Powered By Blogger

Sunday 16 August 2015

ඡන්දෙන් කොරයි බම්බුවක්.....


න්දෙන් කොරයි බම්බුවක් රටට.

මෙච්චර කාලෙකට කොරල තියෙනවද ?


මම නං මේ දක්වා ගෙවී ගිය කාලෙදි කිසිදු පාර්ලිමේන්තු මැතිවරණයකදි මගේ වටිනා ඡන්දය පාවිච්චි කරල නැහැ.


අඩුම ගානෙ මහමැතිවරණයකදි ඡන්ද පොළට ගිහිල්ලවත් නැහැ.


එක එක තක්කඩි පාර්ලිමේන්තු යවල පහුව දා ඉඳං උන්ගෙ ගොංපාට් බලනවට වඩා නරකද ඔය ප්‍රෝඩාවට හවුල් නොවී ඉන්න එක.


හැබැයි විශේෂ හේතු මත ජනාධිපතිවරණ තුනකදි ඡන්දෙ දාල තියෙනව.


එක - 1982 දී මගේ පළමු ඡන්දය නිසා ඡන්ද පොළට ගියා. රෝහණ විජේවීර සහෝදරයට කතිරෙ ගැහුව.


දෙක - 1988 දී එවකට නාවික හමුදාවෙ සේවය කරමින් උන්න නිසා ඡන්දෙ නොද‍ා ඉන්න එක සැකයට තුඩු දෙන්න පුළුවන් බැවින් ඡන්දෙ කුරුටු ගාල දැම්ම.


තුන - 2010 දී තකහනියක් නුවර ඉඳන් කොළඹ ඇවිත් කතිරෙ ගැහුව මහින්ද රාජපක්ෂට. වෙන කරන්න දෙයක් නැතිම නිසා. මොකද මිලිටරිකාරයෙක් රටේ නායකය වුණොත් පුකේ තුවක්කුව බැඳගත්ත වගේ වෙන නිසා.


ඔච්චරම තමයි. ආයෙ නං කවදාවත් ඡන්දෙ දෙන්න යන්නෙ නෑමයි.


ඡන්දයකදි  රටේ වැඩිමනත් ඡන්දදායකය හැසිරෙන ගොං, මරිමෝඩ, අවස්ථාවාදී විදිහ දැක්කම ඡන්දයක් දෙන්න යන එක මෝඩ කමක් නොවෙයිද?


දැං කියයි ඡන්දෙ දාන්න ලැබෙන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියල....


බම්බුව.




41 comments:

  1. හිහ්..හුහ්.. හුරේ.. මං වගේම හිතන මෙදා පාර චන්දේ නොදාන කෙනෙක් දැක්කම මාර කික් එකක් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හුරේ.....හුරේ....හුරේ...

      Delete
    2. හුරේ ...මා යන මගම තව දෙදෙනක් යමින් සිටී..... ජයවේවා

      Delete
    3. ඔය මග යන අය එන්න එන්නම වැඩි වෙනවා....

      Delete
    4. හෙන්රි සහ ඉවාන් ඡන්දය නොදැමීම රටට හොඳයි.

      කල්‍යාණ මිත්‍රලා ගේ සමන්ත විද්‍යාරත්න ඡන්ද දෙක අඩුවීමයි මට දුක.

      Delete
    5. ඔව් ඉතිං, අපේ ඡන්ද නොදැමීම රටට හොඳ වගේම ඔය රැල්ලට ඡන්දෙ දාන අයගෙ ඡන්දෙ රටට කොයි තරම් නරකද කියලයි මම කල්පනා කළේ.

      Delete
    6. Mr. Henri, Well said.

      I agree with u 100%. Anyway, I think we must have the NOTA option in SL. We must request from election commissioner to add the NOTA (None of the Above) preference as well to avoid voting useless idiots & showing us our frustration towards all the parties & politicians. Further we must insist the RTR (Right to Recall) facility to remove the rascals in the parliament within the 05 year period as well.

      Delete
    7. Please...no Mr. hereafter....
      I respect your esteemed suggestions.
      I don't think these puckish politicians will allow to itntoduce NOTA or RTR.

      Delete
    8. ජ්‍යෙෂ්ඨ උත්තමයින්ට අපි මොනවා කියලා දෙන්නද?

      Delete
  2. එතකොට 2005 දී මහින්දට කඩේ යන ජේවීපී වීඩියෝ හැදුවේ මහජනයා රැවටීම පිණිස විතරද?

