Powered By Blogger

Saturday 1 April 2017

ලයිෆ් ටී.වී. අවුලට ඌණ පූරණයක්....

ලයිෆ් ටී.වී. අවුලට ඌණ පූරණයක්....


මම මාධ්‍ය ආයතන  කීපයක සේවය කළා.  නමුත් එකකින්වත් මාව අයින් කරල නෑ. නැත්නම් අයින් කරන කල් එල්ලිලා ඉඳල නෑ. ඒකට හේතුව මට පවතින්න පුළුවන් බවට දැඩි ආත්ම විශ්වාසයක් තිබීම.

මම අවුරුදු 10 ක විශ්වවිද්‍යාල සේවයෙන් ඉවත් වෙලා ස්වර්ණවාහිනියට එද්දි හිතවතුන් කිව්වෙ නැවත හිතා බලන්න කියලයි. විශ්වවිද්‍යාලය වගේ තැනක රැකියාව ලබා ගන්න ඒ තරම් ලේසි නෑ නේද කියලයි. 

මට ලැබුණ අවස්ථාවෙන් මම ඒ අවදානම ගත්ත. හැබැයි අවුරුදු 5 

ඉවරවෙලා ලොකු දීමනාවක් එක්ක අයින් වෙන්න නීතිමය ආවරණ 

තියෙද්දි ඊට මාස තුන හතරකට කලිං එක දවසක හදිසි තීරණයක් මත මං

ස්වර්ණවාහිනියෙන් ඉවත් වුණා. එතකොට මගෙ වැටුප ආව වගේ හතර

ගුණයකට ආසන්නයි. එහෙම ගෙව්වෙ මගෙ රාජකාරියට තිබූ කැපවීම

නිසා. මාව එතැනට ඕනෙ නිසා. 

ඒත් අයිතිකාරය අනෙක් ලොක්කන්ට දාන පාට් මට දාන්න ආව. රස්සාව

බේරගන්න ආත්ම ගරුත්වය පාවා දෙන්න  මා සූදානම් වුණේ නෑ.

එච්.ඩී. ප්‍රේමරත්න, රොස්මන්ඩ් සේනාරත්න, හේම නලින් වගේ සහෝදර

පරිපාලකයින් කිව්ව ආයෙ පාරක් හිතන්න. අපිට ඔයාව ඕනෙ කියල.

නලින් දුකට කවියකුත් ලියල මගෙ මේසෙ උඩින් තියල ගියා. ජැක්සන්

කිව්වෙ “ඕක හෙට මට වෙන්න පුළුවන්. මමත් කොයි මොහොතෙ

මෙතනින් යයිද කියන්න බෑ. උඹ හරි තීරණය ගනිං” කියල.

ඊට පස්සෙ ජේ.වී.පී. එකේ වී එෆ්. එම්. එක දරුවෙක් වාගෙ මුල ඉඳන් හදල දාල ගියේ මගේ අදීනත්වය වෙනුවෙන්. මාර්කටිං ටීම් එකට පක්ෂෙ තීන්දු ගන්න අය යට වුණාට මං ඒකට සූදානම් වු‍ණේ නෑ. 

අර්ථපතියන් පරිපාලනය දන්නෙ නැත්නම් දන්න අයට කරන්න දෙන්න ඕනෙ. අපි සියල්ල දත් කියල හිතුවට ජේ.වී.පී. එකට සුරුට්ටු කඩයක්වත් කරගන්න බෑ කියල ඡෝදනා ආවෙ අනවශ්‍ය ඇඟිලි ගැසීම් කරන්නත්, නොදන්න විෂයයක් ගැන ඉහළින් තීන්දු තීරණත් ගන්නත් ගිහිං රේඩියෝව විකුණන්න වුණාට පස්සෙ.

ලයිෆ් ටී.වී. වුණත් මං එක්ක අවුලක් හදාගෙන ඇති. ඒත් අයින් කරල නෑ. නොකරලත් නෑ. මං අයින් වෙලා කියල ප්‍රචාරය කරන්නෙ අයින් වෙනවට කැමැත්තෙන් බව මං දන්නව.

මීට මූලික වුණ දොස්තර බංඩාරට ඕනෙ විදිහටම මං වැඩකරන්න සූදානම් වුණේ නැහැ. 

එයත් හිතං ඉන්නෙ දොස්තරකම  විතරක් නොවේ මීඩියාත් දන්නව කියල. ජනාධීපති ලේකම් කාර්යාලයෙ මීඩියා එ‍කේ වැඩවලට යනව කියල  පංපෝරි ගගහ තමන්ට ඕනෙ දේ මා ලවා කරවගන්න හැදුව. 

