Powered By Blogger

Wednesday 10 August 2016

බුක්,බ්ලොග්, බ්ලුක් හා බොග්




ස්සර අපි කියෙව්වෙ පත්තර, සඟරා හා පොත්. ඒ කියන්නෙ News papers, Magazins & Books.

ඊළඟට අපි  පත්තර සඟරාවලට ලියන්න ගත්ත වගේම පොත් ලියන්නත් පටන් ගත්ත.

පස්සෙන් පහු පත්තර සඟරාවලට ලියන එක නැවතිලා පොත්ම ලියන්න ගත්ත. ඒ කියන්නෙ Books ම විතරක් වෙන්න ගත්ත.

කාලයක් දිගටම ඔහොම කරගෙන යද්දි පරිගණකය අපේ ජීවිත වලට සමීප වුණා. අපි ලියන්න දන්න එකම භාෂාව වෙච්චි සිංහල භාෂාවෙන් පරිගණකයේ කොටන්න පුළුවන් වුණාට පස්සෙ බ්ලොග්- ‍Blog ලියන්නත් පටන් ගත්ත.


බ්ලොග් කියන්නෙත් වෙනම ලෝකයක් බව ටිකෙන් ටික තේරෙන්න ගත්ත.

මුලින් අන්වර්ථ නාමයකින් බ්ලොග් ලිව්වට පස්සෙ නම හෙළිදරව් වෙන විදිහටම "නොකී කතා" ලියන්න හිතුව. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ අන්වර්ථ නාමයන්ගෙන් නොලියම ඉන්නව කියල.

මේ අටුවා ටීකා ටිප්පනි ලියන්න ගත්තෙ පොත්, ඒ කියන්නෙ Book වගේම බ්ලොග්-Blog ලියන එක ගැන විිවධ කතා බහ ඇති වෙන නිසයි.

ඒකනෙ බ්ලුක්, ඒ කියන්නෙ Blook කියල වචනයකුත් ඇවිත් තියෙන්නෙ.



බ්ලුක්කාරයො කියන්නෙ තමන් ලිව්ව හෝ ලියන බ්ලොග් මුද්‍රිත මාධ්‍යයෙන් එළි දක්වන අයට. බ්ලොග් විතරක් ලිව්වම පිළිගැනීම ටිකක් අඩුයි වගේ අදහසකින්ද මංදා මේ බ්ලුක් එන්න ගත්තේ.

මොකද වැඩිවශයෙන් බුක් ලියන අය Book වල තියෙන ඒව බ්ලොග් වල පළ කරනව අඩුයිනෙ.

ඉතිං ඒ අව්වස්සෙ Books ගැන කරපු TV  වගේම පත්තර කතා බස්වලදී Blogs ගැන කිව්වෙ නෑ කියලත් චෝදනාවක් ආව. 

මේ කතාව ඇදල ගත්තෙ බ්ලොග් ලෝකයේ පකීර් රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි

හැබැයි බ්ලොග් ලෝකයේ පෙරළිකාර අදහස් දක්වන්නෙක් වන  මාතලන් මෙහෙම ලියල තිබුණ.

ඉතිං Books  වගේම Blogs ලියන නමුත්  Blooks  නම් ලියල නැති අනාගතයේදී නම් මේ ලියන "නොකී කතා" Blog එකෙන් Blook එකක් පළ කරන්න හිතන් ඉන්න ඒත් ලියන Book එකකින් Blog එකක් ලියන්න හිතුවෙ නැති පොත්කාරයෙක්/බලොග්කාරයෙක් විදිහට මට කල්පනා වෙන්නෙ එහෙම ලිව්වොත් ඒ ෂානරයට කියන නම මොකක් වෙයිද කියලයි.

Blog+Book = Blook වුණා වගේ Book+Blog= Bog කියල දාන්න වෙයි නේද? එතකොට කියන්න වෙන්නෙ බොග් කියලයි.

හැබැයි Bog නැත්නම් බොග් කියලත් වචනයක් භාවිතයෙ තියෙනව වුණාට ඒ තේරුමම මේකටත් ගැලපෙන්න ඉඩ තියෙනව.

කොහොමින් කොහොම වුණත් මගේ අදහස නම් Book අස්සෙ Blog ගැනවත් Blog අස්සෙ Book ගැනවත් පම්පෝරි ගහන්න ඕනෙ නෑ කියන එකයි.  

Blog වලින් Book ගහල Blook  කරද්දි වගේම Book වලින් Blog ලියල Bog  කරන දවසකට ඒව ගැන කතා කරමු නේද?


 


 කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න 


 


23 comments:

  1. Nice explanation. I think the reason is, some bloggers had been addicted excessively to blogging and they almost doesn't having any life apart from blogging. They have an attitude that all people who involved with any kind of blogging must always shall promote, market & explain about blogging at anytime, any place or even at any cost without considering it's appropriateness.

    However I appreciate Mr. Henri Warnakulasuriya for his wiseness & maturity to refine the necessity & appropriateness of facts as opposed to those blind worshipers of blogging.

