Powered By Blogger

Monday 13 March 2017

සම්මාන හා අවමාන


සම්මාන ගැන හදිසියේ මතක් වුණේ බ්ලොග් ලියන්නන්ට සම්මාන දෙන "නෙළුම් යාය" සම්මාන උළෙල  නුදුරු දිනෙකදී පැවැත්වෙන බව දැක්කමයි. හැබැයි මේ කතා කරන්න යන්නෙ ඒ ගැන නොවෙයි. පොදුවේ සම්මාන ගැන.

සම්මාන විවිධාකරයි. 

විවිධ අරමුණු මත විවිධ පුද්ගලයින් හා සංවිධාන නොයෙකුත් ක්ෂේත්‍රයන්හි සම්මාන පිදීම  අරුමයක් නොවෙයි.

ඒ වගේම සම්මානයක් ලැබෙන්නේ නම් දෙන්නේ කවුද, කවර පරමාර්ථයකින්ද යන්න වැදගත් සේ නොසළකා සම්මාන ගැනීමද අරුමයක් නොවෙයි.

ලී හෝ ලෝහ කෑල්ලක් නැත්නම් කඩදාසි සහතිකයක් වෙනුවෙන් කුළල් කාගැනීමද  විටෙක ජුගුප්සාජනක වුවද සම්මාන ඉදිරියේ එවන් වඳුරු නැටුම් නිතර සිදුවෙනවා.

සමහර සම්මාන රාජ්‍ය සම්මාන. සමහර සම්මාන පුද්ගලයින් පෞද්ගලිකව හෝ සංවිධාන අටවා ගෙන දෙන සම්මාන. 

තවත් සමහර සම්මාන පුද්ගලයෙක් වෙනත් සංවිධාන එක්ක සම්බන්ධ වෙලා දෙන ඒවා. සමහර විට එළිපිටම දෙනවා. නැත්නම් 
සංවිධාන යට ගහල පුද්ගලයින්ම දෙනවා. 

ඒවට කියන්නෙ hidden agenda මත දෙන සම්මාන කියලයි. 

කොහොමත් කොයි සම්මාන උළෙලක වුණත්   hidden agenda නැත්තෙ නෑ. එළියට පේන අරමුණු වලට හාත්පසින් වෙනස් උවමනාවන් තියෙන්න පුළුවන්. කොටින්ම සම්මාන අහිංසක නෑ.

ගොඩක් වෙලාවට සම්මාන දෙන අය හිතන්නෙ "අපිනෙ දෙන්නෙ. තොපි කටපුක වහං දෙන දේ ගනිල්ල" කියලයි. ඒත් ලී පතුරු, ලෝහ කෑලිත් එක්ක සල්ලි පොදියකුත් දෙනව නං කටපුක වහං උන්නත් කාරි නෑ.

එහෙමත් නැතිව කට වහන්නෙ මොන කෙංගෙඩියකටද ....කියන්න තියෙන දේ කියන්නෙ නැතිව.

හැබැයි වැරදි, අඩුපාඩු ගැන කියද්දි දමල ගහන ආයුධයක් තමයි "කියන්න ලේසියි, කරන්න අමාරුයි", නැත්නං "පිඟන් හෝදද්දි තමයි බිඳෙන්නෙ", වගේ කතා කියන එක.

අලුත්ම ප්‍රහාරය තමයි "විවෙචනය නොකර ඇවිත් කරන්න" කියන එක. ඒකට මම දෙන උත්තරේ තමයි "කෑම රහ බලන්න කෝකියෙක් වෙන්න ඕනෙද?"

                                                                                                                        ******************************




                           රයිගම් ටෙලි සම්මානය        ජනාධිපති සිනමා සම්මානය       

මීට පෙර වතාවක නෙළුම් යාය බ්ලොග් සම්මාන ගැන 
ලියද්දි ජාතික තලයේ සම්මාන උත්සව දෙකකට සම්බන්ධ වුණ එක සඳහන් කළානෙ.

ඒ 2005 අවුරුද්දෙ "ජනාධිපති සිනමා සම්මාන" උළෙලේ සම්බන්ධීකරණය හා අධීක්ෂණය කරමින් අනගි සම්මාන උළෙලක් පවත්වන්න  විශාල වැඩ කොටසක් කළා වගේම 2004 "රයිගම් ටෙලි සම්මාන" උළෙලේ පිටපත හා ප්‍රසංග කළමනාකරණයෙනුත් දායක වුණ එක ගැන පම්පෝරියක්.

