Powered By Blogger

Friday 5 May 2017

“නිදහස් අධ්‍යාපනය“ සමඟම “අධ්‍යාපනයේ නිදහස“ සුරකිමු.





දැනට දශක කීපයකට පෙර පාසල් අධ්‍යාපනය ලබද්දී හා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙද්දී මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීම ගැන අප වෙත වූයේ අල්ප දැනීමකි. සාමාන්‍ය පෙළ දක්වා කිසිදු විෂයයක් (ශිෂ්‍යත්ව පංතිද ඇතුළුව) සඳහා අප පෞද්ගලික උපකාර පංති ගියේ නැත. සාමාන්‍ය පෙළ පවා ඉංග්‍රීසි හා විද්‍යාව විෂයයන්ට පමණක් කෙටිකාලීන පුණරීක්ෂණ පංතියකට ගියා මතකය. එසේ නොගියවුන්ද බොහෝය.

එකල සමහරුන් උසස් පෙළ සඳහා ටියුෂන් ගිය නමුදු මා මාස දෙක
 තුනකට වඩා පෞද්ගලික උපකාරක පංති වලට ගොස් නැත. අනතුරුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුණේද වියදමකින් තොරවය.  නොමිලේය. 

 කාලයේ මුදල් ගෙවා ඉගෙන ගෙන උපාධි ලබාගන්නා විවෘත විශ්වවිද්‍යාල හෝ විදෙස් විශ්වවිද්‍යාල වල ශාඛා නොතිබූ අතර උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගත වූයේද ශිෂ්‍යත්වලාභීන්ය. කොටින්ම මුදලින් "නිදහස්" අධ්‍යාපනයක් පමණක් අපගේ අත්දැකීම විය. 

මේ ඊනියා “නිදහස් අධ්‍යාපනය“ වෙනුවෙන් රටේ මුළුමහත් ජනතාව රජයට බදු ගෙවීමෙන් දායක වන බවක් සිතන්නට අපට පෙළැඹවීමක් ලැබුණේද නැත.

ඒ කාලයේ ආරම්භ කරන්නට උත්සහ කළ පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලයට කිසිදු කොන්දේසියකින් තොරව දිවිහිමියෙන් එක හෙළා විරුද්ධ වන්නට අප පෙරමුණ ගත්තේ එවන් තතු යටතේය. වෛද්‍ය ශිෂ්‍යයින් පවා බලහත්කාරයෙන් සටන් පෙරමුණට කැඳවමින් පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලයට එරෙහි සටන ජයගන්නට ශිෂ්‍ය ව්‍යාපාරයට සිදු වූයේ ජීවිත පූජාවෙනි.




වර්තමානය වන විට දරුවාට මොන්ටිසෝරි අධ්‍යාපනයේ සිටම ශිෂ්‍යත්වය ඇතුළු පාසලේ සියලුම විෂයයන් සඳහාත්, සාමාන්‍ය පෙළ/උසස් පෙළ විභාග සඳහාත්  මුදල් ගෙවා ටියුෂන් යන්නට සිදු වී ඇති අතර ඊනියා “නිදහස් අධ්‍යාපනය“ නාමයෙන් රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමේ වරම් නොලැබූ විට මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලැබීමට බෙහෙවින් අවස්ථා හිමි වී ඇත.  එනම් “අධ්‍යාපනයේ නිදහස“ යම් තරමකට ළඟා වී ඇත.

ගෙවී ගිය වසර ගණනාවක සිටම මෙරට දරුවනට මුදල් ගෙවා උසස් උධ්‍යාපනය ලබන්නට ඇති අවකාශ බොහෝය. රජයේ විශ්වවිද්‍යාල වල බාහිර උපාධි ටියුෂන්, විවෘත විශ්වවිද්‍යාලයේ විවිධ විෂයයන් යටතේ දුරස්ථ අධ්‍යාපනය, කොතලාවල වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපනය, ලොව විවිධ රටවලට අනුබද්ධිත මෙරට හා විදෙස්ගතව විශ්වවිද්‍යාල උපාධි ලබාදෙන නියෝජිතායතන,මෙරට පිහිටවූ විදෙස් විශ්වවිද්‍යාල ශාඛා අගනුවර පමණක් නොව ප්‍රාදේශීය නගරද ආක්‍රමණය කොට ඇත. 

එසේම කෙලින්ම විදෙස් විශ්වවිද්‍යාලයකට ඇතුළු වී එරට නේවාසිකව, මුදලට අධ්‍යාපනය ලැබීමේ අවකාශ බොහෝය. එසේම ඉන් ඵල නෙලා ගන්නා දරුවන්ද බොහෝය.