    ReplyDelete
    Replies
    1. වීඩියෝව හදන්න යද්දි මම ඡන්දෙට ලියා පදිංචි වෙලා තිබුණෙත් නැහැ. මම ඔය කාලෙ ඡන්ද නාම ලේඛනයට නම ඇතුළත් කරල තිබුණෙත් නැහැ.
      කොටින්ම පුතාගෙ විභග වැඩකටද කොහෙද නම දාගන්න ඕනෙ වෙලා තලවතුගොඩ ග්‍රාම සේවකට රු 500 පගාව දීලයි නම දාගත්තෙ.

      Delete
    2. අර මහජනයා රැවටීම ගැන අහන්න තියෙන්නෙ අපේ ප්‍රබුද්ධ, සාක්ෂරතාව ඉහළ, දේශපාලන දැනුම්වත් බවකින් හෙබි මහා..ජනතාව එහෙම ලේසියෙන් රැවටිය හැකිද කියලයි...

      Delete
    3. ඒ එක්කම ඇල්ටීටීඊ එකටත් සල්ලි දුන්නු හින්දා 2005 දි වැඩේ ගොඩ ගියා නේද?

      Delete
    4. එහෙම හරි ගොඩ දාගත්තෙ නැත්නම් තාමත් යුද්දෙ

      Delete
    5. යුද්දෙ කරපු අයම ඒක දන්නවා නැතෑ?

      යුද්දෙ නැතුව පාලුයි ද?

      Delete
    6. යුද්ධය භංග වේවා......යනු මගේ පැතුමයි.

      Delete
  3. You are 100% correct Henry.

    ReplyDelete
    Replies
    1. I published this knowing that majority will get angry. Happy to see atleast few collegues appreciate the idea.

      Delete
  4. aparade tho ipadune.

    ReplyDelete
    Replies
    1. චුට්ටක් මූණ පෙන්නන්න බැරිද...දකින්න ආසයි.

      Delete
  5. නේවි කාරයෝ කවදත් මෝඩයෝ. දැක්කා නේද පාර්ලිමේන්තුවේ හිටිය නේවි කාරයා ගොනා වගේ අර 19 වැනි සංශෝධන පනතට විරුද්ද වෙච්චි හැටි.

    ReplyDelete
    Replies
    1. ඇයි අර රජීව් ගාන්ධිට ගහපු මෝඩයා....

      ..මෝඩයෝ කොහෙද නැත්තෙ අප්පා....ඔය ලක්ෂ ගණන් ඉන්නෙ එක එකාට කඩේ ගිහිං පහුවදා ඉඳං විරපට්ටං ගහගෙන.

      Delete
  6. මම ඡන්දේ දාන්නේ නැතෙයි කිව්වම මට බැනපු, ප්‍රජාතන්ත්රවාදයේ අගය කියාදෙන්න ආපු, මවුබිම අනතුරේ කියපු, වෙසකට මුලපිරුවා විතරයි කියපු උන් ඔක්කොටම මේක පෙන්නන ඕන

    ReplyDelete
    Replies
    1. උන්ගෙන් අහන්න දැන් ඔය උඩ දාගෙන මහ පුටුවෙ ඉන්දන එකාල සහ එකීලගෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැකෙනවද කියලා.
      වැඩිය ඕනෙ නැහැ...මේ පාර රනිල් ආවොත් ඔය බම්බුව රැක ගනියිද...

      Delete
  7. මොනවා වුණත් උඹ අපිට 1988 ඡන්දය දුන්නට ඒකට ස්තූතියි..... අපි බොහොමයක් ඒ කාලේ පුංචි දරුවෝ.... බ්ලොග් ඒකට නමවත් දාගෙන හිටියේ නැහැ...ඒත් උඹ අපිට (කුරුටුට) ඡන්දය දුන්න ඒකට නම් මාර හැපි අනේ...............

    ReplyDelete
  8. හරි හොඳයි කියල කාටවත් චන්දෙ දීල නෑ මං නම් තාම කාටවත්.
    දැනට වැඩියෙන්ම අකමැති එවුන්ට විරුද්ධව උන් පරද්දන්න පුලුවන් එකෙකුට චන්දෙ දෙනව හැමදාම.ඒක හුඟක් ඕනෑකමින් කලේ ජනවාරි 8 වෙනිදා. කවුරුවත් දිනවන්න නොව , පරදවන්න චන්දෙ දීපු නිසා , එය වුනාට පස්සෙ තෘප්තිමත්.
    එතකොට ඔය තරහ, අපේක්ෂා භංගත්වය, කලකිරීම ආදී අපේ චන්දදායකයින්ට චන්දෙන් පස්සෙ හැදෙන ලෙඩ අඩුයි.