මේ උත්සව වලට ආරාධානා පත්‍ර යවන්නත් අපි සම්බන්ධ වුණා. BMICH එකේ ප්‍රධාන ශාලාවෙ තිබුණ නිසා ආසන සීමා සහිතයිනෙ. ඇරත් මේ සම්මාන උත්සව වලට සහභාගි වෙන්න ලොකු ඉල්ලුමක් තිබුණ නිසා ආරාධනා පත්‍ර සීමා කිරීමත් ලේසි පාසු වුණේ නෑ. 

අනෙක BMICH එකේ පුංචි ශාලාවක තිබ්බත් BMICH නම හංදා සම්මානෙ වැදගත්කම වැඩියි කියල සාමාන්‍ය පිළිගැනීමක් තියෙනවනෙ.


ඔය සමහර සම්මාන උත්සව හෝටල් වල වෙඩිං උත්සව, වෙන එක එක සාකච්ඡා සම්මන්ත්‍රණ තියන තැන්වල කකා බිබී සම්මාන දෙන එකත් මාර පොෂ් වැඩක් කියල සමහරක් සංවිධායකයො හිතනවනෙ. ඒත් ඒක වෙනම පැළැන්තියක පොරවල් කියල පෙන්නන්න කරන මෝඩ චූන් වැඩ. ඒවට යන සල්ලිත් සම්මාන ලාභීන්ටම දෙන්න තරම් සමහරු නිහතමානී නෑ. "නැත්නම් දෙන්නෙ අපිනෙ. තොපි ඇවිත් ගනියව්" කියල හිතනව වෙන්නත් පුළුවනි.

හැබැයි කිසියම් සම්මාන උළෙලක සම්මාන ගන්න ආවෙ නැත්තං සම්මානෙ අහෝසි කරල ඊළඟ කෙනාට දෙනව කියල ප්‍රසිද්ධියෙ කිව්වොත් ඒකෙන් වෙන්නෙ සම්මානෙ අවමානයට පාත්‍ර වීමමයි.

මීට පෙර එහෙම නොවුණා වගේ ඉදිරියටත් සම්මාන ඒ විදිහට අවමානයට පත් නොවේවා කියල ප්‍රාර්ථනා කරන්න කැමැතියි.

එහෙම කියද්දි මතක් වුණේ. එක්තරා සම්මාන උළෙලෙක්දී ඒ වගේ අවමානයක් කළා. ඒත් උත්සවේට කලිං තීන්දු කළ නිසා අවමානෙ එළියට පෙනුණෙ නෑ.

ජනප්‍රියතම නළුවා හා නිළිය තේරුවෙ පාඨක ඡන්දයෙන්. 

අපි නිර්දේශිත නාමයන් කියද්දි තිරයේ පතිත කරන වීඩියෝ රූපාවලි හා නාමාවලි සකසමින් උන්න. ජූරිය නිර්දේශිත නාමයන් කලිං දවසෙ රෑ ලබා දුන්නෙ අපේ කටයුත්ත පහසු වෙන්නයි. නිර්දේශිත නාමයන් පවා රහසිගතව රැකගැනීම අපේ වගකීමක් වුණා. 

අනෙක් සම්මාන ජූරියෙන් තීන්දු කළත් "ජනප්‍රියතම නළුවා හා නිළිය" සම්මාන ලකුණු අනුව තේරුව නිසා අපිට කල් ඇතිවම දීලයි තිබුණෙ.

හැබැයි සංවිධායකයන්ට එක ප්‍රශ්නයක් තිබුණ. අනෙක් සම්මාන ගන්න සම්මානලාභියා නාවොත් වෙන කෙනෙක්ට ගන්න පුළුවනිනෙ. ඒත් ජනප්‍රියතම සම්මානෙ එහෙම ගත්තම නිකං අඩුවක් වගේනෙ. අනෙක දේශපාලන නායකයෙක් අතින්. එතකොට කොහොමත් විචිකිච්ඡාවයිනෙ.

ඔය දේශපාලකයින් ගෙන්නල සම්මාන දෙන එක තරං තවත් අවමානයක් නෑ තමයි. සුදෝ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසුනාට ඔය පංචස්කන්ධ කුණු වෙලා ඕජස් ගලනව. ඒ ඕජස් මේ සම්මානවල තැවරිලා සම්මානලාභියගෙ අතෙත් තැවරෙනව කියල ගොඩක් සංවිධායකයන්ට තේරෙන්නෙ නෑ. ඒ තරමට මානසිකව දීනයි.


