රෝහිණී කවිරත්න මන්ත්රීවරියගේ පියාණෝ තරුණයන් 8 දෙනෙක්ට ජීවිත අහිමි කරවපු බැනර් එකක් තමා මේ..
Thursday, 27 March 2025
රෝහිණී ළමාරත්නගේ රෙදි ඉල්ලේ...
Monday, 17 March 2025
සංචාරේ- කුංචිකුලම් එල්ලෙන පාලම - Kunchikulkam Hanging Bridge
කුංචිකුලම් එල්ලෙන පාලම නොහොත් සංගිලි පාලම
මැදවච්චිය-තලෙයිමන්නාරම පාරේ මන්නාරමට කි.මී. 42ක් දුරින් පිහිටා ඇත. දිගින් මී.100 වන මෙම පාලම, මල්වතු ඔය ඉවුරු දෙකක් යා කොට මගීන්ගේ ගමනාගමන පහසුව සඳහා ඉංග්රීසී සමයේ ඉදි කරන ලද්දකි.
මඩු වන්දනාවට එන අයගේ ආකර්ශනයට ලක් වූ ස්ථානයකි. Kunchikulam Suspension Bridge is situated along the Medawachchiya-Talaimannar Highway in Kunchikulam in the northern part of Sri Lanka.
It stretches across the Malwathu Oya and is also known as Hanging Bridge and Sangili Paalama.
The suspension bridge is more than 100 m long and can be seen en route to the Madhu Church when coming from Medawachchiya. Distance from Mannar to Kunchikulam is 42.0 km
Saturday, 8 March 2025
Arippu Fort - அரிப்புக் கோட்டை- අරිප්පු බලකොටුව
මන්නාරම ප්රදේශයේ පිහිටි අරිප්පු බලකොටුව සාදන ලද්දේ පෘතුගීසීන් විසින් වුවද පසු කාලීනව 1658 දී ලන්දේසීන්ගේ පාලන සමයේ ඔවුන්ගේ ග්රහණයට නතු වුණා. මෙය පිහිටා ඇත්තේ මන්නාරමේ සිට කි.මී. 16 ක් දුරිනි.
ලංකාවේ පළමු ඉංග්රීසි ආණ්ඩුකාරයා වුණ ෆ්රෙඩ්රික් නෝත් මේ බලකොටුවේ පදිංචිව සිට අනතුරුව අරිප්පු ඩොරික් බංගලාව සිය වාසස්ථානය කර ගත් බවත් කියවෙනවා. මහනුවර රාජධානියේ සිරකරුවෙකුව සිටි රොබට් නොක්ස් 1679 දී පළා ඇවිත් සැඟවී ඇත්තේද මේ අරිප්පු බලකොටුවේයි.
තවත් විස්තර කතා කෝච්චියෙන්.
Wednesday, 5 March 2025
සංචාරේ.. තිරුකේතීස්වරම් කෝවිල





