Powered By Blogger

Friday 13 January 2017

සම්මාන උළෙලවල් අපට පංජංද....

2015 සම්මාන උළෙල අහවර වෙලා ටික දවසකින් ලියන්න ගත්ත සටහන අතරමග නවතල තිබිල 2016 සම්මාන ගැන කොළඹ ගමය ලියල තියෙනව දැකල ආයෙම ලියන්න ගත්තා.                        Image result for නෙළුම් යාය 2015

නෙළුම්
යාය බ්ලොග් සම්මාන උළෙල 2015 අවසන් වෙලා එහි උණුසුම ටිකක් අඩු වෙන තුරු උන්නෙ එක පාරටම කට්ටියගෙ හිත් තලා පෙලා දාන්න හොඳ නෑ කියල හිතුණ නිසයි ලියන එක නවැත්තුවේ.



හැබැයි කොළඹ ගමයලගෙ, කල්‍යාණ මිත්‍රලගෙ කැපවීම දැක්කම මෙහෙම වචනයක් නොවෙයි මාගලක් ලිව්ව කියලවත් ආපස්සට යන්නෙ නෑ කියල හිතන නිසා බය නැතිව ලියනව.

මොන මගුලක්ද...මේක බ්ලොගකාරයන්ගෙ, බ්ලොග්කාරියන්ගෙ සම්මාන උළෙල වෙච්චි කොට.
කට කෑවත් කියන්න තියෙන දේ කියල දානව.

ඇරත් මේ "නොකී කතා" කියන්න තියෙන දේ කෙලින්ම කියල දාන හංද දන්න අය ඒ ගැන න පුදුම වෙන එකකුත් නෑ.

යෝජනා, චෝදනා වලට කලිං පොඩි  පහේ පම්පෝරියක් ගහන්නයි යන්නෙ. කෝකටත් පළපුරුද්ද වගේම සුදුසුකම් කියලම පිට්ටනියට බැස්සම ඉවරයිනෙ.

ඊට කලිංම කියන්නම් 2015 සම්මාන උළෙල නං මොන්ටිසෝරි ප්‍රසංගයකට දෙවෙනි නෑ. 



බය නැතිව එහෙම කියන්නෙ දැනට අවුරුදු ගණනාවකට කලිං මීට වඩා ප්‍රසිද්ධ මට්ටමේ සම්මාන උළෙලයන් සංවිධානය කරල අත්දැකීම් තියෙන නිසයි.

පාසල් අවදියේ පටන් ගත්තු මේ සංවිධාන වැඩ විශ්වවිද්‍යාලෙදිත් අතහැරියේ නැහැ.

ඊට පස්සෙ "90 පරපුරේ" වැඩ කරද්දි විවිධ උත්සව සංවිධානය කළා.

අන්තිමේදි 2005 අවුරුද්දෙ "ජනාධිපති සිනමා සම්මාන" උළෙලේ සම්බන්ධීකරණය හා අධීක්ෂණය කරමින් අනගි සම්මාන උළෙලක් පවත්වන්න පසුබිමේ විශාල වැඩ කොටසක් කළා වගේම 2004 "රයිගම් ටෙලි සම්මාන" උළෙලේ පිටපත හා ප්‍රසංග කළමනාකරණයෙනුත් දායක වුණා.

පොඩිපහේ පංපෝරියක් ගැහුවෙ මගේ යෝජනා වලට පොඩි තල්ලුවක් ගන්නයි, මේකත් නොකරපු දෙයක් නෑනෙ කියල හිතල එක පාරටම ඉවත නොදාන්නයි.

මුලින්ම  2016 සම්මාන ලිස්ට් එකේ මෙන්න මේ මාතෘකාවල මට පේන අවුල් මෙන්න:
සාහිත්‍ය කළා විචාර - 'කළා' යන්න 'කලා' විය යුතුයි. කළා කියන්නෙ කෙරුව කියන අර්ථය. භාෂාවත් නිවැරුදිව ලියන එක හොඳයි නේද?
සංචාරක හා ඡායාරුප- මේක එක category යකට දාන එක හොඳද? "සංචාරක සටහන්" හා "ඡායාරූප" කියල දෙකක් ආවොත් නරකද? කැමැත්තක්. ඡායාරුප නොවෙයි ඡායාරූප හො‍ඳේ.
සඳැස් / නිසඳැස්- සඳැස්, නිසඳැස් කියන එක "කාව්‍ය නිර්මාණ" කිව්වොත් වඩාත් අගෙයි. කාව්‍ය නිර්මාණ ඇතුළෙ ඔය දෙකම තියෙන නිසා. ආයෙ මොටද සඳැස්, නිසඳැස් බෙදීමක්.

තැගි එක්ක අමාරුවෙන් හරි සල්ලි ටිකකුත් දෙන්න පුළුවන් වුණ එක හොඳයි. හැබැයි ඔය දෙනව කියන 5000 මුදල හොඳම එකට ගෙඩි පිටින් පුදන්නෙ නැතිව 1,2,3 ට බෙදල දුන්නොත් නරකද? 3000, 2000,1000 වගේ වෙන්න. ගමං වියදම්වත් ෂේප් වෙන්නෙ නැතැයි.

දැං ඔන්න 2015 සම්මාන උළෙලෙන් ගත යුතු පාඩම් හා මගේ නිර්දේශ.
පිළිගන්න නොගන්න එක නෙළුම්යාය සංවිධායක මණ්ඩලේ වැඩක්. කුණුකූඩෙට දැම්මත් ලියන එක මගේ වැඩක්. අනෙක් බ්ලොග් ලියන්නොත් තම තමන්ගෙ අදහස් කියනව නං ඒක වැඩේ හොඳින් කරන්න අනුබලයක් වේවි.

1. ප්‍රධාන අමුත්තන් හැටියට දේශපාලුවන් ගේන එක මේ පාරවත් නවතමුද? අපි ඉතිහාසය පුරාම ඔය වැරැද්ද විවිධ මට්ටමින් කරනව. ඊට වඩා සමාජය පිළිගත් විද්වතෙක් හරි සම්මානිත පුද්ගලයෙක් හරි ගෙන්නුවොත් අගෙත් වැඩියි. උළෙලට ආලෝකයක් ලැබෙයි. කල්ලිවාද, පාට කණ්නාඩිවලින් බලනවත් අඩුයි. හිරිකිතයක් නැතිව උත්සව ශාලාවෙ ආඩම්බරෙන් ඉඳගෙන ඉන්නත් පුළුවන් වෙයි.

2. උළෙලේ අංග නම් හොඳ දැනුමකින් තෝර ගන්න වෙනව. ඒවා වඩාත් නිර්මාණශීලී වගේම උළෙලට ගැලපෙන අංග විය යුතුයි. මොන්ටිසෝරි ගොංපාට් වලින් මෙච්චර මහන්සි වෙලා කරන උත්සවේ අගේ හෑල්ලු කරන්න නරකයි.

3. උළෙලේ ප්‍රාසාංගික බව වඩාත් ඔප්නැංවෙනු වස් පළපුරුදු ඉදිරිපත් කරන්නන් හා කරන්නියන් තෝරා ගැනිම වැදගත්. නැත්නං සුන්දර සන්ධ්‍යාවක් ඕලාරික වෙලා යාවි.