ඉතිං පෙර කී සංවිධායකයො  ඒ බව දන්වල ජනප්‍රියතම නළුවා හා නිළියට පණිවිඩ යැව්ව.

කොහොම හරි ගෙන්න ගන්න ඕනෙ නිසා.

හුටා පරිජාලං...හත්පොළකට තුවාලං...කිව්වැහෙ නළුවා ප්‍රසංගෙකට රට ගිහිං. 

අපිටත් දන්වල  මහ රෑම ජනප්‍රියතම නළුවගෙ නම අයින් කරල, ඊළඟට ලිස්ට් අකේ උන්න නළුවට සම්මානෙ දුන්න.

එයත් මං තමයි ජනප්‍රියතම, පාඨක ඡන්දෙන් ඉහළම මනාපෙ ගත්තු නළුව කියල හිතන් ආඩම්බරෙන් වේදිකාවට සම්ප්‍රාප්ත වුණා. නිවේදකයත් වර නගමින් කිව්ව පාඨක ඡන්දයෙන් වැඩිම ලකුණු ගත්තු වසරේ ජනප්‍රියතම නළුවාට හිමි සම්මානය කියල..

අපිට ඉතිං පුකෙනුත් හිනා.

ඔය වගේ සම්මානෙටත් අවමාන සිද්ද වෙනව. 

රාජ්‍ය සාහිත්‍ය, ස්වර්ණ පුස්තක වගේ සාහිත්‍ය සම්මාන වලදිත් මීට වඩා අවමාන සිද්ධ වෙලා තියෙනව.
සිනමා, ටෙලි සම්මාන උළෙලවලත් මීට නොදෙවෙනි දේ වෙනව.

මම නං සම්මාන උත්සව වලට යන්නෙ කලාතුරකින්. ගොඩක් වෙලාවට හිතෛෂීන්ගෙ ඉල්ලීම් ඉවත දාන්න බැරි වුණාම.

හැබැයි මට සම්මානයක් තිබුණොත් දේශපාලකයො වගේ අනාථ වෙච්චි උන්ගෙන් සම්මාන ගන්නෙ නං නෑ..

එකම වතාවයි එහෙම අරං තියෙන්නෙ. බොහොම කාලෙකට ඉස්සර.


ඒ කතාවයි, තවත් සම්මාන-අවමාන කතායි මී ළඟ "නොකී කතාව" ට පාදක වෙනව.




පසු සටහන
මොන මොන විවෙිචන මැද්දෙ වුණත් නොසැලී තමන්ට ඕනෙ හැටියට නෙළුම් යාය සම්මාන උළෙල හෝටලේක හරි පවත්වන එකම මදැයි.
ඒ හංද ඔන්න පෝස්ටරෙත් මෙතෙන්ට දැම්ම.


 



39 comments:

  1. වැරදි ඇති එත් මම සතුටු වෙන්නේ බ්ලොග් වෙනුවෙන් පොඩි හරි දෙයක් කරන නිසා

    ReplyDelete
    Replies
    1. එහෙම නොවුණ නං නොදැක්කා වගේ ඉන්නවනෙ. පස්සෙන් පන්නන්නෙ වැඩේ හොඳ නිසා..කරන විදිහ අවුල් වුණාට. පරමාර්ථ නම් දන්නෙ නෑ.

      Delete
  2. මට නම් "නෙළුම් යාය සම්මාන උළෙල" අරලිය ගහ මන්දිරේ තිබ්බත් කමක් නැහැ.හැබැයි ජනතා මුදල් වැය වෙන්නේ නැතුව.
    සම්මාන උළෙලවල් කරන එක ලේසි පහසු කාරියක් නෙමේ කියලා හෙන්රි අයියා අත්දැකීමෙන්ම දන්නවා ඇතිනේ.මේ "නෙළුම් යාය සම්මාන උළෙල" තියෙන සුළු සුළු අඩුපාඩුත් හදාගෙන ඉදිරියටත් හොඳින් වෙනවා දකින්නයි අපිට ඕනේ.

    සංවිධායකයො,පාඨකයෝ වගේම බ්ලොග්කරුවොත් පොඩ්ඩක් නම්‍යශීලි වෙලා කටයුතු කරනවා නම් ගැටුම් අවමයි වගේම සම්මානයටත් නිගරුවක් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. කිසිම ගැටුමක් නෑ මනෝජ් මල්ලී...හැබැයි නිගරුවක් නොවෙනව නං හොඳයි..වැඩේ කියන්න කට්ටිය ඉල්ලං කන ඒවමනෙ කරන්නෙ.

