රේමසිරි කේමදාස ගේ පමණක් නොව චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ධර්මසේන පතිරාජගේත් නම් ගුවන් විදුලියෙන් ප්‍රචාරය තහනම් වුණා. ඉතිං කොහොමද ප්‍රචාරය දියත් කළේ...?
 
ඒ් වගේම සයිමන් නවගත්තේගම, සුගතපාල ද සිල්වා, තිස්ස අබේසේකර වැන්නන්ගෙන් පමණක් නොව වාමාශිකවෙකු වූ ධර්මසේන පතිරාජගෙන් වැඩගන්න තරම් ප්‍රේමදාස සූක්ෂම වුණා.

ඒ එක්කම කොල්ලො ගෙනා දර මිටි අස්සේ කට පුංචලා දුටු පතිරාජ රූගත කිරීම් වාත කළ ආකාරයත් මෙවර කතා කෝච්චියෙන්.
 
හෙන්රි වර් ණකුලසූරිය කියන කතා - කතා කෝච්චිය අහන්න, දකින්න පහත YouTube චැනලය subscribe කරන්න.
 ‍