    ReplyDelete
    Replies
    1. දිනවන්න ඡන්දෙ නොදී පරදවන්න ඡන්දෙ දී දිනවීමේ ක්‍රමෙත් නරකම නෑ....

      Delete
    2. දිනවන්න ඡන්දෙ නොදී පරදවන්න ඡන්දෙ දී දිනවීමේ ක්‍රමෙත් නරකම නෑ....

      Delete
  9. මම 2005 දී දුන්නේ ෆොන්සේකාට.ෆොන්සේකා පරදින බව දැන දැන මිලිටරිකාරයෙක් වෙච්චි උන්දැට ජන්දේ දුන්නේ අසීමිත බහුතරයක් මහින්ද ගන්න එක වලක්වන අරමුණ ඇතුවයි.වැඩි ජන්ද ලක්‍ෂ 18 වැඩියෙන් අරන් දින්න මහින්ද ඉන් පස්සේ හැසිරුණු හැටි අපි දැක්කානේ.

    ReplyDelete
    Replies
    1. මහින්ද දිනල ඔහොම නම් මිලිටරිකාරය දින්න නං කොහොම වෙයිද....
      කලවැද්දො, හිකනල්ලු එක්ක ජීවත්වෙන්න වෙන්නෙ පුකේ තුවක්කුව බැඳ ගෙන.
      මහින්දව කතිරෙන් අයින් කළා. මිලිටරිකාරය බලයට ආව නං අපිව තුවක්කුවෙන් අයින් කරනව. එහෙනං අදටත් හමුදා පාලනයක්.

      Delete
  10. (මේක 17වැනිද හවස හතරට පෙර කියවන්න එපා)
    ඡන්දෙ දාන්නෙ නෑ කියන එකට නම් මං විරුද්ධයි ඕං. හැබැයි මේ වතාවෙ ඡන්දෙ නොදැම්මට කමක් නෑ. මං දාන්නෙත් නෑ.
    සන්දානෙට දැමීම යනු බෙල්ල කැපීමට පිහිය දීමයි.
    යූ ඇන් පී එකට දැමීම යනු බෙල්ල කපාගැනීමයි.
    ජේ වී පී එකට දැමීම යනු චන්දෙ නොදා සිටීමමයි. (පාර්ලිමේන්තුවේ ජේ වී පී මන්ත්‍රීවරු වැඩි වීම හොඳයි. ඒත් මේ වතාවෙ වැඩක් වෙන්නෙ නෑ වගේ.)

    ReplyDelete
    Replies
    1. ශණි මාරයිනේ....
      ඡන්දෙ දාන්නෙ නෑ කියන එකට විරුද්ධයි. ඒත් ඡන්දෙ දාන්නෙත් නැහැලු.
      මාව කරකල අතෑරිය වගේ ....

      Delete
  11. චන්දයක් ජීවිතේට පාවිච්චි කරලා නැති, මැතිවරණ නැති ඒකාධිපති රටවල් වල ජීවත් වෙන අයෙක් මේක කියෙව්වොත් මොනවා හිතය් ද ?

    රටක පාලකයෙක් හෝ පාලක පක්ෂයක් සර්වජන චන්දෙන් වෙනස් කිරීමට පුළුවන් වීම ඉමහත් භාග්‍යයක් නොවේද ?

    මේක නැතිවුනා නම් අපිට අගය තේරෙය් ....

    මගේ ප්‍රතිපත්තිය යක්කුන් ගෙන් හොඳම යකා ට කතිරේ ගැසීම . චන්දය පාවිච්චි නොකිරීම පරාජිතවාදී විකල්පයක්.

    1982 - විජේවීර, 1987 සිරිමා, 1989 මහා මැතිවරණෙ -නසසප . ඉන්පසු රටින් පිට.

    කැන්ගරු දේශයේ චන්දය නො දැමීම නීති විරෝධී, දඩ කන "අයිතිවාසීකමක්".