      Delete
  3. // කොහොමත් කොයි සම්මාන උළෙලක වුණත් hidden agenda නැත්තෙ නෑ. එළියට පේන අරමුණු වලට හාත්පසින් වෙනස් උවමනාවන් තියෙන්න පුළුවන්. කොටින්ම සම්මාන අහිංසක නෑ.

    ගොඩක් වෙලාවට සම්මාන දෙන අය හිතන්නෙ "අපිනෙ දෙන්නෙ. තොපි කටපුක වහං දෙන දේ ගනිල්ල" කියලයි. ඒත් ලී පතුරු, ලෝහ කෑලිත් එක්ක සල්ලි පොදියකුත් දෙනව නං කටපුක වහං උන්නත් කාරි නෑ.

    එහෙමත් නැතිව කට වහන්නෙ මොන කෙංගෙඩියකටද ....කියන්න තියෙන දේ කියන්නෙ නැතිව.

    හැබැයි වැරදි, අඩුපාඩු ගැන කියද්දි දමල ගහන ආයුධයක් තමයි "කියන්න ලේසියි, කරන්න අමාරුයි", නැත්නං "පිඟන් හෝදද්දි තමයි බිඳෙන්නෙ", වගේ කතා කියන එක.

    අලුත්ම ප්‍රහාරය තමයි "විවෙචනය නොකර ඇවිත් කරන්න" කියන එක. ඒකට මම දෙන උත්තරේ තමයි "කෑම රහ බලන්න කෝකියෙක් වෙන්න ඕනෙද?" //

    :D :D :D

    නොකී කතා තුමා ව ජ්‍යාතන්තරපොලිසියේ රතු වරෙන්තුදාරී හොර ඔප්පු ලියන අප්පු ගේ එයා මයිල් සම්මාන උලෙලේ "සත්ය කතා" අන්සයේ හොඳම ලේඛකයා ලෙස නිර්දේස ක්‍රමි හිටන්!

    ප:ලි: දැන් මේකට මල පැනපු තට්ටයෙක් එන්ගලන්තෙන් ඇවිත් ගොම දාන්න හැදුවොතින් ඌට පිදුරු ගෝනියක් සරස තුමා ගානේ ප්‍රදානය කරමු!

    ReplyDelete
    Replies
    1. දන්ගොතා මහතා කන පිදුරු ගෝනි වලින් එකක් ලන්ඩන් තට්ටයා ට දෙන්නට කැමති වීම ගැන මගේ ප්‍රණාමය. ඔහු ඒවා කන්නේ නැති බව දන්වා තිබේ. අවශ්‍ය නම් පිදුරු වෙනුවට ක්රෝටන් කොළ ටික දිය හැකිය .

      Delete
    2. ලන්ඩන් වල තට්ටයො ඉන්නෙ එකාද හිටං.
      හැම තට්ටයම පිදුරු කන්නෙ නෑ කියල අජිය කියන්නෙ
      :D

      Delete
    3. // ලන්ඩන් වල තට්ටයො ඉන්නෙ එකාද හිටං.
      හැම තට්ටයම පිදුරු කන්නෙ නෑ කියල අජිය කියන්නෙ
      :D //

      ලන්ඩන් වල ඉන්න සමහර තට්ටයෝ කන්නේ බ්ලොගර්ස් ලා ව උකසට තියලා නේ නොකී කතා තුමෝ!

      ප: ලි: තට්ට ඇල්බට්, දැන් මට බැනපන්! කොච්චර බැන්නත් හොරා හොරා මයි හිටන්!

      Delete
  4. මොන මොන විවෙිචන මැද්දෙ වුණත් නොසැලී තමන්ට ඕනෙ හැටියට නෙළුම් යාය සම්මාන උළෙල හෝටලේක හරි පවත්වන එකම මදැයි.

    ReplyDelete
    Replies
    1. මදැයි කොලා..
      සම්මානලාභීන්ට දෙන්න සල්ලි නෑ.
      හෝටලේට ගෙවන්න සල්ලි තියෙනව.
      ජාතික මට්ටමට එන්නෙ හෝටලේක තිබ්බමලු නෙ..
      ඕව තීරණය කරන එකාලගෙ ජා.....
      ඔහෙ ඔනෙ නෑ.

      Delete
    2. // මදැයි කොලා..
      සම්මානලාභීන්ට දෙන්න සල්ලි නෑ.
      හෝටලේට ගෙවන්න සල්ලි තියෙනව.
      ජාතික මට්ටමට එන්නෙ හෝටලේක තිබ්බමලු නෙ..
      ඕව තීරණය කරන එකාලගෙ ජා.....
      ඔහෙ ඔනෙ නෑ. //

      හෝටලේ තියන්නෙ සරස තුමා ට වදින්න ය කියලා ඔය කියන්නේ හිටන්....