අත මුදල් නැති බොහෝවුන්  ණය තුරුස් වී හෝ ඉඩකඩම් විකුණා හෝ තම දරුවන් වෙනුවෙන් වියදම් කරන බව නිසැකය. ඒ “අධ්‍යාපනයට ඇති නිදහසේ“ නාමයෙනි. 



මේ සියල්ල මෙසේ වසර ගණනාවක් සිදු වෙද්දී, ඒ ප්‍රවාහය ඉදිරියට යද්දී දැන් එක් වරම “සයිටම්“ විරෝධයක් හරහා පෞද්ගලික විශ්වවිද්‍යාල සටනක් දියත් කොට ඇත. 

මෙහි පෙරමුණ ගන්නේ  දොස්තරලා, වෛද්‍ය හා අනෙක් සිසුන් මෙන්ම දේශපාලන පක්ෂ කිහිපයකි.

නමුත් මේ සටන් නියමුවන්ගේ දරුවන්, සහෝදර සහෝදරයින් මෙරට ටියුෂන් අධ්‍යාපනයේ ඵල නෙලා ගත්තවුන්ය. මා ඉහත සඳහන් අනෙක් අධ්‍යාපන අවස්ථා ලදවුන්ය. ඉඩ ලද වහාම මුදල් ගෙවා එවන් අධ්‍යාපනය ලබන්නවුන්ගේ පවුල් වල සාමාජිකයින් “පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට“ පමණක්...... නැවත කියමි “පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට“ පමණක් විරුද්ධ මාරාන්තික සටනක් අරඹා ඇත. මෙය හුදෙක්ම කුහක, කිසිදු තර්කානුකූල පදනමක් නැති, තමන්ගේ බලය පෙන්නා වෛද්‍ය අධ්‍යාපනයේ පමණක් නිදහසට අකුල් හෙළන ඊනියා විරෝධයකි.

මේ විරෝධකරුවන් හෙළිදරව් කොට ජන විරෝධී “සයිටම්“ විරෝධය පරාජය කිරීම සාධාරණ, සමානාත්මක සමාජයක් අපේක්ෂා කරන්නවුන්ගේ යුතුකමකි. වගකීමකි.

සයිටම් එක පමණක් අයිටම් එක කොට නොගෙන මොන්ටිසෝරියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා සියලු පෞද්ගලික මුදල් අයකොට උගන්වන ආයතන හා පාඨමාලා නිසි නියාමනයකට පත් කරන්නට රජයට බල කරනු හැර එක් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් පමණක් “අහෝසි කරනු“ කියා සටන් කිරීම අමනකමක් පමණය. 

එපමණක් නොවේ... ලංකාවේ ආංඩුවේ වෛද්‍ය පීඨ හා වෙනත් උපාධි පාඨමාලාවන්ද ඒවායේ ආචාර්ය මණ්ඩලයද නිසි නියාමනයකට යටත් කළ යුතුව ඇත.

 

32 comments:

  1. හෙන්රි සම්පූර්ණයෙන්ම එකඟයි. මිල මුදල් නැති අයටත් පෞද්ගලික ආයතන වල උසස් අධ්‍යාපනය ලැබීමට වෙන රටවල ක්‍රියාත්මක වන අඩු පොලී සිසු ණය ක්‍රමය ඉල්ලලා වර්ජනයක් කලා නම් මුළු සමාජයටම යහපතක් වෙනවා

    ReplyDelete
    Replies
    1. //අඩු පොලී සිසු ණය ක්‍රමය ඉල්ලලා වර්ජනයක් කලා නම් මුළු සමාජයටම යහපතක් වෙනවා//
      ඇත්ත. පිටරට ඒ ක්‍රමය තමයි තියෙන්නේ. අපි ආපස්සට යන්න තනන්නේ.

      Delete
    2. NSBMඑකේ එහෙම නය ක්‍රමයක් තියෙනවා ලු

      Delete
  2. /හෙන්රි සම්පූර්ණයෙන්ම එකඟයි./ x 2

    ReplyDelete
  3. අද්යාපනය සවුක්ඛය ප්‍රවාහනය යනු රටක තිබිය යුතු මූලික සමාජ සුබ සාදන සේවාය.ඒවාට හුවමාරු වටිනාකම් දෙන්නට කතාකරන්නේ තක්කඩියන් හෝ මෝඩයන් පමනි.

    ReplyDelete
    Replies
    1. ප්‍රයිවේට් බස් අහෝසි කරනු. !
      චැනලිං සෙන්ටර් වසා දමනු..!!
      ටියුෂන් තහනම් කරනු....!!!