4. කැමැති අයට තම නිර්මාණ ඉදිරිපත් කරන්න කියල යෝජනා කරන ගමන්ම එසේ ඉදිරිපත් නොකරන හොඳ නිර්මාණ තෝරා යෝජනා කරන්න කමිටුවක් පත් කිරීම වැදගත්. මොකද හැම බ්ලොග් රචකයෙක්ම පැනල තමන්ගෙ ලියවිලි ඉදිරිපත් නොකරන බව දන්නව. 

5. බ්ලොග් 5ක් නිර්දේශ කරල එයින් කෙනෙක් ඉවත් වුණොත් ඒ වෙනුවට ඊළඟට ලිස්ට් එකේ ඉන්න කෙනා උඩට ගන්නව නං හොඳයි. අවසාන 3 විනිශ්චය කරන්න ඕනෙ නිර්දේශිත 5 කින්.

6. අවසන් වටයට ගන්නෙ 5ක් නිසා ගියපාර වගේ ඊට වැඩි ගණනක් නිර්දේශ කරල පසුව කපල දැම්මම වැරැදි අවබෝධ ඇති වෙන්න පුළුවනි. (ගිය වතාවෙ "නොකීකතා"ට වුණා වගේ.)

7. තාක්ෂණය මෙච්චර දියුණු ක‍ලෙක 2016 සම්මාන උළෙල සජීවීව අපහසු නම් වීඩියෝ පටිගත කොට පසුව හෝ අන්තර්ජාලයට මුදාහැරීම පැමිණි නොපැමිණි හැමෝටම සිහිවටන වේවි.

8. පොදුවේ බ්ලොග් රචකයින්ගේ දක්ෂතා අගයන අවස්ථාව වෙනත් ජනමාධ්‍යද කල් තබා දැනුම්වත් කොට නිසි ප්‍රචාරයක් ලබා දීම බ්ලොග්කරුවන්ගේ හිතසුව පිණිස පමණක් නොව බ්ලොග් යනු කුමක්දැයිවත් කියවා පමණක් නොව අසාවත් නැති පිරිසක් අතරට ගෙනයාමේ උපක්‍රමයක් වනු ඇත.

9. සම්මාන විනිශ්චය මණ්ඩලය වඩාත් පාරදෘශ්‍ය බවින් යුතු, බ්ලොග්කරණයේ නොයෙදෙන විද්වතුන්ගෙන් සමන්විත වීම වැදගත්.

දැනට එපමණයි. අවශ්‍ය වුණොත් තවත් මතක් වෙන දේවල් පස්සට කියන්නම්.

ආ...එක කාරණයක් අවධාරණයෙන්ම කියන්න ඕනෙ.
"නොකීකතා" බ්ලොග්  සම්මාන තරඟ සඳහා ඉදිරිපත් වෙන්නෙ නැහැ. 
ඒ නිසා බොහොම ස්වාධීනව අදහස් දක්වන්න පුළුවනි. උළෙලට පෙර වගේම පසුවත්.




2015 සම්මාන පුදමින්





85 comments:

  1. පළමු සම්මාන උළේලට නම් ආවා මමත්.ගිය ගමන නැහැ.මේ ගමන බලමු.

    ReplyDelete
    Replies
    1. සහභාගි වෙන එක ලියන්නන්ට ධෛර්‍යයක්.

      Delete
  2. /* උළෙලයන් */

    මට නම් ඒ වචනය owl වගේ.

    ;-)

    ReplyDelete
    Replies
    1. උළෙල වල් කියල ලිව්වම නිකං 'wal' වගේ. අනෙක හරිම වචනෙ උළෙල නොවේ උලෙළ. ඒත් වැඩි භාවිතය නිසා උළෙල කියා ලිව්වා.
      :(

      Delete
    2. /* සාහිත්‍ය කළා විචාර - 'කළා' යන්න 'කලා' විය යුතුයි. කළා කියන්නෙ කෙරුව කියන අර්ථය. භාෂාවත් නිවැරුදිව ලියන එක හොඳයි නේද? */

      නියර ගොයම් කෑම?

      Delete
    3. කළා විචාර නොවෙයි. කලා විචාර තමයි. ඒ දෙකේ අර්ථ දෙකක්.
      හැබැයි උළෙල හා උලෙළ අතර අර්ථ වෙනසක් නෑ වගේම මෙයින් නිවැරැදි වචනය ගැන මටත් නිශ්චිත අදහසක් නෑ.
      සාමාන්‍යයෙන් හැම තැනම ලියන්නේ උළෙල. ඒත් නිවැරැදි වචනය උලෙළ කියා කිසියම් තැනක කියෙව්ව. ඒත් හරියටම දන්නෙ නෑ. ඒ නිසයි උළෙල කියා ලිව්වේ.

      Delete
  3. විශේෂ පුදගලයන් හා දේශපාලුවන් අතර වෙනසක් නෑ... ඒ නිසා කරූ වගේ මහත්මයෙක් එන එකේ අවුලක් මම නම් දකින්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔය පතෝල කරුව තමයි බං පාර්ලිමේන්තුවෙ හරක්ට පඩි වැඩිවීම්, ඩියුටි ෆ්‍රී කාර් අනුමත කරන්නෙ

      Delete
    2. ඔවු ඉතින්.. ගව ඝාතන විරෝදී පෙරැහැරේ ඉදිරියෙන් ම යන්නේ කරවල මුදලාලි නේ හිටන්!

      අවුලක් නෑ!

      Delete
    3. නෙළුම් යාය විරෝධී පෙරමුණේ ඉදිරියෙන් යන ගවයා වගේ

      Delete
    4. එහෙම ගවයොත් ඉන්නවද අජිත්...?

      Delete
    5. ඔය ගව ඝාතන කතාවට ලියූ එකක්. නෙළුම් යාය විරෝධී පෙරමුණේ ජාත්‍යාල මුදලාලිලා වෙන්න ඇති හේ හේ

      Delete
    6. පුදුමේ කියන්නෙ ඇල්බට් අන්කල්, ඔයි ගව ගාතන විරෝදී පෙරහැර සන්විදානය කරපු හාදයෝ ඊට සතියකට පස්සේ ඒකේ අය වැය වාර්තාව ඉදිරිපත් කොරපු එක නේ හිටන්!!!

      මාත් හිතන් හිටියෙ උන් හොරු ටිකක් කියලා.... බලාගෙන ගියාම වැදගත් මිනිස්සු ටිකක්!

      Delete
    7. යකෝ, මූ අය වැය වාර්තා ඉල්ලන්නෙ හරියට ඒකට තනියම වියදම් කළා වගේනෙ.

      Delete
    8. හේ හේ ඕව එහෙම තමයි. අන්න උන් අර ලිපිය LNW එකටත් දාල. දාපු එකා අහුවුනොත් මට ඉතින්..... දැන් සරසගේ ප්‍රතිචාර 300 පන්නයි.

      Delete
    9. // යකෝ, මූ අය වැය වාර්තා ඉල්ලන්නෙ හරියට ඒකට තනියම වියදම් කළා වගේනෙ. //

      පපුවෙ අමාරුවක් හැදිලා ඉන්දියාවෙ සැත්කමක් කරන්න ලුනුගල පලාතෙ මනුස්සයෙක් ට සිද්ද වෙනවා. දුප්පත් මනුස්සයට හැමෝම ආදාර කරනවා.

