කැම්පස් එකේ ඉන්න කාලේ කලංව බලන්න කලං ගෙන් මයි-ඉන් ටේලර් ෂොප් එකට ගියා.
ඊට පස්සෙ කලං අසල්වැසියා උනේ ගෙලිඔය පෙරින්කෝ කොම්පැණියෙ වැඩ කරද්දි..
මගේ පළවෙනි මුද්රිත පොත වන කියුබානු කෙටිකතා පරිවර්තන කෘතියෙ පිටපතක් කලංට පිරිනැමුවේ බස් එකේදි මුණ ගැහිලා සීට් එකේ එක ළඟ ඉඳගෙන යද්දි..
කලංව මට අන්තිම වතාවට මුණ ගැහුණේ 2005 අවුරුද්දේ රයිගම් සම්මාන උත්සවයේ වේදිකා අංගයක් ඉදිරිපත් කරන්න ආරාධනා කරපු වෙලාවෙ.
එදා මෙදා තුර භෞතිකව මුණ නොගැසුණත් අමරසිරි කලංසූරිය කියන රංගවේදියා අපේ මනසේ නිතරම ජීවත් වුණා.. විශේෂයෙන්ම "අහස් ගව්ව" වගේ චිත්රපට විටින්විට නරඹද්දී කලං අපේ හදවතේ තව තවත් ලැගුම් ගන්නවා..
අමරසිරි කලංසූරිය රංගධරයාණන් අපගෙන් සමුගත් මොහොතේ ඔහු පිළිබඳ මගේ පෞද්ගලික මතක කිහිපයක් සටහන් කරන්න හිතුවා. කලං එක්ක විශාල ඇසුරක් පැවැතියේ නැති වුවත් විවිධ අවස්ථාවල ඔහු සහ මා අතර සිදු වූ හමුවීම් සහ කතාබහ පිළිබඳ කෙටි සටහනක් තමයි මේ තියන්නේ.
ඉතින් මේ මතක type කරනවාට වඩා මගේ කටින්ම කියන එක හොඳයි කියලා හිතුව නිසා මම youtube එකට video එකක් upload කළා.
link එක පහතින්.
සෙස්ස පස්සට…
මට මතකයි පොඩි කාලේ "ගුවන් කරණම්" වේදිකා නාට්‍ය බලනවා
ReplyDelete