Powered By Blogger

Monday 21 October 2019

බටලන්ද වධකාගාරයේ තරුණ ලතෝනි


රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්.....2

බටලන්ද වධකාගාරයේ තරුණ  ලතෝනි.




පොලිස්‌ දෙපාර්තමේන්තුවේ සිටින ඇතැම් පොලිස්‌ නිලධාරීන් කාකි ඇඳුම පැළඳි කළ නීතිය ඔහු අතේ යෑයි සිතමින් කටයුතු කරන අවස්‌ථා අප කොතෙකුත් දැක ඇත. පොලිසියට ගොඩ වදින මිනිසුන් ඉදිරියේ අඩි පොළවේ ගසා තිරිසනුන් මෙන් හැසිරෙන පොලිස්‌ රාළහාමිලා ඕනෑ තරම් පොලිසිවල සිටිති.

අඟුලාන පොලිස්‌ ස්‌ථානාධිපති නිව්ටන් ඇතුළු රාළහාමිලා අඟුලානේ අහිංසක නිරායුධ තරුණයන් දෙදෙනා ඝාතනය කළේ ද නීතිය තම කාකි කබායට යට වී ඇතැයි සිතමිනි.

ප්‍රේමදාස යුගයේ 88-89 භීෂණය කාලය මෙන් අති භයානක වකවානුවක්‌ වෙත මේ රට නොයනු ඇතැයි විශ්වාසය. එකල රනිල් වික්‍රමසිංහ පදිංචි නිවසට ආසන්යේ වූ බටලන්ද වධකාගාරයේ තරුණ තරුණියෝ ලතෝනි දුන් හඬ ඒ අසල නිවෙස්‌වල ජීවත් වූවන්ගේ හදවත් අදටත් පාරවන බව ඔවුහු පවසති. 

වසර විස්‌සකට පෙරාතුව සිදු වූ ඒ ඝාතන කළ බොහෝ පිරිස්‌ අද ජීවතුන් අතර නැත. ඉන්නා පිරිසද වයෝවෘද්ධය. ඇතැම් අය දේශපාලන වශයෙන් කොන්වී හමාරය.

භීෂණ කාලයේදී මේ රටේ තරුණ තරුණියන් ඇසීමට බිය වූ නම් කිහිපයක්‌ තිබිණි. එකක්‌ ආර්. ප්‍රේමදාස නාමයය. අනෙක රන්ජන් විඡේරත්නය. ඒ වාගේම රෝහණ විඡේවීරගේ නම සහ ඩග්ලස්‌ පීරිස්‌ගේ නමට ද තරුණ තරුණියෝ බිය වූහ.



(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)

4 comments:

  1. රවිරාජ්, සිවරාම්
    මියගියේ නැතිදෝ
    මහපාරෙ ලසන්තව
    මැරුවාද නැතිදෝ
    පෝද්දල ජයන්තට
    ගුටි දුන්නෙ නැතිදෝ
    නම් පෙළට තව නමක්
    අමතක උනාදෝ!

    ReplyDelete
    Replies
    1. 60000 ක් මරල පුච්චපු ප්‍රේමදාස/රනිල් යුගයත් එක්ක බලපුවම ඔය උඩ ලියපු මරන 3-4 කැළණි පාළම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ

      Delete
  2. උඩුගම්පොල කියල හාදයෙක් හිටිය ඒ කාලේ. එයනං ඔයිට වඩා වෙනස්. හොඳ අහිංසක මිනිහ.
    අනික එක්දාස් නවසිය හැත්තෑ එකේ විතර ලංකාව බොහොම අහිංසක රටක්නේ. චන්ද කාලේ හින්ද එව්වවත් ලියමුකො.

    ReplyDelete
  3. I remember more names like Premadasa Udugampola and Lucky Algama and Janka Perera.

    ReplyDelete