      සන්විදානාත්මක ඇල්බට් අන්කල් කෙනෙක් ඒ මනුස්සයගෙ වෛද්ය වාර්තා අරගෙන කොලඹ ඇවිත් ලැමිනේට් කරපු දැන්වීම් පොදු ජනතාව ගැවසෙන තැන් වල බෙදලා ඒවා එකතු කොරන ගමන් සල්ලිත් එකතු කරනවා...

      ඒ ලැබිච්චි සල්ලි වලින් කොටසක් අර ලුනුගල පපුවෙ අමාරුකාරයටත් ලැබිලා මනුස්සයා ඉන්දියාවට ගිහින් සැත්කම සාර්තකව කරගෙන ඇවිත් දැන් සන්තෝසෙන් ජීවත් වෙනවා.

      ඇල්බට් අන්කල් තවමත් අර වෛදය වාර්තා ළැමිනේට් බෙදමින් නගරයක් පාසා ගිහින් සල්ලි එකතු කරනවා....

      තේරුනාද හිටන්?

      Delete
    10. දැන් කවුද ඇල්බට්

      Delete
    11. //Ajith DharmaWednesday, January 18, 2017

      දැන් කවුද ඇල්බට් //

      කවුද ඇල්බට් නෙවෙයි.. එයාගෙ නම ඇල්බට් අන්කල්..බොහොම වැදගත් කෙනෙක්.

      පපුවෙ අමාරුව හැදිච්චි මනුස්සයගේ සැත්කම ට මුදල් එකතු කරලා එයාව ඉන්දියාවෙ යවලා සනීප කරේ ඇල්බට් අන්කල් තමයි.

      ලෙඩා සනීප වුනා කියලා ඇල්බට් අන්කල් එයාගේ ස්ද්ක්‍රියාව නැවැත්තුවද පින්වතුනි? නෑ!!

      ඇල්බට් අන්කල් එයාගේ කොල්ලො කුරුට්ටො රැල වෑන් එකක නග්ගලා මාතර, ගාල්ල, කලුතර, අනුරාදපුර, රත්නපුරේ, මහනුවර, බදුල්ල, මාතලේ , දම්බුල්ල වැනි නගර වලට යවලා ලමිනේටින් කල වෛද්ය වාර්තා පෙන්නලා තාමත් ආදාර එකතු කරනවා.

      මා හිතන්නේ ඒ අනාගතේ පපුවෙ අමාරු හැදෙන ඈයොන් ට වියදම් කරන්න වෙන්න ඇති...

      මාත් හරියට දන්නෙ නැහැ... මොකද ඇල්බට් අන්කල් කවදාවත් එයා එකතු කරපු ආදාර මුදල් වල විස්තරවත් , එයා ලෙඩා වෙනුවෙන් කොච්චර විය්ස්දම් කලාද කියලවත් කාටවත් කියන්නේ නැහැ නේ හිටන්!

      Delete
  4. //උළෙගේ අංග නම් හොඳ දැනුමකින් තෝර ගන්න වෙනව.//
    උළෙගේ කියන්නේ මොකක්ද ඇත්තටම....?

    දේශපාලනය කරන්නගෙන් පිට විශේෂ අමුත්තෙක් නම් කරානං මොකද වෙන්නේ නොකී...?

    ReplyDelete
    Replies
    1. උදාහරණ වශයෙන් අපි හිතමු මහාචාර්‍ය ජේ. බී. දිසානායක වගේ කෙනෙක්.

      Delete
  5. විවේචනය සාදරයෙන් පිළි ගන්නවා.
    //තැගි එක්ක අමාරුවෙන් හරි සල්ලි ටිකකුත් දෙන්න පුළුවන් වුණ එක හොඳයි. හැබැයි ඔය දෙනව කියන 5000 මුදල හොඳම එකට ගෙඩි පිටින් පුදන්නෙ නැතිව 1,2,3 ට බෙදල දුන්නොත් නරකද? 3000, 2000,1000 වගේ වෙන්න. ගමං වියදම්වත් ෂේප් වෙන්නෙ නැතැයි.// ගිය පාර දුන්නේ එහාමද කොහෙද. 3000, 2000, 1000 හැටියට. නමුත් එතකොට 16 x 3=48+6 -= 54 ක් දෙන්න වුණා . යන කාලය වැඩියි. දෙක තුනට වියදම වැඩියි. ඒ නිසා මේ පාර අත් හරින්න තීරණය කළා.

    ReplyDelete
    Replies
    1. මං දන්න තරමින් ගිය වතාවෙත් දෙවන, තෙවන සම්මාන වලට මුදල් දුන්නෙ නෑ. ඔබේ මතකය වැරැදියි.

      Delete
    2. අනෙක දෙන 5000 තමයි බෙදල දෙන්න කියන්නේ. වියදම වැඩි වෙන්නෙ කොහොමෙයි.

      Delete
    3. නැහැ දුන්නා. ඉස්සෙල්ල එහෙම දෙන්න හදල 2000, 1000 කියන්නේ ඉතාම අඩු මුදලක් ලංකාවේ මුකුත් කරන්න බහ. බ්ලොග් කරුවන්ට නිග්‍රහයක් කියල කීව. අර රුපියල් 1000 මාසික "පොත්" සම්මනය දෙන්න හැදුවම ආපු විවේචනය වගේම. ඉතින් 5000, 3000, 2000 වශයෙන් 8000 දුන්න මම හිතන්න අංග කිහිපයකටම. මම ලියල ඇති බ්ලොග් එකේ.

      Delete
    4. එහෙමත් එකක්ද....සල්ලි දෙන්නෙ මොනාවත් කරන්න නොවෙයි නේද..අනේ මංද.. ඔහොම කියන අයත් ඉන්නව නං ඔය තියෙන හැටියකට දීල දාන්න.

      Delete
    5. එහෙම කිව්වේ අපේම යාළුවෝ. එක පාරක් අත පුච්ච ගත්ත නිසා මම කෙලින්ම කැමති වුණා නොකී කතා. මේ පර 5000 ම දීල අනිත් වෙන සම්මාන නොදී ඉන්නව කියලහිතුවේ ඒකයි.

      Delete
  6. //1. ප්‍රධාන අමුත්තන් හැටියට දේශපාලුවන් ගේන එක මේ පාරවත් නවතමුද? අපි ඉතිහාසය පුරාම ඔය වැරැද්ද විවිධ මට්ටමින් කරනව. //
    නැවත කියන්නම්. පළමු උළෙල: කරු ජ. ආවේ අපි තොරතුරු දැන ගැනීමේ පනත් උස්සන්න ඕනේ නිසා.

    කරු ප. ආවේ අපට නිකන් හෝල් එක දුන්න නිසා.
    දෙවන උළෙලේ: කරු ජ ආවේ රටේ කතානායක වාශයෙන්. චමල් රාජපක්ෂ හිටියනම් හැකි කමක් තිබ්බනම් ඒ කාලේදී ගෙන්වනවා.
    //ඊට වඩා සමාජය පිළිගත් විද්වතෙක් හරි සම්මානිත පුද්ගලයෙක් හරි ගෙන්නුවොත් අගෙත් වැඩියි.// ඒ ගෙනාවත් ඒ එන කෙනාටත් විවේචනයක් තියේවි. දේශපාලනය නොකරන කෙනෙක් ගේන්නේ කොහොමද?
    ඔයාව වේදිකාවට ගත්ත එකට කි දෙනෙක් බැන්නද කියල දන්නවද? නමුත් කතුවරයෙක් සහ බ්ලොග් ලියන්නෙක්, ජන මාධ්‍යවේදියෙක් හැටියට ඔබගේ පැමිණීම අපි ඉහලින් අගය කළා. මම කලහිත හා ඉවාන්ට බාන්න එදා මට දැන් බැනුම් අහන්න වෙනවා කියල. ඒ වගේම බැනුම් ඇහුවා. නමුත් ඔවුන් දෙදෙනා හරි. ඔබ සුදුසුයි.