    ReplyDelete
    Replies
    1. Thank you very much for your comment.

      Delete
    2. AnonymousWednesday, August 10, 2016

      ඔය කියන තරම්ම නම් යක්කු කළු නෑ.. හැබැයි සිංහල බ්ලොග් කියවන බොහෝ දෙනෙක් ඉන්නවා 'සිංහල බ්ලොග්' තවදුරටත් පාටක් අතර ජනප්‍රිය වෙන්න ඕනි කියන අදහස දරන.. (ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඒ අයට බ්ලොග් වලින් පිට ලෝකයක් ඇත්තෙම න කියල..) ඉතින් ඔවුන් කියන්නේ අවස්ථාවක් ආවහම ඒ ගැන පොඩි සඳහනක් කරන්න කියල.. රසික කියුවෙත් ඒකයි.. රසික ගේ අදහස විහිළුවෙන් බාර ගත්තට මම උනත් කැමතියි තව තව ලංකාවේ පාටක් බ්ලොග් ලියන්න කියවන්න පෙළඹෙනවා නම්.. අද තියෙන 'සිංහල' මාධ්‍ය දිහා බැලුවම බ්ලොග් හරහා වඩාත් නිවැරදි තොරතුරු/ මත සාකච්චා වෙනවා ඕනෙම විෂයයක් සම්භන්දව..

      Delete
  2. ඒකනෙ. අරව අස්සෙ මේව ගහන්න ගියහම දෙකම මඤං වෙනව. ඒ දවසට ඒ ගැන කතා කරමු නේහ්?

    ReplyDelete
  3. බ්ලොග් එකේ ලියන ඒවා පොතක් නොකරන්න හේතුව මොකද්ද එතකොට?

    ReplyDelete
    Replies
    1. පොතක් කරන්න තමයි ඉන්නෙ. තෝරාගත් ඒවා.
      මොකද කියනවනං පොතක් කරාම නේද පොඩි පිළිගැනීමක් එන්නෙ. ඒක නේද බ්ලොග්කාරයො ඒවයින් පොත් ගහන්නෙ...

      Delete
  4. ඔය ඕන නමක් දාගෙන ලියන එකයි ඇත්තේ."සුරස පොත්"ගන්න පුළුවන් සුරස එකෙන් විතරමද මන්දා.අපිට ලගින්ම තියෙන දෙහිවල සරසවියේ සුරස පොත් තියෙනවා දැක්කේ නැහැනේ.ලබන මාසේ නිරුවත් ජිවිතත් එක්ක දඩ කඳවුරත් ගන්නයි හිතන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. නුගේගොඩ සරසවියෙ නං සුරස පොත් තියෙනවා. දෙහිවල සරසවියට කිව්වොත් ගෙනැවිත් දෙයි.

      Delete
  5. Blog ----> Book = Blook නම්

    Book ----> Blog = Bolog ය.

    ReplyDelete
    Replies
    1. Bolog කියනවට වඩා Bog කියල ලියද්දි පොඩි ජොලියක් තියෙනව නේද? එහෙමනං Bolog කියල කියමු.

      Delete
    2. boolog (බූලොග්) කියමු.. නැත්නම් booblog (බූබ්ලොග්) උනත් කමක් නෑ.. හැක්..

      Delete
  6. බ්ලොගයක් යනු නිර්මාණ / ලිපි එකතුවකි.

    එනිසා, ඔබේ නිර්මාණ ලයිස්තුව ලියවෙන තැනක (උදා පොතක ඇති කතෘ ගේ වෙනත් කෘති පිට) බ්ලොගයේ ලිපිනය ද ලිවිය යුතු බව මගේ අදහසයි.

    (නොකී කතා බ්ලොගය ගැන විතරක් සඳහන් කළාම ඇති හොඳේ, අර උඩ කියා නොකියා ඇති අනිත් ඒවා අමතක කරමු!)

    ReplyDelete
    Replies
    1. බ්ලොග් යනු වෙනස් ෆ්ලැට්ෆෝම් එකක කරන නිර්මාණයක් නේද? මම කරපු කෙටි/වාර්තා තිර පිටපත් වගේම ගුවන් විදුලි නාට්‍ය හා වැඩසටහන් ලැයිස්තුව කතෘ ගේ වෙනත් කෘති පිටුවේ දාන්නෙත් නැහැනෙ.

      Delete
  7. ඔව් හෙන්රි අයියෙ සමහරවිට අනාගතේ ඔයිටත් වඩා හාත්පසින්ම වෙනස් වචන බිහි වෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. රසිකලොජිස්ට් දැනටමත් Book ----> Blog = Bolog කියල ලියල තියෙන්නෙ.

      Delete
  8. Replies
    1. මාතලන් නම් බ්ලොග් ලියනවට කියන්නෙත් බොග දානවා කියලා තමයි.

      Delete
    2. ඒකනේ...මාතලන් නං ආතල් එකට පට්ට විදිහට ලියනව වුණාට සම හරක් බොග දානව වගේ තමයි ලියන්නෙ.

      Delete