      වැඩේ ඉවර වුනාම තොරතුරු දැනගැනීමෙ පනත යටතේ ඉල්ලාසිටින්න ඔනේ ඕකට ගෙවුවෙ යහපාලන ආන්ඩුවෙන් ද කියලා හිටන්!

      Delete
    3. හෝටලේක ගත්තම කාටවත් වදිනවට වඩා ගන්න අයගෙ ගොං කමම නොවෙද පෙනෙන්නේ. ජාතික තලයට ගේන්න යෝජනා කරද්දී ගේ ඇතුළටම රිංගන වැඩ මේවා.

      Delete
  5. ඔව් ඔය නෙලුං යාය කියන්නේ සල්ලි පිල්ලි යවන තැනක්. සියලු තොරතුරු රැස් කරලා වා්තාවක් හදමින් පවතින්වා. නිසි කල ඒක පල වේවි.. හැක්

    ReplyDelete
    Replies
    1. සරසෝ එදාට ඇවිත් ඕක එතනදි කියන්න බැරිද.
      (ගුටි කන්න වෙන්නෙ නෑ කියලනම් ෂුවර්).

      Delete
    2. සාරසතුමාත් එනව නං අපූරුයිනෙ හිටං...

      Delete
  6. හෙන් රි...මචං කියනවට සමාවෙයන්. මේ පෝස්ට් එක ඇතුලේ සම්මාණ සම්ප්‍රදාය පිලිබඳව බොක්කෙන් කතා කරනවා. ඒකට මගේ ෆුල් සැලියුට් එක.

    මෙහෙමයි මට වඩා බොහෝ අත්දැකීම් ඇති උඹ මේ පිලිබඳව දකිනා ඇත්ත හරි ප්‍රභලයි. ඒ.ඩී.රන්ජිත් කුමාර කියන අත්දැකීම් බහුල මාධ්‍යවේදියා සහ සම්මාණ උත්සව සංවිධායකවරයා සරසවියට ලියන "ආ ගිය තොරතුරු" ලිපි පෙළ ලිපි කියවනවායැයි හිතනවා. මම මේ සම්මාණ කියන සංකල්පයම දකින්නේ පොඩි පොඩි චූන් හැටියට. මට වරදක් ලෙස පෙන දේ අනිකාට වරදක් නොවන බව අමුතු කතාවක් නොවේනේ. සිනමා/රූපවාහිනි/නාට්‍ය සම්මාණ උලෙලක් අපේ රටට ආවේ කවදාද සහ ඒවා සංවිධානය වුනේ කෙලෙසේද යන්න මේ ලොක්කලා හඳුනා ගතයුතුයි සහ ස්ටඩි කර යුතුයි. ඒත් එක්කම මේ සම්මාණ තුල තියෙන හිඩ්න් ඇජෙන්ඩාස් කාටවත් හොයන්න බැහැ. උඹ එය මට වඩා හොඳින් දන්නවා.

    මම නෙළුම් යාය ගැන මුකුත් කියන්නේ නැහැ. සමහර දේවල් කියවනකොට නම් මහා ජුගුස්. මේ ටිකවත් ලියන්න හිතුනේ සමහර ගොන් පාට් නිසා. හරක් ප්‍රශ්න ඇහුවාම, වෘශාභ උත්තර ලැබෙන බව අර ටෙනිසන් කුරේගේ නාට්ටියක් කියන එහෙක මම දැක්කා. සැල්වීනිය වැවුවොත් නෙළුම් තියා පාසිවත් හොයාගන්න බැරි බව හෙන් රි දන්නේ විශයක් ලෙස ජලජ ශාක පිලිබඳව හදාරා ඇති නිසා නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    මේවා ලියන්න හිතාගෙන හිටිය ඒවා නොවේ. කාලෙකට ඉස්සෙල්ල මාවත් ඔන්න ඔය වගේ එටිසලාට් බ්ලොග් සම්මාණයකට නිර්දේශ වුනා ෆේස්බුක් හරහා. මම අනිත් අයට වෝට් කරන්න කියලා අහක බලාගත්තා. මට ෆේස් බුක් ගණුදෙණුවක් තිබුනෙත් නැහැ. දිනපු කොල්ලා මට මට කණගාටුවත් පලකරලා ලියලා තිබුනා. හොඳ නම් ශෝයි නැත්නම් ඒත් ශෝයි කියන්න තමයි හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ.ඩී.රන්ජිත් කුමාර කියන අත්දැකීම් බහුල මාධ්‍යවේදියා සහ සම්මාණ උත්සව සංවිධායකවරයා සරසවියට ලියන "ආ ගිය තොරතුරු" ලිපි පෙළ නොවරදවාම කියවනවා. ඒකෙ හොඳ හොඳ සෙල්ලම් තියෙනවා.
      //මම නෙළුම් යාය ගැන මුකුත් කියන්නේ නැහැ. සමහර දේවල් කියවනකොට නම් මහා ජුගුස්. මේ ටිකවත් ලියන්න හිතුනේ සමහර ගොන් පාට් නිසා. හරක් ප්‍රශ්න ඇහුවාම, වෘශාභ උත්තර ලැබෙන බව අර ටෙනිසන් කුරේගේ නාට්ටියක් කියන එහෙක මම දැක්කා. සැල්වීනිය වැවුවොත් නෙළුම් තියා පාසිවත් හොයාගන්න බැරි බව //
      ඒකට මගේනුත් සැලියුට් එකක්.