    ReplyDelete
    Replies
    1. දේශපාලනයෙන් තොර කෙනෙක් ගෙනාවම හිරිකිතේ අඩුයි. කොයි කරුත් දේශපාලනිකව ජන විරෝධී තීන්දු ගන්නා හොරුනෙ.

      Delete
    2. මිනිස්සු ත්‍යාග ගන්න කැමති නම් ඒ ගෙනෙන කෙනා ගෙන් ප්‍රශ්නයක් නැහැනේ. කරු දෙනවා කියල බ්ලොග් කරුවන් ගෙන් පළමු වතාවෙම ඇහුවා. ඒ ගොල්ල විරුද්ධ වුනේ නැහැ. 2014 දෙසැම්බර් නේ තියන්න හිටියේ. එහෙම නම් පරණ ආණ්ඩුවේ කෙනෙක් තමා එන්නේ.

      Delete
    3. මං කියන්නෙ පාට දේශපාලනයක් නොවේ. කොයි ආංඩුවෙන්වත් නැතිව හිරිකිතයක් නැතිව ගේන්න පුළුවන් විද්වතෙක් ගේමු කියලයි. මේ මගේ අදහස. සම්මාන ගන්න අයට කවුරු වුණත් මොකෝ නං අපටත් මොකෝ. එන එකා ගැන හිරිකිතයි නං අපට තියෙන්නෙ නෑවිත් ඉන්න එකනෙ.

      Delete
    4. එකඟයි. මට නම් ප්‍රශ්නයක් නැහැ එහෙම කවුරු හරි ගෙන්වනවට. ගිය සැරේ චූලානන්ද සමරනායක මහත්මය ආව. ධර්මසිරි බණ්ඩාරනායක මහතාට ආරාධනා කලා. එන්න විධිහක් තිබ්බේ නැහැ මම හිතන්නේ. මේ සැරේ කරු පරණවිතාන මහත්මය එන්නේ නැතිවෙයි . මොකද අපි ආණ්ඩුවෙන් නොමිලේ දෙන හෝල් එකට යන්නේ නැතුව ගෙවල එකක් ගන්නවා කියන තීරණේ ඉන්න නිසා. නමුත් අර ජන මාධ්‍ය එකෙන් දෙන නොමිලේ හෝල් එකට යන් කියලත් සමහර අය කියනවා. මේකත් ජනමාධ්‍ය ප්‍රවර්ධනය වෙන වැඩක් කියල.

      Delete
    5. මට හිතෙන්නේ නං, ස්පොන්සර්ශිප් එකක් ගන්නවනං, දේශපාලනය ගාව ගන්නේ නැතුව කරන්න නං, බ්ලොග් ලංකාවේ ඉඳන් ලියන බොහෝ දෙනා පාවිච්චි කරන ඩයලොග් හරි මොබිටෙල් හරි වෙන කවෘ හරි ඉන්ටර්නෙට් ප්‍රොවයිඩර් කෙනෙක්ව අල්ලගත්තා නං, ඔවුනට ඉතාම අඩු බජට් එකක් වෙන ඔය සම්මාන උලෙල ලේසියෙන් ස්පොන්සර් කරාවි..මම මේක,අජියාට කිව්වා මුලින්ම, කොහෙද මූත් පොඩි හිට්ලර් කෙනෙක්වගේ නේ...ඌ කියන එකම විතරයිනේ අහන්නේ...එතකොට ඔය එක එක අමාත්‍යාංශ හරහා යන්නවත් ඇමතිලා සනසන්නවත් ඕනි වෙන්නේ නෑ...හැබැයි සම්මාන විනිශ්චය ඉන්ඩිපෙන්ඩන්ට් කර ගන්න ඕනී ස්පොන්සර්ගෙන්...හිතලා බලන්නකෝ....!

      Delete
    6. // ස්පොන්සර්ශිප් එකක් ගන්නවනං, දේශපාලනය ගාව ගන්නේ නැතුව කරන්න නං, බ්ලොග් ලංකාවේ ඉඳන් ලියන බොහෝ දෙනා පාවිච්චි කරන ඩයලොග් හරි මොබිටෙල් හරි වෙන කවෘ හරි ඉන්ටර්නෙට් ප්‍රොවයිඩර් කෙනෙක්ව අල්ලගත්තා නං, ඔවුනට ඉතාම අඩු බජට් එකක් වෙන ඔය සම්මාන උලෙල ලේසියෙන් ස්පොන්සර් කරාවි..මම මේක,අජියාට කිව්වා මුලින්ම, කොහෙද මූත් පොඩි හිට්ලර් කෙනෙක්වගේ නේ...ඌ කියන එකම විතරයිනේ අහන්නේ.. //

      මෙය කියවූ විට කියන්නට කට කහන කතා මතක්වේ...

      ඒත්..

      කොමෙන්ටුව ඔහේ ගේ නිසාත්... බ්ලොගේ හෙන්රි ගේ නිසාත් සරස තුම ඔහෙලා දෙන්නාටම ගරු කොරනා නිසාත් බොහොම අමාරුවෙන් කට වසාගෙන සිටිමි හිටන්!




      Delete
    7. සරස තුමාට මාත් ගරු කරන නිසා කට කහන කතා මොනවාදැයි අහමින් කොක්කක් දමා ගන්නට බැරිය. හැබැයි කිව්වත් අමනාපයක් එහෙම නැත.

      Delete
    8. // කොහෙද මූත් පොඩි හිට්ලර් කෙනෙක්වගේ නේ...ඌ කියන එකම විතරයිනේ අහන්නේ..// දැන් චෙෆාකි ඉන්නවනේ අර මේල් ලූප් එකේ. දැන් මේකේ තේරුම මොකක්ද? කොහෙවත් තැනක මම එපා කිව්වද? නැහැ . මම කිව්වේ ඒක හොඳයි කියල විතරයි. ලංකාවේ කවුරු හරි කතා කරලා මුලිකත්වය ගන්නවා නම් අවුලක් නැහැ. එනිසා අදාල මහත්මයා ලට ඒ බව කිව්වා. ඒ හැමෝම මේල් චේන් එකේ ඉන්නවා. මම මෙතන හා හොඳ අදහසක් කිව්වා විතරයි. මේල් එකේ කොපියක් ඇතිනේ. තව පුද්ගලික මේල් එකකුත් එවන්නම් අද. අසනීප වෙලා නිසා අද ගෙදර ඉඳන් වැඩ කරන්නේ. එනිසා සෑහෙන්න බිසි.

      Delete
    9. හෙන්රි,

      chainmail අඳින්නේ armoured corps විතරයි නේද? මේ යන විදියට නම් අජිතුත් full body type එකක් ඇන්දොත් හොඳයි වගේ.