මම කිව්වෙ එහෙම නං මට මේ තරං ගෙවන්නෙ නැතිව රූකඩයක් ගන්න කියලයි. එහෙම ටී.වී. චැනල් කරන්න බෑ. මේක ලොකු වගකීමක්. අපි සෙල්ලං කරන්නෙ ලොකු මුදලක් එක්ක. මං හිතන්නෙ ලක්ෂ ගණනක වැටුපක් ගෙව්වට මම ආයතනවල අයිතිකාරයන්ට ඕනෙ විදිහට වැඩ කරන්න සූදානම් නෑ. 

ඒ අයගෙ අවශ්‍යතාව ඉටු කරල දෙන්න මම බැඳී ඉන්නව තමයි. ඒත් ඒ මගෙ ක්‍රමේට. මගෙ අනන්‍යතාව සල්ලිවලට පාවල දෙන්නෙ නෑ. මට යන්න වෙන්නෙ ඒ නිසා වෙන්න ඇති.

හැබැයි එළියට බැහැල ගිය මට මේ දක්වා වැරදිලා නෑ. මට අගයක්, වටිනාකමක් තියෙනව.

ප්‍රාග්ධනය හැසිරෙන නරුම ස්වරූපය අපි බොහෝ කල් අත්විඳල තියෙනව. 

ප්‍රාග්ධනය හැසිරෙන බලාධිකාරයේ ස්වරූපයත් දන්නව. 


මේ අතර මට දැනගන්න ලැබෙනව දොස්තර බංඩාර සේවකයන්ට පොලු තියල කප් ගහල තියෙන්නෙ කියල. මීට පෙර දෙවතාවක්ම ටී.වී. චැනල් එකක් පටන් ගන්න කියල වැඩ අරං මාධ්‍යකරුවන් කණ්ඩායම් දෙකක් වැටුප් නොගෙවා දොට්ට දමා ඇති බවත් මට කතා කළ ඒ අයම කිව්ව. එක්කෙනෙක් පරිසරය පිළිබඳ වීඩියෝ වැඩසටහන් කරන ලසන්ත වරුසවිතාන ඇතුළු කණ්ඩායම.  අනෙක් අය තමයි තමන්ගෙ මඟුල් මුද්ද පවා උගස් තබා ලයිෆ් ටී.වී. එකේ මට කලිං වැඩකරල තියෙන මෙවන් ශ්‍රී චතුරංග ඇතුළු කණ්ඩායම. එතන ඉන්නව මාස හතර පහ වැඩ කරල වැටුප් නොලබපු ළමයි.

ඒත් මේ සිස්ටම් එක ඇතුළෙ කම්කරු ආරවුල් විසඳන්න ක්‍රමවේදයක් හැදිල තියෙනව. ඒත් ඒ අතරින් රිංගා යන්න සිදුරු නැත්තෙ නෑ. අනෙක රාජ්‍ය ආයතන වෙලාවකට හරිම උදාසීනයි. තමන්ගෙ බලය පාවිච්චි කරන්න පැකිළෙන ස්වභාවක් තියෙනව. 

ඒත් නිදිකිරන කම්කරු ආරවුල් විසඳන ආයතනය අවදි කරගෙන මේ සටන ගෙනියනව. බැරි වුණොත් ඉහළ අධිකරණයකට යන්න වුණත් මා පැකිළෙන්නේ නැහැ. ඒ අසාධාරණයට ලක් වූ සේවක පිරිසට සාධාරණයක් ඉටුවනු පිණිස හා ඉදිරියේදි මේ උගුලෙ අහුවෙන්න නියමිත පිරිසට අනතුරු අඟවා කල් තබා බේරා ගනු පිණිසයි.


ලයිෆ් ටී.වී.දොස්තරලට ‍ප්‍රශ්නය ගොඩින් බේර ගන්න

තාමත් කල් තියෙනව. එහෙම කැමති නම් එහෙම. 

නැතිනම් තව බොහෝ ක්‍රියාමාර්ග  අප ඉදිරියේ

තියෙනව.


ඉතිරිය ඉදිරියට.....





10 comments:

  1. සෙස්ස පස්සට සිට ඉතිරිය ඉවිරියට දක්වා......

    ReplyDelete
  2. කොන්ද පන ඇතුව ඔලුව කෙලින් තියාගෙන රැකියාවක් කරන්න හොඳ පෞරුෂත්වයක් තියෙන්න ඕන. එහෙම මිනිස්සු බොහොම විරලයි.. ආඩම්බරයි..