      Delete
    2. ඇත්තටමනම් වෙන්න ඕනේ ඒක තමයි.නමුත් මම කිව්වේ ප්‍රතිපත්තිමය කරුනක්.ඔයා කැමති විදියට තේරුම් ගන්න.

      Delete
  4. ඇයි සයිටම් පමණක්? ඇසිය යුතුම නමුත් හිතා මතා බොහෝදෙනා මඟ හරින ප්‍රශ්ණය.. මේ සටහනට ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ඇහුවට කවුරුත් උත්තර දෙන්නෙ නැති ප්‍රශ්නයක්.

      Delete
  5. ප්‍රමිතිය නෑ කිව්වා. දැන් රඡය යෝජනා ගෙනත් තියෙනවා. ඉතිං එම යෝජනා තවත් improv කරන්න ඕන නම් GMOA එකට පුලුවන් නේ සංශෝධන ඉදිරිපත් කරන්න. සයිතම් එක ඊයේ පේරේදා පටන් ගත්ත පෙට්ටි කඩයක් වගේ තග දාල වහන්න ඉල්ලා සිටීම උගත් වුර්තිකයන්ට තරම් ද ?

    ReplyDelete
    Replies
    1. තනිකරම කුහකකම. තමන්ගෙ ඒකාධිකාරය බිඳෙනවට ඇති අකැමැත්ත.

      Delete
  6. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨයේ ආපනශාලාවේ මෙකී මාතෘකාව සටහන් වී ඇත.

    ReplyDelete
    Replies
    1. සටහන් වී ඇත කියන්නෙ මොකක්ද අපැහැදිලියි ඇනෝ.

      Delete
  7. // එපමණක් නොවේ... ලංකාවේ ආංඩුවේ වෛද්‍ය පීඨ හා වෙනත් උපාධි පාඨමාලාවන්ද ඒවායේ ආචාර්ය මණ්ඩලයද නිසි නියාමනයකට යටත් කළ යුතුව ඇත. //



    තමා ඉගෙනගත් පේරාදෙනි විශ්වවිද්යාලේ වර්තමාන උපකුලපති තුමා බැච් මිස් වෙච්චි සිස්යයෙක් කියලා නොදැනද යුශ්මතා ඔයි පොර ටෝක් දෙන්නෙ හිටන්????

    ReplyDelete
    Replies
    1. බැච් මිස් වෙලා පස්සේ පන්ති සාමාර්ථ ගත්ත අය ඉන්නවා.

      Delete
    2. දොස්තරකෙනෙක් නේද...හපොයි. සයිටම් නෙමෙයි නේද....

      Delete
  8. //මේ විරෝධකරුවන් හෙළිදරව් කොට ජන විරෝධී “සයිටම්“ විරෝධය පරාජය කිරීම සාධාරණ, සමානාත්මක සමාජයක් අපේක්ෂා කරන්නවුන්ගේ යුතුකමකි. වගකීමකි.//

    හරියටම හරි.
    පටා ආ ආ න් ගනිමු 'අන්තරේ අහෝසි කිරීමෙන්.

    අන්තරේ අහෝසි කරනු!!

    ReplyDelete
    Replies
    1. මෙහෙම ගොං විරෝධතා කරන්න ගියොත් අහෝසි නොවේයැ. ඒත් ශිෂ්‍ය ප්‍රශ්න වලට බුද්ධිමත්ව විරෝධතා දක්වන්න හා පාලකයින් එක්ක කේවල් කරන්න අවිශිබමය අවශ්‍යයි. ඉස්සර ඉඳංම අවිශිබමයෙ අවුල හැදුණෙ පක්ෂයේ ඉහළ තීන්දු අධානාග්‍රාහීව ක්‍රියාත්මක කළ නිසා. පහළින් ඉහළට ගියේ නෑ. අපි අවිශිබමය එක්ක ගනුදෙනු කළේ වඩාත් නිරවුල් මනසකින්. රූකඩ විදිහට නොවේ.

      Delete
    2. ඒ කියන්නේ අවිශිබම කියන්නේ මොලයක් නැති හරක් පැටව් රංචුවක් කියලනේ.
      ඉතින් උන් තොලොංචි වෙන එකම නේ හොඳ.

      Delete
    3. ඇනෝ එහෙම කියන්න ආස ඇති. අවිශිබම කියන්නෙත් වෙන ලෝකෙකින් ආව ළමයි නොවෙයිනෙ. ඒ නිසා මං මේ ළමයි ගැන ද්වේශයෙන් බලන්නෙ නෑ. විශ්වවිද්‍යාලෙ වැඩ කරද්දිත් එහෙමයි. ළමයින්ගෙ හොඳ වැඩවලට උදව් කළා. දන්නෝ දනිති. ඒත් අපිත් ශිෂ්‍ය අවදියේ කොයි තරම් රෝං ට්‍රැක් ගියාද? වෙනත් බලපෑම් මත.