      Delete
  7. //2. උළෙගේ අංග නම් හොඳ දැනුමකින් තෝර ගන්න වෙනව. ඒවා වඩාත් නිර්මාණශීලී වගේම උළෙලට ගැලපෙන අංග විය යුතුයි// ඔබ නාට්‍යය බැලුවද? ඒක මොන්ටිසෝරි එකක් කියල කොහොමටවත් හිතන්න බැහැ. අනිත් අංක වලට පොදුවේ එකඟයි . තව කාරණයක් රයිගම් ටෙලි සම්මාන වගේ ඒවා කරන්න මුදල් නැහැ. සීමිත මුදල් ප්‍රමාණයකින් ගොඩ දාන එක තමයි කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ගිය වතාවෙ නාට්‍ය නං විකාරයක්. කෑගගහ ස්ටේජ් එක පුරා දිව්ව විතරයි.
      සල්ලි වියදම් කරන්නම ඕනැ නෑ...නිර්මාණාත්මක බවයි වැදගත් අජිත්. රයිගම් කතාව කිව්වෙ ඒ අර්ථයෙන්.

      Delete
    2. ඔබ විතරයි එහෙම කිව්වේ. ඒ නාට්‍යය කලේ තරඟ තරුණියන් 5ස දෙනෙකු ගෙන් යුත් ආධුනික කණ්ඩායමක්, රටේ තිබු ප්‍රශ්නයක් ගැන ඔවුන් දෙදෙනා හොඳට කතා කලා. මම අහපු හැමෝම කැමති වුණා. මම තරුරසි නංගිට කිව්වා ආයෙත් ඒ යට හොඳ නාට්‍යයක් ඉදිරිපත් කරන්න කියල. අපට නම් ඒක හුඟක් හොඳ නිර්මාණයක්. ලංකාවේ තරුණයෙකු හා තරුණියක අතර ඇතිවන සැබෑ ප්‍රශ්නයක්.

      Delete
    3. තමංගෙ මට්ටං...තං මට්ටං කිව්වලුනෙ.

      Delete
    4. ඔබට අවශ්‍ය නම් මම ඒකෙ පිටපත එවන්නම්. කියවල බලන්න. වෙන හොන්ඩ අකන්දයමක් දන්නවා නම් කියන්න.

      Delete
    5. මෙතැන හෙන්රිට වී ඇත්තේ මතකය පැටලීමක් නොදන්නා කමක්.

      උත්සවයේ නාට්‍ය (කිවහැකි) අංග දෙකක් තිබුණා. එකක් අය ටොයියයි-බයියයි ප්‍රහසනය. ඒකේ තමයි කෑ ගසමින් වේදිකාවේ ගියේ. මං එහි ඇතැම් කොටස් රස වින්දත් (https://rasikalogy.blogspot.com/2016/03/my-highlights-of-awards-ceremony.html), මා පසුව කියවූ බව මතකයේ ඇති පරිදි ඒ රඟ දැක්වුවේ බලාපොරොත්තු වූ අංගය නොවෙයි.

      අජිත් ධර්මා පවසන්නේ උත්සවය අවසාන භාගයේ රඟ දැඛ්වුණු ඉතා අගනා කෙටි නාටෘය ගැනයි. එහි නම "ආණ්ඩවේ රැකියාවක්". සරල අදහසක්. රංගනය ඉතා හොඳයි. ඒ නිළියවත් මට අවසානයේ හමුවුණා තේ බොන වෙලාවේ!

      මං හිතන්නේ හෙන්රි සහ පවනී ඊට කලින් ශලාවෙන් පිටත්ව ගියා. උත්සවය අවසානයේ හෙන්රි සිටි බවක් මට මතක නෑ.

      Delete
    6. මා කතා කළේ දුව පනිමින් කළ විකාරය ගැන තමයි."ආංඩුවේ රස්සාවක්" අවසන් අංගය අවුලක් නෑ. මා උත්සවය නිමා වී තේපැන් සංග්‍රහයටත් සහභාගි වී තමයි එතැනින් ගියේ. ඒත් විසිර යන තුරු නොහිටියේ එදිනම රාත්‍රී විදෙස් ගතවන්නට තිබූ නිසයි.

      Delete
    7. මා කතා කළේ දුව පනිමින් කළ විකාරය ගැන තමයි."ආංඩුවේ රස්සාවක්" අවසන් අංගය අවුලක් නෑ. මා උත්සවය නිමා වී තේපැන් සංග්‍රහයටත් සහභාගි වී තමයි එතැනින් ගියේ. ඒත් විසිර යන තුරු නොහිටියේ එදිනම රාත්‍රී විදෙස් ගතවන්නට තිබූ නිසයි.

      Delete
  8. සංචාරක හා ඡායාරූප කියල එකක් දැම්මේ වෙනම දෙකකට අවශ්‍ය බ්ලොග් සංඛ්‍යාව මදි නිසා

    ReplyDelete
    Replies
    1. ලුණුමිරිසුයි සීනියි වගේ නිසයි කිව්වෙ. නිර්මාණාත්මක ෆොටෝ ගන්න සංචාරයෙ යෙදෙන්නම ඕනෙ නෑ. ෆොටෝ බ්ලොග් නැත්නං ෆොටෝ කෑල්ලක් බලෙන් දාන්නෙ ඇයි.

      Delete
    2. ස=හුඟක් සංචාරක බ්ලොග් වල පින්තූරත් තිබෙන නිසා.

      Delete
  9. //උළෙලේ ප්‍රාසාංගික බව වඩාත් ඔප්නැංවෙනු වස් පළපුරුදු ඉදිරිපත් කරන්නන් හා කරන්නියන් තෝරා ගැනිම වැදගත්. // පට පළමු උළෙලේදී මුදල් ගෙවා ගැනපු "පළපුරුදු " කෙනෙක් හිටියේ. අවංකවම කියනවා නම් මුදල් නොගෙන කල ඉවාන් පව්ලුෂා හා දිලිනි නිමන්තිකා මට හොඳයි. අපි ආධුනික උළෙලක් සංවිධානය කළේ . අර සමහර පිස්සෝ කියනවා වගේ අපට සල්ලි දෙන්න කවුරුත් හිටියේ නැහැ. කල්‍යාණ මිත්‍ර, ඉවාන් හෙම ඒවා දනනවා. ටිලාන් අර්තුරැ දරුණු විධිහට ඉවන්ව විවේචනය කරලා තිබ්බ. ඒවා අසාධාරණයි. අපේ බ්ලොග් කරුවෝ කාරියෝ තමන්ට පුළුවන් විධිහට ඒක කළේ . අඩු වියදමින් . අපය ලක්ෂ ගණන් කොටි ගණන් වියදම් කරනන් ඕනේ නැහැ විවෘත කිරීම, සම්මාන දීම වගේ ඔය සමහර දේශපාලකයෝ කරපු විධිහට. අපට ඒ සල්ලි තිබුනොත් අපි අර ළමයින්ට වතුර දුන් වගේ දෙයක් කරනවා.

    ReplyDelete
  10. හෙන්රි ඔබ එදින සංවිධායක මණ්ඩලයට එකතු වුනොත් නරකද? ඔබ ඉන්නේ ලංකාවේ ද ?