    ReplyDelete
    Replies
    1. අසංක 82 දී විජේවීරට ඡන්දේ දුන්නාට, 89 දී ඡන්දේ දෙන්න ගිහින් ඒ විජේවීරගෙන් ම වෙඩි කන්න ඉඩ් තිබුණා නේද?

      හෙන්රි ගේ 89 ඡන්දේ දැමීම නම් අන්තෝජටා බහිජටා කේස් එකක්.

      Delete
    2. එක නම් එහෙම තමය්.

      '82 දී දැන් වාතභංගස්ථාන වෙලා ඉන්න, ශිෂ්ඨ සම්පන්නව කතා කරන්ට දන්නා, රැවුල් අංකල් ටත් චන්දෙ දෙන්න සිතක් පහළ වුනා. කාසියක් උඩ දාලා ඒ උභතෝකෝටික ප්‍රශ්නයත් විසඳුවා ...

      Delete
  12. නොකී කතාව කියවන්නට එක්වුණෙමි
    ජයවේ!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගනිමි.
      ජය වෙවා....!

      Delete
  13. "තුන - 2010 දී තකහනියක් නුවර ඉඳන් කොළඹ ඇවිත් කතිරෙ ගැහුව මහින්ද රාජපක්ෂට. වෙන කරන්න දෙයක් නැතිම නිසා. මොකද මිලිටරිකාරයෙක් රටේ නායකය වුණොත් පුකේ තුවක්කුව බැඳගත්ත වගේ වෙන නිසා."

    මේකනම් පට්ට කතාව..

    "ඔච්චරම තමයි. ආයෙ නං කවදාවත් ඡන්දෙ දෙන්න යන්නෙ නෑමයි."

    මේ තීරණය තවත් තක්කඩියෙකුට රටේ පාලනයට රිංගගෙන හොරාකන්න, එතන ඉඳන් ගොන්, බූරු, වල් , සක්කිලි, තිරිසන් තීරණ ගන්න , ව්‍යංගයෙන් , වක්‍රාකාරයෙන් දෙන සහයෝගයක් කියල හිතෙන්නේ නැද්ද??? රටේ දේශපාලනයේ පිරිහීම දකින හැමදෙනාම මේ තීරණය ගත්තොත් පාර්ලිමේන්තුව අම්බරුන්ගෙන් පිරේවි නේද (දැනටත් ඉතින් වැඩිහරියක් ඉන්නේ අම්බරු තමා )

    ReplyDelete
    Replies
    1. හිතෙන දේ නං බොහොමයි. ඒත් මේ ඡන්ද ක්‍රමේ ඇතුළෙ දවසින් දවස කළකිරීම් විතරයි ඉතිරි වෙන්නෙ. මම නං චෝදනා කරන්නෙ මහජනතාවට නොවෙයි.
      දේශපාලන පක්ෂ වල තියෙන්නෙ ජනතාව දැනුම්වත් කිරීමෙන් එහා ගිය තමන්ගේ ගොඩ ලොකු කර ගැනීමේ අවස්ථාවාදී ඇජෙන්ඩා.....
      මම නං හිතන්නෙ ජනතාව ඡන්දෙන් ඈත් වුණොත් ඕකුන්ගෙ බල බිඳෙනව. අවලංගු වෙනව.

      Delete
    2. ලංකාවේ බහුතරයක් චන්ද දායකයින් ඉල්ලන්නේ ඒ ගොඩ වැඩිකර ගැනීමේ අවස්තාවාදී දේශපාලනයම තමයි නේද.. බත් පැකට් එකට, ටකරන් තහඩුවට, සිමෙන්ති කොට්ටෙට ඕනෑම හොරෙකුට කතිරේ ගහන ජනතාවක් ඔය අජෙන්ඩාවෙන් මුදවන්න කවදාවත් බැහැ කියලයි මට හිතෙන්නේ..

      Delete
    3. ඔව්...හැබැයි ජනතාව ඔතෙන්ට දක්කන්නෙ දේශපාලකයින්ම නේද...ජනතාවට සුදුසු දේශපාලකයින් ලැබෙනව වගේම දේශපාලකයින්ට සුදුසු ජනතාවක් ලැබිල තියෙනව....දේශපාලකයින් ජනතාව බුද්ධිමත් කියමින් අන්දන්නෙ ඕකට තමයි.
      හැම දේශපාලකයෙක්ම අඩු වැඩි වශයෙන්.
      ජනතාව සබුද්ධික නොවෙන තරමට ඔය කවුරුත් කැමතියි.

      Delete