      Delete
    4. හැන්රි, ඉතින් ඒ කාලෙත් රෝං ගියා නං, දැනුත් යන්නේ රෝං නං, තව අහවල් එකටෙයි අවිවිශිබම තියෙන්නේ ඕනෙ.

      Delete
  9. මේ අය කියනවනම් පුද්ගලික විශ්විද්‍යාල අහෝසි කලයුතුයි කියලා එයාල බෙහෙත් තුන්ඩු වල ලියන බෙහෙත් රෝගීන්ට දෙන්න එයාලාට සදාචාරාත්මක අයිතියක් නැහැ. මොකද ඒ බෙහෙත් පෙත්ත සියලු පරියේෂණ නිමවා ඊට අදාළ clinical research වලින් දත්ත සහිතව ඖෂධ පිලිබඳ තීන්දු තීරණ ගන්නා ජ්‍යාත්‍යන්තර ආයතන වලින් සමත් වෙලා රෝගියා ගාවට එද්දී ඒ සිද්දි දාමයේ සිටිනා 99.99999% දෙනාම විදේශීය පුද්ගලික විශ්වවිද්‍යාල හෝ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් උපාදි ලැබූ පුද්ගලයින්. එතකොට එයාල කියන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල වලින් එලියට එන උපාධි ප්‍රමිතියක් නැහැ කියලනම් එයාල විසින් නිෂ්පාදනය කරන බෙහෙත් කොහොමද ප්‍රමිති සහගත වෙන්නේ???

    මම තාමත් කල්පනා කරන්නේ "සයිටම් තහනම් කරනු" කියන වෛද්‍ය වුර්තිකයින් ඇත්තටම මිනිස්සුද කියන එක.. මොකද වෛද්‍ය උපාධිය තිබුනට ඔලුගෙඩිය ඇතුලේ තියන මොලගෙඩිය ඇතුලේ තර්කානුකුල බුද්ධියක් නැහැ කියන එක පැහැදිලියි. මේ ප්‍රශ්නය මේ තරම් දුර ඇදෙන්න හේතුවත් රට පාලනය කරන පිරිස ඊටත් එහාගිය මී හරක් රෑනක් වීමයි.

    ReplyDelete
    Replies
    1. //මොකද වෛද්‍ය උපාධිය තිබුනට ඔලුගෙඩිය ඇතුලේ තියන මොලගෙඩිය ඇතුලේ තර්කානුකුල බුද්ධියක් නැහැ කියන එක පැහැදිලියි. //
      මං නං හිතන්නෙ බුද්ධිය නැති එක නොවෙයි. කුහකකම නිසා වගේම උද්ධච්ඡකම නිසා ඒ මත්තෙම වෘත්තීය සමිති නායකයන් එල්ලී ගෙන සිටීම. දන්න හඳුනන දොස්තරලම ඒක කියනව.

      Delete
  10. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි දෙන්න සුදානමින් ඉන්න අය විසින්ම අධ්‍යාපනයේ නිදහස සිමා කිරීම පුදුම වැඩක්.

    ReplyDelete
    Replies
    1. පුදුමයි...ඒත් ඇත්තයි.

      Delete
  11. පැහැදිළිවම නියාමනයකට ලක් කළ යුතුයි...(ඒත් මේ කල්පෙට ඕකුන් එහෙම කරන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඒ සඳහා බල කළ යුතුයි. ස්ට්‍රයික් කරන්න, පෙළපාලි යන්න ඕනෙ ඒවටයි.

      Delete
  12. සම්පූර්ණයෙන්ම එකඟයි.

    ReplyDelete
  13. මේ මොහොතේ අප යුතුකම වනුයේ දැනටමත් කෙමෙන් හීන වෙමින් යන නිදහස් අධ්‍යාපනය මරා දැමීමට න්‍යායන් සකසා දීම නොව , එය වඩ වඩාත් ශක්තිමත් කිරීම සඳහා සටන් වැදීමය. අප එය කරමු. සයිබර් අවකාශයේ පමණක් නොව භූමියේ ද අප සටන් කරමින් සිටින්නෙමු. අප වෙනුවෙන් ඔබගේ දියණියන් හා පුතුන් වෙනුවෙන් අප එය කරමු. බල්ලන් කොපමණ බිරුවත් කඳු පාත් නොවන නිසා බල්ලන්ගේ බිරුම් ගණන් නොගෙන අප එය කරන්නෙමු.

    ReplyDelete
  14. බල්ලන් කොපමණ බිරුවත් අපි කඳු පාත් කරමු!
    සඳ බබළයි

    ReplyDelete