    ReplyDelete
    Replies
    1. මං පැත්තකින් ඉඳං පුළුවන් උදව්වක් කරන්නම්. අනෙක මං ලංකාවෙ ඉඳීද නැද්ද කියන එකත් අවිනිශ්චිතයි දැනට.

      Delete
    2. බොහොම ස්තූතියි, මම මේළක් දාන්නම්.

      Delete
  11. යෝජනා හොදයි එත් මොනවා උනත් අජිත් අයියන්ඩි පටන් ගත්ත වැඩේ එල ද බ්‍රා
    මුකුත් නැතිවට වඩා මොනවම හරි තියන එක හොදයි

    ReplyDelete
    Replies
    1. එකෙන්ම. මොකුත් නැතිවට වඩා තියෙන එක තවත් ටිකක් උස්සල ගන්නයි මේ යෝජනා. නැතිව කඩාකප්පල් කරන්න හෙම නොවෙයි.

      Delete
    2. රෙස්පෙක්ට් ...
      එල ද බ්‍රා

      Delete
  12. අනේ මන්ද හෙන්රි,

    http://mallepol.blogspot.com/2017/01/blog-post_14.html#comment-form

    මෙන්න මේකත් බැලුව නම්.

    ReplyDelete
    Replies
    1. සම්මාන පිටිපස්සෙ සල්ලි හොන්න ගියොත් ලංකාවෙ කිසිම සම්මානයක් දෙන්න වෙන්නෙ නෑ. මම නං හොයන්නෙ දෙන සම්මාන සල්ලි අයිතිකාරයන්ට ඕනෙ පක්ෂග්‍රාහී විදිහකට දෙනවද..නැත්නං ස්වාධීන විනිශ්චයක්ද කියලයි. ඒකයි බ්ලොග් වලට සම්බන්ධ නැති විනිශ්චය මණ්ඩලයකින් තෝරන්න කියල යෝජනා කළේ.

      Delete
    2. අප දුන්න සම්මාන දුන්නේ විනිශ්චය මණ්ඩලයකින් ලකුණු දීල හෙන්රි. නාලක ගුණවර්ධන, මම හෙම ඒකෙ හිටියේ. අවසන් ලකුණු විස්තර මං ළඟ තිබෙනවා. මම කිසියම් මුදලක් වියදම් කලත් එතන පක්ෂග්‍රාහී වුනේ නම් නැහැ.

      Delete
    3. සම්මාන දුන් ආකාරයේ පක්ෂග්‍රාහී බවක් නම් මා දුටුවේ නැහැ අජිත්. යම් යම් නොගැලපීම්, විවේචන ඇති. යම් යම් නොගැලපීම්, විවේචන ඇති. ඉදිරියට ඒවා අවම කරගන්න කටයුතු කිරීමයි වැදගත් .

      Delete
    4. බ්ලොග් වලට සම්භන්ද නැති විනිශ්චය මණ්ඩලයක් කියනෙක ප්‍රායෝගික නෑ.. බ්ලොග් වලට සම්භන්ද නැති අය බ්ලොග් කියවන්නේවත් බ්ලොග් ගැන දන්නේවත් නෑ. උදාහරණයකට බ්ලොග් ගැන නොදන්නා කෙනෙක් මාතලන්ගේ බ්ලොග් එක කියෙව්වොත් කියයි මේ මොන ලිවිල්ලක්ද කියලා.. බ්ලොග් විනිශ්චය කරන්න ඕනි බ්ලොග් ගැන දන්න බ්ලොග් කියවන අය.. පක්ශග්‍රාහී නොවී සිටීම ඔවුන්ගේ වගකීමක්

      Delete
    5. බ්ලොග් ගැන දන්න, කියවන අය තමයි විනිශ්චය කරන්න ඕනෑ. ඒත් සංවිධායක මණ්ඩලේ විනිශ්චය කරන්න ගියොත් ඉස්කෝලෙ පංතියෙ ළමයින්ට ටීචර් ලකුණු දෙනවට දෙවෙනි වෙන්නෙ නෑ. හරියට පවුලෙ අය එක්කාසු වෙලා පවුලෙ අයටම සම්මාන දීගන්නව වගේ ..

      Delete
    6. මේක මාර කෙළියක්නේ. අපි සංවිධානය කලා. වෙන කෙනක් කරන්නේ නැති නිසා. මමත් බ්ලොග් ලියන කියවන කෙනෙක්. කල්‍යාණ මිත්‍රත් එහමයි. සංවිධානය කරන අය විනිශ්චය නොකළ යුතුයි කියල නීතියක් කොහෙවත් නැහැ. දැන් පවුලේ අය කවුද හෙන්රි? පළමුවැනි සම්මාන උත්සවේ වෙනකොට අපි කිසිම බ්ලොග්කාරයෙක් දන්නෙත් නැහැ. අඳුනන්නෙත් නැහැ. අපි අනික ඒ ගොල්ලට කීව තමන්ගේ අනන්‍යතාවය තියාගෙන වෙන කෙනෙක් සම්මාන ගන්න එවන්න කියලත්. අහල බලන්න මාතලන් ගෙන් එහෙම. ඒ චාන්ස් එකත් දුන්න. දෙවෙනි සැරේ අර පළමුවෙන් අඳුරගත්ත කට්ටියට ලැබුනෙත් නැහැ. සම්මාන දවසේ තමා යාන් හෑල්ල ලියන හාදය දැක්කේ. ඔයාල විවේචනය කරන්නේ ලංකාවේ හරියට ලස්සනට ඕව වෙනවා වගේ. අර බස් රේඩියෝ උළෙලේදී එක්‌තරා විනිශ්චය කරුවෙක් තමන්ගේ ගෝලයෙකුට සම්මානයක් දාල තිබ්බ. ලංකවේ වෙන්නේ එහෙම.

      Delete
    7. අජිත්..මං විවේචනය කරන්නෙ වඩාත් ඉදිරිගාමී, ඡෝදනා අවම කරගන්න පුළුවන් උළෙලක් කරන්නයි. මීට පෙර දුන්න සම්මාන මං විවේචනය කළේ නෑ. නමුත් දහස් ගණනක් බ්ලොග් අස්සෙ සම්මාන තෝරන එක ලේසි නෑ. සංවිධායකයින්ගෙ circle එකට පිටිං ඇස නොගැහුණ අය ඕනෙ තරම් ඇති. දොස්තර යසනාත් වගේ අය.
      අනෙක සංවිධායකයින් විනිශ්චය කරන්න එපා කියල නීතියක් නැති වුණාට වැඩේ පාරදෘශ්‍ය වෙන්න නම් විනිශ්චය වෙනම තැනකින් වෙන්න ඕනෙ කියන එක තරහ ගන්න කාරණයක් නොවෙයි.
      ලංකාවෙ අන් බොහෝ සම්මාන ගැන ඉතා නරක අත්දැකීම් හා ආකල්ප තියෙන මං හිතුව නෙළුම් යාය බ්ලොග් සම්මාන ඊට වඩා වෙනස් ඇති කියල. දැං බලන් යද්දි එහෙම වෙනස් වෙන්න උවමනාවක් නෑ වගේ.
      මීට පස්සෙ පැත්තක ඉඳං පණ්ඩිත කතා නොකිය මගේ වැඩක් බලාගන්නම්.
      ඔයගොල්ලම සංවිධානය කරල, ඔයගොල්ලොම විනිශ්චය කරල ඔයගොල්ලොම දීගන්නව කියන්නෙ මේක ජාතික තලයට එන්නෙ නෑ. නිකං ගමේ අවුරුදු උත්සවයක් වගේ.