    ReplyDelete
  3. ඔබ ඇතුළු කණ්ඩායමට ජය.... බොහෝ විට සටනකින් තොරවම ඔය හිමි දේ ලබා දේවි. හේතුව වැරදි ගසකට කොටා ඇති වග දැනටමත් ඒ අය තේරුම් ගෙන ඇති.

    ReplyDelete
  4. කියනව විතරක් නෙමෙයි ඔබ කරලත් පෙන්නුව. එදා මං පස්ස හැරිලා බැලුව ඔබ ඉන්නවද කියල. නමුත් ඔබ හිටියෙ නෑ...ඒකෙන් ඔබ ඔප්පු කරල පෙන්නුවා ඔබ කරන දේ කියන කියන දේ කරන පුද්ගලයෙක් කියල...ඔබේ නොකී කතා ආශාවෙන් කියවන්නෙ නොලද දැනුම එක්කර ගන්නටය....ඔබට ජය

    ReplyDelete
  5. මුදල් යොදවන උදවිය සර්ව බලධාරීන් සහ අනෙකුත් උදවිය අතපල්ලෙන් වැටුනු උදවිය විදිහට හිතන්න ගියාම පොඩි කෙවිටි පාරක් දෙන්නම වෙනවා යථාර්තය මතක් කරල දෙන්න.
    ජයවේවා..!!

    ReplyDelete
  6. නිදහස් මාධ්‍යයක් ලොව නොපවතී. වැටුපක් නොලබා ලියන මෙවන් සටහනක ඇරෙන්නට. මේවාටද දැන් මුදල් ගෙවන තත්ත්වයක් දැනගන්නට තිබේ. නිදහස්ය කියා හිතන බිබිසියේ පවා පඩිලබන්නන්ට ආයතන නීති රෙගුලාසිවලට යටත්ව ලිය යුතුවේ. සාපේක්ෂව අපට වඩා දෙයක් ඒ අයට ලිවිය හැක.
    ඔබ මා අප කවුරුන් හෝ පඩිපතක් ගන්නේ නම් ගෙවන්නාගේ අණ පනත්වලට නොදැනුවත්වම හෝ යටවීමට සිදුවේ. එසේ බැරිනම් කර යුත්තේ ඉවත්ව යාමයි.
    එහෙත් හැකි පමණින් ඔබ මේ කරන විප්ලවීය කාර්ය (තමන් බඳවාගත් සේවක පිරිසගේ අයිතිය සුරැකීම වෙනුවෙන්) ගන්නා ක්‍රියාමාර්ග අතිශය අගය කරමි

    ReplyDelete
  7. දොස්තර බන්ඩාරට නැවෙන්නේ නැතිව ගේම ඉල්ලන්න සහ ගේමෙන් දිනන්න ඔබ කරන සටනට අපෙන් ආසිරි!

    ගේම නම් ගේම හිටන්!

    ReplyDelete
  8. මා හිතන්නේ මේ සිදුවීමට ඉතා සුළු ආකාරයකට හෝ බලපා ඇති දෙයක් නම් මේ දොස්තර යන යෙදුම සහ ඒ සමගම නිරායාසයෙන් සිතට එන විශ්වාසයයි!

    තමන් ගේ විෂය ක්‍ෂේත්‍රයට පිටින් කෙරෙන කටයුතුවල දී ඒ ඒ පුද්ගලයින් ගේ අධ්‍යාපන සුදුසුකම අදාල නෑ.

    උදාහරණයක් ලෙස හෙන්රි ලියන කෙටිකතාවකට ඔබේ ඉංජිනේරු උපාධිය අදාල නැති ලෙසම වෛද්‍ය උපාධිය ඇති අය ආචාර්ය උපාධි ඇති අය කරන නිර්මානාත්මක වැඩවලටත් ඒ ඒ උපාධි අදාල නෑ.

    නමුත්, එය භාවිතය තුළින් ඔවුන් අයුතු ප්‍රයෝජනයක් ගන්නවා. අන් අය ද ස්වයං රැවටිල්ලක් කර ගන්නවා. ඔය ආයෝජනය කළේ ස්වර්ණාභරණ වෙළෙන්දන් පිරිසක් හෝ බුකිකරුවන් පිරිසක් නම් හෙන්රි සහ සේවය කළ අනිත් අය ව්‍යාපෘතිය කෙරෙහි අඩු විශ්වාසයක් තබන්න ඉඩ තිබුණා.

    !

    ReplyDelete
  9. ඉතාමත් කණගාටුදායකයි

    ReplyDelete