      Delete
  7. owl අවුල් ලෙස ජීවත්වීම නිසාම බොහෝදේ නිරවුල් කරගැනීමට ආත්ම විශ්වාසයක් ගොඩ නැගී තිබේ :D

    ReplyDelete
    Replies
    1. ...අවුලෙන් නිරවුල....අගෙයි...:D

      Delete
  8. අපි මොනව කතාකරත් එදාට එකක් කරමු

    ReplyDelete
    Replies
    1. මොකක්ද එක....ඇවිත් ඉඳගෙන ඉඳල දෙන දෙයක් කාල වෙන දෙයක් බලං ඉන්න එකද..

      Delete
  9. ලබන අවුරුද්දේ ඉඳන් සමහර විට හෙන්රිටත් සම්බන්ධ වෙලා කරන්න පුළුවන් වෙයි. අර හැම තැනම තප්පුලන දන්ගොතා වත් එක්ක ගෙනම යන්න.

    ReplyDelete
    Replies
    1. සම්ම්මාන දෙන්න සෙට් වෙන්නේ නැත්තේ hidden agenda ගැන දන්නෙ නැති නිසයි. ඒ නිසා ලබන අවුරුද්දෙත් ඔහොමම කරගෙන යන්න අජිත්. අපිත් මෙහෙමම ලිය ලිය ඉන්නම්.

      Delete
    2. // සම්ම්මාන දෙන්න සෙට් වෙන්නේ නැත්තේ hidden agenda ගැන දන්නෙ නැති නිසයි. //

      හෆොයි... ඒකවත් දන්නෙ නැද්ද හිටන්?

      සැඟවුනු න්‍යාය පත්‍රය වනාහී සින්හලෙන් ලියනා බ්ලොගා ලා පෙන්නලා වටපිටෙන් ආදාර අනුග්‍රහ එකතු කරගෙන සිරිකොතෙනුත් පොඩි තල්ලුවක් අරගෙන යහපාලනේට කඩේ ගියාම සම්මාන ලැබෙනවා කියලා නහයෙන් පෙන්නලා ලැබුනු මුදලින් 1% වියදම් කර සම්මාන ලී කෑලි බෙදලා ඉතිරි මුදල් යටි මඩි ගසා ගැනීමයි!

      Delete
    3. මං හිතන් උන්නෙ hidden කියන්නෙ hidden ම තමයි කියල හිටං.

      Delete
  10. සම්මාන කියන්නෙ පිත්තල කෑලි,යකඩ කෑලි වෙන්නෙ ලබාදෙන ක්‍රමය අනුව නෙ.නිකන් පරාල ඇණ කෑල්ලක් දුන්නත් ඒකට වටිනාකමක් එකතුකිරීමට අදාල ක්ශේත්‍රයේ උදවිය සහ විශේෂයෙන් සංවිධායකයින් උත්සාහ ගත යුතුයි.ඒක එක්වරම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.සුභවාදීව බලා ඉමු.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජයම වේවා....!
      ඒත් මට අනුව නං පිත්තල කෑලි,යකඩ කෑලි වගට වඩා වටින්නෙ සල්ලි. ඔය පිත්තල කෑලි,යකඩ කෑලි, ලී කෑලි කී දෙනෙකුගෙ නම් ගෙවල්වල දොර අඩේට ගන්නවද ?

      Delete
  11. ඔබේ අදහස් අවංකව ප්‍රකාශ කිරීම පිළිබඳව සතුට!