      Delete
    8. // නමුත් දහස් ගණනක් බ්ලොග් අස්සෙ සම්මාන තෝරන එක ලේසි නෑ. සංවිධායකයින්ගෙ circle එකට පිටිං ඇස නොගැහුණ අය ඕනෙ තරම් ඇති. // ඒක හරි. ඒ ප්‍රශ්නේ තියෙනවා. අටම්පහුර ඒකට විසඳුමක් විධිහට හොඳ බ්ලොග් අඩවියක් හදල බ්ලොග් කරන අයට ඒකට තේරීම් එවන් න කිව්වා. කාලයක් වුණා . ඊට පස්සේ නැවතුන. දැනුත පි හැමෝටම කියනවා තේරීම් එවන් කියල. නමුත් මිනිස් සීමාකම් තියනාවේ. අනික තමයි මම කතා කරපු ලංකාවේ ගත් කතුවරු සහ තවත් ප්‍රසිද්ධ අය කිහිප දෙනෙක්ම බැහැ කිව්වා බ්ලොග් කියවන්නෙත් නැහැ කියල. අනික පසුව එන චෝදනා වලට බයේ. ඔ ඔයාම දැක්කනේ අර නාලකට කියපු දේ. මම දුක් වෙනවා දැන් ඒ මනුස්සයට වුනත් එන්න කියපු එකට. ඕව අහන්නේ නැහැනේ මම එන්න කිව්වේ නැත්නම්.
      ලංකාවේ හුඟක් විනිශ්චයන් කරන්නේ පක්ෂපාතිව හෙන්රි. ඒක හින්ද තමා ඔය චෝදනා එන්නේ. තමන් එහෙමනෙ. ඒකයි. අපි අර දසත සැරිසර ලියන මහත්මියට සම්මාන දුන්න එකට චෝදනාවක් ආව එක්තරා කතුවරයෙක් සහ ප්‍රසිද්ධ පුද්ගලයෙක් අපේ විනිශ්චය මණ්ඩලයේ ඉන්න නිසා කියල ඒ සම්මානය දුන්නේ. දැන් ඒ කතාව කොයි තරම් වැරදිද? ඒකෙන් වෙන්නේ ඒ ලියපු කෙනාගේ නිර්මාණශීලිත්වයට පහරක් නෙමෙයිද? යුඇන්පී කාරයන්ට විතරක් සම්මාන දෙනවා කියල කතාවක් තියනවා. දැන් ගිය සැරේ තිබ්බ ලිස්ට් එක අරන් බලන්න. කි දෙනෙක් යුඇන්පී එකට පක්ෂව ලියනවද කියල.

      Delete
  13. ඕගනයිසිං ගැන ඔබතුමාට හැටහුටාමාරක් අත්දැකීම් තියෙන එකේ සංවිධායක මණ්ඩලේට බලෙන් හරි රිංගන්නයි තියෙන්නෙ...
    නැත්තං ඔය හැමදේම ඇනගන්න සංවිධායකයෝ මේ පාරත් ඇනගනීවි....

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං ප්‍රේක්ෂකයො විතරයිනෙ හිටං..

      Delete
  14. සියල්ල සතුටු කල නොහැකියි. වැඩි දෙනා සතුටු වුනාද කියා බැලීමට චන්දයක් ඕනෑ නිසා එයද කල නොහැකියි. සතුටු වූ අයද කොයිතරම් සතුටු වීද යන්න මැනීමට අපහසුයි. සම්මාන ලැබූ අය ඒ පිලිබඳව සතුටු වූ බව පමණක් උපකල්පනය කල හැකියි.
    එනිසා අන් උපදෙස් හා උදව්ද ගෙන තමන්ට පුලුවන් ගාණට හොඳට කලා යයි තමන්ට තෘප්තියක් ලැබෙනසේ කල යුතුයි

    ReplyDelete
    Replies
    1. තමන්ට තෘප්තියක් එන්න නං අන් මත වලටත් අවශ්‍ය පමණින් සවන්දීල වඩාත් හොඳ විදිහට කරන්න උත්සහ ගන්න ඕනෙ. හැබැයි හැමෝම කියන දේවල් අහන්න ගත්තත් අච්චාරුවක් වෙනවා.

      Delete
    2. නොකී කතා මහත්මයෝ ඔය ප්‍රා දනනවා පලවෙනි එක සංවිධානය කලේ පස් දෙනෙක් වගේ පිරිසක්. එතකොට බ්ලොග්කරුවෝ කිසිවෙක් දන්නේ නැති නිසා. දන්නා විධිහට කලා . දෙවෙනි එකට ගොඩක් අය එකතු වෙලා 20, 30ක් විතර ඊමේල් ත්‍රේඩ් 100, 200 යන ඒවා තනිකර මේල් වලින් කතා කර කර ඒ 20-30 අදහස් අහල තමා කළේ. ඒ 20-30 අතර හිටපු එක්කනෙක් මාතලන්. අනික් එක්කෙනා ප්‍රා. මොනවා කරන්න ද අප්පා මම ඔය ඒකාධිපති පොරක් නෙමේ. අහලා තමා ඔක්කොම කළේ.

      Delete
    3. බ්ලොග් රචනය කියා දෙයක් තියෙනවාදැයි නොදන්නා බොහෝ පිරිස් ඉන්නා අපේ රටේ බ්ලොග් සම්මාන උළෙලක් පැවැත්වීමෙන් ඊට කිසියම් වටිනාකමක් එක් කළා කියා මා හිතනවා. ඒ ගැන ඊට මුල්වූ අජිත් ධර්මට ස්තූතිය පුදකරන ගමන් මා අහක ඉඳන් මගේ අදහස් දක්වන්නේ හොඳ උත්සහයක් අඩුපාඩු අවම කරන් ඉදිරියට ගෙන යාමට මගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වීමටයි. ඒ නිසයි අවුල් තැන් ගැන ලියන්න හිතුවේ.
      වැඩක් කරද්දි තමයි විවේචන එන්නෙ. නොසැලී ඉදිරියට..

      Delete
    4. ඔබට බොහොම ස්තූතියි. හුඟක් වෙලාවට මේ අවසන් වතාව වෙයි.

      Delete
    5. එහෙම කොහොමද...අජිත් ධර්ම කියන්නෙ එහෙම පස්සට යන කෙනෙක් වෙන්න බෑ. විවේචන, ගල්, මල් එක්ක නොසැලී ඉදිරියට.

      Delete
    6. මම එක් වතාවක් විතරයි කරන්න හිතන් හිටියේ. එක දෙක වුණා . දැන් තුන වුණා . දැන් ඇති. බැනුම් අහන් කරන්න මට පිස්සුද? අර මාතලන් කියනවා වගේ. ඔය කියන ඇන්ජිඕ සල්ලි අරවා මේවා හම්බ වෙනවා නම් ඒත් කමක් නැහැ. මගේ ළමයි දෙන්න ඕලෙවල් කරනවා. උන් ගැන බලන එක ඊට වැඩිය හොඳයි. ලංකාවේ සම්මාන උළෙලවල් කරලා බැනුම් අහගන්න වට වැඩිය.

      Delete
    7. අජිත්,
      ඕස්ටේලියාවට එන්න. මෙහේ පාසල්වල දැන් ඕ-ලෙවල් (grade 10) නෑ.

      Delete
  15. නොකී කතා ඔබ ගියවර සාමාන උළෙලේට මුදලින් හෝ ද්‍රව්‍ය ආධාරයක් දුන්නාද කියා දැන් කියූ කතාවක් ආකාරයට දන්වනවාද ......එත් ඉතිං කියා.....

    ReplyDelete
    Replies
    1. කිසිදු ආකාරයක ආධාර දී නැත. මගේ ලිපියක් නිර්දේශ වී ඉවත් වූ වෙලාවේ විවේචන නම් කර ඇත. සම්මාන උළෙලට සහභාගි වූයේද අහම්බෙන්. වෙනත් සම්මාන නිර්දේශිත වූ අයෙකුගේ ඉල්ලීමට අවසන් මොහොතේ ගත් තීන්දුවක් අනුවයි.

      Delete
  16. සම්මාන ඇතත් නැතත් මේ වතාවෙ නං එනවමයි. ඔච්චරනෙ තියෙන එකම උත්සවේ අපට.

    ReplyDelete
  17. දේශපාලුවන් විසින් සම්මාන ප්‍රධානය ගැන මගේ අදහස

    දුෂිත නොවන දේශපාලුවෙකු අද කාලයේ සොය ගැනීමට වඩා කළුනික සොයා ගැනීම ලේසි වෙනු ඇති.

    නමුත් දුෂිත දේශපාලුවන් අතරින් කරු ජයසූරිය යනු අඩු දූෂීත දර්ශකයක් ඇති අයෙකු ලෙසයි මට නම් පෙනී ගියේ. ජනමාධ්‍යවල හෝ විපක්‍ෂ මාධ්‍යවල හෝ කරු ජයසූරිය ගැන යම් චෝදනාවක් තිබෙනු මා දැක නෑ.

    අනිත් කරුණ නම්, දේශපාලුවන් එන සම්මාන උත්සව හොඳ නැතිනම්, ලංකාවේ පැවැත්වෙන ජාතික මට්ටමේ එකම සිනමා, රූඵවාහිනී, සාහිත්‍ය සම්මාන උත්සවයක්වත් හොඳ නෑ නේද? මා දැක ඇති පරිදි, ඒ හැම සම්මාන උත්සවයකම ප්‍රධාන අමුත්තා දේශපාලුවෙක්.

    අර ජැක්සන් ඇන්තනිත් සමථමානේ ගත්තේ රනිල් ගෙන් නේ. හෙන්රි ඒ ගැණ පුවත්පත් වාදයකටත් සම්බන්ධයි නේ. නමුත්, ඒ සම්මානය ජැකා, රනිල් අතින් ගැනීමේ වරදක් ඔබ දකින්නේ නෑ නේද?

    මං හිතන්නේ අප ඒ දේශපාලන චරිතය අමතක කර අගමැති, කතානායක, ජනාධිපති වශයෙන් රටේ නිළ තනතුරු නාමය ගැන පමණක් සැළකිය යුතුයි.

    එහෙම නැතිනම්, කිසිම දෙයකට යන්න බැරි වෙනවා!

    ReplyDelete
    Replies
    1. යන එක නොවෙයි ඕකුන් ගෙන්නන එක අපුලයි කියලයි ලිව්වේ. ම හිතං උන්නෙ ලියන දේවල් වල විදිහට බ්ලොග් කාරයො වඩාත් ස්වාධීනයි කියලයි. අපතයින් ඉස්සරහ නැමෙන්නෙ නෑ කියලයි. දේසපාලුවො පොරවල් කියල උංගෙන් සම්මාන ගත්තම හරි ලොකුයි කියල හිතෙනව නං අපේ මොකෝ. අපි සම්මාන ගන්න එන එකක් යැ.
      අනෙක් සම්මාන උත්සව ගැන කියල සඳහන් නිසාමයි කියන්නෙ. උය හැම එකක්ම බිස්නස් එකකට සම්බන්ධයි. බිස්නස්කාරයන්‍රට දේශපාලුවන්ගෙන් තොර පැවැත්මක් නෑ.
      අපි එහෙමද...මේක බිස්නස් එකක් නොවෙන්නාසේම අපිට ස්වාධීන පැවැත්මක් නැද්ද ?
      මේ සිස්ටම් එක ඇතුළෙ පුද්ගල සාධක හොයන එක තේරුමක් නෑ. හොරා කෑවත් එකයි, හොරා කනව නොදැක්ක වගේ හොරු එක්ක ලැග්ගත් එකයි.

      Delete
    2. වීරවංශ ගේ හෙලදිව පුවත්පතේ නිෂ්මි පිටුවට ලිපියක් ලියන ලෙස මට ලැබුණු ඉල්ලීමක් මා ප්‍රතික්‍ෂේප කළ පසු, හෙන්රි සහ මා අතර ඇතිවුණු අදහස් හුවමාරුව සිහිවිය!

      Delete
    3. සම්මාන ගන්න එකයි, පත්තරේකට ලියන එකයි එක කෝවට දාන්න බෑ නේද..මාධ්‍ය අයිතිකාරයන්ගෙ පැටිකිරිය හොයන්න ගියොත් කිසිම මාධ්‍යයක් එක්ක ගනුදෙනු කරන්න අමාරුයි. ඒත් දේශපාලුවො වගේ ජරාජීර්ණ අවස්ථාවාදියන්ට වඩා සම්මාන දෙන්න සුදුසු පුරවැසියො හොයාගන්න අමාරු නෑ.

      Delete
  18. /* 7. තාක්ෂණය මෙච්චර දියුණු ක‍ලෙක 2016 සම්මාන උළෙල සජීවීව අපහසු නම් වීඩියෝ පටිගත කොට පසුව හෝ අන්තර්ජාලයට මුදාහැරීම පැමිණි නොපැමිණි හැමෝටම සිහිවටන වේවි. */

    පැවැත්වුණු උත්සව දෙකම සජීවීව අන්තර්ජාලයේ මුදා හැරියා මා දන්නා තරමින්.

    මුල් උත්සවයේ නම් මා නැරඹුවේ පටිගත කළ කොටස් පසු දිනයකයි. එහි පටිගත කිරීමේ ලොකු තාක්‍ෂණික දෝශ තිබුණු නිසා ඇතැම් දේ ශ්‍රවණය කරන්න බෑ. කැමරාකරණයත් අජුතයි!

    https://www.youtube.com/watch?v=-zlba8-B4OA

    https://www.youtube.com/watch?v=2-BWzujxRUo

    මා සහභාගී වූ දෙවෙනි උත්සවය මගේ පවුලේ අය සහ මිතුරන් සිඩ්නි නගරයේ සිට නරඹා තිබුණා.

    මේ ඉන් කොටසක්.
    https://www.youtube.com/watch?v=O_wi_ARKryE


    ReplyDelete
    Replies
    1. දෙවන උත්සවයේ යූ ටියුබ් වීඩියෝව පසුව සංස්කරණය කළ එකක් නේද..මං යෝජනා කරන්නේ සජීවීව Globalcast ලෙස ප්‍රචාරය කරන්න බැරිද කියායි. මොකද බ්ලොග්කාරයො වැඩ කරන්නෙම තාක්ෂණයත් එක්කනෙ.

      Delete