    නෙලුම්යාය සංවිධාන කටයුතු ගැන මා පලකල ලිපියේ පහත කොටස ඔබ මෙහි පල නොකළ මුත් ඒ පිළිබඳව කතා කොට ඇති නිසා මෙහි නැවත පලකරමි.

    //අමාරුවෙන් කරන මේ වැඩේට පැමිනිමෙන්වත් අනුග්‍රහය දක්වන්න බැරිනම් ඒක සම්මාන ලබන්න නුසුදුසුකමක් විදියට තමයි සලකන්න වෙන්නේ. ඒකට දැනට පිළියමක් කතා කරගෙන යනවා.. ලකුණු ප්‍රතිශතයෙන් 5%ක් වගේ සම්මාන උළෙලට සහභාගී වීම වෙනුවෙන් වෙන් කරන්න. මේ ලකුණු දීල තියෙන පිළිවෙලට බොහොම සුළු වශයෙන් තමයි එකකට එකක් වෙනස් වෙන්නේ.. ඉතිං 'අති විශේෂ' එකක් හැර අනිත් ඕනෙම එකක් නොපැමිණීම නිසා ඊට පහලින් තියෙන එකකින් රීප්ලේස් වෙන්න පුළුවන් ඕනෙම වෙලාවක..//

    මුලදී මා යෝජනා කලේ මේ 5% සිමාව විනිශ්චය මංඩලයේ තීරණයට යටත්ව ඉතුරු 95 % ලකුණු සිමාවෙන් අවසන් නිර්දේශිත නම් ප්‍රසිද්ධ කිරිමටට්යි. මෙහිදී 'පැමිණීම' යනුවෙන් මා සඳහන් කලද එහි ඉහලින් දක්වා ඇති විස්තරය පරිදි එයින් අදහස් වූයේ සම්මානය පිළිගැනීමයි (Accept).. එසේ සම්මානය Accept කරන එහෙත් තමන්ට පැමිණීමට නොහැකි බොහෝ බ්ලොග් කරුවන් ඒ වෙනුවෙන් වෙනත් අයෙකු සහබාගි කරවීම හෝ ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කර පසු අවස්ථාවක සම්මානය ලබා ගැනීමට කටයුතු කල අතර තවත් සමහරුන් මුලදීම තමන්ට සම්මාන අනවශ්‍ය බව සඳහන් කරමින් එය කාරුණිකව ප්‍රතික්ෂේප කළහ. නමුත් සමහරුන් එසේ ප්‍රතික්ෂේප කිරීමක් හෝ පිළිගැනීමක් තබා මොනයම්ම ආකාරයකවත් acknowledgement එකක් ඒ වෙනුවෙන් නොදැක්වුහ. මගේ අදහස වුයේ එවන් අයගේ නිර්මාණ මෙවරද නිර්දේශ වී ඇත්නම් විනිශ්චය මණ්ඩලයේ කැමැත්ත මත අවසන් ජයග්‍රාහකයින් තේරීමේදී සම්මාන පිළිගන්නා අයට මුලින් කියූ 5% ලකුණු කැමැත්ත මත ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කලයුතු බවයි. ඉතා විශාල පරතරයකින් මුල් තැනට පත්වී ඇති නිර්මාණ මෙයාකාරයෙන්වත් වෙනසක් නොවන නමුත් ආසන්න ලකුණු වලින් වෙනසක් වී ඇති නිර්මාණ වල වෙනසක් සිදුවිය හැකිව තිබුණි.

    සම්මාන උළෙලේ Agenda එකක් ඇති බව සත්‍යයකි. එවන් මුලික කරුණක් නම් ලබාදෙන සම්මාන හරහාම සම්මාන උළෙලේ වටිනාකම ඉහලට ගැනීමයි. සම්මානයක් පිලි නොගන්නා අයෙකුට සම්මානයක් ලබා දීමේ වටිනාකමක් නැති බව මටත් වඩා හොඳින් ඔබ දන්නා බව දනිමි. එවන් සම්මාන ලබා දීමකින් සම්මාන උළෙලේ වටිනාකම ඉහලට ගැනීමේ හැකියාවක් ද නැත.

    මෙය තවමත් මාගේ අදහසයි. නමුත් ඔබ මාතලන් ඇතුළු බොහෝ මධ්‍යස්ත විවේචකයින්ගේ විරුද්ධ වීම් නිසා එම තීරණය අකුලා ගැනීමට අනෙක් විනිශ්චය මණ්ඩල සාමාජිකයින් තීරණය කල බව 'කණගාටුවෙන්' ලියා තබමි.

    ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. //නමුත් ඔබ මාතලන් ඇතුළු බොහෝ මධ්‍යස්ත විවේචකයින්ගේ විරුද්ධ වීම් නිසා එම තීරණය අකුලා ගැනීමට අනෙක් විනිශ්චය මණ්ඩල සාමාජිකයින් තීරණය කල බව 'කණගාටුවෙන්' ලියා තබමි. //
      කණගාටු නොවන්න. මේ ඉතා හොඳ තීරණයක්. මා විවේචනය කරන්නේ ධනාත්මක වෙනසකටයි. එවන් විවේචනයකින් නැඟූ හඬ මෙන්ම අන් අයගේද විරෝධතා සැලකිල්ලට ගෙන “තීරණය හකුලා ගැනීම“ විවෘතභාවය පෙන්වන අවස්ථාවක්.

      Delete
  12. ලංකාවෙන් මීට වඩා විද්‍යාත්මක දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. අවිද්‍යාවේ ගිලුණු රටක බ්ලොග්කාරයෝ..... :D

      Delete
  13. අන්න මේ පාර රාජිත ගෙන්නනවලු සින්හල බ්ලොගර්ස් ලට හයියක් විදියට....

    හෆොයි... ඔබට සතුටුයිද දැන්?

    ReplyDelete
    Replies
    1. ප්‍රා-ජිත එන්නෙ ඊළඟ වටයේ බ්ලොග්කාරයො වළපල්ලට යවන්න වෙන්නැති. ඔන්න දැන් නං hidden agenda එළියට පනිනව වගේ.

      Delete
  14. වැරදි ඇතිනම් හදාගෙන ඉදිරියටම යමු අපි සැවොමා

    ReplyDelete
    Replies
    1. හදාගන්නව නං කොයිතරම් හොඳද...?
      එන්න එන්නම වැරදි (ප්‍රා)රෙමනෙ යන්නේ...

      Delete
  15. බලලා ඉවරයි ලියවෙන බ්ලොග් ටික ...


    බලලා ඉවරයි ලියවෙන බ්ලොග් ටික
    ටික කලෙකින් සිංහල බාසේ
    සිරිකොත තණ කන නෙලුම් හරක් රැල
    පන්නන්නට සැරසෙවු රාළේ

    නිකම්ම ලැබෙනා රිසි අය ලියනා
    බ්ලොග හට ලී කෙලි මොටද අනේ
    ලී කොට ගන්නට අත යට මුදලක්
    ගෙව්වා නේදෝ ගෙවුනු දිනේ

    අනේ ඔබේ දරු කැලම හඬන විට
    මොනවද නුඹ ඔවුනට දෙන්නේ
    බණේ සිටින දෙවියෝ අද ඇත්නම්
    මුන් ටික හතරට පලනවනේ
    ජනවරි අට සිට නිදහස ඉල්ලන
    පිපී වැනී ගිය මල් පිපුණා
    යතුරු පුවරුවට විවේකයක් නැත
    බ්ලොග් ලොව යුධ ගිනිදැල් නැගුණා

    සප්පායන් වී ජාතික ආලෙන්
    යතුරු පුවරු ටික මුව තියලා
    හප්පන්නේ කවදද පර ගැතියන්
    සිංහල බ්ලොග් ලොව කැති ගහලා
    රට ගැන හිතනා අප වැනි පුඟුලන්
    පෙරමුණකට රැස්වන සද්දේ
    නෙලුම් කකුළු රැල දිය කෙළියාවේ
    ටිකකට උතුරන තුරු හොද්දේ

    සිංහල බ්ලොග්කරුවන් විසි කරලා
    අමුණයි ලීකොට පිටිපස්සේ
    සාරස නම් බ්ලොග් ලොව වැඩි දෙවියෙක්
    මාර සෙනඟ මැද යම යුද්දේ
    කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්
    අට ඉස් බෙක් විසිවී වැටුණා
    බ්ලොග් ලොව මරණය මියුරුය කියලා
    සාරසයන් සටනට වැදුණා

    ගී පද - පරාක්‍රම කොඩිතුවක්කු ශුරීන් වීර පුරන් අප්පු චිත්‍රපටයට කළ පද රචනයක් ඇසුරින් මොණරවිල

    මුල් නිර්මාණය සඳහා

    ගී තනු - ප්‍රේමසිරි කේමදාස ශුරීන්
    ගායනය - සුනිල් එදිරිසිංහ ශුරීන්

    ReplyDelete